IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


පල්ලිය ළඟම සුරාසලක් දාලා

මීසම් සභාවේ විරෝධය නොතකමින් නීතිවිරෝධී ලෙස රාවතාවත්ත රෝමානු කතෝලික පල්ලියට මීටර 40 ක් තරම් සමීපව සුරාසැලක් විවෘත කිරීමට සුරාබදු කොමසාරිස්වරයා අවසර දී ඇතැයි මහජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය චෝදනා කරයි.

මායිම් දුර වෙනුවට ව්‍යාජ මැනුම් ක්‍රමවේදයක් භාවිත කරමින් දේවස්ථානයට ඇති දුර වැඩි කර මෙම සහතිකය ලබාගෙන ඇතැයි එම සංවිධානයේ ප්‍රචාරක අධ්‍යක්ෂ ශිරන්ත අමරසිංහ මහතා පැවැසීය.

මෙම දේවස්ථානයේ භාරකාරිත්වය දරන මැල්කම් රංජිත් කාදිනල්තුමන් ද මෙම ඉදිකිරීම වළක්වන ලෙස දන්වමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම විරෝධය පළ කර ඇතත් කිසිදු ප්‍රතිපලයක් වී නැතැයි ද අමරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

පල්ලිය ළඟම සුරාසලක් දාලා

ජයරත්න Monday, 07 November 2016 01:58 PM

බමුණු, ලෝකේ කොහෙත් කොයි කාලෙත් සුරාව තිබුනා. නැත්නම් ඒක පන්සිල් පදයකට ආවෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරනවද? (බ)

:       0       0

සත්‍යයා Monday, 07 November 2016 02:20 PM

අර බුද්ධාගම බේරගන්න ඉදිරිපත් වෙනවා කියපු කාදිනල් උත්තමය නේද මේ සුරා පානයටත් විරුද්ධ වෙලා තියෙන්නේ. අනේ කාදිනල් තුමෝ බෞද්ධයින් විසින් පවත්වාගෙන යන මස් කඩ ටිකත් වසා දමන්න ආණ්ඩුවට උදව් කරන්න කෝ! (බ)

:       0       0

ගයාන් Monday, 07 November 2016 02:41 PM

අනේ ජයරත්න, ඔබතුමා පොඩ්ඩක් ක්‍රිස්තියානි ආගමික රොබට් නොක්ස් ලියපු එදා හෙලදිව කියන පොත අරගෙන කියවල බලල පණ්ඩිත කතා කියන්න. (අ)

:       0       0

දිමුත් Monday, 07 November 2016 03:00 PM

අබේරත්න කටේ මසුරං දාන්න ඕනා... අහවල් පොත එක අතකයි අරක්කු බෝතලේ තව අතකයි පිටේ තුවතක්කුවයිනෙ අරගෙන ආවෙ. (අ)

:       0       0

අරුණ Monday, 07 November 2016 03:40 PM

අනුන්ගේ ආගම්වලට පාච්චල් කිරීම බුද්ධාගමේ උගන්වනවාද? (බ)

:       0       0

රොෂාන් Monday, 07 November 2016 04:17 PM

නරි හුවටත් කුලප්පු වෙන උපාසක අප්පුලා ටික මේකටත් කුලප්පු වෙලා වගෙයි පේන්නේ? පල්ලිය ඇතුලේ පුජාව අවස්ථාවේ පියතුමාත් වයින් ටිකක් බොනවා. දන්නවද ඒක? අනික කතෝලික ජනතාව දන්නවා පිළිවෙලකට මත්පැන් ටිකක් පරිහරණය කරන විදිහ. හැබැයි මම අදයි දැන ගත්තේ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් පන්සල කිට්ටුවට "සුරාමේරය " අරගෙන ඇවිත් තියෙන්නේ පෘතුගීසි කාරයෝ කියලා. (බ)

:       0       0

ප්‍රීති Monday, 07 November 2016 04:44 PM

දිමුත්ලා, අබේරත්නලා, බමුණුලා මෙතන ඉතිහාස කතා තළුමරමින් කයිවාරු ගැහුවට, කසිප්පු වලට පෙරේත බේබද්දෝ කවුද කියලා රටම දන්නවා. කටින් බතල හිටෙව්වාට, නිකම් අනුන්ගෙන් පිනට ලැබෙනවා නම්, කාලා බීලා එතනම පහරලා යන පින්වන්තයෝ ගැන අපි නොදන්නවද? (නි)

:       0       0

අනුර Monday, 07 November 2016 06:20 PM

වයින් මධ්‍යසාර ගණයට අයත්වනවා නේද? (නි)

:       0       0

අරවින්ද Monday, 07 November 2016 06:27 PM

මත්පැන්, මත්කුඩු වැනි කුමන නරක දෙයක් පිටරටකින් ලංකාවට ආවත්, තමන්ට ප්‍රමාණවත් උගත්කමක් තිබිය යුතුයි ඒ නරක දේවල්වලින් වැළකි සිටීමට. එබැවින්, කරුණාකර තමුන්ගේ මෝඩකමින් වෙන නරක ඇබ්බැහිකම් වලට, පිටරටවලට හෝ අන්‍ය ආගමිකයන්ට දොස් නැඟීමෙන් වළකින්න. (නි)

