IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි

(නිමල කොඩිතුවක්කු සහ ඉන්දිකා රාමනායක)
  

මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202 මුදලක්  ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ඉදිරිපත් වි ඇති චෝදනා පිළිබඳව විමර්ශනය කිරිම සඳහා පත්කළ  ති‍්‍රපුද්ගල කමිටුව අද (28)  පොලිස්පතිවරයාගෙන් පැය තුනට ආසන්න කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගත් බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පැවසීය.


මෙම ති‍්‍රපුද්ගල කමිටුව  කළ කැදවීම අනුව පොලිස්පතිවරයා අද පෙරවරු 9.00 ට පමණ එහි පැමිණ තිබේ. පොලිස්පතිවරයා මෙම කමිටුව හමුවේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය විය.


දහවල් 12.00 දක්වා පැය තුනකට ආසන්න කාලයක්  කමිටුව  පොලිස්පතිවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයිද නියෝජ්‍ය අමාතයවරයා සඳහන් කළේය.


පොලිස්පතිවරයාට එරෙහිව  එල්ල වී ඇති චොදනා පිළිබඳ විමර්ශන කිරීම රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර  එම   ති‍්‍රපුද්ගල කමිටු සමාජිකයන් අතර ශ්‍රී ලංකා පරිපාලන  සේවයෙන්  විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් වන මාලා බස්නායක, ඩබ්ලිව් ඒ ධර්මසිරි, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ   ආලෝක බණ්ඩාර,  යන මහත්ම මහත්මීහු  කටයුතු කරති.


මේ සම්බන්ධ  කටයුතු  වාර්තාව කඩිනමින්  අමාත්‍යවරයා වෙත බාර දීමට නියමිතය.


කමිටු වාර්තාව අනුව පොලිස්පතිවරයා  සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත්  පැවසීය.



අදහස් (37)

පොලිස්පතිගෙන් පැය 3 ක් ප්‍රශ්න කරයි

isuru Friday, 28 September 2018 01:28 PM

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ විදුහල්පතිතුමා අල්ලසට රජයේ නිලධාරියෙක් පෙළඹවීම හා අල්ලස් ලබාදීමේ යන වරදට සැකපිට අත්අඩංගුවට ගතයුතුයි කියලයි මම හිතන්නේ....

:       2       327

චාමරි මාරපන - නුවර Friday, 28 September 2018 03:46 PM

විදුහල්පති කොහේ අල්ලන්නද මිනිහා මේ රටෙත් නැහැ... දැන් ඉතින් ඔය කමිටුවලින් ප්‍රශ්න කෙරුවාට මෙයාගේ කටින් උත්තරයක් ගන්න බැහැ. ඒ නිසා වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගත යුතුයි.

:       147       254

pjFriday, 28 September 2018 11:17 PM

මේ මල්ලෙන් එළියට පනින්න හදන්නේ ඇත්ත බළලද නැත්නම් හොර පුසෙක් ද?

:       0       0

. රොහාන් දයාදර පැරිස් Friday, 28 September 2018 01:42 PM

පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිඳුන් මා දන්නා තරමට, අසා ඇති විදිහට... සංවේදී, නීතිගරුක, අවංක, නිහතමානි, පළපුරුදු, අල්ලස් දූෂණයෙන් තොර, මව්බිමට ආදරේ කරන, පන්සිල් රකින, හොද සිංහල බෞද්ධ රජයේ සේවකයෙක් වගේම මිනිසුන් අතර උතුම් මිනිසෙක් බවයි.

:       2210       2230

SamsonFriday, 28 September 2018 03:22 PM

එ්ත් නීතිය නවනව නේද?

:       531       478

R.A.NFriday, 28 September 2018 04:19 PM

රොහාන් දයාදර පැරිස්.... කෝ අපිත් හොරුන්ට, අපරාධකාරයින්ට දඬුවම් දෙන්න ආණ්ඩුවක් හැදුවා මදැයි... බලද්දී මේ අවුරුදු තුනට අල්ලපු හොරෙකුත් නැහැ.. හිරේ ගිය කෙනෙකුත් නැහැ. මෙහෙමත් ආණ්ඩු.... සේරම ප්‍රශ්න යහපාලනය ඇති කරන්න දරදිය ඇද්ද අයටයි.

