මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නීතිවිරෝධී බව ප‍්‍රකාශ කර එම කොට්ඨාසය පිහිටවූ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා අවසන් වරට පොලිස්පතිවරයාට කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (06) තීන්දු කළේය.
ඒ අනුව පෙත්සම සම්බන්ධ විරෝධතා දෙසැම්බර් 17 වැනිදාට හෝ ඊට පෙර ගොනු කරන ලෙස පොලිස්පතිවරයාට නියම විය.පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ නයෝමි කරවිට මහත්මිය පෙත්සම සම්බන්ධයෙන් වන විරෝධතා ගොනු කිරීම සඳහා තවදුරටත් කල් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා ඊට විරෝධය පළ කළේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීම සඳහා මීට පෙර අවස්ථා කීපයකදීම කල් ලබාදී ඇතත් මෙතෙක් විරෝධතා ගොනු කර නැති හෙයින් කල් ලබාදීමට විරෝධය පළ කරන බව ජනාධිපති නීතීඥ ඉගළහේවා මහතා පැවසීය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අනුර කුමාර දිසානායක මහතා මහ සද්දෙන් කියූ විදිහටම වැඩ පෙන්වන ආකාරය බොහොම අවධානයෙන් බලා සිටින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ල
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස්පතිට අන්තිම අවස්ථාව දෙයි
ලුම්බිණි Friday, 06 November 2015 11:42 PM
අහෝ! මෙවන් දෙයක් වෙයි කියලා අපි සිතුවාද? (නි)
රුවන් Saturday, 07 November 2015 12:24 AM
මටත් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)
විජිත Saturday, 07 November 2015 12:41 AM
තීරණාත්මක අවස්ථාවක් (නි)
සුමේධ Saturday, 07 November 2015 12:44 AM
අපි බලමු එතුමා ගන්නා තීරණය මොකක්ද කියලා (නි)
නිමල් ලාලිත Saturday, 07 November 2015 02:20 AM
නීතිය කාටත් සම වියයුතුයි. (නි)
ඩේසි Saturday, 07 November 2015 02:25 AM
නීතිය කාටත් සමානයි (නි)
අජිත් කරුණාරත්න Saturday, 07 November 2015 02:40 AM
ඔය කුමන කොට්ඨාශයක් හරි හදලා රටේ මුදල් ගසා කාපු වංචනිකයින්ට නීති මඟින් දඬුවම් ලබා දෙන එක තමයි ජනතාවගේ ප්‍රාර්ථනය වෙන්නේ. නීති තර්ක ගෙනවිත් හොරු රකින්න වැට බඳිනවා නම් ඒක ජනතාද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ (නි)
වජිරපාල Saturday, 07 November 2015 02:55 AM
පොලිස්පතිතුමා මොන තීරණය ගත්තත් අපි එතුමා සමඟ ඉන්නවා (නි)
ඉන්ද්‍රජිත් Sunday, 08 November 2015 02:31 AM
අපරාද මැඩලීමට විශේෂ පොලිසියක් පිහිටුවීම වරදක්ද? (නි)
ශාන සෞදි Saturday, 07 November 2015 05:02 AM
ඔය කුමන කොට්ඨාශයක් හරි හදලා රටේ මුදල් ගසා කාපු වංචනිකයින්ට නීති මඟින් දඬුවම් ලබා දෙන එක තමයි ජනතාවගේ ප්‍රාර්ථනය වෙන්නේ. නීති තර්ක ගෙනවිත් හොරු රකින්න වැට බඳිනවා නම් ඒක ජනතාද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි අපි දකින්නේ. (ර)
මංගල Friday, 06 November 2015 12:59 PM
අපි බලා ඉන්නවා වෙන්නේ මොකක්ද කියලා (නි)
කමල් Saturday, 07 November 2015 05:57 AM
ඔක්කොම සමානනේ . ඔක්කොම හොරු තමා ,අපේ මාදුළුවාවේ හාමුදුවෝ ආසනීප වුන එක වීතර ඒ වුනේ (රේ)
සංජය Saturday, 07 November 2015 05:58 AM
හොරු අල්ලන එක නම් හොඳය . ඒක කරන්න පොලිසියට තියෙන නීති හොඳටම ඇති දේශපාලුවෝ මේවට නොගැවී ඉන්නවා නම් . මේ ඒක ඒක කොට්ටාශ ගෙනෙල්ල කරන්නේ රජයට අවනත නොවන හොරු දඩයම් කිරීම (රේ)
විජිත් Friday, 06 November 2015 01:59 PM
..හොරු සමග හෙළුවෙන් ...දැන් නැවතත් පෙන්වනු ලැබේ. (අ)
මයික් Friday, 06 November 2015 02:21 PM
මොනවා වෙන්නද ඉතින් මේක නීති වීරෝදී එකක් (අ)
කුමාර Friday, 06 November 2015 02:23 PM
ආණ්ඩුවේ ඇතුලෙම හොරු 3 දෙනෙක් ඉන්නවා , අැවන්ගාඩ් සිද්දියට සම්බන්දකම් ඇති අය වෙන්න ඇති. (අ)
සුසන්ත Friday, 06 November 2015 03:03 PM
නීතියේ ස්වාධීන (නොවන)බව බොහොම පැහැදිලිව පේනවා මේකෙදි අභියාචනාධිකරණය කටයුතු කරන හැටියෙන්... (බ)
ශාන Saturday, 07 November 2015 09:01 AM
මොනවටද මෙච්චර කල් දෙන්නේ. සතියකින් ඕක කරන්න බැරිද? (ර)
ශාන්ත Saturday, 07 November 2015 12:13 PM
අඩු ගානේ මේ මුල්‍ය අපරාධ කොට්ඨාසය නිසා ටිකක් හරි හොරකම් හෙළි දරව් වුණා. හොරු හෙළි දරව් වුණා. මේකට විරුද්ධව උසාවි ගිය බුද්ධිමතුන් මේ වෙනුවෙන් ගේන විකල්පය කුමක්දැයි කිව යුතුයි. මේක හොඳ නැත්නම් මීට වඩා හොඳ දෙයක් යෝජනා කල යුතුයි (ම)