IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොල්ලෙබැද්දට තෑගි වැහි වහී

ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් අම්පාර මහඔය පොල්ලෙබැද්ද ගමට   නෑගම් ගොස් පවුල් 109ක සාමාජිකයන් 371දෙනකුට ඇඳුම් පැළැඳුම් හා ආහාර ද්‍රව්‍ය බෙදා දුන්හ.

ධනේෂ් මදුරංග නම් තරුණයා මීට මාස තුනකට පෙර සිය ෆේස්බුක් පිටුවේ පොල්ලේබැද්ද ගම ගැන පණිවුඩයක් පලකිරීමෙන් පසු එය දුටු ෆේස්බුක් ගිණුම් හිමියෝ 950 දෙනෙක් පමණ එම ගම්වැසියන්ට දීටම ඇඳුම් පැළඳුම්, වියළි ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය පරිත්‍යාග කළහ.

තෑගී බෙදාදීමට මසකට පමණ පෙර එම ගමට ගොස් අවශ්‍යතා ඇති පවුල් හඳුනාගෙන එම පවුල්වල සාමාජිකයන් ගණනය කර ඔවුනට අවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් කිරීමට ෆේස්බුක් මිතුරනට සති තුනක් පමණ ගත විය.

උදව් උපකාර කළ පිරිසෙන් ඇතැමෙක් කොරියාව, ප්‍රංශය, ජර්මනිය, එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකාව, ඉතාලිය, ඊශ්‍රායෙලය, ඕස්ට්‍රේලියාව, කුවේට්, ඩුබායි, චීනය, ජපානය, බහරේන්, ස්විට්සර්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් රැසක රැකියා කරන්නෝ වෙති.

ධනේෂ්ගේ ෆේස්බුක් පණිවිඩය දුටු ඇඟළුම්හල් හිමියෝ කිහිප දෙනෙක් ද ඇඳුම් පැළඳුම් ලබා දුන්හ.

සීනි, තේකොළ, හාල්, පොල්, කිරිපිටි, පරිප්පු, සෝයා ඇතුළු ආහාර ද්‍රව්‍යය ද, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පොත්, පෑන් පැන්සල්, සපත්තු සහ බෙහෙත් වර්ග ද බෙදා දුන් ද්‍රව්‍ය අතර වෙයි.

විවිධ ප්‍රදේශවල විසිරී සිටින ෆේස්බුක් මිතුරෝ 33 දෙනෙක් පානදුරට පැමිණ පානදුර සිට බස්රථයකින් රාත්‍රී 11ට පමණ පොල්ලේබැද්ද ගමට යෑමට පිටත් වූ අතර පසුදින උදෑසන හත පමණ වන විට ගමට ළඟ වූහ. මේ ගමනේ දී ඔවුනට දැරීමට සිදු වූයේ ගමන් වියදම් පමණි. සෙසු සියලු දෑ ෆේස්බුක් මාර්ගයෙන් ලැබිණි.

 එහි යන විට ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු සහ පවුල් 109ක සාමාජිකයෝ පැමිණ සිටියහ. එක් පවුලකට ඇඳුම් 30-50ත් අතර පාර්සලයක් ද, අනිකුත් ද්‍රව්‍ය සහිත පාර්සලයක් ද ලබා දුන් අතර ෆේස්බුක් මිතුරන් ගමෙන් පිටවූයේ එහි දුප්පත් පවුලකට ගෙයක් සාදා දෙන බවට පොරොන්දුවක් ද දෙමිනි.

 

 



අදහස් (0)

පොල්ලෙබැද්දට තෑගි වැහි වහී

සෙන Sunday, 08 June 2014 09:43 PM

මට සතුටුකදුලු වැටෙනවා මේ පින්තූර බලල. බොහොම හොද පින්කමක්, හැමොටම ගොඩක් පින්. තව තවත් මේවගේ දේවල් කරන්ඩ මේ අයට ශක්තිය ලැබේවා (දී)

:       0       0

විරන්ධ Sunday, 08 June 2014 09:47 PM

මේකනම් නියම වැඩක්(දී)

