IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක්

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් පියවරේ දී සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් විශේෂඥයෝ තිදෙනෙක් පත් කරනු ලැබ සිටිති.

ෆින්ලන්තයේ හිටපු ජනාධිපති මාර්ටි අතිසාරි, නවසීලන්තයේ හිටපු ආණ්ඩුකාර සිල්වියා කාර්ට් රයිට් හා පකිස්තාන නීතීඥ අස්මා ජහංගීර් ඔවුහුය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කැරෙන කමිටුවට මේ විශේෂඥයන් තිදෙනා අනියුක්ත කිරීමට නියමිතය.

ඔවුන් එම කණ්ඩායමට උපදෙස් දෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සන්ද්‍රා බීඩාස් කියන්නීය.

මෙම කමිටුවේ ප්‍රථම රැස්වීම ජූලි මැදදී සිදුවීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ යෝජනාවක් අනුව මෙම කමිටුව පත් කැරේ.

 

 



අදහස් (0)

පිල්ලේ කමිටුවට විශේෂඥයෝ තිදෙනෙක්

ලක්ෂපාන Thursday, 26 June 2014 03:17 PM

මහානාම කියල තියෙන දේ හරිම හරි.පිල්ලේ කියන්නේ ලංකාව දෙකට කඩන්න යන නපුරු රාක්ෂියක්. ලංකාවේ නිමාවුණ යුද ගිනි මර බිය නැවතත් ඇතිකිරීමට පිල්ලේගේ ලේ කකියන එක ඉවසන්න පුළුවන් එත් මේ තම රට ජාතිය වෙනුවෙන් කිසිම හැගීමක් නැතිව අදහස් ඵලකරන අය ගැන නම් හරිම කනගාටුයි. (දී)

:       0       0

මංගල Thursday, 26 June 2014 09:06 AM

මම මගේ රට වෙනුවෙන් ජීවිතය කැප කරනවා (දී)

:       0       0

රන්ජිත් Thursday, 26 June 2014 10:57 PM

ලංකා තිලක්, ඔයා ජීවත්වන්නේ මනෝ ලෝකයක.මේ පරීක්ෂණයෙන් පසු වෙන දේ බලාගෙන ඉන්න (නි)

:       0       0

මහානාම Wednesday, 25 June 2014 08:26 PM

කිසිම ගැටලුවක් නැ ජාති වාදයට හා අන්තවාදයට උඩ ගෙඩි දුන් හා ඒ වෙනුවෙන් අදහස් දක්වපු ජාති මාමකයෝ මේ වෙනුවෙන් ඉදිරිපත් වී රට හමුවේ මෙතෙක් ඇති උන ප්‍රබලම අබියෝගය ජය ගනී කියලා මම හිතනවා . සියලුම සේනාවන්ට ජය වේවා . (දී)

:       0       0

චන්ද්‍රා Wednesday, 25 June 2014 08:27 PM

‍මේ ගමන්ම අංගොඩ යවල පරික්ෂා කරවලා හරියාකාරව නේවාසිකව තබා නියම ප්‍රතිකාර කළෝත් කාටත් සහනයක් වේවි(අ)

:       0       0

ලියල් Thursday, 26 June 2014 10:35 AM

ලංකා මාතාවට ජයවේවා (දී)

:       0       0

මහී Thursday, 26 June 2014 04:10 PM

පකිස්ථානයේ සමජිකයා ගැන මම දන්නේ නැහැ, නමුත් අනිත් දෙදෙනාම කොටි පිල්ලි. කොටි පකිස්තානු සමජිකයටත් හොඳ ගානක් දෙයි නම ගන්න. කොටි ඇමෙරිකාවේ, කැනඩාවේ ,එංගලන්තේ දේශපාලකයන්ට කරල තියෙනව වගේ. (ස)

:       0       0

ජීවක Wednesday, 25 June 2014 09:00 PM

අනේ මටත් විසා එකක් දෙන්නකෝ , මමත් ඇවිත් හොඳට සාක්කි දෙන්නම්!(දී)

:       0       0

මහී Thursday, 26 June 2014 04:15 PM

ඔය සුද්දෝ කරන්නේ නැති ප්‍රශ්න ඇති කරන එකයි. බල්ලන්න ලිබියාවට, ඉරාකෙට, සිරියාවට කරලා තියන දේ. බලන්න වෙනිසුලවට ක‍රන හදනේ දේ. (ස)

