IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෑලියගොඩ නාගරික මන්ත්‍රී වෙඩි තියා මරයි

දළුගම පරණ නුවර පාරේ සිය වාහනයෙන් ගමන් කරමින් සිටිය දී, පෑලියගොඩ නගර සභා මන්ත්‍රී චමිල සඳරුවන් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.

 



අදහස් (0)

පෑලියගොඩ නාගරික මන්ත්‍රී වෙඩි තියා මරයි

ඉස්මිල් Monday, 12 May 2014 02:16 PM

හරිම සෝචනියයි. (ස)

:       0       0

ජනිත Tuesday, 13 May 2014 09:31 AM

රටේ පිරිහීම. (ස)

:       0       0

ජයසිංහ Monday, 12 May 2014 02:33 PM

සේරම්, ඔයා දැක්කද මරුණ කෙනා අවි අරගෙන ඉන්නවා. හරියට දන්නේ නැතුව එක පාරටම කටට ආපු පලියට එහෙම කියන්න එපා. එයා නිවැරදිකරුවෙක් වෙන්නත් පුළුවන්.දිට්ඨ ධම්ම වේදනීය කර්ම වෙන්නත් පුළුවන්. ඒත් අපි හරියටම දන්නේ නෑනේ. (ස)

:       0       0

චමල් Monday, 12 May 2014 02:44 PM

බුදුන් වැඩිය දේශය කියල මෙහෙම ඒවා වෙන්න එපාද? අනේ මෙහෙම බෞද්ධයෝ. (ස)

:       0       0

ලකී Tuesday, 13 May 2014 09:44 AM

රටේ වැරැද්දක් නෙමේ තියෙන්නේ. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ ආකල්ප වල වැරැද්දක්. (ස)

:       0       0

බී.එස් Tuesday, 13 May 2014 09:48 AM

අවි ගත්තො අවියෙන්ම නසි. (ස)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 12 May 2014 02:56 PM

මෙවැනි ඝාතන වහාම නැවැත්වීමට කවදා හැකි වේදෝ (ස)

:       0       0

ජසීම් Monday, 12 May 2014 08:38 PM

මොනවද මේ වෙන්නේ ? (නි)

:       0       0

නිමල් Monday, 12 May 2014 08:43 PM

සියල්ලටම පෙර මේකේ තවමත් කඩේ යන බන්දුල පෙරේරාට මේ වගේ දඩුවමක් දිය යුතුයි. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 14 May 2014 02:10 AM

"මිනීමරා ගැනිල්ල නතර කරන්න නීති රීති වලට බැහැ.......! (ස)

:       0       0

රවී Tuesday, 13 May 2014 10:00 AM

මෙවන් අකල් මරණය ගැන දුකක් ඇතිවෙනවා. (ස)

:       0       0

චන්දික Monday, 12 May 2014 03:09 PM

මේක මාර රටක් වෙලා. මිනිස්සු මරන්නේ ගාණක්වත් නැතුව. මේ තරමට පිරිහුණ මිනිස්සුද ඉන්නෙ. අනිවාර්යෙන්ම එල්ලුම් ගහ ගේන්නම ඕනේ. එකෙක් දෙන්නෙක් එල්ලන කොට ඉබේම මේ අපරාධ නවතිවි. (ස)

:       0       0

සේරම් Tuesday, 13 May 2014 05:16 PM

ජයසිංහ, කරුණාකරලා ඔයා ලියූ දේ නැවත කියවලා බලන්න. ඔයාටම උත්තරය හමුවෙයි. (නි)

:       0       0

සෑම් Monday, 12 May 2014 08:56 PM

ඔය ඝාතනය කරයි කියලා අපිට සැකයක් තිබුනත්,ඒවා දැන් වැඩක් නැහැ. මනුස්සයෙක් මැරිලා ඉවරයි දැන්. අපේ රටේ ඉතින් ලොකු අයට නීති අදාල නැහැනේ. (නි)

:       0       0

සමන් කුමාර Tuesday, 13 May 2014 10:16 AM

අහිංසක අම්ම කෙනෙකුගේ පුතෙක් නේද?? (ස)

:       0       0

කාමිල් Tuesday, 13 May 2014 10:24 AM

ඔබට නිවන් සුව පතමි. (ස)

:       0       0

මංජුල Monday, 12 May 2014 03:18 PM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියන එක ඇත්තක්. (ස)

