(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාට දුන්නේ යැයි කියන ‘මොනෑක්’ නිවාස සංකීර්ණයේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට රවී කරුණානායක මහතාගේ සමීප ඥාතියකු බව කියන පුද්ගලයකුගෙන් එල්ල වු බව කියන ජීවිත තර්ජන පිළිබඳ පරීක්‍ෂණ රහස් පොලිසියෙන් ඉවත් කරන්නැයි පොලිස්පතිවරයාට දේශපාලන බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
අනිකා විජේසුරිය මහත්මියට සහ ඇගේ ඥාතීන්ට එල්ල වු බව කියන තර්ජන හේතුවෙන් බැඳුම්කර කොමිසම කළ නියෝග මත පොලිස්පතිවරයා විසින් අනිකා විජේසුරිය මහත්මියගේ සහ ඥාතීන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මීට පෙර අවස්ථාවක විශේෂ පොලිස් ආරක්‍ෂාවක් ද ලබාදී තිබිණි.
මෙම තර්ජන වලින් පසු ජීවිත ආරක්‍ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කියන ඇය එහි සිට තමන්ට එල්ල වු ජීවීත තර්ජන පිළිබඳව විද්‍යුත් පණිවිඩයක් මඟින් රහස් පොලිසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.
මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා වාර්තා කරන ලෙස දැනුම් දෙමින් පොලිස්පතිවරයා මෙම පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කොට ඇති අතර ඒ අනුව රහස් පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කළ පසු මෙම පරීක්‍ෂණ කටයුතු රහස් පොලිසියෙන් ඉවත් කරන ලෙස පොලිස්පතිවරයාට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස්පතිට දේශපාලන බලපෑම්
Samith Wednesday, 25 October 2017 03:48 PM
ඔන්න යහපාලනය, හොදයි නේද?
dinesha Wednesday, 25 October 2017 04:23 PM
යහපාලනේ තියෙන්නේ. කලින් හිටපු අය වගේ නෙමෙයි. පොලිසියට එහෙම බලපෑම් කරන්නේ නෑ. මේක හදලා කිව බොරුවක්. ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න.
SujeewaWednesday, 25 October 2017 06:28 PM
දිනේෂා, මෙවන් පුවතක් මගින්, අප්‍රමාන වගකීමකින් යුතුව, මාධ්‍ය අපට ලබාදෙන, අද රටේ සිදුවන ඇත්ත, පිලිබදව ලංකාදීපයට තුති පුදුන්නේ නැතුව, පාලනයට කඩේ නොව, ඔයා යන්නේ සුපර් මාර්කට්. අප රට තවත් පස්සට යන්නේ, දේශපාලකයන් නිසා පමණක් නොව, ඔබ වැනි පුද්ගලයන් නිසාය.
appu Thursday, 26 October 2017 03:14 AM
අම්මප ඔහේගේ මොලේ පාරම්පරික දේසපාලනය නිසා සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු වෙනවා නොවැ දෙගොල්ලොම හොරු බව පෙනේ නමුත් නොදැනේ
janatha anura Thursday, 26 October 2017 03:21 AM
දිනේශ කොහෙද අනේ ඔය යහපලානේ තියෙන්නේ ගොඩක් දුරද ??ලස්සනද ?
SenarathThursday, 26 October 2017 03:43 AM
අනේ පවු, මේ විරුද්ධවාදියෝ හදන කතානේ. බලන්නකෝ අර්ජුන් මහේන්ද්‍රන්වත් රවට්ටලා, රවී අැමතිතුමාවත් රවට්ටලා, අගමැති තුමාවත් රවට්ටලා මේ විරුද්ධවාදියෝ මහබැංකුවට වංචාවක් කලානේ. ඒ වගේම හිරුනිකාවත් රවට්ටලා , අහින්සකයෙක්ව බලෙන් වාහනේ දාගෙන ගිහින් තව ලෙඩක් දැම්මනේ. තව බලන්නන්කෝ පොලිස්පතිතුමාව අමාරුවේ දමන්න කවුද නොසන්ඩාලයෙක් එතුමා මාද්‍ය සාකච්චාවකදී කෝල් එකක් දුන්නනේ, ඒ නිසානේ එතුමා "හරි සර් නිළමේව අත්අඩංගුවට ගන්නේ නැහැ, දැනටමත් මම කියල තියෙන්නේ " වගේ උත්තර දුන්නේ. දැන් බලන්නකෝ රට කොච්චර සංවර්ධනය වෙලාද කියල, පොල්ගෙඩියට රුපියල් 120 ක් ලැබෙනවනේ. මේකෙන් විදේශ විනිමය ලැබීම වැඩිවෙනවානේ. මිනිස්සුන්ට නැවතත් පිටරටින් ගෙන ඉස්තරම් හාල් කන්න ලැබෙන්නේ යහපාලන රජය නිසානේ . කොච්චර ආඩම්බරද. අපේ ගොවියෝ දැන් සතොසෙන් බියර් එකක් අරගෙන බිල ජොලියේ ඉන්නවනේ, දුක් විදින්නේ නැතිව.