:       0       0

ගුණසිරි Monday, 07 November 2016 06:34 PM

බුදුන්වහන්සේ මෙය සිල් පද පහට ඇතුළත් කරලා තියෙන්නේ සියල්ල දක්නා නුවණින් එහි ආදීනවයන් දැකලා. මේකෙන් මහා ජාතින් සුලුජාතින් බවට පත්වෙනවා. සමාජ,පවුල් සංස්‌ථා දෙදරනවා, පුද්ගලයන්ට ආකාලයේ මරු කැඳවනවා, පොහොසතා දුගියෙක් වෙනවා, දුප්පතා නැත්තට නැතිවෙනවා. (නි)

:       0       0

රාධා Monday, 07 November 2016 09:25 PM

රටක් පිරිහීමේ ළකුණු තමයි මේ (නි)

:       0       0

බමුණුසේන Monday, 07 November 2016 11:15 PM

ජයරත්න, පන්සිල් පද පහ හැදුවේ ලංකාවේ නොවෙයි. නාලාගිරි ඇතාට රා පෙව්වේත් ලංකාවේ නොවෙයි. නමුත් පල්ලිය තිබෙන්නේත් සුරාසල තිබෙන්නේත් ලංකාවේ. මගේ කෙටි පිළිතුර එයයි. (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 07 November 2016 11:21 PM

සත්‍යයා, මස් කඩ තියාගෙන ඉන්නේ බෞද්ධයින් නොවෙයි. බෞද්ධයින් කරන්නේ හරකා මස් කඩේට විකුණන එකයි, මස් කන එකයි. අපි ඔය දෙකම නවත්වන්න උත්සාහ කරමු. අනෙක් ආගම වලට අනුව මස් කෑම පාපයක් නොවෙයි. හැබැයි රතුමස් කෑමේ විපාකය ඔවුන් මේ අාත්මයේදීම විඳිනවා. එ්ක බලාගන්න ඕනෑනම් හෘද රෝග අංශයට යන්න. (නි)

:       0       0

ගයාන් හෙට්ටිආරච්චි Tuesday, 08 November 2016 12:02 AM

පන්සලක් ළඟ දැම්මොත් කතාකරන්න කවුරුත් නැහැ. (නි)

:       0       0

හිරාන් Tuesday, 08 November 2016 02:16 AM

සත්‍යා, ලංකාවේ මස් කඩ ඔක්කොම කරන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න ඕනෑද. මොකද සත්තු මවලා තියෙන්නේ මිනිසාගේ යහපතට සහ පරිභෝජනයට කියලනේ කියන්නේ (නි)

:       0       0

සත්‍යයා Tuesday, 08 November 2016 02:46 AM

බමුණුආරච්චි සහ හිරාන්, කොහොමහරි කමක් නැහැ බෞද්ධ බහුතරය සෑම මසක්ම අනුභව කරන නිසා ලංකාවේ සත්ව ඝාතනයට ඔවුන්ද ඍජුව දායක වෙනවා. බුදු දහම මිනිස් චර්යාවට තහංචි පනවන්නේ නැති නිසා ඊනියා බෞද්ධයෝ තම දහම සැහැල්ලුවට ගෙන තිබෙනවා. (නි)

:       0       0

සකුන්තලා Monday, 07 November 2016 10:32 AM

බම්බලපිටියේ ලෝරිස් පාරත් ඩුප්ලිකේෂන් පාරත් එකට හමුවෙන තැන තියෙනවා ආරියපාල නමින් මත්පැන් කඩයක්. එය අසලම ප්‍රසිද්ධ පල්ලියක්, ඉදිරිපිට කන්‍යාරමයක් සහ මීටර් 10 කට නුදුරින් මෙත්තාරාමය නම් පන්සලක්. කෝ නීතිය ක්‍රියාත්මකවීමක්. බලපත්‍ර අලුත් කරනකොට මේ දේවල් සලකා නොබැලීම හරිම පුදුමයි. එත් ඇත්තයි. (බ)

:       0       0

නිමල්ලලිත් Tuesday, 08 November 2016 02:50 AM

විරෝදය දැක්වීමෙන් පමණක් පලක් නැහැ. කෙසේ හෝ එය ඉවත් කල යුතුයි. එහෙත් මේ මහජන සුරැකීම ව්‍යාපාරයට සිංහල බෞද්ද අයිතිය වැනසෙන විට ඇහැරෙන්නේ හෝ කට ඇරෙන්නේ නැහැ නේද? (අ)

:       0       0

අබේරත්න Monday, 07 November 2016 10:48 AM

ආ ...එ්කට කමක් නැහැ... ඒ ගොල්ලොනේ එනකොට බඩු ගෙනාවේ....(බ)