:       0       0

ඩයස් Tuesday, 13 May 2014 10:38 AM

මට නම් මගේ රටේ ඇති වී තියෙන තත්වය ගැන කනගාටුවක් දැනෙනවා. (ස)

:       0       0

ජයසිංහ Tuesday, 13 May 2014 10:44 AM

කැලණියට මෙහෙම වුණේ ඇයි. කවුද මේ තත්වේ ඇති කළේ. මම දන්නේ නැති නිසා අහන්නේ.(දිල්)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 12 May 2014 03:48 PM

මොකද්ද මේ රටට වෙන්නේ..?මේවා කවදද නතර කරන්නේ. (ස)

:       0       0

සුනෙත් Monday, 12 May 2014 09:13 PM

වැඩ වගයක් ඉවර කරන්න තියනවා කියලා කිවුවා නේ.. (නි)

:       0       0

සේනාදීර Monday, 12 May 2014 09:16 PM

ඕක තමා මල්ලියේ කියන්නේ නරක මිතුරන් ආශ්‍රය කරන්න එපා කියලා (නි)

:       0       0

අශී Monday, 12 May 2014 09:16 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

ගුනවර්දන Monday, 12 May 2014 04:11 PM

නීති විරෝධී අවි නිෂ්පාදනයත් , නීති විරෝධී ලෙස අවි ළඟ තබා ගැනීම නිසාත් දැන්, දැන් ලංකාවේ නිතරම ඇහෙන්නේ මනුස්ස ඝාතන ගැන තමයි .ඒ නිසා වගකිවයුතු බල ධාරීන් මිට වැඩ මේවා ගැන සැලකිලිමත් විය යුතු බවයි මගේ හැඟීම (දී)

:       0       0

සීනා Monday, 12 May 2014 09:19 PM

සාමය රටේ රජයනවා කිවුවට අනේ මන්දා! (නි)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 05:02 AM

"මේ බුදුන් වැඩි දේශය නේද මිනිසුනේ" කව්ද කියන්නේ?. (නදී)

:       0       0

බමුනු Wednesday, 14 May 2014 05:06 AM

"මිනීමරා ගැනිල්ල නතර කරන්න නීති රීති වලට බැහැ.......!" ලස්සනට නවතී සෞව්දි අරාබියේ වගේ මහපාරට හෝ ගෝල්පේස් පිට්ටනියට ගෙනල්ල බෙල්ල කපන්න පටන් ගත්තදාට.(නදී)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 05:14 AM

"කැලණියට මෙහෙම වුණේ ඇයි. කවුද මේ තත්ත්වය ඇති කළේ. මම දන්නේ නැති නිසා අහන්නේ." මේ තත්ත්වය ඇති වුණේ දේශපාලුවෝ කියන විදිහට රටේ බුද්ධිමත් ජනතාව නිසා. (නි)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 05:17 AM

"මට නම් මගේ රටේ ඇති වී තිබෙන තත්ත්වය ගැන කණගාටුවක් දැනෙනවා". මට නම් ඔබේ රටට ඇති වී තිබෙන තත්ත්වය ගැන සන්තෝෂයක් ඇති වෙනවා.

:       0       0

බමුණු Wednesday, 14 May 2014 05:19 AM

"අහිංසක අම්මා කෙනෙකුගේ පුතෙක් නේද?" ‍ අපි ඉතින් කොහොමද දන්නේ? (නි)

:       0       0

පද්මිණි Monday, 12 May 2014 04:44 PM

පොලිස් නිලධාරීන් නිරුවත් කර මරා දමන රටේ මේකත් එක ශෝචනීය මරණයක් පමණයි. (අ)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 09:43 PM

අනේ මම නම් විල්සන්ගේ එක පැත්තක්වත් කෑවේ නැහැ.වැරදි වැටහීමක්.පහන්දි මෝරලා නැහැ කියපු එක දෙවන අදහසින් හොඳින්ම ඔප්පු වුණා.පහින්දී මැරෙනවා, මරනවා, මැරිලා ඉන්නවා, මරලා ඉන්නවා දැකලා තියෙන්නේ අද ඊයේ...70 දශකයේ ඉඳලා අපි නම් මේ වගේ ඒවා ඕනෑ තරම් දැකලා තියෙනවා.මිනීමරා ගැනිල්ල නතර කරන්න නීති රීති වලට බැහැ.එදත් ඒ දේ වුණා. ඊට සාපේක්ෂව සුළු වශයෙන් අදත් ඒ දේ වෙනවා. (නි)