:       18       187

lakmalFriday, 28 September 2018 06:53 PM

ලංකාවේ කිසි දිනක එක් රජයක්, ඉන් පෙර තිබූ රජයක සාමාජිකයෙකුට දඬුවම් දුන්නා යයි ඔබ කිසිදිනක අසා තිබේද? ඔය දෙගොල්ලම පාට දෙකක සාමාජිකයින් වුණාට, ඇතුළේදී එකම කල්ලියක්...

:       0       1

samFriday, 28 September 2018 09:15 PM

රොහාන්, ඔබ අසා ඇති දේට වඩා මම දැක ඇති දේ මට විශ්වාසයි. ඔබ අර වීඩියෝ ක්ලිප් එක දැක්කානම් මෙවැනි චරිත සහතිකයක් එතුමාට දීමට දෙවරක් සිතා බලනවා නොඅනුමානයි...

:       0       0

rohanSaturday, 29 September 2018 08:04 AM

කියන තරම් සුදු නිලදාරියෙක් නෙවෙයි. උඩින් සුදු පිරුවටයක් වුණාට යට කලු පැල්ලමක්...

:       238       168

prabha Friday, 28 September 2018 01:43 PM

දේශපාලනයට එන්න තියෙන සුදුසුකම් සපුරලා වගේ...

:       154       220

kamalaa Friday, 28 September 2018 01:50 PM

ශ්‍රී ලංකා ඉතිහාසයේ පහළ වූ හොඳම පොලිස්පතිතුමා තමයි මේ... දෙයියනේ !!!

:       707       808

Perakum Friday, 28 September 2018 01:58 PM

ඒ සමගම ඔය කියන මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ 202ක මුදලක් උපයාගත් අන්දමද ඒ සඳහා ආදායම් බදු ගෙවා අතිදැයිද යනබව විමසා බැලිය යුතුයි.

:       3       602

පිටිගල මිලානෝ Friday, 28 September 2018 02:20 PM

පොලිස්පතිවීමට පෙර මෙතුමා ඉතාමත්ම අවංක සහ දක්ෂ නිලධාරියෙක් විදියට රට පුරා සාක්ෂි තිබෙනවා. මේ චෝදනාව කිසිසේත්ම ඔහුට අදාළ නැති බව මගේ විශ්වාසයයි. ඔහුට මුදල් අවශ්‍ය නම් එය කරන්නේ පොලිස්පතිවීමට පෙර වංචාකාරී ව්‍යාපාරිකයන් සමග හවුල් වී කෝටි දෙකක් නොව විශාල මුදල් සම්භාරයකටයි. නමුත් මේ දක්වා ඔහුට සත පහක් අනිසිලෙස ඉපයූවා කියා කොහේවත් සඳහනක් නැත. මෙය බොරුවක් නම් අදාළ පාර්ශවවලට දැඩි දඬුවම් දෙන්න...

:       2366       2604

dasayaSaturday, 29 September 2018 10:49 AM

යහපාලනයට කඩේ යන පිටිගල මිලානෝ දවල් හීන දකිනවා. ඕවට තමයි කියන්නේ කන්න හිතුණාම කබරගොයත් තලගොයා කරගන්නවා කියලා. අපි නම් කොරහේ කිඹුල්ලු දකින්නෙත් නැහැ.. කබරගොයා, තලගොයා කරන්නෙත් නැහැ. සත්‍ය සාක්ෂි පදනම් කරගෙන කරුණු කියන්න...

:       358       411

osada Friday, 28 September 2018 02:54 PM

මේ පැමිණිල්ල කරන පුද්ගලයා කවුරු වුණත් කාගේ වුවමනාවට වුණත් කොපමණ මුදලකට මේ කොන්ත්‍රාත්තුව මිල නියම කළත් මේ පැමිණිල්ල බොරුවක් නම් පැමිණිලිකරුට දෙන දඬුවම කුමක්ද?

