දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා, හා කැරට් ඇතුළු පලතුරු හා එළවළුවලින් බිස්කට් හදා වසරකට වැඩි කාලයක් තබාගත හැකි බව පර්යේෂකයෙක් කියයි. වසර 16 ක් පුරා කළ තම පර්යේෂණ සාර්ථන වන බව ඔහු පවසයි. අමු හා ඉදුණු පලතුරුවලින් මේ විස්කොත්තු නිපදවිය හැකි බව කියන ඔහු දෙල්, වරකා, බෝංචි, වට්ටක්කා හා කැරට්වලින් බිස්කට් නිෂ්පාදනය කර ඇත. සහල් පිටි හෝ තිරිගුපිටි පාවිච්චි නොකර රට සල්ලි ද ඉතිරි කැර ගත හැකි මේ නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය සඳහා ඔහු ඉල්ලුම් කැර ඇත. මීට අමතරව පළතුරු ටොපි හා චොක්ලට් නිෂ්පාදනය කීරිමට ද ඔහු මේ දිනවල පර්යේෂණ කරයි. තම නිෂ්පාදන ගැන මේ පර්යේෂකයා මහින්ද රාජපක්ෂ මහතාට දන්වා ඇති අතර වැඩිදුර කටයුතු කිරීම සඳහා සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාට යොමු කැර ඇත. බියගම අතපත්තු නමින් දැනට හඳුන්වා ගන්නා මේ පර්යේෂකයා 071 0880358 අංකයෙන් ඇමතිය හැකියි.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පලවැළ විස්කොත්තුවක් එයි.
අතපත්තු Monday, 19 December 2011 03:32 PM
මෙවැනි නව සොයාගැනීම් මිල කළ නොහැකි දක්ෂතාවයන්.. ලක්වැසි සැම ඔහුට සුභපතමු..
බෝධි Monday, 19 December 2011 03:38 PM
ගොඩක් රසවත් ප්‍රවෘත්තියක්
සුමන හිමි Monday, 19 December 2011 04:05 PM
හොද උත්සාහයක්. අගය කරමු
සුසන්ත Monday, 19 December 2011 04:25 PM
සුබ අනාගතයක්
රසික චමින්ද Monday, 19 December 2011 04:27 PM
බහුජාතික සමාගම්වලින් ප්‍රවේසම් වෙනු! හැකි පමණ නිෂ්පාදනය කොට (අවශ්‍ය නම් බැංකු ණයක් ගෙන) ව්‍යාපාරය ගොඩ නගන්න. අපේ දේ වැළඳ ගැනීමට පාරිභෝගිකයා සූදානමින් ඇත.
නෙල්සන් Monday, 19 December 2011 05:48 PM
ජනපතිතුමනි මේ අයට අත දෙන්න.
ක්‍රිෂාන්ත Monday, 19 December 2011 06:33 PM
සුදු වෑන් එකකින් ඇවිත් ඔහුව පැහැරගනීද???
සුධීර Monday, 19 December 2011 07:14 PM
මිලකළ නොහැකි දක්ෂතාවක්. ඉදිරියටම ගෙනයන්න. පේටන්ට් එක නොපමාව ලබාගන්න. ඔබේ දස්කම් ජයෙන් ජයටම පත්වේවා!
ජී. සිරානි Monday, 19 December 2011 09:38 PM
හොදින් තාක්ෂණය භාවිතා කොට ගුණාත්මක භාවය වැඩිකරන්න. නිකන් මැටිගුලි වගේ හැදුවට වෙළදපොළක් හොයාගන්න බැහැ. උත්සාහය අගය කරමු. රජෙයන් අතදිය යුතුයි