:       0       0

උද්දික Monday, 12 May 2014 09:43 PM

තමන් වපුරන දේවල් තමා නෙලාගන්න වෙන්නේ. දේශපාලකයන් තමා ඉතින් ඕවා ගොඩක් වපුරන්නේ. ඉතින් මට නම් හිතෙන්නේ නීතියේ තියෙන දුර්වලකම කියලයි. දැඩි දඩුවම් දුන්නත් වැරදි කරන කෙනා කරනවා. එත් එය ඉතා අඩුවෙන්. ඒත් ඒ එක්කම ප්‍රධාන නගරවල කැමරා පද්ධති තව වැඩි කළා නම් හොදයි කියලා හිතෙනවා. (නි)

:       0       0

ඉයන් Monday, 19 May 2014 11:07 AM

චන්ඩි වෙන්න ගිහින් අපරාදේ.(නදී)

:       0       0

පියල් Monday, 12 May 2014 09:45 PM

එල්ලුම් ගහ ගැන බීරි අලින්ට කියලා වැඩක් නැහැ (නි)

:       0       0

ඔසී Monday, 12 May 2014 09:54 PM

අනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

එම්. Tuesday, 13 May 2014 12:07 PM

ජයසිංහ, එහෙම අහන්න ඔයාට අැති අයිතිය මොකක්ද? (නි)

:       0       0

හංසි Monday, 12 May 2014 09:54 PM

ඉස්සා කියනවලුනේ මම සුදනා මම සුදනා කියලා. මම නම් අහලා නැහැ (නි)

:       0       0

පහන්දී Tuesday, 13 May 2014 06:32 PM

අමිල, අපේ රටෙයි අනෙක් රටවලයි තිබෙන වෙනස මොකක්ද දන්නවද? මේ රටවල අපේ රටේ තරම් මිනීමැරුම් නැති එක. මොකද මේ රටවල නීති තදයි. (නි)

:       0       0

ජයේ Monday, 12 May 2014 05:14 PM

චමල්, ඇයි මේ වගේ දේවල් වෙන්න ඕනෑ කියලද කියන්නේ? හැබැයි සමහර කට්ටිය කියන්නේ මේක සිංහල බෞද්ධ රටක් කියලා. අරහෙන් පිළිම වහන්සේලා වඩම්මවනවා මෙහෙන් මිනීමරනවා. සඳරුවන් මහතාණනි,ඔබට නිවන් සුව! (නි)

:       0       0

බමුණු Wednesday, 14 May 2014 07:02 AM

"වෙසක් එකට තව දවසයි" ඒ හින්දා කලින්ම එකලාසයක් කරලා ව‍ගෙයි (නි)

:       0       0

සරත් Monday, 12 May 2014 05:16 PM

මහජන නියෝජිතයන්ටවත් ආරක්ෂාව නැති තැන අන් අය ගැන කවර කතාද? (නි)

:       0       0

නුවන් Monday, 12 May 2014 10:01 PM

මේක සෙල්ලම් පිස්තෝලයකින් කරන ලද සාහසික මිනී මැරුමක් ...(ස)

:       0       0

මිනිපෙ Monday, 12 May 2014 10:09 PM

ඕවා ඔහොම තමයි.බුදුහාමුදුරුවන්ට ගල් පෙරලුවා. ජේසු තුමාට ඇණ ගැහුවා. (ස)

:       0       0

මසුහුඩ් Monday, 12 May 2014 10:18 PM

අපේ අදහස් හරියට ගඟට ඉනි කපනවා වගේ (නි)

:       0       0

උපුල් Monday, 12 May 2014 10:24 PM

තව මොනවද මේ ශ්‍රී ලංකාවේ වෙන්න ඉතුරුවෙලා තියෙන්නේ? (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Monday, 12 May 2014 10:28 PM

