IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


පොලිසියටයි සිසුන්ටයි තුවාල

උද්ඝෝෂණයේ නිරතවූ සබරගමු විශ්වවිද්‍යාල සිසුන් ඉවත් කිරීමට යෑමේදී පොලීසිය හා සිසුන් අතර ඇතිවූ ගැටුමෙන් පොලිස් නිලධාරීන් 12 දෙනකු තුවාල ලැබූ බවත්, ඉන් 10 දෙනකු බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිෂාන්ත ජයකොඩි මහතා කියයි.

සිද්ධියෙන් තමාට සහ සහකාර පොලිස් අධිකාරීවරයකුට ද තුවාල සිදුවූ බව හෙතෙම සඳහන් කරයි.

ගැටුමෙන් තුවාල ලැබූ සිසුහු පිරිසක් ද බලංගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

 



අදහස් (0)

පොලිසියටයි සිසුන්ටයි තුවාල

ඇසළ Saturday, 01 June 2013 11:07 PM

ඉස්සර ඉදලම අවුරුදු 42 කෙරුවේ ඕකම තමයි. ඉදිරියේදිත් මේ ලෝකේ තියෙනකම්ම කරන්නෙත් විරෝධතාවයන් විතරයි. ජීවත් වෙන්න වෙන රස්සාවක් හොයා ගනිල්ලා, දෙවියන්ගේ නාමයෙන් අහිංසක ජනතාව බිලි කොකු වලට අමුනන්නේ නැතුව. (නි)

:       0       0

රංජනී Sunday, 02 June 2013 02:19 AM

විශ්ව විද්‍යාල වල දරුවෝ සංවර වෙන්න ඕනෑ.පොලිසියේ ඉන්නේ වැඩිහිටියෝ. හරියට තමන්ගේ දෙමව්පියෝ සහෝදරින්ට ගහනවා වගේ. (නි)

:       0       0

නිමල් Sunday, 02 June 2013 05:46 AM

සංජු, පද්මිණි දේසපාලන වහල්බාවයෙන් තොරව හැම දෙනාම ඔබලා වගේ සිතනවා නම් (නි)

:       0       0

මුණසිංහ Sunday, 02 June 2013 06:44 AM

වැරැද්දක් කලාම ළමයන්ට දඩුවම් දෙන්න ඕනෑ! ළමයි එම දඩුවම් විදින්න ඕනෑ! එහෙම නැතුව ළමයින්ට ඕනෑ ඕනෑ දේවල් කරන්න ඉඩ දුන්නොත් කවදාක හරි කියයි විභාග වලට නොලිව්වත් උපාධිය දෙන්න කියලා. මේවා සේරම දේශපාලන උප්පරවැට්ටි. (නි)

:       0       0

උපාලි Sunday, 02 June 2013 08:36 AM

උගතුන් බිහිවීම වළක්වන්නයි ආණ්ඩුව කටයුතු කරන්නේ කියල මෙතන චෝදනාවක් තියෙනවනේ. හැබැයි, මේ ළමයින් අවුරුදු 3 උපාධියට අවුරු 4 ක් වත් ගත කරලා එලියට එනකොට ඔවුන්ට පුද්ගලික අංශයේ රැකියා බොහොමයක් වැහිලා. ලොකු පුද්ගලික ව්‍යාපාර කරුණු තුනක් නිසා මේ අය බඳවාගන්න කැමති නැහැ. ඉංග්‍රීසි උගත්කම මදිවීම, උපාධිය රැකියාවට අදාළ නොවීම, තමන්ගේ ආයතනවලත් පෙරළි කරන්න මොවුන් සුදානම් වෙයි කියන බය. මම පුද්ගලිකව දන්නා දෙයක් ඔය කිව්වේ. ඔය මුල් කරුණු දෙක ලබාදෙන්න කියල මේ ළමයි කවදාවත් ඉල්ලලා හරි අරගල කරල හරි තියෙනවද? (නදී)

:       0       0

ඩයස් Sunday, 02 June 2013 08:51 AM

මේ අරගල වලට හේතුව සෙවිය යුතුයි. සියලුම දේශපාලන බලපෑම් විශ්ව විද්‍යාල තුලින් තුරන් කල යුතුයි.(නදී)

:       0       0

භාරත Sunday, 02 June 2013 09:47 AM

රටේ දේශපාලුවෝ අමු අමුවේ රට වනසන එක පෙන්නේ නැහැ. ඒත් මේ ළමයි ඉල්ලන්නේ තවත් ළමයි 4 දෙනෙකුගේ විභාග අයිතිය.(නදී)

:       0       0

සංජු Saturday, 01 June 2013 04:53 PM

සිසුන්ට ගහල වැඩක් නැහැ , පොලීසියටගහල වැඩකුත් නැහැ ,,රටේ අධ්‍යාපනය දේශපාලනයෙන් තොර කරලා රටට උගත් බුද්දිමත් පිරිසක් බිහි කරන්න කැප වෙන්න ඔක්කොම, දේශපාලනයේ හරි ප්‍රතිපත්තියක් ක්‍රියාවට ගෙනවානම් අද අපේ රට ආසියාවේ දියුණු රට බවට පත්ත්කරන්න තිබුනා.(ස)

