ප්ලාස්ටික් පයිප්ප වලින් සැකසූ පාරුවක් මගින් මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පළා ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දීයාවේ තමිල්නාඩුවේ එර්වාඩි වෙරළ ප්‍රදේශයේ දී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි චෙන්නායි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.
එලෙස අත්අඩංගුවට ගත් ලාංකිකයා අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අලි නැමති 43 හැවිදි අයෙකු වන අතර ඔහු 2006 දී තමිල්නාඩුවට ගොස් ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ඔහු ඉන්දියාව රැඳී සිට ඇති අතර වීසා බලපත්‍රය කල් ඉකුත් වුවද ඔහු ශ්‍රී ලංකාවට පැමිණ නැත. පසුව එම පුද්ගලයා නීතිවිරෝධී ලෙස තමිල්නාඩුවේ විවිධ සරණාගත කඳවුරුවල වාසය කර ඇති බව වාර්තා වේ.
මෙම ලාංකිකයා ඇතුළු තිදෙනා ඒර්වාඩි වෙරළ“ තීරයේදී පෙරේදා (07) මන්නාරම් බොක්ක හරහා ප්ලාස්ටික් පයිප්ප භාවිතයෙන් පාරුවක් සකස් කර නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණීමට උත්සාහ කර ඇත.ඒ බව දුටු ධීවරයින් ප්‍රදේශයේ පොලීසියට දැනුම් දී ඇත.
පසුව පොලීසිය එම ස්ථානයට පැමිණ මොහොමඩ් අලි ලාංකිකයා ඔහුගේ සහෝදරයා වන ඉන්දීය පුරවැසිභාවය හිමි මොහොමඩ් හසන් (35) නැමැත්තා සහ සාහුල් හමීඩ් නැමති ඉන්දීය ජාතිකයා තමිල්නාඩු පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
තමා යුද සමයේදී තමිල්නාඩුවට පැමිණි බවත්, මේ වන අසනීපව සිටින බවත්, ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිකම නිසා නැවත ශ්‍රී ලංකාවට යෑමට තීරණය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයිද චෙන්නායි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
පොලිස් බලධාරීන් විසින් සැකකාර ලාංකිකයා ඇතුළු තිදෙනා පසුව එරට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර , ඔවුන් තිදෙනා පුලාල් බන්ධනාගාරයේ රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම සැකකරුවන් දනුෂ්කොඩි ප්‍රදේශයේ සිදුවූ ගංජා සහ රන් ජාවාරම් සඳහා මොවුන් සම්බන්ධ දැයි සොයා පොලීසිය පරීක්ෂණ පවත්වන අතරම සැකකරුවන් තිදෙනා ඒර්වාදී ප්‍රදේශයේ සැඟවී සිටියේ කෙසේදැයි සොයා වැඩිදුරටත් පොලිස් පරීක්ෂණ පවත්වනු ලබන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
(125)
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත
උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ප්ලාස්ටික් පයිප්ප පාරුවකින් ලංකාවට එන්න හැදු ලාංකිකයෙක් ඉන්දිය පොලිස් බාරයට
krishantha Tuesday, 08 September 2020 08:20 AM
ඉන්දියාවේ අය බෙහෙත් ගන්න සල්ලි නැතිව ලංකාවට එනවා. ඉන්දියාව ලංකාවට නොමිලේ ඇම්බියුලන්ස් දෙනවා.
nalin Tuesday, 08 September 2020 08:44 AM
මේ අය කොරෝනා හදාගෙන ලංකාවට එන්න හදනවාද දන්නේ නෑ.
ferna Tuesday, 08 September 2020 08:58 AM
ශ්‍රී ලංකාවට පලාඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු..?