IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පිල්ලෙගෙ වාර්තාව ජී.ඇල් පට්ටගහයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවී පිල්ලේ ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය කරුණු අන්තර්ගත වන වන වාර්තාවක් යැයි ශී්‍රලංකා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ඊයේ (05)  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට සහභාගී වී සිටි රාජ්‍ය නායකයින් අමතමින් කළ දේශනයේදී පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ නවී පිල්ලේ තම වාර්තාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන ප්‍රඥප්තිය උල්ලංඝණය වන අයුරින් නිර්මානය කර ඇති බවයි.රටක අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිඹද ප්‍රඥප්තියේ කිසිදු සදහනක් නැති වුවත් නවී පිල්ලේ මහත්මිය ප්‍රඥප්තියටත් එහා ගොස් ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තාවක් සකස් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

ඇයගේ වාර්තාවට සහය දෙන්නවුන්ට අවශ්‍යව ඇත්තේ ප්‍රතිසංස්කරණයන් හා සමාජය ප්‍රතිව්‍යුහ ගත කිරීම ඔස්සේ හිස ඔසවන ශ්‍රී ලංකාවේ ගමන ප්‍රමාද කිරීම බව ඔහු සෘජුවම චෝදනා කළේය.

නොනවත්වාම ශ්‍රී ලංකාවේ කටයුතු වලට මැදිහත් වීමට තැත් කරන මානව හිමිකම් කවුන්සිලය 30 වසරක යුද්ධයකින් පසු ශ්‍රී ලංකා රජය වසර 5 ක් වැනි කෙටි කාලයකදී රට නගා සිටුවීමට ගෙන ඇති පියවර නොසළකා හැර ඇතැයි අමාත්‍යවරයා තම දේශනයේදී පැවසීය.ජාතීන් රැසක් වාසය කරන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කි්‍රයාදාමය ඉතා සංවේදී කටයුත්තක් බව පැවසූ අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය කාලය ලබා නොදී කවුන්සිලය අසාධාරණ, අයුක්තිසහගත ඉල්ලීම් හා යෝජනා ගෙන එමින් ශ්‍රී ලංකාවේ ගමනට බාධා කරන්නේයැයි කීය.

ශී්‍රලංකාව හා සමාන තත්ත්වයන් ඇති වෙනත් රටවලට එක් විදියකටත් ශ්‍රී ලංකාවට තවත් විදියකටත් කවුන්සිලය සළකන්නේ මන්දැයි අමාත්‍යවරයා විමසීය.

කවුන්සිලයේ ආරම්භය සනිටුහන් කළ සදුදා (3) දිනයේදීම එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන් කි මූන් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මංගල සැසිවාරයේදීම කරුණු සදහන් කිරීමද අමාත්‍යවරයාගේ දෝෂ දර්ශනයට ලක් විය.එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා යනු ස්වාධීන, අපක්ෂපාතී, විනිවිදභාවයකින් යුතුව කටයුතු කළ යුතුවන පුද්ගලයෙකු වුවත් මහලේකම් වරයා සමුලූව ආරම්භ වන විටම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත යුතු වන පියවර ගැන සදහන් කිරීම ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලය ගන්නා තීන්දු තීරණයන්ගේ සාධාරණත්වය සම්බන්ධයෙන් ගැටලූ ඇති කරන්නක් බව හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ අත්කර ගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සිවිල් ජනයා සම්බන්ධයෙන් වන පාලන කටයුතු වලට හවුල්කරගෙන නැතැයි ඔහු පැවසීය. ආණ්ඩුකාරවරුන්, ආයතනයක පාලන මණ්ඩලය, ආදී තනතුරුවලට පුද්ගලයින් පත් කිරීමේ අයිතිය ඇත්තේ රටක රජයට බවත් නමුත් ශ්‍රී ලංකාවේ මේ කටයුතු සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාව අනවශ්‍ය ලෙස මැදිහත් වන බවත් එය පැහැදිලිවම අන්තර්ජාතික සබදතා වල පරමාර්ථය උල්ලංඝණය කරන්නක් බවත් ඔහු චෝදනා කළේය.

