IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම්

තරිඳු ජයවර්ධන
 
වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනවාට පොලිස්පතිවරයා දිගින් දිගටම විරෝධය දැක්වූ කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ජතික පොලිස් කොමිසම විසින් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කරනු ලැබීය.

 
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය. ඒ  මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
 
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි. කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකිරීම නිසා මැයි මාසයේ මුල් සතියේ දී ජාතික පොලිස් කොමිසම පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කරනු ලැබූහ.
 
තමා කිලිනොච්චි කොට්ඨාසයෙන් මාරු කර කොට්ඨාසයක් නැතිව සාමාන්‍ය රාජකාරි සඳහා යොදවන බවට කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමක දී පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව කියමින් පාලිත සිරිවර්ධන මහතා පොලිස්පතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි. බොරු චෝදනා මත යළිත් වරක් තමාට හිරිහැර කරන බව කියමින් සිරිවර්ධන මහතා පොලිස්කොමිසමට පැමිණිලි කර තිබුණු බව කොමිසමේ ආරංචි මාර්ග කියයි.   මේ හේතුව නිසා තමාට උසස්වීම් නොදෙන බව කියමින් පාලිත සිරිවර්ධන මහතා කොමිසමට ලිඛිතව දැනුම් දුන් බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
පාලිත සිරිවර්ධන මහතාට එරෙහිව චෝදනා පත්‍ර දෙකක් කෙටුම්පත් කර නීතිය හා සාමය අමාත්‍යංශයට යවා ඇතැයි පොලිස්පතිවරයා දැනුම් දුන් බවත්, ඒ අනුව එම චෝදනා පත්‍ර දෙක කොමිසමට ගෙන්වාගෙන විමසා බැලූ බවත්, එම චෝදනා පත්‍ර සනාථ කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.
 
ඒ අනුව කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වැඩ බලන නියෝජ්‍ය පොලිස්ති තනතුරට පත් කළ ජාතික පොලිස් කොමිසම ඊට අදාළ පොලිස් පණිවුඩය නිකුත් කරන ලෙස පොලිස්පතිට දැන්වූ බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පොලිස් සේවයට එක් වී ඇත්තේ 1979 වසරේදීය. ඒ මහතා කොළඹ, තංගල්ල, යාපනය ආදී ප්‍රදේශ රැසක සේවය කර තිබේ.



අදහස් (9)

පොලිස්පති විරෝධය නොතකා පාලිත සිරිවර්ධනට උසස්වීම්

Suranga Thursday, 24 May 2018 05:44 PM

අපේ කාලයේ මෙහෙම උනේ නෑ අපෙ හාමුදුරුවනේ.... උසාවිය කිව්වත් තීරණ වෙනස් කලේ නෑ...

:       2       51

Bamunuarachchi Thursday, 24 May 2018 11:22 PM

ජනතාව චන්දයෙන් ප්‍රතික්ෂේප මිනිසුන්ට ඇමතිකම් දුන්නානම් පොලිස්පති ප්‍රතික්ෂේප කල කෙනෙකුට නියෝජ්‍ය පොලිස්ප්ස්තිකම දීම පුදුමයක් නොවෙයි. දැන් වෙන්නේ කුඹුර හාන්න එලහරක්යි මීහරකයි ඇන්දුවාම වෙනදේ. දෙසපාලුවන්ට පොලිස්සිය තුල පාලනය බොහොම ලෙහෙසිවෙනවා

:       20       8

Chanak Los angeles Friday, 25 May 2018 12:51 AM

පොලිස්පති හරි .. මොහු මිනීමැරුම් චෝදනාවකට ලක්වී වැඩපවා තහනම් කල පුද්ගලයෙක් . කොහොම නිදොස් වෙලා අයිමත් තනතුර ආවද කියා දෙවියෝ පමණයි දන්නවා ඇත්තේ ..අපිට තේරෙන්නේ නැහැ සේවා වාර්තාවේ කළුපැල්ලම් තිබෙන පුද්ගලයන්ට කෙසේද උසස් වීම් දෙන්නේ කියා ?

