IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පල්ලමේ ගිය ජීප් රියේ ඉංජිනේරුවා කාමරයක

මොරගහකන්ද   ජලාශය ඉදිකීමේ භූමීයේදී  පල්ලමකට  පෙරැලීගිය ජීප් රිය පැදවු   අතුරුදන් වු ඉංජිනේරුවරයා  වැඩබීමේ කමරයක සිට අද(2) උදෑසන සේවයට වාර්තා කැර ඇතැයි නාවුල පොලීසිය කියයි.

පෙර දින (01) පස්වරුවේ  එම වාහනය පෙරැළීයාමෙන් පසු ඉංජිනේරුවරයා සොයා නාවුල පොලීසිය අද පාන්දරවන තුරුම  එම පෙදෙස පීරා බැලුවේය.

මේ අතරතුරදී උදෑසන 7 ට පමණ අතුරුදන්වු ඉංජීනේරුවරයා සේවයට වාර්තා කැර ඇති බවද මේ අනතුරින් ඔහුට කිසිවක් සිදු වී නැතැයිද  නිවාඩු දිනයකදී වාහනයක් වැඩ බිමෙන් රැගෙන යාම හා එය අනතුරකට ලක් වුයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන බවද  මොරගහකන්ද ව්‍යාපෘතියේ  අධ්‍යක්ෂ ආර් බී තෙන්නකෝන් මහතා කියයි.

 



අදහස් (0)

පල්ලමේ ගිය ජීප් රියේ ඉංජිනේරුවා කාමරයක

ප්‍රිය Tuesday, 03 September 2013 10:57 AM

මහත්තයා මලා නම් අනේ අපොයි ... දැන් ඉතින් ..... (ස)

:       0       0

ගොබී Monday, 02 September 2013 08:48 PM

මම අහන්නේ මෝඩ ප්‍රශ්නයක්ද මන්දා? එහෙත් කට කහනවටමයි අහන්නේ. ඒ ඉංජිනේරු මහත්තයා මොරටු ඇත්තෙක්ද? (නි)

:       0       0

සුදත් ශ්‍රී Monday, 02 September 2013 08:54 PM

වැරදි හෝ නිවැරදි හෝ සුපුන්ගේ අදහසින් හිතන්න දෙයක් තියෙනවා. (නි)

:       0       0

කින් බෙනට් Monday, 02 September 2013 09:08 PM

ඉංජිනේරු මහත්තයා හොර පුසෙක්ද කියලා හොයලා බලන්න (නි)

:       0       0

සලීම් Monday, 02 September 2013 09:13 PM

ඕක අර ගුවන් යානයේ සිදුවීම වගේද? (නි)

:       0       0

චන්දි Tuesday, 03 September 2013 06:00 PM

නාමල්, ඔයා දැකපු හීනෙ නම් නියමයි. අනේ මට ඕකේ අනෙක් පැත්ත පේනව නම්. සරත්, රසාදරී ,කාමරේ හිටියනම් හද ''සසල'' වෙන්න විදියක් නැහැ නේද?(නදී)

:       0       0

මාටින් Monday, 02 September 2013 09:35 PM

වාහනේ ඉබේම ගියාද කවුද දන්නේ. දැන් වෙන්නේ එහෙම දේවල්නේ. ඉබේම ගස් බැද ගන්නවා, තමන්ම ගහ ගන්නවා (නි)

:       0       0

සරත් Monday, 02 September 2013 09:53 PM

පල්ලම් සහිත ප්‍රදේශයක් නිසා ඇයි පහළ තියෙන ගෙදරක වහලයකින් කාමරයකට වැටෙන්න බැරිද? වැටුන කාමරයේ කාන්තාවක් නිදාගෙන ඉන්න පුළුවන්කමක් නැද්ද?දැන් රෑ වෙලා හෙට යන්න කියලා කාන්තාව කියන්න ඇති! ඉතින් ඉන්ජිනේරුවා පසුදා සේවයට වාර්තා කරන්න ඇති බවයි මට නම් හිතෙන්නේ! (නි)