අපේ රටේ නීති කොපමණ තිබුනත් ඒ නීතියක් අද හරියට ක්‍රියාත්මක නොවෙන නිසා මෙවැනි අපරාධ එන්න එන්න ම වැඩි වෙනවා. යම් කෙනෙක් වරදක් කලානම් ඒ අයට දඩුවම් දෙන්න තමා අදීකරණයක් තිබෙන්නේ. කැලණිය හිටපු මන්ත්‍රී මඩවල මහතාට මොකද උනේ ? කෝ තාමත් ඒ අයව අල්ලලා ඒ අයව නීතියේ හමුවට ගේනාවාද ? තිරිසන්නු වගේ . බල්ලෝ බළල්ලු ගානටවත් ගන්නේ නැති ගානට මිනිස් ජිවිත වැටිලා. නීතියක් නැති රටක මෙවැනි දේවල් සිදුවීම අහන්න දෙයක්ද ? පොලිසි හිටියට ඇති වැඩක් තියෙනවද ? පොලිසියේ අයවත් උස්සන් ගිහින් මරල දාන කාලයක් මේක. (ස)

:       0       0

පිටිගල Monday, 12 May 2014 10:29 PM

පොලිසියෙන් හැමතැනම හිටියට වැඩක් නැහැ නීතිය ක්‍රියාවේ යොන්නේ නැතිනම්. මිනි මැරුවට දඬුවම් නොලැබෙන බව දන්නා නිසා සුළු දේටත් මිනී මරන්න ජනතාව පෙළඹිලා. එල්ලුම් ගහ ගැන වැඩි වැඩියෙන් කතා කෙරුවට ලොකු තැන්වල කිසි කෙනෙක් එ්ක ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ නිසා මැරෙනකල් ජීවත් වෙන්න හැම දෙනාම සුදානම් වෙන්න ඕන. (ස)

:       0       0

අමිල Tuesday, 13 May 2014 12:35 PM

මෙහෙම ඕනෑම කෙනෙක් මරන්න පුළුවන් නම් අපේ රටෙයි අනෙක් රටවලයි තිබෙන වෙනස මොකක්ද? මේ රට පින්බිමක් කියනවා. කට්ටියක් කියනවා දකුණේ තමයි පාතාලය තියෙන්නේ කියලා. ලංකාවේ දේශපාලනය හඳුන්වන්න පුළුවන් ක්‍රමයක් මම හොයනවා. සමහරු නම් ඉස්සර ලංකාව හොඳයි කියනවා. (නි)

:       0       0

ජීවන් Monday, 12 May 2014 05:49 PM

අන්න අනෙක් පැත්තේ ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියට සම්මාන ලැබිලා (නි)

:       0       0

මාදා Monday, 12 May 2014 11:42 PM

ෂරියා නීතිය අවශ්‍ය සෞදි අරාබියාවට නෙමෙයි වගේ (නි)

:       0       0

කසුන් Tuesday, 13 May 2014 12:48 PM

මේවා කාගේ දක්ෂතාද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)

:       0       0

අනුල Monday, 12 May 2014 06:00 PM

තිස් වසරක් තිබුන යුද්ධය නිසා මිනිසුන්ගේ හිත උණුවෙන්නේ නැහැ දැන්. මිනීමරන එක සුලුදෙයක් වෙලා (නි)

:       0       0

සොහාන් Tuesday, 13 May 2014 01:09 AM

මෙවැනි අපරාධ වලට වගකිවයුතු අය කවුද?අපරාදේ තරුණ කොල්ලෙක්ගේ ජීවිතේ!දේශපාලනය නොකළා නම් අද හොඳ තැනක රැකියාවක් කරලා ඉන්න තිබුණා. ඔබට නිවන් සුව! (නි)

:       0       0

සදජිත් වික්‍රම Tuesday, 13 May 2014 01:36 AM

රටට මොකක් ද මේ වෙලා තියෙන්නේ. සත්තු මරණවා වාගේ මිනිස්සු මරණවා. දඬුවම් වැඩිකර නීති හදන්න ඕනේ. ඒවා හරියට ක්‍රියාත්මක කරන්නත් ඕනේ. (ස)

:       0       0

ප්‍රියකුමාර Tuesday, 13 May 2014 01:45 AM

සෙල්ලම් පිස්තෝලයකින් කරපු වැඩක් ගණන් ගන්න එපා. (ස)

:       0       0

පද්මලාල් Monday, 12 May 2014 06:16 PM

සාමාන්‍ය දෙයක් වෙලා (අ)

:       0       0

නලීන් Monday, 12 May 2014 06:16 PM

මෙවැනි අපරාධ මැඩලිමට නමි ලංකාව තුළ එල්ලුම් ගස ක්‍රියාත්මක කල යුතුයි.නමුත් එය බිත්ති හතරට සීමා නොවි ඡනතාව ඉදිරි ක්‍රියාත්මක කලයුතුයි එය දකින අපරාධ කරුවන් බියවිය යුතුයි.රජකාලේ දෙතිස්වදය බිත්ති හතරට කොටුනොවි ජනයා ඉදිරියේ සිදුකෙරුනේ අපරාධ කරුවන් බියවි අපරාධ නොකරන්නයි. (අ)

