(අජිත්ලාල් ශාන්තඋදය)
විදේශයෙන් ගම්මිරිස් ගෙන්වීම වහාම නවත්වා දේශීය ගම්මිරිස් සඳහා නිසි මිලක් ලබා දෙන්නැයි ඉල්ලමින් ඇඹිලිපිටිය රත්නපුර ප‍්‍රධාන මාර්ගය හරස්කර අද(13) පල්ලෙබැද්ද නගරයේ පැවති උද්ඝෝෂණයකට මැර ප‍්‍රහාරයක් එල්ල විය.
පල්ලෙබැද්ද නගරයේ තුන්තොට හන්දියට අද පෙරවරුවේ රැස්වූ දහසකට ආසන්න පිරිසක් ගම්මිරිස් වැල් ආදිය අතැතිව විරෝධතා පුවරුද සමග එක්ව රැස්වී රත්නපුර ඇඹිලිපිටිය ප‍්‍රධාන පාර අවහිර කරමින් ටයර් ද පුළුස්සමින් රතිඤ්ඤා ද පත්තු කරමින් උද්ඝෝෂණයක් කළහ.
පිටරටින් මෙරටට ගම්මිරිස් ගෙන ඒම නිසා ලංකාවේ ගම්මමිරිස් මිල සීග‍්‍ර ලෙස පහත බැස ඇති බවත් ගම්මිරිස් සඳහා වැඩි මිලක් ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවත් උද්ඝෝෂකයෝ කීහ.
උද්ඝෝෂණය ආරම්භ කර විනාඩි පහළොවක් පමණ ගතවූ පසු රත්නපුර දිස්ත‍්‍රික්කය නියෝජනය කරන ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් සොයිසා මහතා ද එතැනට පැමිණියේ ය.
රංජිත් සොයිසා මන්ත‍්‍රීවරයා උද්ඝෝෂකයන් අමතමින් පාරේ එක පැත්තක් වාහනවලට විවෘත කරන්නැයි ඉල්ලමින් පෙළපාලියකින් පල්ලෙබැද්ද නගරයට යන්නට ආරාධනා කළේ තමන් ද එන බව පවසමිනි.
විරෝධතාවේ නිරත පිරිසක් පාරේ කොටසක් විවෘත කරනවාට විරුද්ධ වුව ද වැඩි පිරිසක් කැමැත්ත පළ කළ නිසා පාරේ එක් පසෙකින් වාහන ගමන් කරද්දී උද්ඝෝෂකයෝ පෙළපාලියෙන් පල්ලෙබැද්ද නගරය කෙළවරේ ඇඹිලිපිටිය දෙසට ඇති ගල්පාය හන්දියට පැමිණියහ. ගල්පාය හන්දියේදී උද්ඝෝෂකයෝ පාර මැද වැතිර විරෝධය පළකරන්නට වූහ.
පාරේ පැත්තක් වාහන ගමනාගමනයට ඉඩ දෙන්නැයි පොලීසිය ඉල්ලා සිටිය ද උද්ඝෝෂකයෝ එය ප්‍රතික්ෂේප කළහ.
එසේ පැය දෙකකට ආසන්න කාලයක් උද්ඝෝෂණය පවත්වාගෙන යද්දී හිස්වැසුම් අතැතිව පැමිණි හය හත් දෙනකුගෙන් යුත් පිරිසක් උද්ඝෝෂකයන් අතරට කඩා වැද එක් අයකු ‘තොපි හූ කිව්වේ මට නේදැයි’ විමසමින් ගැටුමක් ඇති කරගත්තේය.
උද්ඝෝෂකයෝ ද ඔවුනට පෙරළා පහර දුන් අතර දෙපිරිස අතර එය ද්වන්ධ සටනක් බවට පත්විය. උද්ඝෝෂකයන්ට මැරයින් හිස් වැසුම් වලින් ද පහර දුන්නේය. උද්ඝෝෂණය හේතුවෙන් අවහිර වී තිබූ මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහා ඉන්පසු ඉඩ සැලසිණි.