one srilankanThursday, 26 October 2017 04:45 AM
ආණ්ඩුව අමුතුවෙන් අපකීර්තිය පත්කරන්න ,,,කීර්තියක් තියනවද එක දෙයක්වත් ඉටු කරලා ,,,
darshanaThursday, 26 October 2017 05:10 AM
ඔය ජීවිත තර්ජන කතාව දැන් බොරුවක් බව හෙළිවෙමින් පවතිනවා - ඉතින් කවුරුහරි පොලිස්පතිට බලපෑම් කරනවානම් ඒ අනිකා විජේසුරියගේ පැත්තේ කෙනෙක් වෙන්න ඇති . මොකද අනිකා විජේසුරිය ලන්ඩන් යන්න ගුවන් ටිකට්පත වෙන්කරලා තියෙන්නේ ඔක්තෝබර් 4 වෙනිදා , රටින් යන්නේ 6 වෙනිදා . ඔය ජීවිත තර්ජන කතාව කරලියට එන්නේ ඔක්තෝබර් 13 වෙනිදා. රහස් පොලිසිය මේ ගැන හොයනකොට ඔක්කොම බොරු හෙළි වෙනවා
hafeelThursday, 26 October 2017 11:31 AM
ආණ්ඩුව අපකීර්තියට පත් කරන්න ආණ්ඩුවෙන්ම හැර වෙන කවුරුත් නැහැ. එතකොට සාගල, පොලිස්පතිට දුරකථනයෙන් බලපෑම් කල දර්ශනය කවුරුත් ප්‍රසිද්ධියේ දැක්කා. ඉතිහාසයේ වර්තමාන රජය වගේ කිසිම රජයක් යටතේ පොලීසිය, අධිකරණය සහ බන්ධනාගාර මේ වගේ හෙල්ලුමකට ලක්වුණේ නැහැ.
minipe Wednesday, 25 October 2017 06:26 PM
රහස් පොලිසයට ඊමේල් එක්කක් එව්වනම්, ඒ පොලීසය ඒතරමට රහස් නැත.
de silva Wednesday, 25 October 2017 08:43 PM
මම ඔය තර්ජන කතාව කරලියට එනකොටම මම මගේ අදහස ලිවුවා කව්රුහරි" සර්" කෙනෙක් මෙයට කතාකරල කියල , තර්ජනය කරපු සැක කරය තවම අත්අඩංගුවට අරන් නැහැනේ ? ඉතින් තවදුරටත් මේ ගැන කතා කිරීමෙන් පලක් නැහැනේ ?
අනුර පැස්කුවල් Thursday, 26 October 2017 01:29 AM
මෙම සිද්ධියම යහපාලනය පිළිබඳව හොඳ තක්සේරුවක් ලබා දෙයි. කලින් රජය පැවතුනා නම් මෙහෙම ප්‍රවෘත්ති පල වන්නේ නැත. එහෙම වුනා නම් එක්කෝ ලංකාදීප කාර්යාලය ගිනි ගනී. නැත් නම් පොලිස්පති ගෙදර යයි. ඒ හැමටම වඩා තමන්ගේ රජය සමයේ සිදු වුන බවට කෝප් වාර්තා මගින් පවා එකල ඔප්පු වූ කෝටි ගණන් වංචා පිළිබඳව කවදාවත් පරීක්ෂණයක් වත් පැවැත්වුනේ නැති බව මතක් කරගන්න. වෙනස සිතුවාට වඩා අළු පැහැතිය. එහෙත් තිබූ තරමට කට්ට කළු නැත.