:       222       330

kaanthi Friday, 28 September 2018 02:59 PM

මේ වගේ බොරු චෝදනා කරලා රටේ සිවිල් පරිපාලනය විනාශ කරන්නේ කවුද? මොන පිරිසක්ද? මේක රටට මහා නපුරු කාලයක්...

:       321       464

BamunuarachchiSaturday, 29 September 2018 12:01 AM

නපුරු කාලය ලැබුවේ 2015 දී ගෙවෙන්න තව අවරුදු 2 තිබෙනවා.

:       0       1

thilak Friday, 28 September 2018 03:04 PM

හොරු හොඳ මිනිස්සු හොරු කරන්න මහජනයා නොමඟ යවන්න කරන විදේශීය කුමන්ත්‍රණයක් වගේ...!!!

:       220       172

juliyan Friday, 28 September 2018 03:05 PM

රාජපක්ෂලාගේ තවත් වියාපෘතියක් දෝ මේ කියා මට සිතේ...

:       363       514

thisara Friday, 28 September 2018 03:09 PM

පළවෙනි නාඩගම අර දෙන්නා ගේ කතාව... මේක දෙවැනි නාඩගම කියලයි මට හිතන්න වෙන්නේ. එළිවෙන ජාමෙටලු හොඳ හොද සෙල්ලම්...

:       20       64

dayaa Friday, 28 September 2018 03:20 PM

මේ සිද්ධිය බොරුවක් නම් පැමිණිලිකරුට දැඩි දඬුවම් දිය යුතුයි. ඒ වගේම මේ වගේ දේවල් පුම්බන අයටත් දඬුවම් කළ යුතුයි. එවිට කවුරු කවුරුත් වගකීම් තේරුම් ගනීවි .

:       127       193

ranavi Friday, 28 September 2018 03:50 PM

මහනුවර ති‍්‍රත්ව විදුහලේ හිටපු විදුහල්පති වෙස්සන්තරද? ඔච්චර ලොකු මුදලක් දෙන්න එයාට එතරම් ලොකු මුදලක් කොහෙන්ද? රුපියල් දෙදාහක් ඉල්ලගන්නත් කීප දෙනෙකුට වඳින්න ඕන කාලේ මේ සා විශාල මුදලක් තියාගත්තට විදුහල්පතිව ප්‍රශ්න නොකර පාලනය කරන රටක්...

:       29       230

සනත්Friday, 28 September 2018 07:37 PM

ට්‍රිනිටි කොලෙජ් එකට කොල්ලෙක් දාගන්න බරගානක් වියදම් කරන්න ඕනෑ. සමහරවිට ප්‍රින්සිපල්ට ලක්ෂ හැටහැත්තෑවක් දීලා තමන්ගෙ පුතා දාගන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නවා ඇති. ඒවගේ කේසස් 10 ක් වැඩකලොත් කෝටියක් කියන්නෙත් සුළු ගාණක්....

:       0       1

Rasika Friday, 28 September 2018 04:43 PM

මෙය ඉතාම හොද දෙයක්. නීතිය පොලිස්පතිටත් සමානයි කිකන .. මොහුගේ මත කාලීන හැසිරීම් ඉතාම කණගාටු දායකයි. මොහු හාමුදුරුවරුන්ට කතාකරන්න දන්නේ නැ. මොහුගේ තනතුරට ගැලපෙන විදියට නෙමේ හැසිරෙන්නේ. කොහොමහරි නීතිය නවන්න ගිහින් අන්තිමට තමන්ටම නැවිල තියෙන්නේ. සියලු රාජ්‍ය සේවකයන් දැනගන්න ඕනේ දෙයක් තමයි. කිසිම දේශපාලකයෙක්ගේ අතකොළුවක් නොවෙන්න. මොකද ඔවුන් තමන්ගෙන් වැඩේ කරගෙන පාවාදීල ඔවුන් බේරෙනවා. එකතමා අපිට ඉතිහාසය පුරාවට දකින්න තියෙන්නේ. තමන් නිවැරදි දේ විතරක් කලානම් මෙහෙම වෙන්නේ නැ. ඔක්කොම දේශපාලකයෝ එකට ඉන්නේ. පොලිස්පති දේශපලකන්ට ඕනේ විදියට නීතිය නවන්න ගිහින් නිකන් අමාරුවේ වැටිලා. නීතිය හරියට සැමට සාධාරණ විදියට කලානම් වැදගත් විදියට ගෙදර යන්න තිබුණා. එහෙනම් ඔවුන් වෙනුවෙන් ජනතාව ඉන්නවා..