:       0       0

උපාලි Tuesday, 03 September 2013 01:18 AM

සමහර අදහස් අනුව පෙනෙන්නේ මේක බොහොම සැහැල්ලු දෙයක් හැටියට සළකන බවයි. අපි හිතනවා නම් මහජන මුදල් සතයක් හරි නාස්ති කිරීම සැහැල්ලු දෙයක් කියලා, එහෙනම් කිසිම රජයේ සේවකයෙකුට මින් පසුව දොස් නොකියා ඉදිමු. (නි)

:       0       0

රසාදරී Tuesday, 03 September 2013 03:17 AM

හද සසල වුනා ඊයේ මේ පුවත දුටුවාම. ඔහුට අනතුරක් නැත්නම් එච්චරයි. (නි)

:       0       0

කැනඩා දිසා Tuesday, 03 September 2013 04:40 AM

මේ සියලු වැරදි වලට හේතුව ,කරන සිතුවිල්ලේ වරදයි. හොර සිතුවිල්ලෙන් කරන දේවල් වල ප්‍රති ආගමනය මෙයයි. මින් පසු කරන්න එපා. ඔබ රටට සම්පතක්. (නි)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Tuesday, 03 September 2013 05:04 AM

නවක ඉංජිනේරුවන් වැඩි දෙනෙක් සාමාන්‍ය පවුල් වලින් පැමිණි අය. ඒ අයගෙනුත් වැඩි දෙනෙකුට රිය පැදවීම ගැන පුරුද්දක් නැහැ. ඒ නිසා රැකියාවට පැමිණි පසු රාජකාරි නිල වාහනයෙන් රියදුරු පුහුණුව ලබාගන්නවා. තමාගේම රියදුරු පුහුණුකරු බවට පත් කරගන්නවා. මේ හේතුව නිසා රියදුරුගේ රාජකාරි අධීක්ෂණය කිරීමේ ගැටළු ඇතිවීම නිසා රියදුරුද රාජකාරී වාහන අයුතු ලෙස පාවිච්චි කිරීම සිදුකළත් නිලධාරියාට මුනිවත රැකීමට සිදුවෙනවා. මෙතනදී සිදුව ඇත්තේ රියදුරු රාජකාරියෙන් පිට ගමනක් යාම හෝ රියදුරු පුහුණුවට ගොස් අනතුරට මුහුණ පෑ පසු වගකීම රියදුරු මත පටවා නිලධාරියා ලිස්සා යාමයි. රජයේ නිලධාරීන්ගේ නිල වාහන පාවිච්චියේ නියම ස්වභාවය ඒකයි. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Tuesday, 03 September 2013 02:53 PM

සමහර ඉංජිනේරුවෝ යාලුවොන්ට නෑදෑයන්ට 'නයා' අරින්නත් එක්ක රාජකාරි වාහනය හොරෙන් ගමේ ගෙනියනවා.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Monday, 02 September 2013 05:23 PM

කොහේහරි ගමනක් හොරෙන්වත් ගිහිල්ලද? (නි)

:       0       0

දම් Monday, 02 September 2013 05:27 PM

පොඩි වරදක් වුණා-වාහනය ඇලේ ගියා-ඕකත් ලොකු වරදක්ද? (නි)

:       0       0

අනුර Tuesday, 03 September 2013 08:31 AM

සරසවි සිසුන්ට රියදුරු පුහුණුව ලබා දිය යුතුය රැකියාවට යාමට පෙර (දී)

:       0       0

මල්කාන්ති Monday, 02 September 2013 05:37 PM

ඔහුට නින්දෙන් ඇවිද යාමේ කුමක් හෝ රෝගයක් තිබේද? (නි)

:       0       0

අනුර Monday, 02 September 2013 05:52 PM

කාමරයටම වාහනේ යන්න බැරි නිසා ඔහු කාමරයට යන්න ඇති කියලා අපි උපකල්පනය කරමු (නි)

