IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


පොලිස්පති ආබාධිත පොලිස් සාමාජිකයන්ගේ දුක අහයි

ත්‍රස්ත ප්‍රහාරවලින් සහ මහජන ආරක්ෂාව හා නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරිවලදී අනතුරුවලට ගොදුරු වී පූර්ණ ආබාධිත වූ පොලිස් සාමාජිකයන්ගේ ගැටළු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ දී පැවැත්විණි.

ඇවිදීමට නොහැකිව රෝද පුටු භාවිත කරන පොලිස් සාමාජිකයෝ නව දෙනෙක් ද, දෑස් අහිමිවූ සාමාජිකයෝ තිදෙනෙක් ද, දෙඅත් සහ ඇසක් අහිමිවූ නිලධාරියෙක් ද එම සාකච්ඡාවට සහභාගී වූහ. වසර ගණනාවක් තිස්සේ පොලිසිය තමන් ගැන සොයා නොලැබූ බවත්, තමන්ට සහන නොලැබුණු බවක් කියමින් එම පිරිස තම  ගැටළු පොලිස්පතිට ඉදිරිපත් කළහ.

 ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට පොලිස්පතිවරයා පොරොන්දු විය. එම සෑම පොලිස් නිලධාරියෙකු සමගම සුහදව කතා බහ කළ පොලිස්පතිවරයා ඔවුන් සමග ඡායාරූපවලට ද පෙනී සිටියේය.

මෙම සාකච්ඡාව සඳහා පොලිස් සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රාජිත ශ්‍රී දමින්ද, පොලිස් සුබසාධක කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයසූරිය, පිරිස් හා මානව සම්පත් අංශයේ සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ හා පොලිස්පති කාර්යාලයයේ සහකාර පොලිස් අධිකාරී ජයරත්න මහත්වරු ද සහභාගී වූහ.

14449897_10157509801645183_2984940304422724981_n 14468313_10157509783340183_2274398920983665995_o(1) 14494630_10157509791920183_8740875091634466631_n 14517391_10157509797860183_2492319673882796849_n

 

 



අදහස් (0)

පොලිස්පති ආබාධිත පොලිස් සාමාජිකයන්ගේ දුක අහයි

වීරතුංග Wednesday, 05 October 2016 11:19 AM

පොලිස්පති තුමනි දේශපාලන පලිගැනීම් වලට ලක්වූ අය දෙසත් ඔයවගේ කාරුණික නෙතින් බලා සාධාරණයක් කරනු මැනවි. (ර)

:       0       0

පෙරුමාල් Monday, 03 October 2016 07:10 AM

මේ සාකච්ඡාව එක දිගටම දවස් කීයක් තිබුනද?(හේ)

:       0       0

රොහාන් Wednesday, 05 October 2016 11:23 AM

පොලිස්පතිතුමනි සියළුම පොලිස් නිලධාරීන්ගේ වැටුප සාදාරන විදියට වැඩිවුනානම් හොද සේවයක් ලැබේවි. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 05 October 2016 11:33 AM

පුජිත් ජයසුන්දර පොලිස්පති තුමනි... ඔබතුමාගේ සේවාකාලය තුලදී රටේ නිතිය, හා සාමය සුරක්ෂිත වීම පොලිස් නිලධාරීන්ගේ... උසස්වීම්, මාරුවීම්, වැටුප් වැඩිවීම් විසදා රටේ යහපාලනයක් ධාර්මිස්ට රාජ්ජයක් මහජනයා අපේක්ෂා කරයි. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Monday, 03 October 2016 07:29 AM

