(සුරංග රාජනායක )
පාස්කු දා සිදු වූ ප්‍රහාරය සමඟ මුස්ලිම් පල්ලිවල තිබී පොලිසිය බාරයට ගත් කඩු සහ පිහි, එම පල්ලිවලින් කළ ඉල්ලීමක් සමඟ උඩුනුවර වෙළම්බෝඩ පොලිසිය මඟින් නැවත පල්ලිවලට දී ඇත.
හජ්ජි උත්සවය සමඟ ගව ඝාතනයට මෙම ආයුධ අවශ්‍ය බව වෙලම්බඩ පල්ලිය මඟින් කළ ඉල්ලීමකට එම පොලිසියේ වැඩ බලන ස්ථාධිපතිවරයාගේ නිර්දේශය මත එම ආයුධ ලබා දී තිබේ.
ඒ අනුව කඩු හා පිහි 76ක් පොරෝ 13ක් මෙසේ ලබා දීමට පියවරගෙන ඇත.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයකින් තොරව ලබා දී ඇති මෙම ආයුධ පිළිබඳව වෙළම්බෝඩ පොලිසියෙන් විමසීමේදී එවැනි සිද්ධියක් නොමැති බව ප්‍රකාශ කළද පොලිස් පොත්වල මෙම ආයුධ ලබා දී ඇති බව සටහන් කර ඇත.
වෙළම්බෝඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා මහනුවර දළදා පෙරහැර සඳහා රාජකාරියට ගිය පසු වැඩබලන ස්ථානාධිපතිවරයා මෙම ආයුධ ලබා දී ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පල්ලිවලින් ගත් කඩු - පිහි ආපසු දෙයි
රවින් Tuesday, 06 August 2019 10:10 AM
පිහි මස් කපන්න කියන්නකෝ. කඩු? අදුරදර්ශී ලෙස ක්‍රියාකරන නිලධාරින් ගැන කවුද වගකියන්න ඕනේ?
Ssss Tuesday, 06 August 2019 10:19 AM
මෙච්චර කලින් ඕක අහන්න හිතුවේ නැ
Nuwan Tuesday, 06 August 2019 10:21 AM
ආ ඕවා තණකොළ කපන්න නොවේද ගෙනාවේ?
Ruwani Tuesday, 06 August 2019 10:22 AM
අනේ කාටද මේවා කියන්නේ
Dilan Tuesday, 06 August 2019 10:30 AM
ඉන්න හිතෙන රටක්
sharm warn Tuesday, 06 August 2019 10:33 AM
අයියෝ ඇයි ඉතින් ජාතික මහෝත්සවයක් තියලා, උත්සවාකාරෙන් දෙන්න එපැයි ද ? මෙව්වයින් ඊලග අපරාධයක් වෙනකල් පොලිසියේ අයියලා මල්ලිලා සැපට නිදා ගන්නකො ...
සේන Tuesday, 06 August 2019 10:43 AM
රටම විකල් වෙලා. හැම කෙනාම රාජකාරි කරන්නෙ හිතු මතේට. රටක් ගැන , ආරක්ෂාවක් ගැන හිතන්නෙම නෑ.හොඳ පාලකයෙක් නැති වුණාම වෙන දේ තමා.
Sisili Bisili Tuesday, 06 August 2019 10:44 AM
හාමුදුරුවෝ හිරේ දාල උන් වහන්සේට නැති කරපු අවුරුදු ටිකත් ආයේ දෙන්න පුලුවන්ද?
thushara Tuesday, 06 August 2019 10:51 AM
පුදුම නීති. කොල්ලෙක් ලග පිහියක් තියාගෙන් හිටියත් නඩු දාලා උසාවි දාලා හිර කරනවා.. අනවසරෙයෙන් ගව ඝාතනය තහනම්. කඩු තියා ගැනීම තහනම් නම් එහෙනම් ගව ඝාතනයට ඔවුන්ට මෙම ආයුධ බාරදුන්නේ කවර නීතියක් යටතේද?
Indunil Tuesday, 06 August 2019 10:51 AM
මොකක්ද මේක
jagath Tuesday, 06 August 2019 11:01 AM
නිතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕන,
Perera Tuesday, 06 August 2019 11:23 AM
මොකද මේ වෙන්නේ. පෙනෙන විදිහට නම් බලවත් අදිසි හස්තයක් ක්‍රියාත්මක වෙනවා. මේ විදිහට ගියොත් මේ රට නැති වෙනවා. ඔබ තාමත් නිදිද?
