IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


’පොලිස්පති පත් කරන්නේ හරියට රීලෝඩ් දාන විදිහට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික  වීරරත්න )

අද පොලිස්පති සති දෙකෙන් තුනට  පත් කරන්නේ ෆෝන් එකට රීලෝඩ් දාන ආකාරය යැයි ජාතික ජනබලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද(19) පැවසීය.

පොලිස්පතිවරයාගේ සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇති හෙයින් පසුගිය 9 වැනිදායින් පසු ශ්‍රී ලංකාවේ පොලිස්පති වරයා කවුදැයි  ඔහු කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසුවේ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා දුන් සේවා දීර්ඝය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

පොලිස්පතිගේ සේවා දීර්ඝය අවසන් වුණා. ඔහුට සේවා දීර්ඝය ක් දෙන්න ජනාධිපතිතුමා ඉල්ලීමක් කළා.  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒක  අනුමත කළේ නැහැ. එතකොට දැන් අපේ රටේ පොලිස්පති වරයා කවුද. ඔක්තෝබර්  9  වැනිදායින් පසු ඔහුගේ දෙවැනි රීලෝඩ් එකත් අවසන් වුණා.
දැන් කවුද අපේ රටේ පොලිස්පති. ප්දැන් ඇමතිතුමා නියෝග නිකුත් කරන්නේ කවර පොලිස්පතිවරයාටද.



අදහස් (9)

’පොලිස්පති පත් කරන්නේ හරියට රීලෝඩ් දාන විදිහට

ගමේ එකාලා Thursday, 19 October 2023 05:43 PM

පොලිස්පති කෙනෙක් පත් කරගන්න බැරි ආණ්ඩුව? අනික් දේවල් ගැන කවර කතාද? ආණ්ඩුව කියන පදේට නටන රූකඩයක් වුණා නම් වැඩේ ගොඩ....!

:       9       4

මැක්ස් Thursday, 19 October 2023 05:44 PM

ස්වාධීන කොමිෂන් සභා වැනි ව්‍යවස්ථා විහිළුවලට මිනිස්සු අන්දපු ජේවීපියට දැන් තමන්ගේම ක්‍රියා පාරා වළල්ලක් වීම උත්ප්‍රාසජනකයි...!

:       6       8

Ariyathilaka Thursday, 19 October 2023 07:15 PM

පොලිස්පති පත් කිරීම පිළිබඳව නීතිමය ප්‍රතිපාදන සලසා ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 41 අ ව්‍යවස්ථාව ඇතුළතයි. 41 අ (1) අනු ව්‍යවස්ථාවෙහි සඳහන් ප්‍රකාරව එහි I වන උප ලේඛනයෙහි සඳහන් කොමිෂන් සභාවල සභාපතිවරුන් සහ සාමාජිකයින්ද II වන උපලේඛනයේ I වන කොටසෙහි සහ II වන කොටසෙහි සඳහන් ධුර සඳහා පත්කළ යුතු තැනැත්තන් ද ජනාධිපතිවරයා විසින් පත් කළයුතු බව ද ඒ පත්කළ යුතු ආකාරය ද මෙකී ව්‍යවස්ථාවෙන් පනවා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකී 41අ ව්‍යවස්ථාවේ 8 වන අනු ව්‍යවස්ථාවේ (අ) සහ (ආ) ඡේදයේ පහත පරිදි ව්‍යවස්ථා කර ඇත. "8.(අ) ජනාධිපතිවරයයා විසින් (1) අනු ව්‍යවස්ථාව යටතේ සභාවේ නිරීක්ෂණ ඉල්ලා සිටිනු ලබන අවස්ථාවක දී ඔහු විසින් එකී පත් කිරීම් සඳහා යෝජනා කරනු ලැබූ තැනැත්තන් පිළිබඳ සභාවේ නිරීක්ෂණ, එකී නිරීක්ෂණ ඉල්ලා සිටීමේ දින සිට සතියක කාලපරිච්ඡේදයක් තුළ කථානායකවරයා මගින් ඔහුට එවන ලෙස ජනාධිපතිවරයා විසින් සභාවය නියම කරනු ලැබිය යුත්තේ ය." "(ආ) සභාව විසින් එකී නිරීක්ෂණ (අ) ඡේදයේ නිෂ්චිතව සඳහන් කරනු ලැබූ කාලය තුළ ජනාධිපතිවරයාට දැක්වීම පැහැර හැරියහොත්, ජනාධිපතිවරයා විසින් වහාම එකී පත්වීම් සිදු කිරීමට කටයුතු කළ යුතුය.