:       0       0

ශානුක සෙනරත් Sunday, 02 June 2013 10:01 AM

ගහල මදි.(නදී)

:       0       0

මෙතුජ Saturday, 01 June 2013 05:04 PM

රටෙ නිතියට අවනත නොවු සිසුන්ගෙ පන්ති තහනම් කර කැම්පස් වලින් එලවා දමන්න. නිතිමය ක්‍රියාමාර්ග ගන්න. ලංකාවෙ ලමයි කැම්පස් ගියාම හිතන් ඉන්නෙ රටෙ ජනාදිපතිකම ලැබුනා කියලා. මේවට දෙමව්පියො ගුරුවරුත් වග කියන්න ඕනෑ... (නි)

:       0       0

අසේල Sunday, 02 June 2013 10:13 AM

තමන්ගැන හිතන්නේ නැතිව රටේ ප්‍රශ්ණ ගැන කතා කරන ළමයින්ට මේ වගේ ප්‍රතිචාර දාන්න එපා.(නදී)

:       0       0

පාර්ලි Sunday, 02 June 2013 10:23 AM

සිසුන්ට අරගල කරන්න අයිතියක් තියෙනව. සිසු අරගල රටක අධ්‍යාපනයේ ගුණාත්මක බව රැකගන්න වැදගත්. (අ)

:       0       0

සාගර Saturday, 01 June 2013 05:19 PM

මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ

:       0       0

පද්මිනී Saturday, 01 June 2013 05:46 PM

මේ ගහගන්න දෙගොල්ලොම එකම පිඩිත පන්තියේ අය. නුගත් දේශපාලකයින් ඉන්න රටක මේ දේ උරුමයි.(නදී)

:       0       0

අනුර Saturday, 01 June 2013 06:31 PM

මේ ඔක්කොටම හේතුව කැම්ප් ඇතුළට රිංගපු දේශපාලන වසංගතය (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 01 June 2013 06:34 PM

මගේ විශ්ව විද්‍යාල යාළුවෝ ඒ කාලේ අරගග කෙරුවත්, දැන් අරගල කරන අයව හෙලා දකිනවා? (නි)

:       0       0

පෙරේරා Sunday, 02 June 2013 08:03 PM

අපරාදෙ මහන්සිය. (ත)

:       0       0

දම්මි Saturday, 01 June 2013 06:58 PM

පොලිසියේ අය මෙහෙම හැසිරෙන එක වැරදියි (නි)

:       0       0

මිලින්ද Saturday, 01 June 2013 07:03 PM

අන්තරේ ඊලග බිල්ලට පෙරමග සකසනවා.(නදී)

:       0       0

ලලිත්-එස්.එල් Saturday, 01 June 2013 07:48 PM

ඔය කියන සිසු සංවිධාන සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි. එසේ සංවිධානය වන්නන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි.(නදී)

:       0       0

සදුනි Saturday, 01 June 2013 09:39 PM

මම ලලිත්ගේ අදහසට විරුද්ධයි.සංවිධානය වෙන්න සිසුන්ට අයිතියක් තියෙනවා,හැබැයි මහජනතාවට පීඩාවක් වන සේ හැසිරීම ලොකු වරදක්.නිදහසේ ගමන් බිමන් ගොස් කටයුතු කරගන්න මහජනයාට අයිතියක් තියෙනවනේ.ලොකුම වරද සිසුන් දේශපාලන අතකොලු වීමයි (නි)

:       0       0

විරාජ් කාලිංග Saturday, 01 June 2013 09:53 PM

මේ රට කොයිබට ගමන් කරනවද මන්දා? මේකටත් කියයි දේශපාලන පක්ෂ සිසුන් කුලප්පු කරලා හරි ජාත්‍යයන්තර කුමන්ත්‍රණ හරි මොකක් හරි බයිලයක් කියයි පස්සේ. උගතුන් බිහිවන එක අවම කිරීම තමයි දැන් ඉන්න අයගේ අරමුණ. එතකොට ඕනෑ තරම් හිතේ හැටියට රට කාලා යන්න පුළුවන්,බහුතරයකට තේරෙන්නේ නැහැනේ එතකොට. බුද්ධිමතුන් දේශපාලනයෙන් ඉවත්වීම තමයි අද මේ පත්වී ඇති ඉරණමට ප්‍රධාන හේතුව (නි)

:       0       0

රුක්මල් Saturday, 01 June 2013 10:15 PM

සරසවි සිසුන් ලනු ගිලිනවා මදිවට අපිටද මහා කරදරයකි.රටකට ගිය කල... එතකොට කලින් හිටපු සරසවි සිසුනුත් ඔය විදියටම කළා නේද? දැන් එයාලා කෝ? තාම සටන් කරනවද? රටේ තියෙන ප්‍රශ්න මදිවට අපිට පුදුම වදයක් දෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 102 0

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 802 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 1659 4

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1080 2

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 450 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 274 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38042 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25052 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 245 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 788 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site