ජාතික ගැටලූවට දේශපාලනික විසදුමක් ගෙන ඒමේ අරමුණින් පත් කෙරුණු පාර්ලිමෙන්තු තේරීම් කමිටුවට සහභාගී වීම දෙමළ ජාතික සන්ධානය පැහැර හැරීමද ඇමතිවරයාගේ විවේචනයට ලක්විය.දෙමළ ජාතික සන්ධාන සිතාමතාම රටේ ඉදිරි කටයුතු වලට බාධා කරන්නේයැයි පෙනී යන බවත් එසේ වුවත් ඔවුන් නොමැතිව හෝ පාර්ලිමෙන්තු තේරීම් කමිටුව තම වැඩකටයුතු සිදුකරගෙන යන බවත් ඔහු පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද මහකොමසාරිනී නවී පිල්ලේ ශී්‍රලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද වන කවුන්සිලයට ඉදිරිපත් කර තිඛෙන වාර්තාවේ යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණය කිරීමට රජය ගෙන ඇති පියවර විවේචනය කර තිබේ.ඇයගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකාවේ වැඩකටයුතු අධීක්ෂණය කිරීමට හා අවශ්‍ය උපදෙස් ලබා දීමට අන්තර්ජාතික කමිටුවක් පත් කළ යුතු වේය යන්නයි.ඇමරිකාව ඇතුලූ බහුතර බටහිර රටවල් ඇයගේ වාර්තාවට දැනටමත් සහය පළ කර ඇත.කවුන්සිලයේ ඉතිරි සාමාජිකයින් වාර්තාවට කෙසේ පක්ෂපාතීත්වය දක්වන්නේදැයි දැනගත හැකි වන්නේ ඉදිරියටය.



අදහස් (0)

පිල්ලෙගෙ වාර්තාව ජී.ඇල් පට්ටගහයි

චතුරිකා ජීවන්ති Friday, 07 March 2014 10:06 AM

කොරියාවේ වෙසෙන සංක්‍රමිකයන්ගේ මානව හිමිකම් කඩ වෙන වාර අනන්තයි. ලංකාවේ වගේ කම්කරු සංගමයක් වක් ඒ අයට හදන්න අවසර නැහැ නීතියෙන්. වැඩ වාරණ වගේ දේවල් කිරීම හරහා රැකියාව උල්ලංභනය කරන්නත් පුළුවන්. එහෙව් රටේ ඉන්න බෑන් කීන් මුන් නේද මේ අනික් රටවල මානව හිමිකම් ගැන කතා කරන්නේ කියලා හිතෙනවා. ලෝකයේ 14 වන ශක්තිමත් ආර්ථිකයක් තියෙන රටේ එහෙම නම් අපි වගේ දියුණු වෙමින් පවතින රටක මානව හිමිකම් ගැන සැළකිය යුතු කොයි තරම් දේවල් පවතිනවාද.(නදී)

:       0       0

ලක්මාල් Friday, 07 March 2014 10:11 AM

කෙවින් හා ඒ හා සමාන පිළිතුරු දෙන සැමට අපි මහම මහා තිරිසන් යුද්දෙකින් බැට කාල ඒක ඉවර කර ගත්ත විස්තරයි, ඒ දවස් වලත් මේ වෙන දේවල් තිබුනා. මීටත් වඩා තියෙන්න ඇති. ඒත් ඒවා යුද්දෙත් එක්ක බොහොම පොඩි සිදු වීම්. ඒත් මතක තියා ගන්න මේ රටේ අදටත් අපි කොළඹ බය නැතුව ඇවිදින්නේ "පිල්ලේ හරි තැන හෝ යු.එන්.පී එක හරි හින්දා නෙමෙයි. පක්ෂය මොකක් උනත් කොන්ද කෙලින් තියන් වැඩ කරපු හරි තීරණේ හරි වෙලාවට ගනිපු මහින්ද මහත්තයත් ගොටාභය මත්තයත් සරත් ෆොන්සේකා ඇතුළු ත්‍රිවිද හමුදවමත් නිසා. ගරහන්න එපා කාගෙවත් කියන දේ අහලා. නිකම්ම නිකන් දකින දේ හිතල විග්‍රහ කරන්න එපා. හැදු අම්මට වගේම මේ අහිංසක රටට ආදරය කරන්න. මොකද මේ රටේ වැඩුන අපි විතරක් නෙමෙයි බාල පරපුරත් ඉන්නවා රට හොදින් බාර ගන්න. ස්තුතියි. (නදී)