:       0       0

ප්‍රසාද් Tuesday, 13 May 2014 02:05 AM

බන්දුල මහතාගේ ප්‍රකාශය හරි. (ස)

:       0       0

පහන්දී Monday, 12 May 2014 06:21 PM

මේවට අපි මොනවා ලිවුවත් ඵලක් නැහැ, නීතිය තද නින්දේ. මිනීමරුවන් අපරාධකරුවන් නිදැල්ලේ.උන්ට ඕනෑ ඕනෑ වෙලාවට ඕනෑ ඕනෑ කෙනා මරලා දානවා. මංකොල්ලකනවා. පාලකයිනි, දෑස් හැර බලවු නින්දෙන් නැගිටිවු අපේ මවුබිම රැකදෙවු! එල්ලුම් ගහ ක්‍රියාත්මක කර එක මිනීමරුවෙක් එල්ලා දමවු!සත්තයි, සහතිකයි , අපේ රටේ මිනීමරන්න ‍මිනීමරුවෝ බය වෙයි.රට දියුණු වෙනවිට ඒ රටේ ජිවත් වෙන්න මිනිස්සු නැත්නම් රටේ පාරවල් දියුණු වෙලා ඵලක් වේද?ගුවන් පාලම් කා වෙනුවෙන්ද?ගුවන් තොටුපළවල් හා වරායන් කා වෙනුවෙන්ද.? මේ සියල්ලට උත්තර ඇත්තේ කා ළඟද? (නි)

:       0       0

බණ්ඩාර Tuesday, 13 May 2014 02:39 AM

කැලණිය පැත්තේ සිදුවෙන දේවල් වලට වග කියන්නේ කවුද ? (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 13 May 2014 03:37 AM

නිවන් සුව නම් පතන්නම් ! වැරැද්දක් නැති මිනිසෙකුට ජීවිත් වීමේ බියක් ඇති නොවේ. ඒ අනුව. .. .. . . . . . . ??? (සිතීමට යමක් ඉතිරි කරමි) (ස)

:       0       0

සිරි පීරිස් Tuesday, 13 May 2014 03:43 AM

ඇත්තටම ඇයි මේ ජිවිත හානිය සිදු කලේ? (ස)

:       0       0

ජෝර්ජ් Monday, 12 May 2014 06:34 PM

මෙවන් රටක මේවා කොපමණ සිදු වුණත් වගකිවයුත්තෝ ඇස් කන් වසා ගනිති. (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 12 May 2014 06:36 PM

පහන්දී,ඔබේ අදහස් හා සමාන අදහසක් මමද පළකෙළෙමි. පහන්දී ,ඔබේ වේදනාව හා ඉල්ලීම සමඟ මා ද එකඟ වෙමි. දිනෙන් දින ඉහළ යන අපරාධ මැඩලිමට නොහැකි රටක, මැරයින්, ජාතිවාදීන්, ස්ත්‍රී දූෂකයින් රජකරන රටක පාරවල් දියුණුවී කුමටද? (නි)

:       0       0

සිරා Monday, 12 May 2014 06:40 PM

පවු! මොනවා වුණත් මේත් මිනිසෙක් (නි)

:       0       0

දිලුක ජීවන්ත Tuesday, 13 May 2014 04:30 AM

ඔබට නිවන් සැප ලැබේවා ! (ස)

:       0       0

බන්දුල පෙරේරා Monday, 12 May 2014 06:46 PM

පහන්දී තම එතරම් මෝරපු කෙනෙක් නෙමෙයි වගේ.අඩියක් අඩියක් ගානේ පොලිසියෙන් හිටියත් හමුදාව හිටියත් මොන නීති තිබුනත් මිනීමරන එකා මිනීමරනවා.පොලිස් භාටයෙකුව මැරුවොත් අත්වන නියත ඉරණම දැන දැනත් කට්ටිය පොලිස් භටයෙක් මරා දාලා තිබුනේ ඊයේ පෙරෙයිදා?නීතිය තද වුණාට මේවා නතර කරන්න බැහැ. බලන්නකෝ ඉංග්‍රීසි දෙමළ හින්දි චිත්‍රපටියක්.මිනීමරාගන්න හැටි බලන්න.සැබෑ ලෝකෙත් ඒ වගේම තමයි.සේරම් කියපු දේම තමයි මටත් කියන්න වෙන්නේ.මෙහෙම මරණයක් බෝධිසත්වයෙකුට අයිති වෙන්නේ නැහැ.මොනවා හරි මේකට හේතු ඇති සාධාරණ හෝ අසාධාරණ.වපුරන විදියට තමයි අපිට අස්වැන්න ලැබෙන්නේ.තල වපුරලා මුං පතලා වැඩක් නැහැ. (නි)

