IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලීසියෙන් අමුතු නඩුවක් දාලා

ආසන පටියක් නොපැළ ද  යතුරු පැදියක් ධාවනය කිරීම වරදක් සේ සලකා අධිකරණයේ පෙනී සිටින සේ ඉල්ලා ගාල්ල හවුපේ බදු වත්තේ ප්‍රනීත් සිසිර කුමාරට  සිතාසියක් ලැබී ඇත.

 2014 මැයි 29 වැනිදා නිකුත් කැර ඇති එම සිතාසිය අනුව  ලබන 30 වැනිදා පෙරවරු 8.30 ට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටින ලෙස නියෝග කැර ඇත.

රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවන කිරීමේ වරදට තමාට රුපියල් 2500 ක  දඩයක් නියම වු බවත් එම දඩය මැයි මාසයේදී ගෙවු බවත් ඔහු කියයි.

imaduwa-summon



අදහස් (0)

පොලීසියෙන් අමුතු නඩුවක් දාලා

බංඩාර Friday, 03 October 2014 04:45 PM

විශ්වයේම ආශ්චර්ය...අනේ අපේ රට බල්ලට ගිහින් (නදී)

:       0       0

බුද්ධික Monday, 06 October 2014 06:23 AM

එන්.ඩබ්ලිව් තාම පටන් අරගෙනත් නැහැ. (නදී)

:       0       0

සමන්ත Friday, 03 October 2014 05:18 PM

මේ පොලිස් කාරයා ගෙදර යවන්න (නදී)

:       0       0

සුරියවැව Friday, 03 October 2014 05:20 PM

යතුරුපැදියක් කියා ලියා තිබුනට නොම්මරය බර වාහනයක වගේ. පොලිසියට අකුරු අමතක වෙලා (නදී)

:       0       0

මංගල Saturday, 04 October 2014 10:35 PM

එස්.පී එන්.ඩබ්ලිව් 6571. මේක බස් නොම්මරයක්. බොරුවට පොලීසියට මඩ ගහන්න එපා. අනික දැන ගන්න සිතාසි ලියන්නේ පොලිසියෙන් නෙමෙයි උසාවියෙන්. මෙක උසාවියේ සිතාසිය ලියපු නිලධාරියාගෙන් වූ අඩුපාඩුවක්. වැරදි අඩුපාඩු අපි අතිනුත් වෙනවනේ. ඔය යුනිෆෝම් 1 ඇතුලෙත් ඉන්නේ අපි වගේම සාමාන්‍ය මින්ස්සු. (නදී)

:       0       0

රූපවතී Friday, 03 October 2014 05:58 PM

තව අවුරුදු කීපයකින් අපිට ගෙදරට බිලක් එවයි අර ලයිට් බිල එනවා වගේ ඉහලට ගන්න හුස්ම ටිකට බද්ද ගෙවන්න කියලා. ගෙව්වේ නැති උනාම අපි හැමෝටම උසාවියෙන් දඩය ගෙවන්න සිතාසි එවයි ගෙදරට. බුදු හාමුදුරුවනේ අපි ගොඩාක් අසරණයි වගේ මට දැනෙනවා. (නදී)

:       0       0

තන්තුලගේ අමිල Friday, 03 October 2014 06:02 PM

ඔව් නිකම් අරින්න එපා. වන්දි ඉල්ලන්න. අපහාස නඩු දාන්න පුලුවන් හැමදේම කරන්න (නදී)

:       0       0

රොමාල් Friday, 03 October 2014 06:07 PM

අපේ පොලීසිය ඔහොම තමයි. මගේ බයිසිකල් එකේ කොම්පැනියෙන් හදල එවපු කොටසකුත් ගලවන්න කිව්වා (නදී)

:       0       0

සම්පත් ධර්මප්‍රිය Friday, 03 October 2014 06:09 PM

මේ ඔක්කොම කරන්නේම පිස්සු (නදී)

:       0       0

සම්පත් ධර්මප්‍රිය Friday, 03 October 2014 06:10 PM

මේ පාලන ක්‍රමය වෙනස් කරන්න කාලය ඇව්ත්ලා වගේ. සෝහිත හිමියන් කිව්වේ මොනවද කියා හිතන්න කාලය ඇවිත් (නදී)