:       0       0

ඡයා Friday, 07 March 2014 10:35 AM

කියන්න ඕන දේ කට කෑවත් කියන්න ඕනේ. කතාව මසුරන් වටිනවා. නියම සිංහයෙක්. ඔහොමතමා එන්න ඕනේ.(නධී)

:       0       0

භුමි Friday, 07 March 2014 10:49 AM

ලක්මාල් මහතණනි ඔබ තුමා ඉතාම නිවැරදියි මේවා හරියට නොතේරෙන්නේ මොලේ නැතිකමටයි.(නදී)

:       0       0

සරත් සෞදි Friday, 07 March 2014 10:56 AM

ස්තුතියි ලක්මල්.(නදී)

:       0       0

කසුන් Friday, 07 March 2014 11:06 AM

කෙවින් වගේ අය හිටියොත් රටට මොනවා වෙයිද. අපි ඉස්සෙල්ලා රටට ආදරය කරන්න ඉගෙන ගන්න ඕනේ. එක්සත් ජාතික පක්ෂයවත් ජනතා විමුක්ති පෙරමුණවත් නෙමෙයි රට ගොඩ ගත්තේ මහින්ද මහත්තයා.(නදී)

:       0       0

ලක්මාල් Friday, 07 March 2014 12:03 PM

ලක්මල්ගේ කතාව අගය කරනවා. මහාචාර්ය තුමා රට වෙනුවෙන් යමක් කරවී යන්න විශ්වාසී. ඔබ තුමාට ජය!! (අ)

:       0       0

කුමා Thursday, 06 March 2014 01:22 PM

නියම කතාවක් (දිල්)

:       0       0

සේනවීර Thursday, 06 March 2014 03:19 PM

බොහොම හොද කතාවක් . (දිල්)

:       0       0

පිටිගල Thursday, 06 March 2014 03:35 PM

අපේ මහාචාර්ය තුමා විශිෂ්ඨයි! මගේ ප්‍රණාමය එතුමාට!(දිල්)

:       0       0

සේරම් Friday, 07 March 2014 02:15 PM

ඔය කොයි මහාචාර්ය තුමත් අපිට කියන්නේ එක දෙයක්. ඉංග්‍රීසි පත්තරයට තවදෙයක්. පිල්ලේට තවදෙයක් ඔක නොදන්න මෝඩයෝ කඩේ ගිහින් තවකාලික වින්දනයක් ලබනවා.(නදී)

:       0       0

වසන්ත Thursday, 06 March 2014 05:11 PM

ඔබ වැනි බුද්දිමත් පාලකයන් තමයි රටට ඕනා. නැතුව මීහරක් නෙවෙයි. ඔබට ජය.(නදී)

:       0       0

අනුරාධ. Thursday, 06 March 2014 05:47 PM

මහාචාර්ය තුමනි, ඔබ තුමාගේ දේශනය විශිෂ්ඨයි. (නදී)

:       0       0

කෙවින් Thursday, 06 March 2014 06:03 PM

අපේ රටේ මහා දවල් මිනිස්සු පැහැරගැන යනවා. දුෂණයට විරුද්දව කටක් අරින්ඩ බෑ.(නදී)

:       0       0

ආනන්ද ජයරත්ක Thursday, 06 March 2014 06:53 PM

මෙතනම එක්කෙනෙක් ලංකාවට විරුද්ධව සාක්කි දෙන්න ඉන්නවා.(නදී)

