IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පොලීසියට පාට් දැමූ එකම පවුලේ 4කට වැඩ වරදී

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ගංජා වැටලීමකට  සෙල්ල කතරගම වල්ලි ගුහාව ප්‍රදේශයේ නිවසකට ගිය කතරගම පොලීසියේ නිලධාරීන්  කණ්ඩායමකට පිහි සහ පොරෝ  රැගෙන පහරදීමට උත්සාහ කළේ යැයි කියන යුද හමුදා සෙබළෙකු, ඔහුගේ බිරිඳ පුතා සහ දියණිය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි කතරගම පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා මඩකලපුව ප්‍රදේශයේ හමුදා කඳවුරක රාජකාරි කරන හතළිස් තුන් හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ  41 හැවිරිදි  වියේ  පසු වන අතරපුතා  20 හැවිරිදි වියේ ද දියණිය 17 හැවිරිදි හැවිරිදි පසුවෙති.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර යුද හමුදා  සෙබලා ගංජා කතුරකින් කපමින් සිටිනවා දැක පොලිස් නිලධාරීන් තිදෙනා ඔහු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවේ ඔහුගේ බිරිඳ පුතා සහ දියණිය පිහි සහ පොරෝ    රැගෙන එම නිලධාරීන්ට පහර දීමට  උත්සාහ කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකාර සෙබළා ද ඔහු අතේ තිබූ   කතුරෙන් නිලධාරීන්ට ගැනීමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි.

පොලිස් නිලධාරීන් තිදෙනා මේ බව කතරගම පොලිසියට දැනුම් දී තවත් පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වා ගත් අවස්ථාවේ එම නිලධාරීන්ට දපහරදීමට උත්සාහ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

පොලිස් කණ්ඩායම සැකකරුවන්සහ සැකකාරියන් අල්ලා මෙල්ල කර සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. කතරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

 

 

 



අදහස් (1)

පොලීසියට පාට් දැමූ එකම පවුලේ 4කට වැඩ වරදී

Bunny Preena Wednesday, 02 August 2023 01:30 PM

බොහොම හොඳ ආදර්ශමත් පවුලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 48 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 228 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 187 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 715 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 295 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 567 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site