IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘පොලිස්පති තනතුරේ ගෞරවය රැක්කා‘

මෑත භාගයේ බිහිවූ පොලිස්පතිවරුන් අතරින් ආදර්ශමත් ලෙස සිය තනතුරේ ගෞරවය රැකගෙන කටයුතු කළ පොලිස්පතිවරයෙකු ලෙස එන්.කේ ඉලංගකෝන් මහතා ඉතිහාසයට එක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (7) ප්‍රකාශ කළේය.

පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා අද(07) පෙරවරුවේ ජනාධිපති නිලනිවසේ දී ජනාධිපති  හමු වී සිය විශ්‍රාම ගැනීම පිළිබදව නිලවශයෙන් දැනුම් දුන් අවස්ථාවේදී ජනාධිපති මේ බව සඳහන් කළේය.

වසර 5ක පමණ කාලයක් පොලිස්පතිවරයා ලෙස සේවය කළ ඉලංගකෝන් මහතාට මෙහිදි ජනාධිපති  සිය සුබපැතුම් එක්කරමින් ඔහුගේ සේවාව අගය කළේය.

මෙරට 33 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ එන්.කේ ඉලංගකෝන් මහතා ලබන 11 වැනිදා නිලවශයෙන් පොලිස්පති තනතුරෙන් විශ්‍රාම යාමට නියමිතය.

IGP_201647 IGP_201647-2



අදහස් (0)

‘පොලිස්පති තනතුරේ ගෞරවය රැක්කා‘

කමල් Friday, 08 April 2016 07:25 AM

නැතුව, නැතුව, කටේ මසුරන් දාන්න වටිනවා මේ කතාවට. (ම)

:       0       0

චන්න Thursday, 07 April 2016 05:36 PM

ජනවාරි 8 වෙනිදා මෙතුමා කළ ඒ විශිෂ්ට සේවයට අපි ණයගැතියි (නි)

:       0       0

ජෙනි Thursday, 07 April 2016 05:42 PM

2015 වෙනතුරු පොලිස්පතිලා මේ රටේ හිටියද කියලා අපිට දැනුනේ නැහැ (නි)

:       0       0

හෙලන් Thursday, 07 April 2016 07:11 PM

අනේ! මෙහෙම කෙනෙක් හිටියා කියලා පත්තරෙන් දැක්කහමයි මතක්වුණේ (නි)

:       0       0

නිල්මිණි-ජපානය Thursday, 07 April 2016 11:27 AM

හැබැයි පොලිසිය කරන වැරදි ඔක්කොම වහලා තනතුරේ ගෞරවය විතරක් රැකලා නම් වැඩක් නැහැ (නි)

:       0       0

සිල්වා Thursday, 07 April 2016 11:27 AM

වටිනාම වැදගත් දෙය නම් මෙතුමාගෙන් අපි දුටුවේ මනුස්සකම, විශ්වාසය හා අවංකකමයි. ඔබට අපේ උත්තමාචාරය!! (නි)

:       0       0

අමිරා Thursday, 07 April 2016 12:41 PM

අනේද කියන්නේ . (හේ)

:       0       0

සම්පත් Thursday, 07 April 2016 12:51 PM

අනේ එ්ක මොකට කියනවද, පහුගිය කාලේ අපි දැක්කනේ පොලිසිය දේශපාලන පළි ගැනීම් කර කර ගෞරවය රැක්ක විදිය. (බ)

:       0       0

ජයවර්ධන Friday, 08 April 2016 10:33 AM

අපි ඒ බව දන්නවා.(හේ)

:       0       0

සිසිර Thursday, 07 April 2016 01:04 PM

සුබ පැතුම් (බ)

:       0       0

උපාලි Thursday, 07 April 2016 01:08 PM

ඉලංගකෝන් මහතා ඉතා අවංක දක්ෂ නිලධාරියෙකු හැටියට කීර්තියක් දිනා ගත් කෙනෙක්. පසුගිය වකවානුවේ එතුමාට එල්ල වූ අනිසි බලපෑම් ගැනත් ඒවායින් මිදෙන්න එතුමා දරු උත්සාහයන් ගැනත් පහු ගිය කාලයේ වාර්තා වුණා. අපේ රටේ දේශපාලන කුණු ගොඩෙන් ජරාව ඇඟේ නොගැවී රාජකාරි කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. විශේෂයෙන් මේ වගේ තනතුරක් දරන කෙනෙකුට. එ්ත් එතුමා බොහෝ දුරට සාර්ථකව ඒ අති දුෂ්කර කාර්යයත් කළා කියලයි මං හිතන්නේ. එතුමාට සුබ පතමි. (බ)

:       0       0

දහම් Thursday, 07 April 2016 01:20 PM

නැතුව, නැතුව, අැඹිලිපිටියෙනුත් ඒක හොඳට පෙනුනනේ. (බ)

:       0       0

ටිකිරි Friday, 08 April 2016 01:29 AM

රොහාන් දයාදර මහතා සමඟ මම 100%ක් එකඟයි (නි)

:       0       0

මොහාන් Thursday, 07 April 2016 01:39 PM

මට හිතෙන විදියට මේ කියන්නේ ජනවාරි අටවෙනිදා රාත්‍රියේ මෙතුමා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් කළ කැපකිරීම ගැන වෙන්න ඕනෑ. (නි)

:       0       0

ටෙනිසන් Friday, 08 April 2016 03:37 AM

ඔබතුමාට සුබ අනාගතයක්! (නි)

:       0       0

ඔෂාන් Thursday, 07 April 2016 03:14 PM

ඔබතුමා ගැන අපි ඇත්තටම සතුටුවෙනවා (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Thursday, 07 April 2016 03:14 PM

අවංකවම එහෙම කියන්න පුලුවන් නම් හරිම සතුටුයි (නි)

:       0       0

ඇසළ Thursday, 07 April 2016 03:23 PM

රාජකාරිය නියමාකාරයට කළේ රාජගිරියේ අනතුර වෙලවේදීද? එෆ්සීඅයිඩී එක ස්ථාපිත කළේ පොලිසියේ මොන නීති පොතෙන්ද? වත්තල මං තීරුව කැඩූ අයට විරුද්ධව ගත් ක්‍රියාමාර්ග මොනවද? (නි)

:       0       0

රොහාන් දයාදර පැරිස් Thursday, 07 April 2016 03:38 PM

මෙතුමා ගේ නිතිය හා සාමය නිවැරැදී තීන්දුව නිසා තමයි 2015 නියම ජනමතය ප්‍රකාශය ක්‍රියාත්මක වුනේ නිවැරැදී තීන්දුවක් රටට ලැබුනේ .ඔබතුමාට චිරන් ජයතු ...(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 876 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 406 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 885 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3217 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 589 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 229 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site