:       0       0

pradeep Friday, 28 September 2018 08:02 PM

පොලිස්පතිතුමා මේ තනතුර ලැබෙන්නට පෙර කාගේත් පැසසුමට ලක්වුණා. පසුව නොයෙක් විවේචනවලට ලක්වුනා. කතාවේදී කිවුවා," මට ලබන්න දෙයක් නැහැ" කියලා. නමුත් ලොකු තනතුරක ඉන්නකොට නැතිවෙන්න දෙයක් තියෙන බව දැනගෙන කතාකළොත් හොඳයි. (අල්ලස් චෝදනාව බොරුවක් නම්, චෝදනා කළඅයට නඩු දැමිය යුතුයි.)

:       0       2

Chanak Los angeles Friday, 28 September 2018 09:44 PM

පොලිස් කොමිසමෙන් දුන්නු තීන්දු හේතු සහිතව ඉෂ්ට නොකිරීම නිසා උසස් වීම් බලාපොරොත්තුවෙන් සිටි එම දූෂිත නිලධාරීන් විසින් සූක්ෂම ලෙස සැලසුම් කරපු දෙයක් ලෙසටයි මා නම් මෙය දකින්නේ...

:       0       1

Hafeel Saturday, 29 September 2018 01:01 AM

මෙයාට මතක ඇති නේද?

:       0       0

pawan Saturday, 29 September 2018 03:39 AM

ඔය ඉහත කමෙන්ට් දාපු කට්ටිය හරියට දැනගෙන අදහස් දැම්මොත් හොඳයි. ඒ විදුහල්පතිවරයාට ලැබෙන්නේ ඩයස්පෝරාවේ මුදල්... ඔහු යුද සමයේ මඩකලපුව ප්‍රදේශයේ සිටිනවා එම විදුහලේ ආදී ශිෂ්‍යයකු වන මෙම සිද්ධිය හෙලිකල ඉංජිනේරු මහතා දැක තිබෙනවා. ඒ කෙසේවෙතත් අර නාමල් කුමාර කිව්ව විදියට ඕනෑම සැර රල පහරකට නොතෙමී යන්න මේ කට්ටිය ඉතා හොඳින් දන්නවා...

:       0       0

OMG Saturday, 29 September 2018 04:50 AM

ආණ්ඩුව හොරු සමග හෙළුවෙන්...

:       1       0

Samathasena A . Aluthgamage Saturday, 29 September 2018 05:32 AM

තමන්ගේ මතයට වඳිනවා නම්, විරුද්ධ මතයට ගරු කිරීමට තරම් මනස කාරුණික නැතිනම් සමහරක් දෙනා සත්‍ය පෙන්වා දෙන අයට කියන්නේ කඩේ යනවා කියාය. ඒ කෙසේ වෙතත්, මේ ප්‍රශ්න මීට වඩා පෙර කාලයේ බොහෝ තිබුණා. ඒත් ඒවා අපූරු විදිහට යට ගියා... දැන් එහෙම නොවෙයි. මොනම දෙයක්වත් හංගන්න බැහැ. එළියට එනවා. අනුර සේනානායක වගේ පොලීසියේ අය අපරාධ කරමින් මහා ඉහළින් වැජඹුණු හැටි දන්නෝ දනිති. ඒ අතින් බලනවිට මේ පොලිස්පතිතුමා කොතරම් හොඳද? වැරදි අඩුපාඩු ඇති. ඒත් ඔහුගෙන් වන සේවයද අගය කළ යුතුයි. ඔහු ගැන වැරදි ඔප්පුවෙනතුරු අපි මේ දෙස මැදිහත් සිතින් විමසිලිමත්ව අන්තයට නොයා බලා සිටිමු.