:       0       0

ප්‍රේමසිරි ලොකු Friday, 03 October 2014 06:12 PM

පොලීසිය බල්ලට ගිහින් නොවෙයි බල්ලෝ පොලිසියට ගිහින් (නදී)

:       0       0

අපොන්සු Sunday, 05 October 2014 03:16 AM

සිතාසිය ලියන්නේ පොලිසියෙන් නොවේ. ඕක උසාවියේ සිතාසි ලියන කෙනාගේ අත් වැරදීමක් වෙන්න ඇති. (නදී)

:       0       0

කසුන් Friday, 03 October 2014 06:28 PM

පොලිසියෙ යතුරුපැදි වලට ආසන පටි ඇති. ඒකයි මේ ආශ්චර්ය (නි)

:       0       0

උපාලි Friday, 03 October 2014 06:38 PM

අයියෝ! මේක මහ ලොකුවට ගණන් ගන්න එපා කවුරුවත්. නිසැකවම පොඩි අත්වැරදීමක්. මේකම පෙන්නුවම පුළුවන් උසාවියේදී මේ මනුස්සයාට නඩුවෙන් නිදහස් වෙන්න. (නි)

:       0       0

පෙරේරා Friday, 03 October 2014 07:23 PM

පොලිසිය සාවද්‍ය චෝදනාවක් ගොනුකලා කියල පොලිසියට විරුද්ධව වන්දි ඉල්ලලා නඩුවක් දැම්මා නම් නියමයි (නදී)

:       0       0

ටී රහීම් Saturday, 04 October 2014 08:58 AM

පොලිසියේ පටි රෝල් (නදී)

:       0       0

රිචි බාලසුරිය Saturday, 04 October 2014 09:18 AM

පසු ගිය කාලය පුරාම සුළු දක්ෂ අවංක පොලිස් නිලදාරීන් කිහිපයක් හැරුනම අනික් පොලිස් දෙපාර්තමේන්තුවම කලේ විහිලු. පොලිසියත් දේශපාලනීය වෙලා නිසා අවංක සේවයක් බලාපොරොත්තු වන්නට බැහැ (නදී)

:       0       0

සඳුන් පෙරේරා Friday, 03 October 2014 08:08 PM

මේක ලියපු කෙනා වැස්සටවත් පාසල් ගිහිල්ලා නැද්ද? (නි)

:       0       0

ඇන්ටන් Friday, 03 October 2014 08:12 PM

අත අරින්න එපා මචන් දාපන් කෝටි තුන හතරක් ඉල්ලලා නඩුවක් (නදී)

:       0       0

පවන් Friday, 03 October 2014 08:44 PM

එතකොට වරද කාගේද? පොලිසියේද? උසාවියේද? යතුරුපැදිකරුගේද? (නි)

:       0       0

මැක්සි Friday, 03 October 2014 09:05 PM

ලංකාව විසුළුපුරයක් කරන්නේ වගකිවයුත්තන්ම නේද? (නි)

:       0       0

ඉෂන්ක Friday, 03 October 2014 12:04 PM

එන් ඩබ්ලිව් සීරිස් එකේ යතුරුපැදි ගාල්ලේ තියෙනවද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

නාමල් මදුරංග Friday, 03 October 2014 12:17 PM

මටත් දැනට අවුරුදු 3 කට කලින් සිතාසියක් එව්වා නොකරපු වරදකට (නදී)

:       0       0

ගිහාන් Friday, 03 October 2014 12:23 PM

දෙයියෝ සාක්කි. (නදී)

:       0       0

අකිල Friday, 03 October 2014 12:23 PM

මුන්ට පිස්සුද? නැත්තන් අපිට පිස්සුද එහෙමත් නැත්නම් කාටද පිස්සු (නදී)

:       0       0

සඳුනි Friday, 03 October 2014 12:26 PM

ලොකුම හිනාව. බයික් වලට කොහෙන්ද ආසන පටි. (නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Friday, 03 October 2014 11:28 PM