:       0       0

මතින් Tuesday, 03 September 2013 09:01 AM

ඕක පරික්ෂා කරන්න දෙයක් නෑ. මේවා තමයි තියෙන යල් පැනපු නීති. අච්චර ඉගෙන ගත්ත ඉංජිනේරුවෙකුට මේක අරන් යන්න බැරිනම් රියදුරු අරන් යන්නේ කොහොමද. මේ නීති කාලයට අනුව වෙනස් විය යුතුයි. මේ නීති නිසා ඉංජිනේරුවට වුනත් රියදුරාට යටත් වෙලා ඉන්න තමයි තියෙන්නේ. රිය පදවාගෙන ගියත් ඔහුගේ හිතේ ඇති පීඩනය නිසා මෙවැනි දේවල් වැඩිපුර වෙන්නේ. (ස)

:       0       0

සුපුන් Monday, 02 September 2013 06:21 PM

වෙලා තියෙනවා ඇත්තේ, ෂුවර් එකටම, ඉන්ජිනේරුවාගේ නම දාලා (දැනුවත්ව හෝ නොදැනුවත්ව) ඩ්‍රයිවර් වාහනේ අරන් ගිහින්. සමහර නිලධාරින් ඕටට ඉඩ දීලා තියෙනවා. වැඩේ හොඳ නැහැ තමයි. ඒත් ඉතින් හැමෝම සාමයෙන්, සතුටින්, අපේ බදු මුදලින් ජිවත් වෙනවා. මේ වෙලා තියෙන්නේ එහෙම ගහපු පොඩි පහේ වංගුවක් කෙලින් වෙලා! (නි)

:       0       0

ගුණතිලක 402 Monday, 02 September 2013 06:45 PM

නිවාඩු දවස නිසා ???පනින්න ඇති කොහේ හරි <<වැඩේ වැරදුන හින්දා ශේප් වෙන්න තමා බැලුවේ....?ඒවාකොහෙද ලොක්කා එක්ක..? හොයන්න!!!!හොයන්න!!!!කොහෙදගියේ,,,කියලා??දෙන්න හොඳ දඬුවමක්!!!!!? (දී)

:       0       0

නිල් රනා Monday, 02 September 2013 07:01 PM

ඉංජිනේරුවට දීල තියෙන, ඔහුගේ බාරයේ තිබෙන වාහනේ අනතුරකට ලක්වුනොත් ඔහු ඊට වගකිවයුතුයි. නමුත් එහෙම අනතුරක් නැතුවත් නිලධාරීන් සේවයෙන් පහකළ රටක් මේක. (දී)

:       0       0

අනුරාධ Tuesday, 03 September 2013 10:30 AM

වාහනේ ඔටෝ ගිහින් තියෙන්නේ. (ස)

:       0       0

සරත් Tuesday, 03 September 2013 10:33 AM

ෂුවර් එකටම කාමරයේ නිදාගෙන ඉඳලා තියෙන්නේ රසාදරී වෙන්න ඕනේ! (ස)

:       0       0

නාමල් Tuesday, 03 September 2013 10:37 AM

සරත් මටත් සමහර වෙලාවට නිදාගන්න ගියහම ඔය වගේ හීන පෙනෙනවා. වහලේ කඩාගෙන සුරංගනාවෝ මගේ ඇඳ උඩට වැටෙනවා! එයාලත් පහුවදාට තමයි යන්නේ! (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Monday, 02 September 2013 07:15 PM

හොර පාරෙන්ම ගිය ගමනක් නම් ඉස්සෙල්ලම 'සිතාසිය' එන්නේ ගෙදර උන්දැගෙන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 4617 9

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


අලුත් ජනපතිට IMF සහය
2024 සැප්තැම්බර් මස 24 1659 3

මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ධනාත්මක මාවතක් කර රැගෙන ඒමට උපකාරී වූ දුෂ්කර ජයග්‍රහණ ඉදිරියට ගෙන යාම සඳහා ජනාධි


බිත්තර මිළ පහළට
2024 සැප්තැම්බර් මස 24 4633 5

වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.


උඩරට දුම්රිය ගමනාගමනයට බාධා
2024 සැප්තැම්බර් මස 24 422 0

බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය


රනිල් නැවත මැතිවරණ වලට එන්නේ නෑ
2024 සැප්තැම්බර් මස 24 4277 14

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


සජබ ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවයි
2024 සැප්තැම්බර් මස 24 2428 3

ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 33963 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23961 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 152 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 474 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 214 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site