:       0       0

අශිකා Tuesday, 13 May 2014 05:46 AM

මේ සිංහල ධර්මද්වීපයේ වෙන දේවල්? (නි)

:       0       0

බණ්ඩාර Monday, 12 May 2014 06:56 PM

අනේ බන්දුල, දැන්වත් ඔය කන්ණාඩිය ගළවලා බැලුවොත් නරකද? පාට කණ්ණාඩිය අස්සෙන් දැන් චුට්ටක් විතර එළිය බලන බව පෙනුනත් අතේ තියෙන 'මල්ල' තවම බර වැඩියි වගේ නේද? (තිරිසනෙකුට අයපතක් වුවත් ශෝක වන්නට තරම් හදවත් තිබු ජාතියක් වශයෙන් මෙම මියගිය තැනැත්තා කව්රුන් වුවත් සසර වසන තුරු මෙවන් අකල් ශෝචනීය මරණයකට පත් නොවේවායි පතමු..) (නි)

:       0       0

ඒඩිවින් Monday, 12 May 2014 06:57 PM

බන්දුල පෙරේරලා වැනි පුද්ගලයන් මෙවැනි දේවලට සම්බන්ධදැයි සැකයක් මතුවෙනවා (නි)

:       0       0

ශිෆාන් Monday, 12 May 2014 06:59 PM

පෑලියගොඩ ජනතාවට වෙසක් එකට මේ මොනවද ලැබුණේ? දෙයියනේ ! (නි)

:       0       0

ගැමුණු Tuesday, 13 May 2014 06:12 AM

තමන්ගේ පිස්ටල් එකෙන් තමන්ම වෙඩි තියාගෙනද දන්නෙ නැහැ. මෙයාලට තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

ගිල් Monday, 12 May 2014 07:00 PM

අනිවාර්යයෙන් මේක අහවලුන්ගේ වැඩක් (නි)

:       0       0

අශෝක බණ්ඩාර Monday, 12 May 2014 12:12 PM

මේ බුදුන් වැඩි දේශය නේද මිනිසුනේ.(ස)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 13 May 2014 06:56 AM

එල්ලුම් ගහෙන් කරන්න පුළුවන් එකම දේ අපරාදයක් කළ අපරාධකාරයාගේ ජිවත් වීමේ අයිතිය අහිමි කරලා නීතිගරුක පුද්ගලයින්ගේ බදු මුදල් වලින් ජීවිතාන්තය දක්වා නඩත්තු කිරීම වළක්වන එක විතරයි..ඒකෙන් අපරාධ අඩු කරන්න බැහැ.හොඳම උදාහරණය කුරුණෑගල පොලිස් භටයාගේ මරණය.මෑත කාලේ පොලිසියට අත තියපු සෑම කෙනෙකුටම නියතව මරණ දඩුවම ලැබුනා අනියම් ආකාරයෙන්.කාවවත් උසාවි ගානේ ගෙනිච්චේ නැහැ.උසාවි වලින් දඩුවම් දෙන්න උත්සාහ කළේ නැහැ.එහෙම මරණා දඩුවම අනිවාර්යය බව දැන දැනත් පොලිසියට අත තිබ්බා නම් ඔවුන් මරණ දඩුවමට බයයි කියලා හිතනවා නම් එය විහිළුවක්.අපරාධයක් කරන කෙනා අපරාධය කරලා ඉවර වෙලා තමයි එකෙන් වෙන ප්‍රතිවිපාක බලන්නේ. මේ මරණ ස්ථිරව පාතාලය ,දේශපාලනය,මුදල් තණ්හාව,නීති විරෝධී ජාවාරම් හා සම්බන්ධ මරණ.මේවට දුක්වෙන්න එපා.කලිනුත් කිව්වා වගේ වපුරන දේවල් අනුව තමයි අස්වැන්න ලැබෙන්නේ. (නි)