ඔය කියන්නේ අර යතුරුපැදියේ පිටුපස ලගේජ් එකේ තියෙන බඩු එහෙම ගැටගහගෙන යන ඉලාස්ටික් පටිය ගැනනේ! (නි)

:       0       0

රත්න Friday, 03 October 2014 12:58 PM

නඩුව දැමූ රාළහාමිට මීටපස්සේ එයාගෙ යතුරුපැදියට ආසන පටියක් සවිකරගන්න නියෝග කරමු (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 03 October 2014 01:11 PM

මේ පැමිණිල්ල ලියපු පොලිස් මාමා බොන්නේ මොනවද දන්නෙ නැහැ.සේවය අගයලා තරුවක් දෙන්න වටිනවා. (නි)

:       0       0

චාමර Saturday, 04 October 2014 12:25 AM

වැරදි ගොඩයි. මේ අංකයෙන් යතුරුපැදි නැහැ නේද? (නි)

:       0       0

රන්ජිත් Saturday, 04 October 2014 12:31 AM

නඩු දාන්න ඕනෑ බලනකොට පොලිසියටනේ! (නි)

:       0       0

සනත් Friday, 03 October 2014 01:33 PM

පොලිසිය කරන වැඩත් එක්ක බැලුවම ඕක මොකක් ද (නදී)

:       0       0

සමන්ති Saturday, 04 October 2014 01:09 AM

මේ දඩ කොලය ලියපු,අත්සන් කළ අය වාහන දැකලා නැති ඇමසන් වනාන්තරයෙන් ආ අයද? (නි)

:       0       0

තිලක වේහැල්ලගේ Saturday, 04 October 2014 12:54 PM

සුනිල් පෙරේරා මහත්තයාගේ සිංදුව මතක් වෙනවා. මේ ඔක්කෝටම පිස්සු (නදී)

:       0       0

අළහකෝන් Friday, 03 October 2014 02:11 PM

ඉනේ පටියක් දමා ඉන්න නැතුව ඇති. (නි)

:       0       0

රොෂාන් Saturday, 04 October 2014 02:14 AM

මේ වාහනයේ අංකය බලන්නකෝ. ඒක බර වාහනයක එකක් (නි)

:       0       0

දිහාන් Saturday, 04 October 2014 02:31 AM

නුසුදුස්සන් වැඩම දැමූවිට මෙහෙම වෙන බව මගේ අදහසයි (නි)

:       0       0

චින්තක Saturday, 04 October 2014 02:33 AM

නැහ නැහැ. පොලිසියෙන් බෙදුවට ඕක වෙනස් කරන්න පොලිසියට බැහැ. මොකද මේක උසාවි නියෝගයක් (නි)

:       0       0

මධුශානි Saturday, 04 October 2014 02:50 AM

අනේ මෙහෙමත් විකාර! (නි)

:       0       0

අමිත් Saturday, 04 October 2014 02:57 AM

මේ සිතාසියක්. මේක ලියන්නෙ උසාවියෙන්. හැමදාම පොලිසියට බනින්න එපා. (නි)

:       0       0

කමල් Friday, 03 October 2014 02:33 PM

තමන්ගේ වටිනා කාලය නාස්ති කිරීම ගැන වන්දියක් ඉල්ලන්න (අ)

:       0       0

මංගලී පොන්සේකා Friday, 03 October 2014 02:41 PM

ඔය රජයේ තැන් වල ඉන්නේ හොදට රාජකාරිය දන්නා ඉගෙන ගත්තු අයනේ එකයි ඔයා නොදන්නා වුණාට අනේ (අ)

:       0       0

බන්දු රත්නායක Friday, 03 October 2014 02:43 PM

අලුත් නීතියක් හදලද දන්ණෙත් නැහැ. මොකද නීතියක් වෙනස් වෙනකොට මහජනතව දැනුවත් කිරීමක් අපෙ රටෙ සිදුවෙන්නෙත් නැහැනෙ. අනිත් රටවල් එක්ක සසඳනකොට අපෙ රටෙ තියෙන්න වසි අතට හරවන්න පුලුවන් නීති පද්ධතියක්. දැන් ඔය සිදු වැරැද්දටත් මොනවා හරි දෙයක් කියල එයලට වාසි විදියට හරවයි..(අ)