පොලීසිය ද පැමිණ ගැටුම සමථයකට පත් කිරීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය. මද වේලාවකට පසු එහි පැමිණි නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එතැනට පැමිණ උද්ඝෝෂකයන් සාධාරණ බව පැවසුවේ ය.
ආණමඩුව වඩත්ත හල්මිල්ලෑව ප්‍රදේශයේ කැට පොළකදි ඇතිවු අරවුලක් දිග් ගැසිමකින් පොලු මුගුරු වලින් පහර දී තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු
වැඩිමහල් සහෝදරයා අතදරා සිටි පිහියෙන් බාල සහෝදරයාගේ පාදයක් කැපී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන
කිතුනුවන්ගේ ශුද්ද වූ සතියේ අවසන් දිනය වන පාස්කු ඉරිදා අදට යෙදී ඇත.
මධ්‍යම, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනි තැන වැසි හෝ ගිගුරුම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පල්ලෙබැද්දේ උද්ඝෝෂණයට මැර ප්‍රහාරයක්
himal Thursday, 13 July 2017 10:41 AM
බංකොලොත් දේශපාලකයො මොකක්හරි උද්ඝෝෂණයකින් ගොඩ යන්න හදනවා. වැඩේ වැරදුනාම තමන් එක්ක ආපු අයට සලකන්නේ මෙහෙම නම්, බලයට ආවොත් කොහොම කරයිද?
de silva Thursday, 13 July 2017 10:44 AM
මැර ප්‍රහාරය මම අනුමත නොකරමි, නමුත් හැමදාම ගොවියෝ විතරක් ආරක්ෂා කරමින් ඉන්න බැහැනේ ? පාරිභෝගිකයෝ ගැනත් හිතන්න ඕනනේ ? මේක වීවෘත ආර්ථිකයක් තිබෙන රටක් ඉල්ලුම අඩු වෙනකොට මිල පහත වැටෙනවා. කුළු බඩුවල මිල කලාපයේ අනිත් රටවල් සමග සංසන්දනය කරනකොට ලංකාවේ වැඩි .
RATHNE Thursday, 13 July 2017 10:53 AM
දේශීය වගාවන් විනාශ වීමට ඉඩ හැර තිබීමේ ප්‍රතිපත්තිය, වර්තමාන ආණ්ඩුවේ ඉතා කණගාටුදායකය. ගොවින් වී වගාවන් වලින් ඉවත් වීමේ ප්‍රතිපලයක් ලෙස සහල් හිඟය කදිම නිදසුනකි.
ජි නන්දන Thursday, 13 July 2017 12:13 PM
දහසකට ආසන්න පිරිසකට හය හත් දෙනෙක් ගැහුවද
jayampathi Thursday, 13 July 2017 01:37 PM
ඉතින් කාරණාව හොඳටම පැහැදිලියිනෙ මෙතන ගම්මිරිස් කියල වෙන අරමුණු ඉටුකරගන්නවා .. මේ අයට මැර ප්‍රහාර දීල විතරක් මදි මේ විදියට අවහිර කරමින් මහජනතාවට කරදර කරනවට.
de silva berlin Friday, 14 July 2017 02:13 PM
ගම්මිරිස් මිල අඩු වුණා කියලා ගොවියෝ පාර වහගෙන උද්ගෝෂණය කරන එක අසාධාරණයි. ගම්මිරිස් මිල වැඩි වුණ වෙලාවට පාරිභෝගිකයෝ කරබාගෙන විඳදරාගෙන ඉන්නවා මිසක් පාරවල් වහන්න යන්නේ නැහැනේ... ඔතන 1000 කට වැඩි පිරිසක් ඉන්නවා නම් ඔය 7-8 දෙනෙකුට ගහල එලවල දමන්න බැරිද ?