ඔබතුමා මට එක් දිනක කිවා මට මතකයි. අපට විශ්‍රාමික හා රාජකාරියේ නියැලෙන අපේ පොලිසියේ නිලදරුවන්ගේ අයිතිවාසිකම් හා ඒ යට යුතුකම් ඉටු වීම හා කිරීම අතපසුවී මගහැරී ඇති අවස්ථා හා කාරනා යම්තාක් දුරට මා හදුනාගෙන ඇත යනවග .කවදා හෝ මම පොලිස්පති නිලය හොබවන්න ලැබුනොත් ඒ පිලිබදව මගේ විශේෂ අවධානය යෙමුකොට හැකි උපරිම ලෙස ක්‍රියා කරමි . ඒ දොන්කාරාත්මක වදන් මෙය දුටු මගේ මතකය මතක ආවර්ජනයකට මුසපත්විය. (ර)

:       0       0

රොෂාන් Monday, 03 October 2016 07:32 AM

වර්තමාන පොලිස් පතිතුමා කියන්නේ ඇත්ත වශයෙන්ම හොඳ මහත්මයෙක්. (ර)

:       0       0

දිනේශ Monday, 03 October 2016 07:35 AM

ආයතනයේ වගකීම ආයතනයේ යුතුකම හොදින් හදුනන ආයතනයක නායකයෙක් ... (ර)

:       0       0

ඉසුරු Monday, 03 October 2016 07:39 AM

මෙවන් පොලිස්පති වරයෙකු ආරක්ෂා කිරීම 85000ක් වන පොලිස් නිලදාරීන්ගේ වගකීම නේද.? (ර)

:       0       0

ඔසී අබේරත්න . Monday, 03 October 2016 07:44 AM

තම ආයතනයේ සේවයකළ දුකට පත්වූ තම සහෝදර නිලදාරීන් සමග සිටින මෙවන් ආයතන ප්‍රධානින් සෙසු ආයතන වලට ආදර්ශයක් ... (ර)

:       0       0

නාමල් Monday, 03 October 2016 07:45 AM

වෙවැනි දේවල් දකින්න කියවන්න ලැබීමත් වාසනාවක් (බ)

:       0       0

රන්දික Monday, 03 October 2016 07:49 AM

මෙතුමාට එක එක වෙබ්සයිඩ් වලින් හරියට මඩ ගහනවා මෙවැනි උතුම් දේවල් පෙන්නන්න ලියන්න මිනිස්සු කෝ .(බ)

:       0       0

සමන් Monday, 03 October 2016 07:51 AM

මිටකලින් පොලිස්පතිලා කියක් හිටියද ඒ කවුද මේවිදියට කළේ (බ)

:       0       0

රොහාන් Monday, 03 October 2016 02:53 PM

කෙලින් හිටගෙන කෙලින් වැඩකරන නිලධාරින්ට දුෂිතයන් ප්‍රහාර එල්ල කළේ අද ඊයේ නෙමෙයි හෙට අවසන්ද නොවේ ...(බ)

:       0       0

දීමන්ත Monday, 03 October 2016 02:58 PM

දෙපාර්තමේන්තුවටත් රටටත් වාසනාවක් මෙවන් නීතිගරුක යුතුකම් හදුනන රටට ආදරය කරන නිල දරුවෙක් පොලිස්පති පුටුවේ ඈදිගැනීම (බ)

:       0       0

නවිදු Tuesday, 04 October 2016 09:24 AM

පොලිස් පතිතුමනි මේවා දකිනකොට ..දේසපාලුවන් ඔබතුමාට නොයෙකුත් මඩ ප්‍රහාර එල්ල කරයි බිය නොවන්න මහජනයා ඔබ සමගයි ..(හේ)

:       0       0

පෙරේරා Tuesday, 04 October 2016 09:31 AM

පොලිසියේ ආබාධිත හා නොයෙකුත් අසාධාරණ කම් සිදුවුණු අය දෙසත් ඔබතුමා කාරුනිකව මැදිහත් වෙනු ඇතැයි අපි දෙනෙත් දල්වා බලා සිටිමු .ඔබතුමාට තුනුරුවන් සරණයි ...!! (හේ)

:       0       0

දයාන් Thursday, 06 October 2016 07:51 AM

ඔබතුමාට චිරංජයතු ...(ම)