:       0       0

ලංකා තිලක් Thursday, 26 June 2014 04:15 PM

කවුද ලුම්බිණි කියන්නේ වරදක් කරලා නැත්නම් බය වෙන්න ඕන නැහැ කියල. ඔයාව ට්‍රැෆික් රාලහාමි කෙනෙක් අල්ලලා ජරාවක් නොලැබෙන කොට දඩ කොලයක් ලිව්වා. ඔයා හොදටම දන්නවා ඔයා වරදක් කලේ නැහැ කියලා. නමුත් ඔයාට දඩ කොලේ ගෙවන්නම වෙනවා. නැත්නම් උසාවි යන්න වෙනවා. උසාවියෙන් ඔයාගේ පැත්ත ගන්නෙත් නැහැ. ඔයා වරද කාරයාම වෙනවා.නැත්නම් මෙහෙම හිතමු. ඔයා කලබල වෙලාවේ ධර්ග ටවුන් එක මැද්දෙන් වාහනේ අරන් යනවා. ඔයා සර්ව ආගමිකයෙක් කියල අහිංසකයෙක් කියල වැරදි කරලා නැහැ කියල කිව්වට කට්ටිය ඔයාව අත අරිවිද. වැරදි නොවී යුද්ධ කරපු රටක් තියෙනවද? යුද්ධ කරන්නේ මනුස්සයෝ.මිනිස්සු අතින් වැරදි වෙනවා.සිල් රෙදි ඇදන් සිල් අරන් යුද්ධ කරන්න බැහැ.එහෙම කරලා සාමාන්‍ය මිනිස්සු අස්සේ ඉන්න ත්‍රස්තවාදී සාන්විධානයක් එක්ක යුද්ධ කරන්න කොහොමටවත් බැහැ. ලෝකේ රවුම් කියල අපිත් දන්නවා. ඔවුන්ට එන්න ඉඩ නොදෙන්නේ මේ රට මේක පිළිගන්නේ නැහැ කියල ලෝකෙට කියන්න.. මේ චෝදනා ප්‍රතිෂේප කරනවා කියල ලෝකෙට කියන්න. එතකොට එයාලගේ තීන්දුව එක පාර්ශවිකයි. එන්න දීල දෙන තීන්දුව ප්‍රතික්ෂේප කරනවට වඩා මේ ක්‍රමේ හොඳයි.මේ රට ලිබියාවක් ඉරාකයක් සිරියාවක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදිව බලයට පත් වුනු අදටත් බහුතර මහජන මතය කැමැත්ත හිමි රජයක්. පිල්ලේ මොන චෝදනා ගෙනාවත් ඔප්පු කරන්න හැදුවත් ඒක මත කටයුතු කරන්න ඕන ආරක්ෂක මණ්ඩලයේ කැමැත්ත ඇතුව. ඒ කැමැත්ත කව දාවත් මේ රටේ වර්තමාන තත්වය දකින අපිට හිතැති රටවල් ඉන්න ඒ මණ්ඩලෙන් ලැබෙන්නේ නැහැ. ඔය යකාට අපි බය නොවී හිටියොත් යකා අකුලා ගනී..බය බව පෙන්නුවොත් යකා හැමදාමත් අපිව බය කර කර කප්පං ඉල්ලාවී. (ස)

:       0       0

රුවන්ති Wednesday, 25 June 2014 09:07 PM

පකිස්ථානයේ මානව හිමිකම් කඩ වෙන්නෙම නැද්ද ආ ? (දී)

:       0       0

සුනෙත් Wednesday, 25 June 2014 09:13 PM

මැත කාලයේ තිබුන සියලුම රජයන් යුද්දය අඩු වැඩි වශයෙන් කල. එත් මෙතන පරීක්ෂණය කරනේ අවසාන කලේ උන දේවල් පමණි..මෙයාලට තියන ලොකුම අමාරුව මේ යුද්දේ අවසාන කල එක තමා. (දී)

:       0       0

රේවතී Wednesday, 25 June 2014 09:24 PM

තුනක් නම් හොඳටම මදි . (දී)

:       0       0

ඉම්රාන් Thursday, 26 June 2014 11:31 AM

රජය ඉල්ලගෙන කන පරිප්පු නේද? අහිංසක විශ්ව විද්‍යාල දරුවන් අත් අඩංගුවට ගන්නවා, පාලකයෝ හරියට එයාලගේ මුදල් ප්‍රතිපාදන වලින් අධ්‍යාපනය දෙනවා වගේ තමයි කතාව. මේවා ගෙන කතා කරන්න කෙනෙක් ‍නැහැ. (ස)