:       0       0

ලුම්බිණි Monday, 12 May 2014 12:18 PM

මියගිය අය ගැන කණගාටු වුණත් මේ ගැන මම පුදුම වෙන්නේ නැහැ (නි)

:       0       0

විල්සන් Monday, 12 May 2014 07:04 PM

මේ බන්දුල පෙරේරා කියන්නේ දෙපැත්ත කන පුද්ගලයෙක් (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 12 May 2014 12:20 PM

ඔන්න ආශ්චර්යය! (නි)

:       0       0

රූපවතී Thursday, 15 May 2014 01:30 PM

ඇයි මේ හැමෝම බන්දුල පෙරේරාට බනින්නේ?එයාද දැන් වෙඩිතිබ්බේ. හැමදාම රටේ කොහේ හරි මිනිසෙක් දෙන්නෙක් තුන්දෙනෙක් මරනවා, මැරෙනවා. බන්දුල පෙරේරා ඇත්ත කිවුව නිසා එයාව පෙනෙන්න බැහැ.අපේ අයට ඇත්ත තිත්තයි ..!!! (නි)

:       0       0

ගිහාන් Monday, 12 May 2014 12:23 PM

වෙසක් එකට තව දවසයි? දෙයියනේ! (නි)

:       0       0

කසුන් Monday, 12 May 2014 12:39 PM

දැන් මිනිස් ජීවිත වල වටිනාකම ගොඩක් අඩුයි. සඳරුවන් මහතාණනි ඔබට නිවන් සුව. (ස)

:       0       0

කාන්ති Monday, 12 May 2014 07:16 PM

බන්දුල පෙරේරා නමැති අයට දිව දෙකක් තිබෙන බව අද අපි තේරුම් ගත්තා (නි)

:       0       0

සමන්ත Monday, 12 May 2014 07:20 PM

අපේ ජාතිය ටිකෙන් ටික වඳ වෙනවා (නි)

:       0       0

පහන්දී Monday, 12 May 2014 07:21 PM

ඒක තමා බන්දුල මමත් කියන්නේ.මේ රටේ නීතියක් නැහැ කියලා. මේ මියගිය කෙනා අත වරදක් තිබුනා නම්, නීතියකුත් තිබුනා නම්, මෙලෙස මහා පාරේ වෙඩි කාලා මැරෙන්න වෙන්නේ නැහැනේ. නේද...? (නි)

:       0       0

නීල් Monday, 12 May 2014 12:54 PM

මෙහෙම දේවල් ද ලංකාවේ වෙන්නේ. (ස)

:       0       0

ජානක Tuesday, 13 May 2014 08:18 AM

දැන් නම් එල්ලුම් ගහ ඕනමයි. (ස)

:       0       0

රොෂාන් නිරංජන් Monday, 12 May 2014 01:02 PM

මේ බුදුන් වැඩිය දේශය නේද මිනිසුනේ. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 12 May 2014 07:37 PM

බන්දුල පෙරේරා මහත්මයා, මමත් මේ රජයට පක්ෂපාති පුද්ගලයෙක්. නමුත් සිදුවෙන සෑම දෙයකටම, සෑම මොහොතකම අපිට කඩේ යන්න බැහැ. වැරදි නම් වැරදි තමා. හොඳ නරක දෙකේදීම අපිට වෙනස් ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීම අනිවාර්යයි. නීතිය ක්‍රියාත්මක නොවීම තමා මේවාට ප්‍රධාන හේතුව. (නි)

:       0       0

ටෙනිසන් Monday, 12 May 2014 07:37 PM

අර පොලිසියේ මහත්තුරු මොකද අර උණ්ඩ වටේ රවුම් අඳින්නේ? (නි)

:       0       0

උමේෂ් Tuesday, 13 May 2014 08:26 AM

හැමදේටම රජය අල්ලගෙන නිකන් දොස් කියලා වැඩක් නැහැ. (ස)

:       0       0

අමාලි Tuesday, 13 May 2014 08:30 AM

අතීතයේදී ඉතා සාමකාමීව තිබූ මේ කැලණියට දැන් මොකද වෙලා තියෙන්නේ. (ස)

:       0       0

රාජුන් Tuesday, 13 May 2014 08:31 AM

මමත් බන්දුල පෙරේරා සමගයි. එල්ලුම් ගහ මෙයට විසඳුම නොවේ. (ස)