:       0       0

ඉරුසු Thursday, 06 October 2016 07:53 AM

පොලිස් පතිවරයෙක් නොදකින පැතිකඩක් .. (ම)

:       0       0

ඔස්මන් Thursday, 06 October 2016 07:56 AM

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ මා නොදුටු කාකි නිල ඇදුමක්. (ර)

:       0       0

දයාන් Monday, 03 October 2016 04:31 PM

ගරු පොලිස්පතිතුමනි, මේ ඔබතුමාගේ ජන්මයෙන් එන හොඳ පුරුදු (නි)

:       0       0

ඔස්මන් Monday, 03 October 2016 04:34 PM

සියලු පොලිස් නිලදරුවනි, මේ ඔබගේ පොලිපතිතුමාය. එතුමා රැකගැනීම ඔබ සතු වගකීමකි (නි)

:       0       0

සුසන්ත Monday, 03 October 2016 04:38 PM

පොලිසියට සේවය කරද්දී ආබාධිත ඔබ දෙස හැරීබැලුවේ කොයි පොලිස්පතිතුමාද ....? (නි)

:       0       0

රොහාන් දයාදර Tuesday, 04 October 2016 09:46 AM

ගරු පොලිස්පති තුමනි ...උසස් වීම් සදහා සුදුසු කම් සපුරා ලැබිය යුතු වුනත් නොලැබුණු පොලිස් නිලදාරීන් විශාල සංඛ්‍යාවක් කලකිරීමකින් ඇත. (හේ)

:       0       0

පෙරේරා Monday, 03 October 2016 04:43 PM

රන්දික, ඔබ හරි. මහජනයා අවදියෙන් (නි)

:       0       0

කිත්සිරි Monday, 03 October 2016 04:46 PM

අපි සැමදා ඔබ සමඟයි ... (නි)

:       0       0

නිසාන්ති Monday, 03 October 2016 04:48 PM

පොලිස්පතිතුමනි, මේ පිං මහිමයෙන් ඔබට චිරං ජයතු! (නි)

:       0       0

ඉන්දුම Tuesday, 04 October 2016 10:03 AM

මේවා අති උතුම් පිංකම් පොලිස්පති තුමනි ඔබට... දිර්ඝායුෂ (බ)

:       0       0

අකලංක Tuesday, 04 October 2016 10:06 AM

ඔබතුමාට මෙවැනි උතුම් කටයුතු කරන්න තුනුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා ..........(බ)

:       0       0

සුසන්ති Tuesday, 04 October 2016 10:07 AM

හොද වැඩක් ජයවේවා ...(බ)

:       0       0

දිනේෂා Wednesday, 05 October 2016 06:16 PM

මගේ රටට හා ඔබතුමාට දළදා සමිඳු පිහිටයි! (නි)

:       0       0

ලක්සිත Tuesday, 04 October 2016 11:17 AM

මේ වාගේම පොලිස් දෙපාර්තමෙන්තුවේ අතපසු වූ ඒවාත් නිමාකරන්න. (ර)

:       0       0

ලංකා තිලක Tuesday, 04 October 2016 11:20 AM

මෙන්න අපිව හොදින් බලාගන්න පොලිස්පතිතුමෙක් ලැබිලා. ඔබතුමාට බුදුසරණයි.! (ර)

:       0       0

යසිත් Tuesday, 04 October 2016 11:49 AM

ඉතා හොද කටයුත්තක් බොහොම පිං.! (ර)

:       0       0

අනුර Tuesday, 04 October 2016 11:50 AM

ඔබට ජයවේවා.! (ර)

:       0       0

නාමල් Tuesday, 04 October 2016 11:51 AM

මැතිදුනි ඔබට සුබ පැතුම්.! (ර)

:       0       0

රුවන් Tuesday, 04 October 2016 11:52 AM

මෙහෙම තමයි නායකයන් වැඩ කලයුත්තේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 242 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1164 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2355 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1391 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1621 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1802 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39578 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site