upali Thursday, 26 October 2017 02:25 AM
මේ දෙපැත්තේම ඉන්නේ හොරු ඒ නිසා හොරු රකින්න හොරු ඉදිරිපත් වෙනවා පොලිස් පති තුමනි නිතිය හරියට කරන්න පක්ස පාටනැතිව
lift opetater Thursday, 26 October 2017 02:36 AM
ඇති වෙන්න මඩ නාලාඉන්න පොලිස්පති කූඩුකරන්නයි ඔය හදන්නේ මේක ලෝකෙම බලා ගෙන ඉන්නේ
appuva Thursday, 26 October 2017 03:18 AM
මන් කඩේ යනවා ඕව හදපු බොරු අපේ පොකට්ටුවට ගැහුවේ රවී මහත්තය නොවේ සන්දානේ බුදු සරණේ රටකට ගිය කල මන් කඩේ යනවා හාල් 250 පොල් (බැයක්) ගෙනෙන්න දවලට කන්න
jayampathi Thursday, 26 October 2017 05:05 AM
අනිකා විජේසුරිය ඉඳල තියෙන්නේ බාලි දුපතේ නිවාඩුවක් ගත කරමින් එහි සිටින ගමන්ම ඇය ඊළඟ නිවාඩුවක් සඳහා එංගලන්තයට යන බව ටුවිටර් සටහනක් තබා තියෙනවා පසුව ඇය ලංකාව හරහා දවසක් මෙහි ගත කර ඔක්තෝබර් 6 එංගලන්තයට ගොස් තිබෙනවා , නමුත් ඇයගේ ඔය ජීවිත තර්ජන දුරකථන ඇමතුම ඔක්තෝබර් 13 අපු එකක් ලු , ඉතින් අර රන්ජන් රාමනායක කියනවා වගේ මේකත් මුදලට නඩු නිම්ති වෙනස් කරන අයගේ වැඩක් බව පැහැදිලියි. ඇයගේ නිවාඩු ගැන ෆේස් බූක් සටහන් අන්තර්ජාලයේන් බැලීමට පුළුවන් .
prabathThursday, 26 October 2017 07:12 AM
ජයම්පති ඊළඟට කියයිද දන්නේ නෑ අනිකාගේ මාලිගාව අලෝසියස් උන්නැහේ රවිට අරන් දුන්නේ නැහැයි කියල...
athula Thursday, 26 October 2017 06:39 AM
රට 3 වෙනි පාර්ශවයකට බර නොදුනහොත් ඉදිරි වසර 5න් පසු රටට වෙන දෙය හිතා ගන්නවත් බැහැ මුන් දෙගොල්ලම කරන්නේ එකම දෙයනේ හොරකම් තක්කඩි අපරාද අවනීතිය මේවා දෙගොල්ලම නැහැ නැහැ කියා කියා ඇස්පනාපිට පෙනී පෙනී කරන දේවල් අපේ රටේ මිනිස්සු පට කන්නාඩි වලින් මේවා දෙස බලනතුරු මුන් මේ අය තක්කඩි කම් කරනවා
සිංහවංශ Thursday, 26 October 2017 09:53 AM
අඹ ගෙඩි 3 ක් සොරකම් කල ගැහැනියක් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන රටේ, මහාපරිමාණයෙන් අල්ලස් දීම්, අල්ලස් ගැනීම්, බැංකු වංචා, බදු ගෙවන්නන්ගේ මුදල් වංචා සහගත ලෙස අයිති කරගැනීම, එසේ කිරීමට ඉඩ විවර කරදීම, රහස්‍ය තොරතුරු විකිණීම, රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවල යෙදීම සහ එවන් ක්‍රියා වසන් කිරීමට සාක්ෂි සපයන්නන්ට මරණ තර්ජන කිරීම ඉතා භයානක අපරාධ ගණයට ලා සැලකේ. එම චෝදනා ලද්දන් වහාම අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගැනේ. වරක් ද්‍රෝහී වූ ඔවුන් නැවත ද්‍රෝහී නෙවෙයි කිසිවෙකුත් ඇප නොවන හෙයින් නැවත මහජන නියෝජිතයන් වීම වැලක්වීමට ප්‍රජා අයිතිය අහෝසි කරනු ලැබේ. ඔවුන් රටින් පිට කර ඇත්තේ වංචා කරන ලද මුදල් බැවින් ඒවා නැවත මෙරටට වහාම රැගෙන එනු ඇත...! මිතුරු මිතුරියනි ... මේ මා දුටු සිහිනයකි. කිසිවෙක් කලබල නොවන්න..!!!
සෙනෙවි Thursday, 26 October 2017 12:29 PM
පොලිස්පතිතුමාත් දෙශපාලනඥයෙක් නිසා එහෙම බලපෑමක් අවශ්‍ය වන්නෙ නෑ.