:       0       0

සමන් Sunday, 08 June 2014 09:52 PM

ප්‍රවීන් මේ මහත්තයා ඇමතිලගෙන් හත් ගව්වක් දුරින් තියන්න ඕන වටිනා පුද්ගලයෙක්.මැති ඇමති වරු හම්බ කරනවා ඇරෙන්න දානමය වැඩට එන්නේ මුණු පෙන්නන්න ව්තරණේ. (දී)

:       0       0

සුමේධ Sunday, 08 June 2014 09:53 PM

ෆෙසේ බූක් කණපිට ගහන කලේ ග්‍රේට් වෙඩක් යාලු..ඔයාලට සුබපෙතුම් සමග දිගාසිරි පතමි...ඊලඟ සැරේ අපිටත් කියන්න... (දී)

:       0       0

නලින් Sunday, 08 June 2014 10:10 PM

කවුරු මොනවා කිව්වා ෆේස් බුක් වලත් ගොඩක් හොඳ දේවල් තියනවා. මෙන්න මෙව්වා තමයි ඒවාට උදාහරණ, කොහොමත් කොයි දේත් හොඳ නරක තියෙන්න පුළුවන්. අපි එක ප්‍රයෝජනයට ගන්න විදිය අනුව හොඳද නරකද කියන එක තීරණය වෙනවා. ඔයාලගෙ ෆේස් බුක් මිතුරු එකට සම්බන්ඳ වෙන්න පුළුවන් විදිය පොඩ්ඩක් කියනවද ? (ස)

:       0       0

සුරේෂ් Monday, 09 June 2014 07:20 PM

හොඳ ළමයි ටිකක්. නියම වැඩක්. මේ වගේ වැඩ තමයි කරන්න ඕනෑ (නි)

:       0       0

සුගුනවති-අමෙරිකාවෙන් Sunday, 08 June 2014 10:48 PM

මෙන්න මේ වගේ තරුණ පිරිස් අපිට අවශ්‍ය ....බොහොම අගය කලයුතු වැඩක් (දී)

:       0       0

ටිරෝන් Sunday, 08 June 2014 11:05 PM

අයහපත් දේවලුත් යහපත් දෙයකට හරවා ගත්ත බවට හොඳ නිදසුනක් (දී)

:       0       0

චින්තක Monday, 09 June 2014 01:58 PM

කරපු වැඩේනම් ගොඩාක් පින් අර කොල්ලෝ ටික (දී)

:       0       0

රජින්ද Monday, 09 June 2014 12:26 AM

මනුස්ස හදවතක් ඇතිව උපන් ඔබ සියලු දෙනාට හදපත්ලෙන්ම ආශීර්වාද කරමි...!!! (දී)

:       0       0

නන්දසේන Monday, 09 June 2014 12:27 AM

මෙවන් දු පුතුන් රටට ආශිර්වාදයක්ඔවුන්ට තෙරුවන් සරණයි (දී)

:       0       0

නාමල් Monday, 09 June 2014 12:35 AM

ප්‍රවීන්, ඇත්තටම ජනතාවට සේවය කරන්න දේශපාලනයට එන්න ඕනේ නෑ. ලංකාවේ ජනතාව මේක තේරුම් ගන්නකල් දේශපාලුවෝ ඔයාලගේ ඔලුවට අතසෝදාවී! (දී)

:       0       0

කිර්ති Monday, 09 June 2014 01:03 AM

මේක උත්තම වෙඩක් බොහොම පින් (දී)

:       0       0

මාගලි ෆොන්සේකා Monday, 09 June 2014 01:47 AM

ෆේස් බුක් මෙන්න මේ වගේ දේවල් වලට යොදා ගන්න .බලන්න තරුණ කම එකතුවීම සතුටුයි (දී)

:       0       0

නිම් Monday, 09 June 2014 02:15 AM

https://www.facebook.com/B.H.EdirisooriyaFoundation?fref=nf මේ ලින්ක් එක හරහා එකතු වෙන්න පුලුවන් (දී)

:       0       0

අනිල් පෙරේරා Monday, 09 June 2014 02:22 AM

මෙය ඉතා වටිනා වු මුලු මහත් තරුණ පරපුරටත් ආදර්ශයක් ගත හැකි වටිනා සත් ක්‍රියාවක්...ඔබ සැමට ගොඩාක් පින්.(දී)

