IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


‘පොලිස්පතිට ලොකු හදිස්සියක්‘

රටම ආන්දෝලනයට ලක්කළ, පාර්ලිමේන්තුවේ පවා විවාදයට ලක්වුණ ඇඹිලිපිටියේ සාදයක දී ඝාතනයට ලක්වූ තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්ව වැඩ තහනමට ලක්ව  ඇපමත සිටින සැකකාර සහකාර පොලිස් අධිකාරිවරයා යළි සක‍්‍රීය සේවයේ පිහිටුවන්නැයි  පොලිස් කොමිසමෙන් පොලිස්පතිවරයා ඉල්ලීමක් කර යළි සේවයේ පිහිටුවීමට කඩිනමින් ක්‍රියා කළත්  පොලිස්පතිවරයා යටතේ ඇති රහස් පොලීසිය එම සිද්ධියේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා නොකරන බව නීතීඥ විජිත ජී. පුංචිහේවා මහතා ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතා ඉදිරියේ කියා සිටියේ ය.

ඇඹිලිපිටිය නව නගරය පාරේ මෙන්ඩිස් ගොඩනැගිල්ලේ මේ වසරේ ජනවාරි 04 දින රාත‍්‍රී පැවති සාදයක දී ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් එහි කඩා වැදී කළ පහරදීමේ සිද්ධියකින් පසු සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන නම් විසි නව හැවිරිදි එක්දරු පියෙක් තුවාල ලබා දින තුනකට පසු මිය ගියේ ය.  එම මරණය සම්බන්‍ධ වැඩිදුර විභාගය අද (24) යළි කැඳවු අවස්ථාවේ මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නිතීඥ විජිත පුංචිහේවා මහතා ඉහත කරුණු අනාවරණය කළේ ය.

එම තරුණයාගේ මරණය සම්බන්‍ධයෙන් එවකට ඇඹිලිපිටිය පොලීසියේ සහකාර පොලිස් අධිකාරීව සිටි චමින්ද ධර්මරත්න යන අය රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි 3 වැනිදා රිමාන්ඞ් කැරිණි. ඒ අතර දී ඔහුගේ වැඩ තහනම් කළ අතර පසුව ජුනි 02 දින ඇඹිලිපිටිය මහාධිකරණයෙන් කොන්දිසි මත ඔහුට ඇප නියම විය.



අදහස් (0)

‘පොලිස්පතිට ලොකු හදිස්සියක්‘

තිළිණ Thursday, 25 August 2016 06:24 AM

අපි බලමු දැන් මේ හදිස්සිය අර බම්බලපිටියේ ඝාතනය ගැනත් තියෙයිද කියලා (නි)

:       0       0

සෙනරත් Wednesday, 24 August 2016 10:37 AM

අපිට නම් එතුමා ගැන විශ්වාසයක් නැහැ. එයට හේතු කීපයක් ඇත. (නි)

:       0       0

නිරේෂ Wednesday, 24 August 2016 10:46 AM

පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අපි අගය කරමු (නි)

:       0       0

හැරල්ඩ් Wednesday, 24 August 2016 10:54 AM

සෙනරත් හිතනවා වගේම තමයි මමත් හිතන්නේ (නි)

:       0       0

ජයරත්න Wednesday, 24 August 2016 08:44 PM

මමත් සෙනරත් සමග එකඟයි පොලිස්පති තුමා දක්ෂයෙක්නම් ක්‍රම සහ විදි යොදල ලංකාවේ රිය අනතුරු වලක්වන්න කටයුතු කල යුතුයි මහා පාරේ පිරිත් නොකියා රටේ රිය අනතුරු අඩුවෙන්න මහා පාරේ පිරිත් කිව්වම රිය අනතුරු අඩුවෙනවනම් පොලිස්පති තුමා අවශ්‍ය නැහැ එ්ක ගරු ස්ටාමින් වහන්සේලාට කරන්න පුළුවන්(රේ)

:       0       0

නිහාල් Wednesday, 24 August 2016 10:00 PM

මේ ප්‍රවෘති යේම තියෙනවා පොලිස් පතිතුමාගේ පක්ෂක්ග්‍රහි බවත්,පරීක්ෂනවල වියාකුලබවත්.(රේ)

:       0       0

සිසිර Thursday, 25 August 2016 12:10 AM

පොලිස්පතිවරයාගේ ආරම්භය හොඳයි. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 25 August 2016 12:16 AM

පොලිස්පතිවරයාට පොලිස් කොමිසමෙන් ඉල්ලීම් කරන්න පුලුවන්ද? මම මේ නොදන්නා නිසයි අහන්නේ (නි)

:       0       0

විපුල Thursday, 25 August 2016 07:19 AM

පොලිසිය ස්වාධීන කළත් වැඩක් නැහැ කියලයි රනිල් මහත්තයට කියන්න තියෙන්නේ. (බ)

:       0       0

මුණසිංහ Thursday, 25 August 2016 02:09 AM

පොලිස්පතිවරයා ගැන අපට තිබුණු විශ්වාසය එතුමා විසින්ම නැතිකරගෙන තියෙන්නේ. (නි)

:       0       0

අනුරාධ Wednesday, 24 August 2016 01:01 PM

මොන පොලිස්පති ආවත් දේශපාලනයේ ඉන්න අයට යටත් වෙලා තමයි ඉන්න වෙන්නේ. රාජකාරිය කරන්න ඉඩක් නෑ (හේ)

:       0       0

නුවන් Wednesday, 24 August 2016 01:05 PM

මේ පොලිස් පති තුමාට මට කියන්න තියන්නේ ඔබේ දක්ෂ කමින් ප්‍රයෝජනයක් ගන්න . (හේ)

:       0       0

බුද්ධික Wednesday, 24 August 2016 01:18 PM

අපි හිතුවා වැඩේ මේ විදියට වෙයි කියලා (නි)

:       0       0

සමන් Wednesday, 24 August 2016 01:19 PM

නිතිය රකින්න තිබෙන තැනම තත්වය පේනවා නේද. සිද්ධවුණ දේ අපි හැමෝගෙම හෘද ශාක්ෂිය දන්නවා මහත්තයෝ.මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම පාපයක්. (නි)

:       0       0

චමල්කා Wednesday, 24 August 2016 01:22 PM

පොලිස්පති ගැනත් අපේ තිබුණු බලාපොරොත්තු ඉවරයි (නි)

:       0       0

රත්නායක Thursday, 25 August 2016 04:59 AM

මෙිකට තමයි නීතිය නමනවා කියන්නේ.(ම)

:       0       0

සුමිත් Thursday, 25 August 2016 05:51 AM

එතුමා විසින්මයි එතුමාට එදා තිබුණු ගෞරවය දැන් නැතිකරගෙන තියෙන්නේ (නි)

:       0       0

රුවන් Wednesday, 24 August 2016 09:57 AM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)

:       0       0

මේනක Wednesday, 24 August 2016 10:27 AM

පොලිස්පතිතුමා ගැන අපිට තිබෙන්නේ ලොකු විශ්වාසයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 68 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 57 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1616 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 680 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1589 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1276 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site