(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා අද සිය ධුරයට සමුදුන්නේය.
ඔහු අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් අනතුරුව සේවා දිගු 3ත් ලබා සිටියේය.
සිය ධූරයෙන් විශ්‍රාම ලබා ගන්නා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට සහ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට දුරකථන ඇමතුම් ලබාදී වික්‍රමරත්න මහතා දැනුම් දී ඇතැයිද පොලිස් මූලස්ථාන මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට සූදානමක් තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලිස්පති ධූරයට සමු දෙයි
C.K.Lankaputhra Saturday, 25 November 2023 11:31 AM
එයා පත්කරොත් UNP ය කපෝතියි.
samSaturday, 25 November 2023 05:49 PM
මේ සියලු සිදුවීම් සිදුවන්නේ රටේ පුරවැසියන්ට යමක් සිතන්න...!!!
sachith Saturday, 25 November 2023 11:50 AM
"පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා...." තවත් විනෝද සමයක් එන්න වගේ යන්නේ...!
Nihal Saturday, 25 November 2023 11:52 AM
UNP කොහොමත් කපෝතියි, මේ මනුස්සයා පුද්ගලිකවම උදව් දෙමින් සමාජයම කපෝති කරයි.
sawudam Saturday, 25 November 2023 12:10 PM
වයස 60 ඉක්මවූ නිසා ගෙදර යන එක හොඳයි. 1,2,3 හැර වෙනත් කෙනෙකු පොලිස්පති කළොත් විතරක් පොලිසිය හරිමගට යාවි... අනික් කරුණ තමයි වෙනත් ඇමැතිවරයෙකුත් පත්කළ යුතුයි. නැතිනම් පොලීසිය ඉවරයි...
Amal Saturday, 25 November 2023 01:18 PM
පිං ජනාධිපතිගේ පොලිස්පති රීලෝඩ් ඉවරයි වගේ...? ඇයි පොලිස්පතිකමට පත්කර ගන්න වඩාත්ම දූෂිත කෙනා තෝරාගන්න තවත් කාලයක් ගතවන නිසාද? පොලිස්පති ධුරයේ වැඩ බැලීමට දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට සූදානම? වෙලාවට ඡන්ද තියන්න බැරි, පොලිස්පතිවරයෙක් පත් කරගන්න බැරි දූෂිත - මූසල ආණ්ඩුවක්.!!!
Rosa Saturday, 25 November 2023 01:35 PM
නෑ ... ඉරිසියා කරන්න එපා.. දේශබන්දු තෙන්නකෝන් මහතා ඉතාම සුදුසුයි...!
Rata Perata Saturday, 25 November 2023 02:05 PM
මේ වගේ මිනිස්සුන්ටත් පොලිස්පතිලා වෙන්න පුළුවන් නම් ඔය ලොකු ගෙවල්වල බැලමෙහෙවර කරන අයත් සුදුසුයි ඕවට... ළමයි ඉන්නවා නම් එයාලාටවත් කියන්න බැරි වුණාද මන්දා මෙහෙම කරන්න එපා කියලා..
ජගත් ලියනගේ Saturday, 25 November 2023 02:17 PM
විනාසයි...
Janaka Saturday, 25 November 2023 03:33 PM
කුප්‍රකට දේශබන්දු පත්කරොත් අභිමානවත් පොලිස් දෙපාර්තුමේන්තුව තලෙයිබාන් ත්‍රස්ත සංවිධානයක් වෙයි. පොලිස් ඇමැති ඉන්නෙත් ත්‍රස්තවාදී LTTE එකත් එක්ක ගනුදෙනු කරපු කෙනෙක්..!
Kazi Shajahan Saturday, 25 November 2023 03:59 PM
දේශබන්දු කියන්නේ රාජපක්ෂගේ කෙනෙක්... ඕනම දෙයක් කරනවා... යස් සර්... යස් සර් කියලා... වෙන කෙනෙක් දාන්න... නැතිනම් නීතියක් නැතිවෙනවා.
විපරමා Saturday, 25 November 2023 04:54 PM
පොලිස්පතිකමට සුදුසුකම් ඇති අය නැතුව නොවෙයි. දේශපාලුවන්ගේ පදේට නටන රූකඩ වගේ අයව තමා ඔය තනතුරට පත්කරන්නේ?
HELAYA Saturday, 25 November 2023 05:47 PM
කවුරු පත්වුණත් පවතින රජයට පක්ෂව වැඩකරනවා. කෙළින් හිටියේ ඉලංගකෝන් පමණි.
Kumara Saturday, 25 November 2023 06:10 PM
අපිනම් හිතුවේ මෙයාට තාම අවුරුදු 32ක් කියලා...!
ජනක Saturday, 25 November 2023 08:19 PM
දේශබන්දු නම් ඕනේම නැහැ... අරගල කාලේ මොහු හැසිරිච්චි විදියට මිනිස්සුන්ට එපාම වුණා...
සමන් විමල් Saturday, 25 November 2023 08:55 PM
දේශබන්දු කියනකොට කුඩ්ඩන්ට, පරගලයේන් ජීවත් වුණු එවුන්ටයි මළ තමයි...
Prabha Sunday, 26 November 2023 01:51 AM
කුඩ්ඩන්ට මල නෙමෙයි මගුල්.
ගමේ එකාලා Sunday, 26 November 2023 12:15 AM
දේසද්‍රෝහියෝ නම් වැඩක්ම නැහැ.
අරවින්ද මොනරවිල Sunday, 26 November 2023 08:56 AM
පිනාට නැතත් පොලිස්පතිට හරි ලැජ්ජා බය පොඩ්ඩක් හරි තිබුණ එක බොහොම වටිනවා, නැත්නම් වෙන්නේ පිනා ගෙදර යවන තූරු පොලිස්පතිට රිලෝඩ් වාසනා උරගා බලමින් පොලිස් මූලස්ථානයේ ලගින්න වෙන එකයි. දේශබන්දු වගේ තක්කඩියෙක් නමගිය අපරාධකාරයෙක් වැඩ බලන්න හො පොලිස්පති තනතුරට පත්වුනා කියන්නෙම පාතාලයට කුඩු මුදලාලාට රටේ පාලනය හිමිවුනා වගේ වැඩක්. කවුරු කොහොම කිව්වත් මේකෙන් යු.එන්.පී. කාරයන්ට හො පොහොටුවන්ට අබමල් රේණුවක හානියක් වෙන්නේ නැහැ. දේශබන්දුවා සී.ඩී ට වැඩිය හොදට පිනාගේ කැමැත්තට උවමනාවට වැඩ කරනවා ඇත.
නිහාල් Sunday, 26 November 2023 09:08 AM
දේශබන්ධු ඕකට තමයි ෆේස්බුක් කැම්පේන් වලට වියදම් කලේ.
සෙනෙවිරත්න Sunday, 26 November 2023 11:45 AM
සමන් විමල්, අරගලය නොතිබෙන්නට තාමත් අපි හිවල්ලු රැලක් සිංහයො කියල හිතාගෙන මේ දුක් කන්දරාව විඳිනව, අඩුගානෙ දැන් දුකට හේතුව වත් දන්නව. දේශබන්දු කරපු ගැතිකම්, වහපු මැරකම් එලියට ආපු දවසට කූරුගනින්න තමයි වෙන්නෙ.
fairoos Sunday, 26 November 2023 01:02 PM
නියමයි රට තවත් අරාජිත වෙන්නයි යන්නේ