IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


පොලිසියට බල්ලන් උසි ගන්වා පැන ගිය මත් ජාවාරම්රුවෝ මාට්ටු

(ෂේන් සෙනෙවිරත්න) 

තැන්නේකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කරන අවස්ථාවේදී පොලීසියට සුනඛයන් උසිගන්වා අත් විලංගු සමග පැන ගිය සැකකරුවන් දෙදෙනා මහනුවර මූලස්ථාන පොලිසිය මගින් නැවත අත්අඩංගුවට ගෙන තිබේ .

අත්අඩංගුවට ගත් දෙදෙනා අතර බලු සංඛ නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ද සිටින බව පොලිසිය කියයි .

සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ට දමා තිබූ අත් විලංගු කිසියම් ක්‍රමයකට ගලවාගෙන සිටි බවත් එම අත් විලංගු දෙක නැවත භාරදුන් බවද පොලිසිය කියයි .

මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් ඉකුත් 25 වැනි දින තැන්නෙකුඹුර ඉලුක්මෝදර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි සැකකරුවන් 06 දෙනකු අත්අඩංගුවට ගත් විට දරුණු සුනඛයන් දෙදෙනෙකු මුදාහැර පොලිසිය සපාකෑමට සලස්වා අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් විලංගු ද සමගින් පැන ගොස් තිබුණි .

සුනඛයන් මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මවක පියෙකු සහ දියණියක අත්අඩංගුවට ගෙන හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ලබන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ද එම පෙරටුවටම ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය කියයි .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහ මහනුවර මූලස්ථාන භාර ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ .

 

 



අදහස් (1)

පොලිසියට බල්ලන් උසි ගන්වා පැන ගිය මත් ජාවාරම්රුවෝ මාට්ටු

Lalindra Tuesday, 01 August 2023 10:28 AM

ඔන්න ඔය අත් විලංගු... කිසියම් ක්‍රමයකට ගලවාගත්තු සිද්ධිය ගැන පරික්ෂා කරලා ගලවාගත් අන්දම හොයා ගත්තොත් මේකෙ නාට්ටිමය ගතිය නවත්තලා සැබෑ ස්වරූපය දැකගන්න පුළුවන් වෙයි. නඩුත් බඩුත් හමුදුරුවන්ගේ කියලා එළිවෙයි. පොලිසියයි, මත්කුඩු වෙලෙන්දොයි එකතුවෙලා පෙන්නන නාට්ටි හඳුනාගන්න පුළුවන් වෙයි. සම්මුතියෙන් සාකච්ඡාවෙන් රස්සාවයි ජාවාරමයි කෙරෙන්නේ කොහොමද දැනගන්න පුළුවන් වෙයි. මේ රට හදන්න නම් මුලින්ම පොලිසිය හදන්න තව පොලිසියක් දාන්න ඔනේමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 80 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 254 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 198 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 758 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 312 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 589 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site