:       0       0

සී ජේ Wednesday, 25 June 2014 10:07 PM

මහානාම ඔබ අදහස් කරන දේ කරුණාකරල තව පැහැදිලි කරනවද?(අ)

:       0       0

ප්‍රසන්න Wednesday, 25 June 2014 10:12 PM

පිල්ලි එවන්න ඕන මානව හිමිකම් කමිටුවක් නෙමෙයි මැටිය හිමිකම් කමිටුවක්. (අ)

:       0       0

සඳුනි Saturday, 28 June 2014 02:24 AM

පිල්ලේට කරන්න පුළුවන් දෙයක් නැහැ (දී)

:       0       0

සඳරුවන් Thursday, 26 June 2014 12:02 PM

අපි ඔය කියන විදියේ වැරදි කරලා නැත්තම් ඇයි අපි බය වෙන්නේ මේ කමිටුවට? මේකෙනුත් දේශපාලන වාසි ගන්න තමයි හැමෝම බලන්නේ. එන්න කියන්න ඇවිත් ඕනේ එකක් බලන්න කියන්න. අපි බය වෙන්න ඕනේ නෑ කාටවත් (දී)

:       0       0

කාලිංග Thursday, 26 June 2014 12:06 PM

ලංකාවට වින කටින්න කාටවත් ඉඩ තියන්න එපා (දී)

:       0       0

සිරා Wednesday, 25 June 2014 10:58 PM

මහානාම​,නරකද සෙත් ශාන්තියක් කර ගත්තොත්.?? (දී)

:       0       0

රන්ජිත් Thursday, 26 June 2014 12:20 PM

පිල්ලි නෝනා විශ්‍රාම යන්න හදන්නේ තියෙන ඔක්කොම විනාස කරගෙන වෙන්න ඇති, එයාට කොහේ ගියත් විඳවන්න වෙනවා. (ස)

:       0       0

මංගල Thursday, 26 June 2014 12:21 PM

පිල්ලේ ආවහම බොරුවට උද්ගෝෂණ තියන්න එපා එන්න කලින් ප්‍රශ්නේ විසදමු (දී)

:       0       0

සරත් Wednesday, 25 June 2014 11:48 PM

මේගොල්ලෝ යද්දී අපට මොනතරම් ලෙඩ දීලා යයිද දන්නෙ නැහැ. 1948 සුදු මහත්වරු මේ රටෙන් යද්දී දීලා ගියා වගේ. එහි ප්‍රතිඵල අපි තවමත් විඳිමින් ඉන්නවා. (නි)

:       0       0

ජානකි Thursday, 26 June 2014 12:35 PM

විදේශ කුමන්ත්‍රණ වලට හසුවෙන්න එපා (දී)

:       0       0

මහරුෆ් Thursday, 26 June 2014 12:24 AM

එළ එළ ඔහොම යං.ඔහොම යං (අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Thursday, 26 June 2014 12:26 AM

මෙම තුන්දෙනාට අපේ සිංහල ආගන්තුක සත්කාර නොඅඩුවම සලකා අපේ සිංහලකම පෙන්වමු. (අ)

:       0       0

ගුණදාස Thursday, 26 June 2014 01:02 PM

අපි යුද්දේ දින්නා බලන් ඉන්න අමාරුද පිල්ලේ නෝනා (දී)

:       0       0

නඩරාජ් Thursday, 26 June 2014 01:17 AM

පිල්ලේ නෝනගේ කෙනහිලිකම් ඉවරයක් නැහැ , නරකට දඬුවම් දෙන කාලි මතා දෙවියෝ බලාගෙන ඉන්නවා ඇයට නිසි අච්චුව දෙන්න. මගේ පැතුමත් එයයි (අ)

:       0       0

රොෂාන් Thursday, 26 June 2014 01:08 PM

ඔබව සාදරයෙන් පිලිගනිමි...(දී)

:       0       0

ලුම්බිණි Thursday, 26 June 2014 05:01 AM

මොකද මේකට කවුරුත් අකමැති? අපි වරදක් කරලා නැත්නම් කුමට බය වෙන්නද? (අ)