Anwar Tuesday, 06 August 2019 11:24 AM
හරිම හොඳ වැඩක්
SaliyaThursday, 08 August 2019 05:17 AM
හරිම හොඳ වැඩක්...!!!
දර්ශන Tuesday, 06 August 2019 11:27 AM
එතකොට සතුන් මරන්නද මේ ආයුධ දීලා තියෙන්නේ. මෙහෙව් රටක්.
SALIYA Tuesday, 06 August 2019 11:29 AM
තව ටික දවසකින් සහරාන්ගේ ගෝලයෝ ටිකත් නිදහස් කරලා දාවි. සමහර විට මේක කරන්න ඇත්තේ අර වැඩ භාර ගත්ත ඇමතිලාම වෙන්න ඇති. ඕක තමයි කාදිනල්තුමයි , අතුරලියේ හමුදුරුවොයි , ගලගොඩඅත්තේ හමුදුරුවොයි, කියන්නේ .
isurandi Tuesday, 06 August 2019 11:30 AM
මටනම් පෙන්නේ රටේ සිද්ධවෙන සියලුම අපරාද හිතා මතාම වෙන දේවල් හැටියි
sampath Tuesday, 06 August 2019 11:50 AM
මේවා උත්සවාකාරයෙන් බෙදා දුන්නනම් ඉවරනේ
Jaya Tuesday, 06 August 2019 11:52 AM
අනේ මන්දා මෙහෙමත් අයාලේ යන රටක් !
janis Tuesday, 06 August 2019 11:58 AM
සතුන් ඝාතනය තනනම් වෙද්දී සතුන් මරන්න ආයුධ දෙන්න පොලිස්කාරයා හොදට ගරන බව පේනවා
රජින්ද Tuesday, 06 August 2019 12:16 PM
අපි මේ ජීවත් වෙන්නේ ශ්‍රී ලංකාවේමද කියලා හිතෙන්නේ නැද්ද? දේශපාලකයින්ගේ හා අන්තවාදීන්ගේ රූකඩ වෙච්ච මිනිස්සු ඉබාගාතේ යනවා. කොටි ත්‍රස්තවාදීන්ව හුරතල් කරලා, පෝෂණය කරලා අවුරුදු 30ක් විදවපු මිනිස්සු තවත් අන්තවාදයක් හුරතල් කරනවා. එහෙම හුරතල් කරන දේශපාලකයින් සහ පක්ෂ නැවත පත්කර ගන්නවා. මේ රටේ ප්‍රඥාවන්තයින් දැන් නැහැ. ඒ හැමෝම මේ රටින් තොලොන්චිවෙලා ගිහින්. ඉන්න අඳබාලයන් ටික මේ රට ලෝක සිතියමෙනුත් අයින් කරලයි නවතින්නේ. බොරුනම් බලාගෙන ඉන්න.!
Lakmal Tuesday, 06 August 2019 12:21 PM
එතකොට අවසානෙට පල්ලියෙ තිබ්බෙ හරක් මරන්න ගෙනාපු කඩු කියල හෙට ඉඳන් හැම පල්ලියක්ම කියයි කියල මතක් වෙද්දි හීන් දාඩියක් දානව. ඒ බොරුවත් කියයි කියමුකො. එතකොට පල්ලි වල බලපත්‍ර නැතිව හරක් මරන්න පුලුවන්ද. බලපත්‍ර තිබ්බත් සත්තු මරන්න දෙනවද ආගමික මධ්‍යස්ථානයක....
hutan Tuesday, 06 August 2019 12:23 PM
අන්න නියමයි !!!!! ඔන්න ඔක්කොමල්ලා පෙරහරයි ජනාධිපති අපේක්ෂකයෝයි ක්‍රිකට් ටීම් එකයි දිහා බලන් ඉන්න අතරේ ආයෙත් වැඩ අල්ලලා.
Gawaya Tuesday, 06 August 2019 12:29 PM
කඩු පිහි 77 හරක් කීයක් මරනවද ? පොරොව 13 ලිපට දාන්න දර කපන්න වන්න ඇති. දැන් හරි ප්‍රශ්න විසදුනනේ.
Gamage Tuesday, 06 August 2019 12:51 PM
ඔය පල්ලිවල උත්සවවලට මස් කපන්න ගන්නවා. හරක් මස් එහෙම කපනවා. ඒ වෙලාවට ඔය කඩු පිහි එහෙම පාවිච්චියට ගන්නවා. ඉතින් මාළු කපන්න මන්න පාවිච්චි කරනවා. ඒ වගේම මස් කපන්න ඔය කඩු එහෙම ගන්නවා.