:       0       223

සතයපාල Saturday, 29 September 2018 05:54 AM

ශ්‍රී ලංකා පොලිසියේ ඉතිහාසයේ මෙතෙක් ජනතාවගේ අවධානයට හා අවමානයට පාත්‍රවූ වෙන පොලිස්පති වරයෙක් නැති තරම්... විවිධ චෝදනා හා අපවාදවලට ලක්වූ මොහු සමහරකුගේ වීරයෙක් වෙන්නේ පොරවන්න ඉන්න සිංහල බෞද්ධහම නිසාය.

:       110       45

rupiyal paala.Saturday, 29 September 2018 05:23 PM

එතකොට උඩුගම්පල ,අනුර සේනානායක වගේ අය මීට වඩා හොඳ ඇති මං හිතන්නේ.

:       0       106

Sathyayaa Sunday, 30 September 2018 10:10 PM

සත්‍යපාල කියන නමටත් නින්දාවක්. මහින්දටත් මිනිස්සු සත්‍යපාල කියනවා..

:       0       0

Athula k Saturday, 29 September 2018 08:17 AM

ඇත්ත, බොරු කෙසේවෙතත් මේ සිද්ධිය ගැන දීර්ඝ ලිපියක් පල වුනා. මේ පැමිණිල්ල යම් යම් සාක්ෂි සමග ඉදිරිපත් කල පුද්ගලයා ගැන විස්තරත් සමග... මේ මුදල ගිහිල්ලා තියෙන්නේ විද්‍යාලයීය අරමුදල් වලින්. පොලිසීයේ ඉන්න අය ගැන නම් සහතික දෙන්න බැහැ. මතුගම සදීප ලක්ෂාන් කප්පම් සිද්දියේදී මිනීමරුවන් ඉතා ඉක්මණින් අල්ලපු එවකට මතුගම පොලිස් ස්ථානාධිපතිවරයා පැසසුමට ලක්වුණා. පසුකාලේ බලනකොට එයා මංකොල්ලෙකට අහුවෙලා හිරේ. කුණු මාළු ගොඩේ තියෙන හොඳ මාළුවලට වෙන්නෙත් කුණු වෙන එකයි.

:       1       110

Sathyayaa Sunday, 30 September 2018 10:16 PM

ඒකාබද්ධ විරුද්ධ පක්ෂයට අවශ්‍ය වෙලා තියෙනවා ඊලඟ මැතිවරණ එන්න කලින් දැන් ඉන්න පොලිස්පතිව එළියට දාගන්න.. මන්ද පූජිත ජයසුන්දර කියන පුද්ගලයා මැකෝ වගේම බය නැති මිනිසෙක් නිසා. රනිල් අගමැතිකමේ හිටියත් රාජපක්ෂලාට ඕනේ විදියට තමයි වැඩ... ඔහු මේ අමුඩ ගහගෙන පාර කපන්නේ රාජපක්ෂලාට නැවත බලය ලබාදෙන්නයි. එවිට මහින්දලා මහබැංකු වංචාව ගැන හුස්මක් හෙලන්නේ නැතුව ඉඳීවි...

:       0       0

ogastin Monday, 01 October 2018 11:13 AM

අසත්‍යපාල අසත්‍ය තොරතුරු පලකල වගයි.

:       0       0

osada Monday, 01 October 2018 05:19 PM

පොලිස් පතිතුමාට තුනුරුවන්ගේ දළදා හාමුදුරුවන්ගේ සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතිහාසය අලුත් කර IPL යන ළාබාලම සූරයා
2024 නොවැම්බර් මස 25 829 0

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම


මහඉලුප්පල්ලම නගරයට වන අලියෙකු කඩා වදියි
2024 නොවැම්බර් මස 25 365 0

මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු


රනිල් ඉන්දියාවේ දෙසුමක
2024 නොවැම්බර් මස 25 720 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස


කුවේට් ලාංකික සිරකරුවන් 32ක් කටුනායකට
2024 නොවැම්බර් මස 25 712 0

කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට


චීන දූත පිරිසක් ජනපති හමුවෙයි
2024 නොවැම්බර් මස 25 578 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය


අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්
2024 නොවැම්බර් මස 25 1838 0

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 530 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 742 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2064 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site