IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


පොලිසියට බැන්න වැලිජාවාරම්කරු රිමාන්ඩ්

බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබූ  ලොරියක් අත්අඩංගුවට ගැනීමට ගිය අහුංගල්ල වැලිකන්ද මාර්ගයේ සංචාරය කරමින් සිටි නිලධාරීන් දෙදෙනකුට ලොරියේ සිටි අය පරුෂ වචනයෙන් බැන වදින ආකාරය එහි සිටි අයකු එය තම ජංගම දුරකතන මගින් වීඩියෝ ගතකර ඇත.

පොලිස් නිලධාරීන්ට  බැන වැදුණු වැලි ජාවාරම්කරු  ඉහළ මැදිහත්වීමකින් අත්අඩංගුවටගත් බලපත්‍රයක් නොමැති වැලි ලොරිය නිදහස් කරගෙන ගිය බව එම නිලධාරීන් විසින් පොලිස් පොතෙහි සටහනක් යොදා ඇත.

මෙම පොලිස් නිලධාරීන් හට අදාල වැලි ජාවාරමකරු බැන වදින අයුරු දැක්වෙන වීඩියෝව පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග වහාම ක්‍රියාත්මක වූ

පොලීසිය ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි වරයාගේ උපදෙස් පරිදි  පරීක්ෂණයක් ආරම්භ කළේය.

වැලි ජාවාරම්කරු අද (8) අත්අඩංගුවට ගෙන බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට නියෝග කැරිණි.

රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරියට බාදා එල්ල කිරීම,අත්අඩංගුවට ගත් දෙයක් නිදහස් කරගෙන යාම යන චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරා ඇත.

මීට මාස දෙකකට පමන ඉහත්දී ද කොස්ගොඩ පොලීසියේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් මෙම වැලි ජාවාරම්කරුට අයත් බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින්සිටි වැලි ලොරියක් අත්අඩංගුවට ගෙනඇති අතර එම අවස්ථාවේදීද මොහු තම බලයයොදා වැලි ලොරිය නිදහස්කරගෙන ගොස් ඇතැයි කියති.



අදහස් (0)

පොලිසියට බැන්න වැලිජාවාරම්කරු රිමාන්ඩ්

ශාන්ත Wednesday, 09 March 2016 03:17 AM

මහින්දගේ පාලන කාලේ හොරෙක් වෙන්නැති.දැන් එව්වා බෑ හරිද. දැන් රනිල් චන්ඩියා. (බ)

:       0       0

කමල් Wednesday, 09 March 2016 03:26 AM

මිනිහගෙන් උදව් ඉල්ලගත්ත කියන ඕඅයිසී වත් රිමාන්ඩ් කළයුතුය.(ම)

:       0       0

සුසන්ත Tuesday, 08 March 2016 03:28 PM

එතකොට ඔහුව නිදහස් කල ඉහල නිලදරියට එරෙහිව කිසි පියවරක් නැතිද? නඩුත් බඩුත් දෙකම පොලිසියෙනේ ඉතින්!(කෞ)

:       0       0

චාමර Wednesday, 09 March 2016 05:35 AM

දැන් චණ්ඩි වැඩි හින්දා වෙන්න ඇති දැන් ගෙවල් වලටම ඇවිල්ලා ඔලුවටම තියලා යන්නේ. ගැබිණි මාතාවන්ට මහපාරේ වෙඩි කන්න වෙලා තියෙන්නේ. (නි)

:       0       0

උපාලි Tuesday, 08 March 2016 04:33 PM

ජංගම දුරකථන වලින් මොන ජරා වැඩ කරනවා කිව්වත් මෙන්න ඒවායින් ගන්න පුළුවන් හොඳ ප්‍රයෝජන. කීයක් නම් යට යන්න තිබුන දේවල් එලිවුනාද ජංගම දුරකථන නිසා. සෙල් ෆෝනය සොයා ගත් මාටින් කූපර්ට යහපතක්ම වේවා!(කෞ)

:       0       0

සුමනපාල Wednesday, 09 March 2016 06:06 AM

වැඩේ වැරදි වුණත් ඔය මිනිහා කියන දෙයින් ලංකාවේ සමාජය ගැන යමක් තේරුම්ගත හැකිය. අද කාලේ මිනිසුන්ට උදව් කිරීම, ගෞරව කිරීම, ආයතනයකින් වැඩක් කරගැනීම, වැනි දේවල් සිදුවන්නේ හුදෙක්ම ලාබ ප්‍රයෝජනයක්, විශේෂයෙන්ම නීතිවිරෝධී වැඩකට උදව්වක් බලාපොරොත්තුවෙන් පමණි. අවංක අදහසකින් උපකාරයක් කරන්නේ එහෙමත් කෙනෙකි. මෙහි ඇති පුදුම දෙය නම් එය වරදක් ලෙස තේරුම් ගැනීමට ඇති නොහැකියාව සහ එය සාමාන්‍ය දෙයක් බව සිතීමයි. (නි)

:       0       0

වසන්ත Wednesday, 09 March 2016 06:50 AM

සුමනපාල හරි. මේ පුද්ගලයා කරපු දේ වැරදි උනත් ඔහු කියන දේ ගැන රටේ ජනතාව නැවත හිතලා බලන්න ඕනේ. පොලිසියේ මහත්තුරු වැඩි හරියක් යැපෙන්නේ ජාවරම්කාරයන්ගෙන්. සමාජයේ අසාධාරණ විදියට මුදල් හම්බ කරන අය අත දිග හැරලා පොලිසියට වියදම් කරනවා. ඒ ඔවුන්ව නීතිය ඉදිරියේදී ආරක්ෂා කරයි කියන බලාපොරොත්තුවෙන්. (කෞ)

:       0       0

සරණපාල Wednesday, 09 March 2016 06:57 AM

ඔව් ඔව් ඔය වැලි මහත්මය ගෙන් උදව් ගත් අය ගැන හොයල බලන්න (බ)

:       0       0

චින්තක Tuesday, 08 March 2016 10:10 PM

අනේ අපේ පොලිසිය! (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 09 March 2016 02:20 AM

ඒ අනුව බලනවිට පොලිසියේ කෙරුමන්ට උපකාර කිරීම නීතිවිරෝධී වැඩ කිරීමට සුදුසුකමක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 193 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1093 5

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 3833 9

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 2925 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3385 4

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1484 1

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37897 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24976 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 761 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 271 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site