(අංජුල මහික වීරරත්න)
රටේ විනය කොච්චර පිරිහිලාද කියනවා නම් පොලිස්පති විශ්‍රාම ගිය පසු එම ධුරයට පත්කර ගැනීමට චෝදනා නැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සොයාගැනීමට නොහැකි වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය.
ඒ නිසා ඉන්න පොලිස් පොලිස්පති පුටුව මාස තුනෙන් තුනට දිගු කිරීමට ජනාධිපතිවරයාට සිදු වී තිබෙන බවද බව ද එජාප මහලේකම් වරයා කීය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පෝලිමක් සිටින අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව එකේ සිට හතරට වන තුරුම විවිධ චෝදනා පරීක්ෂණ උසාවිවල නඩු තිබෙන බවද පොඩ්ඩක් බේරිලා ඉන්නේ පහේ ඉඳන් අටවෙනියා වන තුරු පමණක් බවද කී රංගෙ බණ්ඩාර මහතා අටවෙනියාගේ සිට ආපහු ඒ තත්ත්වයම තිබෙන බව කීය.
රටේ විනය සහ නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න කණ්ඩායමේ තත්ත්වය මෙය නම් රටේ අනෙක් තැන්වල නීතිය සහ විනය ගැන කතා කරලා වැඩක් තිබෙනවාදැයි එජාප මහ ලේකම්වරයා ප්‍රශ්න කළේය.
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘පොලිස්පතිට සුදුස්සකු සොයා ගන්න නෑ‘‘
sena Sunday, 09 July 2023 01:35 PM
පොලීසිය මේ තත්වයට පත්කළේ ඔයාලා...
විපරමා Sunday, 09 July 2023 02:10 PM
රටේ පළමු පුරවැසියන් පවා හොර දූෂිතයින්... අනික් අය ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.
Kazi Shajahan Sunday, 09 July 2023 02:24 PM
රනිල් හිරවෙලා ඉන්නේ...!
උපාලි Sunday, 09 July 2023 02:26 PM
රටේ විනය පිරිහිලා කියන එක නම් සහතික ඇත්ත බණ්ඩෝ. නැතිනම් වොඩ්කා වතුර වෙනවැයි. අනික් අතට හත්පොලේ ඡන්ද පැරදිච්චි අය මෙහෙම පණ්ඩිත කතා කියයිද ආයුබෝවන්..?
Roshan Sunday, 09 July 2023 02:33 PM
පොලිසියේ ඉඳලා දොට්ට දාපු කෙනෙක්... වොඩ්කා වතුර කරපු අයනේ... එනවා මෙතන අනිත් අයගේ විනය ගැන කියන්න...
Perera Sunday, 09 July 2023 02:43 PM
චීනෙන්වත් හොයලා බැලුවා නම්...!
Dharmatileke Sunday, 09 July 2023 02:54 PM
පොලිස්පති වෙච්චි ගමන් කරන්නේ පුද්ගලික උදව්... එතකොට වෙන්නේ කවුරුත් නොදෙන්නේ එය බොරු චෝදනා කරමින් තලා පෙළනවා. මේක මගේ පුද්ගලික අත්දැකීම් මත කියන දෙයක්...
චාන්දනී Sunday, 09 July 2023 03:00 PM
අනෙක් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තුවලත් තත්වය ඕක තමයි... රටේ සම්පූර්ණයෙන්ම විනය විනාශවෙලා තියෙන්නේ ඒකට තවත් හේතුවක් තමයි දේශපාලන හිතවතුන්ට තනතුරු ලැබෙන ක්‍රමයට පත්වීම් ලබාදීම ඇත්තටම පරිපාලන සේවයේ තනතුර සඳහා බඳවා ගැනීමේ විභාගය... අන්ත දූෂිතයි දේශපාලුවෝ තමන්ගේ නම් ලැයිස්තු අනුව බොහෝවිට තෝරා ගන්නවා. නිලධාරින් ඔවුන්ගේ හිතවතුන්ට උදව් කරනවා... සුදුස්සන් කුණුකූඩෙට වැටෙනවා. ඇත්තටම මෙතෙක් කලක් පන්දමුන්ට තනතුරු දුන්නු නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරින් දේශපාලුවන්ට ගොට්ට ඇල්ලුවා මිස විනය තකා වැඩක් කළේම නැහැ. දැන් කරන්න හදන්නේ යම් විදියකින් රටේ රාජ්‍ය සේවයේ විනයක් ඇතිකිරීම නම් අපි එයට සුබපතමු...
ravin Sunday, 09 July 2023 03:05 PM
පොලිසියේ විනය පිරිහෙන්න හේතු සාධක, කරුණු කාරණා ටිකත් ඔය එක්කම එකින් එක පැහැදිලි කළා නම්...!
rohana Sunday, 09 July 2023 04:22 PM
එහෙම නම් අපි 5 ,6 හා 7 වෙනියා අතුරින් කෙනෙකු පත්කරමුකෝ... ඉවරයිනේ වැඩේ...!
චන්දිම ෆොන්සේකා Sunday, 09 July 2023 05:40 PM
අඩේ බණ්ඩයියේ ඔයා පොලිසියේ හිටපු රාළහාමි කෙනෙක් නේ? ඉතින් ඔයා බලන්නකෝ... ලොක්කාට කියලා ඔයාව ඒ වැඩේට පත්කර ගන්න පුළුවන්ද කියලා. ලොක්කා ඔය වගේ මහා අංජ බජල් වැඩ සාමාන්‍යයෙන් කරනවානේ? යන්න ගිහින් පොඩි ට්‍රයි එකක් දෙන්න...
Rata Perata Monday, 10 July 2023 11:57 AM
බැංකු හොරෙක් ජනාධිපතිකම් කරන රටක පොලිස්පතිකම ගැන කවර කථාද? ඔක්කොටම වැඩිය හොඳයි පොලිස් සුනඛයෙක් දැම්මා නම්...