:       0       0

සමන් Saturday, 04 October 2014 03:31 AM

සිතාසි ලියන්නෙ උසාවියෙන් පොලිසියට බනින්න එපා (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 04 October 2014 03:32 AM

නඩුව විභාගයට ගන්න අවස්ථාවේ උසාවිය මේ සම්බන්දව ක්‍රියා කරන ආකාරය දැන ගැනීමට පාඨක අපි දැඩි කැමැත්තෙන් සිටිමු. (නදී)

:       0       0

ඡානක Sunday, 05 October 2014 10:17 AM

කමක් නෑ අපි යුද්දේ දින්නනේ (නදී)

:       0       0

සේරම් පැරිස් Friday, 03 October 2014 02:55 PM

අලුතෙන් නීතියක් හදන්නට පාපැදි වලට හෝ මෝටර් සයිකල් වලට ආසන පටියක් නැහැ , ඉතින් මේවා විහිලු , මෙම නඩු අහන විනිසුරුවරුණත් විහිලුකාරයන් වනවා , අහිංසකයන් රස්තියාදු කිරීම (අ)

:       0       0

කල්ප Saturday, 04 October 2014 04:04 AM

පොලිසිය කරන වැඩේ එක්ක බැලුවම ඕව අමුතු දේවල් නම් නෙමයි (නදී)

:       0       0

නලීන් Friday, 03 October 2014 03:06 PM

නිකනුත් පටි තද කරගන්න සිද්ධවෙලා තියෙන කාලේ ඕක මොකද්ද? (නි)

:       0       0

නිමන්ත Saturday, 04 October 2014 04:31 AM

එන් ඩබ්ලිව් වාහන මන් දන්නා විදියට ලංකාවේ නැහැ. ආසන පටි තියෙන බයසිකලුත් නැහැ. (නදී)

:       0       0

රෝහණ Saturday, 04 October 2014 04:33 AM

බන්දුල මොනවා හරි කියන්නකෝ අපිට ආතල් එකක් ගන්න. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Saturday, 04 October 2014 04:45 AM

ලංකාව මෙච්චර දියුණුයි කියලා හැමෝම දැනගත්තේ අද? සුබ අනාගතයක්! (නදී)

:       0       0

සුදත් Saturday, 04 October 2014 04:18 PM

සිතාසි දෙන්නේ පොලිසිය නෙමේ උසාවිය (නදී)

:       0       0

නිමන්ත Saturday, 04 October 2014 05:07 AM

මම නම් අද ඉදලාවත් බයික් එකේ යද්දී සීට් බෙල්ට් එකක් ගෙන යනවා. පුලුවන්නම් ලියන්නකෝ දඩ කොළ (නදී)

:       0       0

මොහාන් Saturday, 04 October 2014 05:23 AM

එන්.ඩබ්ලිව් වලින් කොයින්ද යතුරු පැදි? (නදී)

:       0       0

තිසේරා Saturday, 04 October 2014 05:38 AM

මෙවන් අයුරින් වැඩ කරන පොලිසියේ මහත්තුරුන්ට මගේ උත්තමාචාරය (නදී)

:       0       0

සුජිත් Monday, 06 October 2014 11:41 AM

අමුතු මානසිකත්වයකින් පෙළෙන අයෙක්ද මෙහෙම නඩු දාලා තියෙන්නේ? (නි)

:       0       0

ප්‍රසංග Friday, 03 October 2014 04:29 PM

නඩු, නඩු පාරේ බැහැලා යන්න බැහැ පොලිසියෙන් හැංගිලා ඉදලා වැරදි හොයනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 10 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 42 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 28 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 194 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 172 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


ඊශ්‍රායල ප්‍රහාරයෙන් 105 ක් මරුට
2024 සැප්තැම්බර් මස 30 548 0

ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය ලෙබනන් වැසියන් ගණන 150 ක් යැයි ලෙබනන් සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38137 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25097 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 251 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 818 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site