:       0       0

නලීන් Monday, 12 May 2014 07:45 PM

බන්දුල හරියටම හරි. කොච්චර පොලිසිය හිටියත් රටේ මිනීමරනවා. මොකද නීතියක් නැහැනේ. පොලිසියටත් ඔහේ බලා ඉන්න වෙනවා. අර පිස්තෝලයක් අරන් දඟලපු කෙනාගේ ප්‍රශ්නයේදී වගේ. (නි)

:       0       0

උපාලි සුමිත් Monday, 12 May 2014 01:13 PM

කණගාටුයි මේ වගේ වැඩ ගැන. (ස)

:       0       0

චන්දන Monday, 12 May 2014 01:18 PM

ලංකාවට වුණ දෙයක්. (ස)

:       0       0

අශාන් Monday, 12 May 2014 01:21 PM

පලවෙනි පින්තුරේ බැලුවම හිතුණා මිනීමැරුමක් කියන එක මිනිස්සුන්ට කිසිම ගානක් නැහැ වගේ කියල. (ස)

:       0       0

රසික Wednesday, 14 May 2014 11:14 PM

මේගොල්ලන්ගේ අපිනොදන්නවට මොනවා හරි කේස් ඇති (දී)

:       0       0

සේරම් Monday, 12 May 2014 01:31 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති. (ස)

:       0       0

ජිලෝ Monday, 12 May 2014 07:58 PM

බුදුන් වැඩිය දේශය වූණාට ලංකාව බුද්ධ දර්මය රකින රටක්ද? පන්සිල් පද පහ රකිනවා නම් ලොවේ තිබෙන උතුම්ම රට ලංකාව.(බුදු බණ දෙසුවා නිරන්තරේ ...බුදු බණ ඇසුවා නිරන්තරේ.....ගතිගුණ අතින් අපි තවමත් වනන්තරේ ....) මුල් බුදු දහම යනු බුද්ධ වචනයෙන් දෙසු දහමයි.නමුත් දැන් පවතින්නේ පුද පුජා සහිත බෞද්ධ ආගමයි.එය අදහන ආගමක් බවට පත්වී ඇති හෙයින් ආමිස පුජාවට මුල්තැන දී ප්‍රතිපත්ති පුජාව දුරස් වී ගතිගුණ අතින්ද පිරිහී ඇත (නි)

:       0       0

හේරත් Monday, 12 May 2014 01:33 PM

ඔබට නිවන් සුව (ස)

:       0       0

ලකි Tuesday, 13 May 2014 08:57 AM

අනේ මන්ද ඉතින් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හමුදුරුවන්ගෙනේ. (ස)

:       0       0

ගුණරත්න Monday, 12 May 2014 01:43 PM

අපේ රටේ මේ අපරාධකාරන්ට එල්ලුම් ගහ නැතිව බැහැ වගේ. (ස)

:       0       0

ගුණරත්න Monday, 12 May 2014 01:44 PM

එල්ලුම්ගහ ඕන රටට දැන්නම්. (ස)

:       0       0

නිමන්ත නිශ්ශංක Monday, 12 May 2014 01:45 PM

අපේ රටට එල්ලුම් ගහ ඕනි කාලයක් දැන්නම්. (ස)

:       0       0

රකිත් Tuesday, 13 May 2014 09:07 AM

බන්දුල පෙරේරා මහත්තයාගේ කතාව සම්පුර්ණ ඇත්ත. වපුරන දේවල් වලින් තමයි අස්වැන්න ලැබෙන්නේ. ඒකම තමයි රටේ ජනතාවටත් අද වෙලා තියෙන්නේ. කෙසේ නමුත්, තවත් අසුබ අනාගතයක පෙර නිමිති තමයි දැන් පහළ වෙමින් තියෙන්නේ. (ස)

:       0       0

සේතං Monday, 12 May 2014 08:15 PM

හා හා රාළහාමි,බලාගෙන (නි)

:       0       0

පුෂ්ප කුමාර Monday, 12 May 2014 01:58 PM

ඹබට නිවන් සුව (ස)

:       0       0

චාමර Tuesday, 13 May 2014 09:10 AM

චමිල සහෝදරයා ඔබට නිවන් සුව පතමි. නැවත අපේ රටේ නොයිපද ලෝකයේ ඕනෑම රටක ඉපෙදේවා. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1522 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1334 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2080 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2397 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 565 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1141 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35896 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site