IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘පොලිස්පති තේරුව හැටි වැරදි‘ - ගම්මන්පිල

ව්‍යවස්ථාදායක සභාව  පොලිස්පතිධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිර්දේශ කළ ආකාරය නීත්‍යනුකූලවත් සදාචාරය අනුවත් වැරැදි යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා  අද (19) පැවැසීය.

 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඈ) (1) වගන්තිය ප්‍රකාරව ජනපතිවරයා විසින් ව්‍යස්ථාවදායක සභාවට පොලිස්පත්ධුරය සඳහා නමක් යෝජනා කළ පසු ව්‍යවස්ථාදායක සභාව  කළ යුත්තේ එම නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යැයි ද, නීතිපතිවරයා තෝරාගත් ආකාරයත් පොලිස්පතිවරයා තෝරාපත් ආකාරයත් පරස්පර යැයි ද ඒ පත්කිරීම් දෙකම නීතිවිරෝධි යැයි ද ඔහු  කීවේය.

පිවිතුරු හෙළ උරුමයේ පිටකෝට්ටේ   පක්ෂ කාර්යාලයේ පැවැති අද (19) පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා එගෙස පැවසීය.

‘අපට නව වසරේ ලැබුණේ අසුබදායක පුවතක්. ජනපතිවරයා නමක් නිර්දේශ කළාම ව්‍යවස්ථාදායක සභාව කරන්නේ ඒ නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමයි. මීට මාස දෙකකටත් අඩු කාලයකට පෙර නීතිපතිවරයා පත් කිරීමේදී ජනපතිවරයා ව්‍යවස්ථාදායක සභාවට නම් තුනක් යෝජනා කළා. එතකොට ව්‍යවස්ථාදායක සභාව ජනපතිවරයාට දැනුම් දුන්නා නමක් තෝරා දෙන්න කියා. ඔවුන්ට කළ හැක්කේ ජනපතිවරයා යෝජනා කරන නම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම යැයි ඔවුන් එහිදි ජනපතිට කිව්වා. ඔවුන්ට නම් තේරීම කළ නොහැකි බව ඔවුන් පවසා සිටියා.

 ඒත්  පොලිස්පතිවරයා තෝරන්නේ එදා වැරැදියි කියපු විදියට. ව්‍යවස්ථාදායක සභාවට ඔවුන් එදා හිටපු ස්ථාවරය අමතක වෙලා. නැතිනම්, බලෙන් අමතක කරලා. එදා ජනපතිවරයා නීතිපති තනතුරට ජයන්ත ජයසූරිය මහතාගේ නම යෝජනා කළාම, ව්‍යවස්ථාදායක සභාවට එය අනුමත කළා. එහෙත් පොලිස්පතිවරයා තේරීමේදීත් ජනපතිවරයා ඒ වැරැද්දම කළාම, ව්‍යවස්ථාදායක සභාව ඔවුන්ට අවශ්‍ය නමක් තෝරනවා. එදා වැරැදි වුණාට අද වැරැදි යන අදහස එයින් ඇඟවෙනවා.

 අපිට ආරංචි විදියට ජනපතිවරයා හා අගමැතිවරයා පොලිස්පතිධුරයට නම් දෙකක් පිළිබඳ යෝජනාවක් තිබිලා තියෙනවා. නැවත ජනපතිවරයාට යැව්වොත් අපට අවශ්‍ය නම එන එකක් නැතැයි කියන බිය ව්‍යවස්ථාදායක සභාවට ඇතිවෙන්න ඇති.

 මීට පෙර නීතිපතිවරයා පත් කිරීමේදීත් ජ්‍යෙෂ්ඨත්වය සලකන්නැයි අපි කිව්වා. නියෝගයක් දුන්නාම සුවච කීකරු ගෝලයෙක් ලෙස එය ඉටු කරනවා ද? උදේට ‘ගුඩ් මොර්නින්‘ සර් කියනවාද යන නිර්ණායක මත නීතිපති, පොලිස්පති වගේ තනතුරුවලට පුද්ගලයන් පත් කරන්න බැහැ. මේ ව්‍යවස්ථාදායක සභාව මුණ ලස්සන වුණාට ඇතුළේ අවුල්.‘ 



අදහස් (0)