SL Tuesday, 06 August 2019 01:22 PM
STF , ARMY ඉන්න කොල්ලෝ කියන්නේ ඇත්ත. ඒ අය අල්ලලා දෙන ඔක්කොම පොලිසියේ ඉන්න පාගා ගන්න අය එලියට දානවා. මේවා කොහොම හරි නතර කරන්න ඕනේ. එකෙක් දෙන්නෙක්ගේ සල්ලි කෑදර කමට රටක් වනසන්න දෙන්න බැහැ
sameera Tuesday, 06 August 2019 01:41 PM
ඉතාම හොද බලාපොරොත්තුවෙන් සිටි දෙයක්. ඉන්න හිතෙන රටක්
රටවෑසියා Tuesday, 06 August 2019 01:55 PM
අනේ මෙ අහින්සක සතුන් මරන මේ ම්ලෙච්ච ත්රස්තවාදීන් මෙලොවින් තුරන් වේවා!
Nuwan Tuesday, 06 August 2019 02:26 PM
මේක පුදුම ලෝකයක්, විලි ලැජ්ජාවේ සන්තෝසේ බැරුවා
මංජුල සෝමරත්න Tuesday, 06 August 2019 02:57 PM
ඉල්ලගෙන කනවා කියන්නේ ඕකට තමා
PA - RA Tuesday, 06 August 2019 03:10 PM
ඒ කියන්නේ අපිටත් ලැහැස්ති වෙන්න කියලනේ
Ajantha Tuesday, 06 August 2019 03:31 PM
දෙන්න දෙන්න. කාන්තාවෝ ආරක්ෂා කරගන්නත් ඕනනේ. දවස් කියද ගියේ. අපිට හැමදේම අමතක වෙන්න
Kumar Tuesday, 06 August 2019 03:52 PM
මම ඉන්න රටේ නම් ඔය කියා කඩු ඕනෑම ලොකු කඩයක විකුනන්න තිබෙනවා. ඒවා වැඩිපුර පාවිච් කරන්නෙ වල් කොටන්නටයි. සුළු උක් වගාකරුවොත් ඒ කඩු පාවිචියට ගන්නවා. පසුගිය ප්රහාරකරුවෝ මරාගේන මැරෙන බෝම්බ කරුවෝ මිසක් මරාගෙන මැරෙන කඩු කාරයෝ නොවෙ.
Aris Tuesday, 06 August 2019 04:06 PM
අනේ මෙහෙමත් පොලිසියක්. ආරක්ෂාව ගැන කාට කියන්නද?
Bamunuarachchi Tuesday, 06 August 2019 04:54 PM
කාදිනල් තුමනී ක්‍රිස්තියානි පල්ලිවලත් කඩු ගොඩ ගසාගන්න එන පොට හොඳ නැත.
Gamini Hewa Wednesday, 07 August 2019 02:19 AM
ආපසු දීම, අනාගතයේ වෙන බලවත් විපතක පෙර නිමිත්තක්.
thilakasiri Wednesday, 07 August 2019 04:08 AM
මේ වැඩය කරපු කෙනාගේ වැඩ තහනම් කර දඩුවම් දිය යුතු අතර ගව ඝාතනය වහාම තහනම් කලයුතුයි.
කෝෂල Wednesday, 07 August 2019 07:42 AM
ශා නියමයි නුවර දළදා පෙරහැරත් තියෙනවා. මිනිස්සුත් ගොඩාක් ඉන්නවා. අර අල්ලපු ඩෙටනේටර් ඇමෝනියම් නයිට්රේට් එහෙමත් බෙදලා දීපල්ලා...
chapa Wednesday, 07 August 2019 04:11 PM
මෙහෙමත් ඉන්න හිතෙන රටක්....
අමිල Thursday, 08 August 2019 01:55 AM
වෙලම්බොඩ කියන්නේ සහරාන්ගේ සාමාජිකයන් හිටපු තැනක්... ඔවුනුත් නිදහස් කරන්න කියපු ගමන් වෙලබොඩ පොලිසියේ ලොකු උන්නැහේ නිදහස් කරාවි... ජනතාව ඇයි ගොනාට අන්දන්නේ...?
Gaff Thursday, 08 August 2019 02:22 AM
මේ සිදුවීම වලංගු වන්නේ සුවිශේෂී පිහි සඳහාය.