:       0       0

ලොගේස්වාරම් Monday, 09 June 2014 02:44 AM

යහපත් ක්‍රියාවක් .ෆේස් බුක් සමාජ ජාලය තුලත් ගොඩක් හොඳ දේවල් තියනවා.ප්‍රයෝජනයට ගන්න විදිය අනුව මේ ජාලය හොඳද නරකද තීරණයවෙ. (දී)

:       0       0

උපසේන Monday, 09 June 2014 02:52 AM

මෙවැනි දෙයක් රටකට හොඳ දෙයක් කිරීමටත් යොදා ගත හැකිය යන්නට දිය හැකි උදාහරණයක්. (දී)

:       0       0

දකුණේ සිල්වා Monday, 09 June 2014 03:20 AM

ශ්‍රේෂ්ට ක්‍රියාවක් ,,දිගු ගමනකට සුබ පැතුම් ,,,,,(දී)

:       0       0

දම්මික Monday, 09 June 2014 03:26 AM

මෙවන් කොල්ලන් ලෝකෙටම ආදර්ශයක් (දී)

:       0       0

භානුක Monday, 09 June 2014 03:26 AM

ඔබ සියලු දෙනාගේම මව්පියන්ටයි මේ උපහාරය. ! ගංවතුර ගලනවිට බංගලා වලින් එලියට අඩිය නොතබපු , නියඟ කාලයේදී ගැමියන් වතුර බිව්වාද නොදන්නා තුමා ලා මේ පින්තුර බලා වත් හැදෙන්න බැරි නිසා අඩු වශයෙන් ලැජ්ජවටවත් පත් වේවා ! (දී)

:       0       0

සිල්වෙස්ටර් Monday, 09 June 2014 03:43 AM

අගය කලයුතු වැඩක් (දී)

:       0       0

අමර Monday, 09 June 2014 03:58 AM

බින් බැග් වල නැතුව හොඳට පැක් කරලා දුන්නනම් තවත් හොඳයි (දී)

:       0       0

ආදිලා Monday, 09 June 2014 05:36 AM

විශිෂ්ට කාර්යයක් (නි)

:       0       0

කහවිට සම්පත් Monday, 09 June 2014 05:42 AM

කාන්තාවන්ගේ ඡායාරූප දමාගෙන හොර ෆේස්බුක් ගිණුම් හදාගෙන ඉන්න සමහර මානසික රෝගීන්ට මේක පෙන්නන්න ඕනෑ. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 June 2014 06:01 AM

අමාර , මට නම් මේ තෑගි ටික කෙසෙල් කොළක ඔතා දුන්නත් කමක් නැහැ. මොකද කවරය නොව ඇතුළත ඇති දේ තමයි වටින්නේ. මොනවා වුණත් මේ දරුවන්ගේ උත්සාහයට බොහොම පින්! (නි)

:       0       0

සම්පත් Monday, 09 June 2014 06:26 AM

ඉතාමත්ම උතුම් කාර්යයක් (නි)

:       0       0

ගමගේ Monday, 09 June 2014 07:14 AM

මේ සද්කාර්යයේ යෙදුන අයට මෙන්න මගෙනුත් මල් මිටක්! ෆේස් බුක් නිර්මාතෘවරයාගේ අදහසත් මෙයම වෙන්න ඇති. ජාතීන් අතර මිතුදම, අනෝන්‍යය පැවැත්ම සඳහා සහයෝගය.... නමුත් ගොඩක් අය (උන්මත්තකයන්) මේක පාවිච්චි කරන්නේ බොරුව සහ රැවටීම තුලින් මානසික සහ කායික සුවය සඳහා පමණයි. මෙය හොඳ ආදර්ශයක් සියල්ලන්ටම. (නි)

:       0       0

රුවන් Monday, 09 June 2014 07:56 AM

යහපත් ක්‍රියාවක්.ෆේස් බුක් සමාජ ජාලය තුළත් හොඳ දේ මෙන්ම නරක දේත් තිබෙනවා. ප්‍රයෝජනයට ගන්නා විදිය අනුව එය වෙනස් වෙනවා (නි)

:       0       0

තිලක් Monday, 09 June 2014 08:45 AM

සියල්ලෝම සතුටට පත්වේවා! (නි)

:       0       0

කමණි Monday, 09 June 2014 08:46 AM

අගය කළ යුතුම සද්ක්‍රියාවක්. මෙවන් දේවල් අහන්න දකින්න ලැබෙනවා නම් ලොකු සතුටක් (නි)