‘පොලිස්පති තේරුව හැටි වැරදි‘ - ගම්මන්පිල

ඉසුරන්දි Tuesday, 19 April 2016 12:35 PM

ඕක අනෙක් අතට සිද්ධ වුනානම් මෙතුමලා ඔය කටින්ම කියාවි ජනාධිපතිගේ හෝ අගමැතිගේ තනි කැමැත්තට එයාලගේ වන්දි බට්ටයෙක් තේරුවයි කියලා.අනේ අප්පා මේ අපේ සිංහල ජාතියේ හැටියක්ද? (බ)

:       0       0

ඩිලාන් Wednesday, 20 April 2016 02:58 AM

පසුගිය මැතිවරණයේදී ඔබට සන්ධානයෙන් නාමයෝජනා දීමත් වැරදියි. ඔබට වඩා රටටත් සන්ධානයටත් සේවය කළ සාමාජිකයන් විශාල පිරිසකට නාමයෝජනා ලැබුනේ නැහැ. ලබන වර නම් මේ වගේ අයට නාමයෝජන දිය යුතු නැත. (නි)

:       0       0

අහමඩ් ජිෆ්රි Tuesday, 19 April 2016 12:41 PM

කියන්නා කෙසේ කිවත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා කථාවක් තියනවානේද (බ)

:       0       0

හේමාල් Wednesday, 20 April 2016 02:59 AM

“බංකොලොත් දේශපාලකයන්ගේ අප්සට් කතා“ පොල් ටිකක් ගැහුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

රොමේෂ් Tuesday, 19 April 2016 12:46 PM

ගම්මන්පිල දැන් ඔයා රිටයර් වෙන්න.. සීය සීය එකතුකරලා දෙන්නම් (බ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 April 2016 12:48 PM

මට පෙන්නේ මෙයාගේ හිතේ පාතාලයෙක් පොලිස්පති කරන්න වගේ , ඒවා ගිය ආණ්ඩු කාලේ මහත්තයෝ මේක යහපාලන ආණ්ඩුවක් , මතකනේ එක ඇමති තුමෙක් සෙනග හසුරුවන්න ආපු නියෝජ්‍ය පොලිස්පතිවරු අහවල් ලේකම්ට කෝල් කරලා හැරෙන තැපෑලෙන් හු හඩ මැද්දේ හරවල අැරිය හැටි , ඒවා හොඳයි මේවා නරකයි (බ)

:       0       0

අශාන් Tuesday, 19 April 2016 12:48 PM

ඔය කියන්නේ අර පහුගිය කාලේ තෝරපු විදිහට තෝරන්න කියලද? මහත්තයෝ ඔයාට පිස්සුද නැත්නම් හැටිද? (බ)

:       0       0

රෝහණ මහලියනආරච්චි Tuesday, 19 April 2016 12:50 PM

මේ මනුස්සයාට නම් හොඳටම පිස්සු (බ)

:       0       0

චානක් ඇන්ජලිස් Wednesday, 20 April 2016 03:41 AM

ඔව් ඔව්. මෙයාගේ නායකයා ඔක්කොම කලේ සදාචාරයට නීතියට ගරුකරලා .. (ම)

:       0       0

තිලක් Tuesday, 19 April 2016 12:51 PM

මෙයා ජාතික නායකයෙක් වගේ පෙන්නන හදනවා, (බ)

:       0       0

අමරසිංහ Tuesday, 19 April 2016 01:14 PM

ගම්මන්පිල කියන විදියට පොලිස්පති ජිනීවා වලින් තේරුවොත් හරි යයිද (බ)

:       0       0

තාබුක් සිල්වා Tuesday, 19 April 2016 01:15 PM

මේගොල්ලන් කෙළ හලාගෙන බලාගෙන හිටියේ මේ අයට කේලම් කියන කෙනා එනකම් දැන් ඉතින් වැරදුනාට පසුව පිස්සු කතා කියන්න එපා (බ)

:       0       0

බුද්ධික Wednesday, 20 April 2016 05:02 AM

ඉතින් දැන් ඔබතුමාද හරි විදියට තෝරන්න දන්නේ? (නි)

:       0       0

උමේශ් Wednesday, 20 April 2016 05:07 AM

මෙතුමා ඉතින් මොනදේකද වරදක් නොදකින්නේ? (නි)

:       0       0

ජයසේන Tuesday, 19 April 2016 01:51 PM

ගම්මන්පිල මහතාට මරු දේවල් කියන්න පුළුවන් (බ)

:       0       0

දිනේෂ් Tuesday, 19 April 2016 02:09 PM

මෙයාලට ඕන විකි, එතකොට මෙයාලගේ රජ පරම්පරාවේ නඩු වලින් බේරෙන්න පුළුවන් නේ . (බ)