:       0       0

ප්‍රියා Thursday, 26 June 2014 01:43 PM

අපි බය නැහැ අපි වරදක් කරලා නැහැ කියලා අපේ හදවත දන්නවා (දී)

:       0       0

චන්දන Thursday, 26 June 2014 06:40 AM

ජාතිය විනාශ කරන්නට පෙර ජාතියේ ස්වෛරීබව වෙනුවෙන් මේ ගැන තීරණයක් ගනිමු (නි)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 June 2014 06:57 AM

අපි හැමෝම එකතුවෙලා අපේ රට රකින්න ඉන්න සියලුම දෙවි දේවතාවුන්ට කන්නලවු කරලා කියමු පිල්ලේ නෝනා ඇතුළු අපිට විනකරන සැවොම දෙවියන්ගේ නාමෙන් බලාගන්න කියලා (නි)

:       0       0

අහිංසා Thursday, 26 June 2014 02:25 PM

මම හිතන විදිහට මේ අය ලංකාවට එන්නේ නැහැ. වෙන රටක ඉදලා ස්කයිප් තාක්ෂණයෙන් පැමිණිලි ආදිය සටහන්කරගෙන, සාක්ෂි කරුවන් කියන දේ අසා, මේ පරීක්ෂණය කරගෙන යාවි..මොනවා වුනත් මට නොතේරෙන එක දෙයක් තියෙනවා. ඇයි අපේ රට මේ පරීක්ෂකයන්ට එන්න නොදෙන්නේ..? ඒ අයට එන්නම ඕන නම් එන එක එ්තරම් දෙයක් නොවෙයි. බොරුවට කෑගැහුවට ඒවා නවත්වන්න තාක්ෂණිකව අපිට බැහැ.. අපි වැරදි කරලා නැතිනම් ඇයි අපි බය..? අනෙක ඒ පරීක්ෂකයින් ලංකාවට නොපැමිණීම ...පරීක්ෂණයන්ට බාධාවක් නොවෙයි ... ලොකුම ප්‍රශ්නය මෙන්න මේකයි...බැන්කිමූන් දුන් ගිවිසුම අත්සන් කරපු අපි... ඇයි දැන් ඒ ගිවිසුමේ තිබුන කොන්දේසි ඉටු කරන්න මැලිවෙන්නේ...? රජ්‍යතන්ත්රිකයන්ගේ ඉංගිරිසි දැනුම පිළිබද ප්‍රශ්නයක්ද...?නැතිනම් අපේ උද්දච්චකමද? අපි අමතක කරන්න හොද නැහැ ...ලෝකය තියෙන්නේ ලංකාව තුල නොව අපේ පුංචි ලංකාව තියෙන්නේ මේ මහා ලෝකය තුල බව . සමහරු මේ අදහසට විරුද්ධ වේවි...මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉමු. ඒ හැර ඔබටවත් මටවත් කරන්න කිසිම දෙයක් නැහැ. මොකද අපි අනාගෙන ඉවරයි...(ස)

:       0       0

දර්ශන Thursday, 26 June 2014 07:35 AM

එන්න කියන්න අපි බය නැහැ (දී)

:       0       0

වීරසිංහ Thursday, 26 June 2014 07:54 AM

පිටබැද්දර ජයා - නිකන් හරි දෙවි දේවතාවුන් අපේ කන්නලව්ව ඇහුවොත් එහෙම....(දී)

:       0       0

අහිංසා Thursday, 26 June 2014 02:41 PM

දැන් සිදුවිය යුතු සියල්ල සිදුවෙලා අවසන්.අපි ..තවමත් කෑගහනවා. එයින් මේ පරීක්ෂණයට සුළුවෙන් හෝ ප්‍රස්නයක් වෙන්නේ නැහැ.මම හිතන්නේ ඒ අය රටින් පිට සිට පරීක්ෂණය කරාවි. මේක අපිට අමතක නොවෙන පාඩමක් කියලාදෙනවා...මිට පස්සෙවත් මේ වාගේ ගිවිසුම් අත්සන් කරද්දී ඉංගිරිසි භාෂාව පිලිබඳ හොද පරිචයක් ඇති අය ඒවා අත්සන් කල යුතුයි.. (දී)

:       0       0

ලලිත් Thursday, 26 June 2014 08:14 AM

පුළුවන් නම් අපේ රටේ මිනිස්සු වසර 30 විඳපු දුක පෙන්නන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1049 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2849 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 336 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site