:       0       0

ගිහාන් Monday, 09 June 2014 08:52 AM

කොපමණ හොඳ මිනිසුන් තවමත් අපි අතර සිටිනවාද? (නි)

:       0       0

සරත් Monday, 09 June 2014 11:54 PM

ඇත්තටම මේ වගේ වැඩ තමා කරන්න ඕනෑ. මේ අයට මගේ ප්‍රණාමය පිරිනමනවා. මේ වගේ ගමක් තිබෙනවා බදුල්ල හාලිඇල උදේනිගම කියලා. පුලුවන් නම් ඒ ගමටත් සහයෝගයක් දෙන්න. ගොඩක් පින් (නි)

:       0       0

පැතුම් ජයනාත් Monday, 09 June 2014 03:55 PM

ඇත්තටම සතුටුයි මේවගේ ප්‍රතිචාර අපේ ගමටම තෑගි ප්‍රජා සත්කාරයට ලැබීම පිලිබදව. ෆේස් බුක් නිසා තමන්ගේ වටිනා ජීවිත නැති කරගන්නා කාලෙක එම ෆේස් බුක් මගින්ම කෙනෙකුගේ ජීවිතයකට නව ආරම්බයක් ලබාදීමට උත්සහ ගන්නා සියලුදෙනාටම බොහොම ස්තුතියි. කවදාවත් හිතුවේ නෑ එෆ් බි එකේ තව කෙනෙකුට උපකාර කරන්න කැමැත්තෙන් සිටින මෙපමණ පිරිසක් සිටිනවා කියල. මේ සදහා මටත් අහම්බෙන් තමයි සම්බන්ද වෙන්න පුළුවන් උනේ මට ඇත්තටම සතුටුයි ගමටම තෑගී ප්‍රජා සත්කාරයේ චායාරුප ශිල්පියෙක් කෙනෙක් විදිහට සම්බන්ද වෙන්න ලැබීම පිලිබදව මෙම පින්තුර දැකල තවත් අය මේ සදහා සම්බන්ද වීම තරම් වෙනත් සතුටක් නෑ.... තමන්ට උපකාරයක් කිරීමට හැකි ඕනෑම දෙයකින් උපකාර කල හැක. (දී)

:       0       0

රොහාන් Tuesday, 10 June 2014 12:09 AM

උඩින් පෙනෙන දෙයින් පමණක් මේ ගැන අදහසකට එන්න බැහැ. (නි)

:       0       0

දුලන්ජ Monday, 09 June 2014 09:16 AM

ඉතාම හොඳ වැඩක් මේවගේ තවත් වැඩ කරීමට ශක්තිය ලැබෙන්නට පතනවා (දී)

:       0       0

ඇන්ඩෝ Monday, 09 June 2014 09:19 AM

අර බලය මේ බලය තියෙනවා කියන කට්ටිය මෙවැනි වැඩ කරනම් ඔච්චර දඟලන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ (දී)

:       0       0

ඉසුරන්දි Monday, 09 June 2014 09:22 AM

ඔන්න ඔව්නේ වැඩ.දැන් හැදෙන තරුණ පරපුරට ඕක හොද ආදර්ශයක් නිකන් කාලය කකා ඉන්නවට වැඩිය. (දී)

:       0       0

රන්ජිත් Monday, 09 June 2014 04:18 PM

දේශපාලකයෝ නැද්ද මේකට සම්භන්ද (දී)

:       0       0

සුරංග Monday, 09 June 2014 09:37 AM

මේ වගේ දේවත්වයෙන් වැඩ කරන අයත් අපි අතර සිටිනවා. (දී)

:       0       0

සුජිත් Monday, 09 June 2014 09:39 AM

ඕනෑම දෙයක් යහපත් විදියට යොදාගන්න පුළුවන්. මේක හොඳ ආදර්ශයක්. තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

ඒබ්‍රහම් Monday, 09 June 2014 09:48 AM

හොඳ වැඩක් දරුවනේ. (නි)

:       0       0

විරාජ් ඒකනායක Monday, 09 June 2014 09:49 AM

ඕනෑම දෙයක් හොඳට සහ නරක දෙකටම යොදාගන්න පුළුවන්. බුද්ධිමත් තරුණ සොයුරන්ට අපේ උත්තමාචාරය! (නි)