:       0       0

නිම්මි Tuesday, 19 April 2016 02:44 PM

මේකට ප්‍රතිචාර දාන අයට වැඩිය ගම්මන්පිල උගත් මනුස්සයෙක්. එත් අපේ රටේ වැඩිය ඉන්නේ උගත් දේශපාලකයෝ නෙමෙයිනෙ.(බ)

:       0       0

සමන්ති Tuesday, 19 April 2016 02:50 PM

ගම්මන්පිලට හොල්මන් පේනවාද? (බ)

:       0       0

ජබීර් Tuesday, 19 April 2016 02:53 PM

මෙයාට නම් දැන් හොඳටම පිස්සු වගේ (බ)

:       0       0

සරණපාල Tuesday, 19 April 2016 03:02 PM

ප්‍රංශයට, ස්විට්සර්ලන්තයට කිව්වොත් පුජිත් තුමා ගන්න එකක් නැහැ. (බ)

:       0       0

රේණුක Tuesday, 19 April 2016 03:31 PM

අපරාදේ මෙයාටනේ පොලිස්පතිකම දෙන්න තිබුනේ (බ)

:       0       0

සනත් ඒකනායක Tuesday, 19 April 2016 03:35 PM

සුදුස්සා තේරිලා නිසා ඔබතුමා කලබල වුනාට වැඩක් නෑ.(බ)

:       0       0

සුමිත් Tuesday, 19 April 2016 09:45 AM

ජනාධිපති තේරුවා වුණොත්, තනි පුද්ගලයකු තෝරනවාට වඩා ව්‍යවස්ථාදායක සභාවක් විසින් තෝරන එක තවත් සාධාරණයිනේ......(ම)

:       0       0

චන්දන ගමගේ - මාතර Tuesday, 19 April 2016 03:59 PM

ගම්මන්පිල මහත්තයට තියෙන ප්‍ර‍ශ්නෙ පොලිස්පති නෙවෙයි පරණ මිත්‍ර‍ චම්පික මහත්තය ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න එකයි.(බ)

:       0       0

ප්‍රදීප් Tuesday, 19 April 2016 09:51 AM

මෙයාට නම් දැන් හොඳටම පිස්සු වගේ !(හේ)

:       0       0

අංජුල Tuesday, 19 April 2016 09:51 AM

මේ අයනම් කරන කරන හැමදේම වැරිදියි කියන එකනේ කියන්නේ.(හේ)

:       0       0

ශාන්ත Tuesday, 19 April 2016 04:11 PM

ගම්මන්පිල කියන්නේ මොකක්ද? එහි තර්කානුකූල බවක් තියෙනවා ද? කියල හිතන්නේවත් නැතිව ප්‍රතිචාර දක්වනවා. මේ බුද්ධිමත් පාඨකයො! ලැජ්ජයි. (බ)

:       0       0

සනත් Tuesday, 19 April 2016 09:52 AM

මීට පෙර ජනාධිපතිවරුන්ගේ තනි කැමැත්තට පොලිස්පති, නීතිපති පත්කළ විදිහ මෙතුමන්ලාට අමතක වෙලාද? අපක්ෂපාති නිලධාරියෙක් ලෙස කීර්තිමත් නමක් හිමි නව පොලිස්පති තුමාගේ පත්වීම 19 වන සංශෝධනය තුලින් ජනතාව ලැබූ ජයග්‍රහණයක්. (හේ)

:       0       0

සෑම් Tuesday, 19 April 2016 10:08 AM

යනෙනමන් නැති බංකොලොත් දේශපාලකයන්ගේ කතා (බ)

:       0       0

විද්‍යා Tuesday, 19 April 2016 05:59 PM

පොල් ටිකක් ගැහුවොත් හොඳ නැද්ද? (නි)

:       0       0

සරණපාල Tuesday, 19 April 2016 10:09 AM

කොහොම තේරුවත් නියම සුදුස්සා තේරුණානේ (බ)

:       0       0

ඩෙන්සිල් ගුණවර්ධන Tuesday, 19 April 2016 10:12 AM

අර ඔයාගේ ලොක්කා තෝරපු විදිය හරිද? ජනපති තෝරපු නම ව්‍යවස්ථාදායක සභාව අනුමත කරලා නැවත ජනපතිට එවීම මොන විහිළුවක්ද ? (බ)