:       160       44

M.A.A.R. Fernando Friday, 25 May 2018 01:46 AM

වයස අවුරුදු 18 දී සේවයට ආවත් දැන් වයස 57 යි. පොලිස්පතිතුමාගේ මේ විරෝධය වසර 40 ක් පොලිස් සේවාවේ සිටි විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන කෙනෙකුට යි!

:       0       32

sanath Friday, 25 May 2018 04:15 AM

පොලිස්පති හරිද? කොමිසම හරිද? නීතිය සහ සාමය පිලිබඳ ඇමතිතුමාගෙන් අහන්න.

:       2       0

KANDEPOLA Friday, 25 May 2018 04:35 AM

රටේ සාමය පවත්වාගැනීම කෙසේ වෙතත්, තම ඉහල නිලධාරීන් අතරවත් සාමය එකමුතුකම පවත්වාගන්න මේ පොලිස්පත්වරයා අසමත්.

:       1       109

Chandima Friday, 25 May 2018 11:51 AM

කවුද නිවැරදි කවුද හරි කියල නොදැන කොහොමද අදහස් පල කන්නේ? ඔය කොමිෂන් ස්වාධින කිව්වට ඕවයේ ඇතුළේ දේශපාලන නියෝජිතයෝ ඉන්නවා.

:       3       7

Rohan gunarathna Saturday, 26 May 2018 08:47 AM

මේ පොලිස්පතිතුමා නම් කුජිත වෙලා ඉන්නේ... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ ජනප්‍රිය පොලිස් නිලධාරියෙක්...

:       0       9

Rohan gunarathna Saturday, 26 May 2018 09:02 AM

දැන් පොලිසිය නම් ඉවරයි. නිලධාරීන්ගෙන් හරියට පළිගන්නවා. පිස්සු නටනවා... පාලිත සිරිවර්ධන කියන්නේ ඉතා හොඳ පොලිස් නිලධාරියෙක්... කව්රුත් දන්නවා මේ ඇතැම් ලොක්කන් නිලධාරින්ගෙන් හරියට පළිගන්නවා.

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්
2024 නොවැම්බර් මස 25 34 0

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව අනුරාධපුර මූලස්ථාන පොලිස


යතුරු පැදි හොරෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 25 7 0

අනුරාධපුර මිහින්තලේ, ගලෙන්බිඳුනුවැව, එප්පාවල සහ තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මහා පරිමාණයෙන් යතුරු පැදි සොරකමේ නිරත වූ, පුද්ගලයකු අත්අඩංගුවට ග


මිලියන 100ක බැඳුම්කරයක් මත සුජීවගේ V8 රිය මුදා හරියි
2024 නොවැම්බර් මස 25 496 0

අධිකරණය බාරයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ඇති සුජීව සේනසිංහ මහතාට අයත් නීති විරෝධීව එකලස් කළා යැයි චෝදනා එල්ල වී ඇති සුඛෝපභෝගී V8 මෝටර් රථය රුප


ඇමති බංගලා කුලියට ගන්න ආයතන දහයක් පෝලිමේ
2024 නොවැම්බර් මස 25 1329 0

හිටපු ඇමතිවරුන්ට වෙන් කෙරුණු කොළඹ බංගලා තම ආයතන පවත්වාගෙන යෑමට කුලියට දෙන්නැයි අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත්


නිධන් සොයන්න ගිය 5ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 25 115 0

වනාතවිල්ලුව රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසියෙ නිළධාරීන් කණ්ඩායමක් අද(25) අත් අඩංගුවට ගත් බව කියය


පස්සර- පිටමාරුව මාර්ගයට පස් කදු කඩා වැටෙයි
2024 නොවැම්බර් මස 25 147 0

පස්සර පිටමාරුව ප්‍රධාන මාර්ගයේ රෝබේරියවත්ත ප්‍රදේශයේ දී අද (25) දහවල් මාර්ගය ට පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනය ඇන‍ හිට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 516 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2050 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site