:       0       0

ෂාෆික් Monday, 09 June 2014 09:56 AM

අගය කළයුතු වැඩක් (නි)

:       0       0

ජාලිය විජේසුන්දර Monday, 09 June 2014 05:06 PM

සමාජ හවුලකින් වූ සමාජ ක්‍රියාවක්.හරිදෙය හරියට ප්‍රයෝජනට ගත් අවස්ථාවක්.මෙවැනි සමාජ හවුලකට එකතුවීමට මමද කැමැත්තෙමි. (නි)

:       0       0

සේනක Monday, 09 June 2014 10:44 AM

ඉතාමත් අගය කළයුතු සමාජ සත්කාරක ක්‍රියාවක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 09 June 2014 11:23 AM

විශිෂ්ටයි! අපිත් කැමතියි මේවාට සහභාගි වෙන්න. (නි)

:       0       0

ශිහාඩ් Monday, 09 June 2014 12:08 PM

ආදර්ශමත් ක්‍රියාවක් සහෝදරවරුණි , අවංක චේතනාවට ඔබලාගේ ජිවිත මෙන්ම උපකාර කල අයගේ හා උපකාර ලැබූ අයගේ ජීවිතද සාර්ථක වේවා, (දී)

:       0       0

පතිරණ කපිල Monday, 09 June 2014 12:29 PM

මෙයට සහභාගී වූ සැමට තෙරුවන් සරණයි (දී)

:       0       0

ශ්‍රියානි Monday, 09 June 2014 12:52 PM

ගොඩක් පින් අතේ වැඩක් ඔයාල හැමදෙනාම කරගතේ මේ වගේ වැඩ පිළිවලක් කරන කොට එෆ් බී එකට අපිටත් කියනකො අපිත් ගොඩක් කැමති මේ වගේ උදව් කරන්න ,,,, (දී)

:       0       0

සිසිර Sunday, 08 June 2014 08:26 PM

අනේ මන්ද මෙහෙම දෙයකට අපේ අයගේ කටවල් ඇරෙන්නේ නැත්තේ මොකද කියල මේවා තමා බුදුන් දෙසන කල දාන පාරමිතාව මම හිතන්නේ මෙය හොද ආදර්ශයක් අපි හැමෝටම කුරු මොනවා කිව්වත් මෙයට සහබාගි උන සියලු දෙනාට ගොඩක් පින් (දී)

:       0       0

ප්‍රවීන් Sunday, 08 June 2014 08:33 PM

මේ මහත්මයට ඇමති කමක් දෙන්න වටිනා පුද්ගලයෙක්! (දී)

:       0       0

සුභාෂිනි වෛෆර් Monday, 09 June 2014 12:57 PM

මේක ගොඩක් හොඳ වැඩක් .දිගටම මේ වගේ දේවල් වලට එකතුවෙන්න අපි කැමතියි.අර කබිතිගොල්ලව ගමටත් මේ වගේ උදව්වක් කරමුද?

:       0       0

සජියා Sunday, 08 June 2014 08:41 PM

සුපිරි වැඩක් කොල්ලනේ (දී)

:       0       0

ප්‍රියන්ත Wednesday, 18 June 2014 07:17 AM

අරවින්ද මල්ලි, ඔයාලට මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මොහොමඩ් Monday, 09 June 2014 01:01 PM

හොද වැඩක් (දී)

:       0       0

සුදේශ් රුවින්ද්‍ර Sunday, 08 June 2014 08:44 PM

කෝ ඔය ෆේස් බුක් නිසා කට්ටිය මැරෙන කොට මැරෙන්න කෑගහපු සුචරිත වාදීන් ටික (දී)

:       0       0

නලින් Sunday, 08 June 2014 08:49 PM

මොලයක් හා හදවතක් තියෙන අයට පිහියක් හම්බ උනාම එකෙන් අනල මිනියක් මරන්නේ නැහැ. (දී)

:       0       0

දිනේෂ් කුමාර විජේසේකර Sunday, 08 June 2014 09:29 PM

අපේ මේ සමාජ සත්කාරයට කැමති සියලු දෙනාම අපත් සමග එකතු වෙන්න. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1077 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 312 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2020 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 478 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 961 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 585 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37108 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24452 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site