:       0       0

රවී Tuesday, 19 April 2016 10:14 AM

ගම්මන්පිල කැමති කාල්ටන් නිවසින් ඩීජී තෝරනවාට (බ)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Tuesday, 19 April 2016 10:16 AM

ගම්මන්පිලට දැන් ඔක්කොම පෙන්නේ වැරදි විදියට .. හෙවනැල්ලත් ඇදයිලු අත්හැරෙනා දීගේ කිව්වලු . (බ)

:       0       0

පෙරේරා Tuesday, 19 April 2016 07:01 PM

ඔව් ඔව් ඕක ගැන කියන්න ආපහු ජිනීවා ගමනක් දාගන්න. හැබැයි යනකොට බෑග් එක මතක ඇතුව අතේ අරන් යන්න! (නි)

:       0       0

දිලිප් Tuesday, 19 April 2016 10:17 AM

ඉදිරියට වෙන්න යන නිවැරදි දේවල් ගැන දැන්ම බය වෙලා වගේ? එ්කනේ මෙච්චර කලබල වෙන්නේ? (බ)

:       0       0

අසෝක Tuesday, 19 April 2016 10:25 AM

ජනාධිපති තේරුවා වුණොත්, තනි පුද්ගලයකු තෝරනවාට වඩා ව්‍යවස්ථාදායක සභාවක් විසින් තෝරන එක තවත් සාධාරණයිනේ.... (ම)

:       0       0

බෙනට් Tuesday, 19 April 2016 09:03 PM

අනේ ගම්මන්පිල මහත්තයෝ, මොනවද මේ කතා? (නි)

:       0       0

සිල්වා Tuesday, 19 April 2016 10:31 AM

තෝරපු හැටි වැරදි නම් 40 සෙට් එකෙන් , කට්ටිය අරගෙන ජිනිව යන්න (අ)

:       0       0

වින්සන්ට් Tuesday, 19 April 2016 09:39 PM

බොහෝදෙනා පිස්සුද කියලා අහනවා. ඇත්තටම පිස්සුද? අනේ මට තේරෙන්නෙ නැහැ (නි)

:       0       0

අනුර සිරිවර්ධන Tuesday, 19 April 2016 10:34 AM

එදා අගවිනිසුරුවරිය මාරු කරන කොට හිටියේ දිව්‍යලොකේද අපයේද?(අ)

:       0       0

ටානි Tuesday, 19 April 2016 10:46 PM

පසුගිය රජය කාලේ පත්වීම් කළහැටි අපි දන්නවනේ (නි)

:       0       0

විජේලතා Tuesday, 19 April 2016 10:34 AM

ඇයි රජතුමා ද ඔක්කොම තෝරන්න ඕනේ ? අපි දැක්කනේ ඒකාලේ හිටපු නීතිපතිලා පොලිස්පතිලා රාජකාරි කරපු හැටි .හැම එකටම විරුද්දවන එක විපක්ෂය කියල මේගොල්ලෝ හිතන්නේ . (අ)

:       0       0

ලසිත් Tuesday, 19 April 2016 10:46 PM

මහින්දගේ කාලේ පත්වීම් දුන් හැටිත් අපිට හොඳට මතකයි (නි)

:       0       0

ශාන්ත Tuesday, 19 April 2016 11:22 PM

මෙන්න මේක තමයි මෙයාලගේ ප්‍රධාන ලක්ෂණය. රටම හොඳයි කියන දේවල් මෙයාලට නරකයි. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 19 April 2016 10:51 AM

මෙම සභාව සියලු පක්ෂ නියෝජිතයන් ගෙන් සමන්විතය.ගන්නා තීරණ ප්‍රජාතන්ත්‍රවාදිය.මෙය වැරදී ලෙස පෙන්නේ ඔලුවෙන් හිටගත්තොත් පමණී.(හේ)

:       0       0

ජයම්පතී Tuesday, 19 April 2016 10:52 AM

දැනටම බය වෙලා වගේ. (හේ)

:       0       0

සරත් Tuesday, 19 April 2016 10:54 AM

මෙයා මොනවද හොදයි කියලා තියෙන්නේ. ? හැමදේටම විරුද්ධ වෙනවා (බ)

:       0       0

අමිත Tuesday, 19 April 2016 10:57 AM

මෙයයි ප්‍රජාතන්ත්‍රවාදය තනි පුද්ගල මතයට තානාන්තර දුන් යුගය දැන් අවසන් මේවා අල්ලන්නේ නැත්තේ පිස්සන්ට හා පැරණි පාලනයෙන් කාබී පෝෂනය වූවන්ට පමණයි (බ)