:       0       0

රොෂින් ද සොයිසා Friday, 07 March 2014 03:46 PM

විදේශ අමාත්‍ය මහාචාර්‍ය ජී.එල්.පීරිස් මහාතා (05) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිඹද කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට සහභාගී වී සිටි රාජ්‍ය නායකයින් අමතමින් කළ දේශනය ඉතා අගේ කොට සලකමි.(නදී)

:       0       0

තුසිත Thursday, 06 March 2014 07:22 PM

ලෝක බලවතුන් ඉදිරියේ දන නොගසා, ලංකාව නිදහස් ස්වාධීන රටක් බව ලෝකයට ප්‍රකාශ කල මෑත ඉතිහාසයේ අසන්නට ලැබුන රට වෙනුවෙන් කරන ලද විශිෂ්ට දේශනයක්. (අ)

:       0       0

අල්විස් Friday, 07 March 2014 03:49 PM

කෙවින් සහ කිංස්ලි ලොස්ට, මිනිස්සු අතුරුදහන් උනා ඒ බටලන්ද වදකාගාරය සමයේදී. එතකොට මේ අප්පුහමිලා කවුරුවත් කටක් ඇරියේ නැහැ. අපේ ජි එල් අපේම රටට ආදරයෙන් කරපු ඒ වේගවත් කතාවෙන් අපි දැක්කා ඔහු තුළින් මතු වන දේශප්‍රේමය. පිල්ලෙයිගේ යෝජනා වලට නොබියව චෝදනා එල්ල කළා. අපි තේරුම් ගත යුතු එකම දෙය මෙයයි. අපේ ජි එල් තම හඩින් කතාකළේ අපි සැමගේ උවමනාවයි. අපිට පිල්ලෙයිවත් කැමරන්වත් ඔබාමවත් ඕන නැහැ. උන් අපිට කවදත් කිසි දෙයක් කරලා නැහැ. අපි පසුගිය වසර පහ තුළ නැගී සිටියේ තනිවමයි. මින් ඉදිරියටත් අපි තනිවම ගොඩ නැගිය යුතුයි.(නදී)

:       0       0

කමල් Thursday, 06 March 2014 07:43 PM

අවසානයට මොනවා වෙයි බලමු. (අ)

:       0       0

සදුනි Thursday, 06 March 2014 09:33 PM

මොනවා උනත් කතාව නම් විශිෂ්ටයි.(දිල්)

:       0       0

දොන් පලිහේන Thursday, 06 March 2014 11:06 PM

බොරු ඔප්පු කල යුතුයි. කැ ගහලා වැඩක් නැත.(නදී)

:       0       0

ගාමිණී අබුඩාබි Friday, 07 March 2014 01:00 AM

හෙට වෙනදේ මොනවා උනත් අද දවසේ ඇත්ත වෙනුවෙන් පෙනී හිටීම අගය කරනවා ස්තුතියි.(නදී)

:       0       0

නඩරාජා Friday, 07 March 2014 01:07 AM

පොඩි එකාගේ ඇහේ කුණු රොඩ්ඩ බලන්න එනවා ,ලොකු එකා ගේ ඇහේ පොල් පරාල තියා ගෙන. තවමත් අපේ ලස්සන රට පාගාගෙන ඉන්නයි බටහිර ලෝකයට අවශ්‍ය වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

අනුර Friday, 07 March 2014 07:21 AM

නායකයෝ ඔහොම තමයි එන්න ඕනා.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 07 March 2014 08:17 AM

කෙවින්ගේ කතාව ඇත්ත. එම කතාව රටට විරුද්ධවීමක් නොව එවැනි මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කරන අයට විරුද්දව කොන්ද කෙලින් තියාගෙන කියන කතාවක්. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් හැටියට එවැනි දේට විරුද්දව කතාකරල ඒවා නිවැරදි නොකරන නිසා තමයි ජාත්‍යන්තරය අපිට ඇගිල්ල ඔසවන්නේ.(නදී)

:       0       0

දාන් Friday, 07 March 2014 08:54 AM

කෙවින්, ඔයාට තාම සනීප මදි, තව ටික දවසක් ඉසකුඩිච්චි දාන්න එතකොට තරමක්වත් සනීප වෙයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 26 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3426 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2492 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3103 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18728 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site