:       0       0

Ariyathilaka Friday, 20 October 2023 02:53 PM

කටයුතු කළ යුත්තේ ය." ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසු මේ වගන්ති අභියෝගයට ලක් කළ නො හැකි බැවින් මෙය සම්මත කිරීමට පෙර මෙම ව්‍යවස්ථා සංශෝධනය කිරීමට සම්බන්ධ වු සියලු පාර්ලිමේන්තු මන්තීවරුන් විසින් සහ විරුද්ධ පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් මේ සංශෝධනය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයෙදී දැනුවත් කළ යුතු වූ කරුණකි. මෙම ව්‍යස්ථාවේ (ආ) ඡේදය අනුව පාර්ලිමේන්තු සභාව( ව්‍යවස්ථාදායක සභාව) පිහිටුවීමේ අභිලාෂයන් සාධනය වන්නේ ද යන්න සිතා බැලිය යුතු ය. වන උප ලේඛනයෙහි සහ II වන උප ලේඛනයෙහි සඳහන් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධූර සඳහා පත්කළ යුතු තැනැත්තන් ජනාධිපතිවරයා විසින් යෝජනා කරනු ලැබූ පසු, පාර්ලිමෙන්තු ව්‍යවස්ථාදායක සභාව විසින් සතියක් ඇතුලත එකී නිරීක්ෂණය ජනාධිපතිවරයාට දැක්වීමට පැහැර හැරිය හොත් ජනාධිපතිවරයාට වහාම එකී පත්වීම් කිරීමට බලය ඇත. එකී පත් කිරීම් නීතිය හමුවෙහි අභියෝගයට ලක් කිරීමට බලයක් නැත. පාර්ලිමේන්තු ව්‍ය්වස්ථාධයක සභාව විසින්, 8(අ) අනුව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාගේ යෝජනා නිරීක්ෂණය කිරීම පැහැර හැරියහොත්, එකී පැහැර හැරීම පිළිබඳව පාර්ලිමේන්තු සභාව (ව්‍යවස්ථාදායක සභාව)

:       0       0

Ariyathilaka Thursday, 19 October 2023 07:20 PM

ජනාධිපතිවරයාගේ යෝජනාව සහ ඉල්ලීමට අනුව සතියක් ඇතුළත නිරීක්ෂණය නොකළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත.

:       0       0

Rohana Friday, 20 October 2023 07:26 AM

ආණ්ඩුව කැමතිම කෙනෙක් ඉන්නවා පොලිස්පති කමට. ඒක කොහොමහරි දෙන්න තමයි ඔය බලබල ඉන්නෙ.

:       0       2

Ariyathilaka Friday, 20 October 2023 02:26 PM

නිරීක්ෂණය නො කළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත.

:       0       0

Ariyathilaka Friday, 20 October 2023 02:57 PM

සම්බන්ධව ප්‍රතිකර්ම සහ ප්‍රශ්න කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වා නැත. මෙය කෙතරම් බලපතල කාරණයක් ද යන්න පැහැදිළි වීමට, 41අ (1) අනු ව්‍යවස්ථාවේ I වන උපලේඛනයෙහි කොමිෂන් සභා සහ II වන උපලේඛනයෙහි I වන කොටසෙහි සහ II වන කොටසෙහි පනවා ඇති ධූර පහත දක්වමු. I වන උපලේඛනය 1.මැතිවරණ කොමිෂන් සභාව. 2. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. 3. ජාතික පොලිස් කොමිෂන් සභාව. 4.ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. 5. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව. 6. මුදල් කොමිෂන් සභාව. 7. සීමා නිර්ණය කොමිෂන් සභාව. II වන උපලේඛනයෙහි I වන කොටස:- 1.අග්‍ර විනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් 2.අභියාචනාධිකරනයේ සභාපති සහ විනිශ්චයකාරවරයන් 3. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන් II වන කොටස:- 1.නීතිපතිවරයා. 2. විගණකාධිපතිවරයා. 3. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්). 4.පාර්ලිමේන්තු මහ ලේකම්වරයා 5.පොලිස්පතිවරයා. මෙහි I වන සහ II වන උපලේඛනයන්හි සඳහන් සභාපතිවරුන්, සාමාජිකයන්, සහ ධූර පත් කිරීමේදී පාර්ලිමේන්තු සභාව (ව්‍යවස්ථාදායක සභාව)

:       0       0

Ariyathilaka Friday, 20 October 2023 02:58 PM

විසින් ජනාධිපතිවරයාගේ යෝජනාව සහ ඉල්ලීමට අනුව සතියක් ඇතුලත නිරීක්ෂණය නො කළහොත්, නිරීක්ෂණය පැහැර හැරියහොත් ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය අනුව තත් සභාපතිවරුන්, සාමාජිකයන් සහ ධුර සඳහා තැනැත්තන් පත් කිරීමේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 1092 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2204 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1131 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 377 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1656 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1174 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39792 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25852 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 84 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site