:       0       0

බාලසුරිය Tuesday, 19 April 2016 10:59 AM

ඉස්සර ඔය තනතුරුවල හිටපු කට්ටිය හොදයි නේද මහත්තයෝ ?එක් කෙනෙක් බොරු,අනිකා අන්දරේ .ඒකාලේ ඔබලාට හොදයි නේද ? ඔබගේ , බිරිදගේ නඩුවලින් දැනටත් කිසි ප්‍රශ්නයක් නැහැ නේද ? (බ)

:       0       0

අාසිරි Wednesday, 20 April 2016 12:12 AM

ගම්මන්පිලගෙන් අහලද තෝරන්න ඕනෑ දැන්? (නි)

:       0       0

අමල් Tuesday, 19 April 2016 11:04 AM

කලින් කොහොමද තේරුවේ ? (බ)

:       0       0

චන්දන Wednesday, 20 April 2016 12:22 AM

ජනතාව මෙයාලා ගැන දන්නවා. අපි ඔහුට අනුකම්පා කරමු. (නි)

:       0       0

නාලිකා Tuesday, 19 April 2016 11:06 AM

ජයසුන්දර මහතා ට සුබ පතනවා.ගම්මන්පිලට වයර් මාරු වෙලා (බ)

:       0       0

මෙලනි Wednesday, 20 April 2016 12:54 AM

මෙයාලා ඉතින් මොනදේකද වැරැද්දක් නොදැක්කේ? (නි)

:       0       0

තරංග Tuesday, 19 April 2016 11:18 AM

ගම්මන්පිල මොකක්ද හරි කිව්වේ (බ)

:       0       0

රොහාන් Tuesday, 19 April 2016 11:23 AM

හරි කෙනාව තමයි නිර්දශ කරලා තියෙන්නේ මෙයාට වැඩිය පොලිස්පති ධූරයට සුදුසෙක් දැනට නැහැ ඔබතුමා බොරුවට උඩපනින්නේ නැතුව ඉන්න ඔයාලගේ පිවිතුරු කම රෙද්ද පල්ලෙන් බේරෙනවා (බ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 19 April 2016 11:23 AM

අහවල්ලු වෙනුවෙන් අහවල්ලු (බ)

:       0       0

චන්දන Tuesday, 19 April 2016 11:33 AM

අනේ මේ ගොම්මන්පිල මහත්තයෝ බොරුවට තප්පුලන්නේ නැතුව ඉන්නවද පාඩුවේ...(බ)

:       0       0

නිලංග Wednesday, 20 April 2016 01:53 AM

ගම්මන්පිල අප්සට් ඇති මහින්දගේ ගෝලයෙක් තෝරාගත් නැති එකට. මොකද එහෙම වුණා නම් කොයිතරම් හොඳයිද? පූජිත මහත්තයා තමයි නියම සුදුස්සා. ඒක පේනවා මේ අදහස් බැලුවාම (නි)

:       0       0

චන්දි Tuesday, 19 April 2016 11:50 AM

ගම්මන්පිල මහත්තයා කියන කතාව ඇත්තක්.(හේ)

:       0       0

පද්මිණි Tuesday, 19 April 2016 11:55 AM

හොඳම තේරීමක්.ඔබට සුබ පැතුම් !(හේ)

:       0       0

සමන් Tuesday, 19 April 2016 12:16 PM

පිස්සු තදවෙලා ඉන්නේ .සේරම වැරදියට පේන්නේ (බ)

:       0       0

බර්නාර්ඩ් පෙරේරා Tuesday, 19 April 2016 12:23 PM

ඔය මනුස්සයට අර ඉතිරි ඇමති කම දුන්නනම් හරි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 194 0

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 557 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


එජාප සමඟ සාකච්ඡා සාර්ථක නැහැ
2024 සැප්තැම්බර් මස 30 513 1

ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම


ටෝනෙඩෝවකි කරුකුපනේ විදුහලකට හානි
2024 සැප්තැම්බර් මස 30 520 0

ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.


සිරවුණු ගගනගාමීන් ගේන්න යානයක් යයි
2024 සැප්තැම්බර් මස 30 1218 0

නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත


හැටන් පාසල් ප්‍රවාහන සේවා හදිසි පරීක්ෂාවක්
2024 සැප්තැම්බර් මස 30 465 1

හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38213 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25168 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 295 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site