:       0       0

ගිහාන් Tuesday, 08 November 2016 03:27 AM

මහජන අයිතින් සුරැකීමේ ව්‍යාපාරය කාගේ ව්‍යාපාරයක්ද කියල දැන් තේරෙනවනේ. ඔය වගේ ව්‍යාපාර ගොඩක් තියෙනවා මේ රටේ. පන්සල ඉස්සරහම, ඉස්කෝල ඉස්සරහම දාන බාර් පේන්නේ නැති දෙවියන්ට කැපවූ අයට පල්ලිය ඉස්සරහ දාන බාර් එක තමා පේන්නේ. ඒවත් ගමේ පල්ලිය ඉස්සරහ දාන එක නෙමේ. මම කියන්නේ මේ වගේ එන්ජීඕ කාරයෝ නිකන් කාලෙකට පාරක් නම දාගන්න ඔහොම ටිකක් කෑ ගැහුවට හදවතින් ආගමික නැඹුරුවක් නෑ. (අ)

:       0       0

නුවන් Monday, 07 November 2016 11:07 AM

ලංකාවේ අයට රට අරක්කු බොන්න පුරුදු කළේ ඔය කට්ටියම තමා! (බ)

:       0       0

හිරාන් Monday, 07 November 2016 11:17 AM

නියමයි .මේ අය තමයි බොන්න පුරුදු කළේ ලංකාවේ මිනිස්සුන්ට. කරපු දේවල් පස්සෙන් එනවා වගේ. දැන් හොදයි සුදු ඇද ගත්ත කට්ටියට හැංගිලා බොන්නේ නැතුව එළිපිටම බොන්න පුළුවන්. (බ)

:       0       0

සහන් Tuesday, 08 November 2016 03:56 AM

ලංකාවේ වැඩිම මත්පැන් පානය කරන්නේ කතෝලිකයෝ අනික මත්පැන් ඒ ගොල්ලොන්ගේ ආගමට අනුව තහනම් නැහැනේ. ඉතින් එකේ එතන තිබුන කියල ප්‍රශ්නයක් නැහැනේ. දෙවෙනිව මත්පැන් පානය කරන්නේ දෙමල අය ඊට පස්සේ සිංහල අය ඊට පස්සේ මුස්ලිම් අය.(බ)

:       0       0

බමුණු Monday, 07 November 2016 11:45 AM

පෘතුග්‍රීසිකාරයෝ නේද ක්‍රිස්තියානි ආගම සහ සුරාව මෙරට ගෙනාවේ ඉතින් කාදිනල්තුමනී දැන් විරුද්ධ වෙන්නේ ඇයි? (බ)

:       0       0

ලලිත් Monday, 07 November 2016 12:03 PM

මේක ඉතින් බලධාරින් සමඟ සාකච්ඡා කොට විසඳගන්න ඕනේ ප්‍රශ්නයක්.(හේ)

:       0       0

ජයරත්න Tuesday, 08 November 2016 01:49 PM

බමුණුසේන රිටිගල ජයසේන ගෝඨයිම්බර සමඟ සටන් කළේ සුරා පානය කිරීමෙන් පසු බව මහසෝනා කථාව දන්න ඕන කෙනෙක් දන්නවා. ඒ පෘතුගීසින් එන්න කලින් බව ඔබේ දැනගැනීම පිණිස ලියා තබමි. (බ)

:       0       0

ගුණසිරි Monday, 07 November 2016 12:23 PM

අනාවැකියක් කියන්නම් කිසිදු බලයක් අවැසි නැති මේ සුරාබදු කොමසාරිස් ලගදීම ගෙදර යනවා. (හේ)

:       0       0

සුමිත් Monday, 07 November 2016 12:28 PM

මෙය වහාම ඉවත් කරන්න.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුළගෙන් අම්බලන්ගොඩ ධීවර වරායේ යාත්‍රා 20 කට හානි
2024 ඔක්තෝබර් මස 11 27 0

අම්බලන්ගොඩ ධීවර වරායේ ගාල් කර තිබූ බහු දින ධීවර යාත්‍රා විස්සකට පමණ අද (11) හමාගිය තද සුළගකින් දැඩි අලාභ හානි සිදුව ඇතැයි එම ධීවර යාතාවල හිමිකරුවන් කියති


නාම යෝජනා භාර ගැනීම අද දහවල් 12 ට අවසන්
2024 ඔක්තෝබර් මස 11 197 0

2024 පාර්ලිමේන්තු මහමැතිවරණයට නාම යෝජනා භාර ගැනීම අද 11) දහවල් 12 ට අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


වැලිපැන්න අධිවේගී පිවිසුම යටවේ
2024 ඔක්තෝබර් මස 11 1027 2

නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත


හිටපු මැති ඇමැති විස්සක් ඡන්දෙට පස්ස ගහති
2024 ඔක්තෝබර් මස 11 2694 9

හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.


සම්බාහන මුවාවෙන් පැරණි රැකියාවත් කරලා
2024 ඔක්තෝබර් මස 11 1087 2

සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .


වායුගෝලය කැලඹිලා:මුහුදත් රළු වෙලා
2024 ඔක්තෝබර් මස 11 1065 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39844 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25873 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 103 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 397 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1265 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site