රථ වාහන වැරදි කළ රියදුරන්ට දඩ කොළ වෙනුවට වේදිකා නාට්‍යයක ටිකට් පත් අලෙවි කළ සිද්ධියක් ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිසියකින් අද (17) වාර්තා විය.
ප්‍රදේශයේ රංග ශාලාවක ප්‍රදර්ශනය කිරීමට නියමිත වේදිකා නාට්‍යයක ටිකට් පොත් කිහිපයක් විකුණා දෙන්නැයි එම පොලිසියේ ස්ථානාධිපතිවරයා රථවාහන අංශයේ නිලධාරීන්ට ලබා දී ඇත.
ඒ අනුව රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (16) සහ අද (17) රථවාහන වැරදි කරන රියදුරන් හට දඩ කොළ වෙනුවට එම ටිකට් පත් අළෙවි කළ බව පොලිස් ආරංචි සඳහන් කළේය.
පොලිසිය අලෙවි කළ ටිකට් පතක වටිනාකම රුපියල් දහසකි.
උසාවි ඉදිරිපත් කළ යුතු වරදක් හෝ වැඩි දඩ කොළයක් නිකුත් කළ යුතු වරදක් රියදුරකු කළේ නම් ඒ වෙනුවට ටිකට්පත අලෙවි කළ බව දැනගන්නට ඇත.
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියෙන් 1000ක අමුතු දඩයක්
සිසිර Wednesday, 17 September 2014 11:11 AM
කෝ මේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා. මොනවා හරි කියන්නකෝ (නදී)
පසීඳු Wednesday, 17 September 2014 11:09 AM
මෙවන් පොලීසියට උසස් වීම් ලබාදිය යුතුය. (නදී)
පියුමි Wednesday, 17 September 2014 11:15 AM
අනේ මෙහෙම රටක් නීතියක්(දිල්)
ඇන්ටන් Wednesday, 17 September 2014 12:20 PM
පොලිස් ප්‍රකාශකතුමා නැහැ කිව්වට පොලිසියේ පුණ්‍ය සෝමෙල ඉන්නවා. (ස)
ලංකා Wednesday, 17 September 2014 12:32 PM
නියමයි ශ්‍රී ලංකා පොලිසිය (නදී)
ගිහාන් Wednesday, 17 September 2014 12:45 PM
රජයට ලැබිය යුතු ආදායමක් නො ලැබී යාමට සැලැස්වීම සම්බන්ධයෙන් මෙසේ කිරීම වරදක්. මේ සම්බන්ධයෙන් පොලිස් මාද්‍ය ප්‍රකාශක තුමාගේ අදහස කුමක්දැයි විමසමු. (නදී)
සමරනායක Wednesday, 17 September 2014 12:55 PM
වේදිකා නාට්‍යයේ නම බල්ලොත් එක්ක බෑ නේද? (අ)
සුදත් Wednesday, 17 September 2014 01:20 PM
ලේන්සුවක් එලාගෙන හිඟා කන්න .මීට වැඩිය හොඳයි .(අ)
උපජීව Wednesday, 17 September 2014 01:21 PM
මොන ආඥා පනතින්ද එ්ක සම්මත කරලා තියෙන්නේ ? (අ)
නිමල්ලාලිත Thursday, 18 September 2014 03:11 AM
මේ ගොල්ල පොලිස් කියන වචනය ඉංග්‍රීසියෙන් හැදුනු හැටි සහ වචනවල තේරුම නොදන්නවාද ,නැතිනුම් අමන කමද? (ස)
රුවන් Wednesday, 17 September 2014 01:27 PM
ස්ථානාධිපති ඇතුළුව සියලුම නිලධාරීන්ට විරුද්ධව විනයානුකූල පරීක්ෂණයක් පැවැත්වුවහොත් හොඳනැද්ද.පොලිස්පතිතුමනි මාධ්‍යප්‍රකාශ තුමනි.මෙම ක්‍රියාව සම්පුර්ණයෙන්ම නීතිවිරෝධීනේද?(අ)
මධුෂාන්. Wednesday, 17 September 2014 03:51 PM
හොඳ වැඩක්....(අ)
මහේෂ් Thursday, 18 September 2014 01:44 PM
ලැජ්ජයි පොලිසිය ගැන (නි)
කමල් Thursday, 18 September 2014 04:04 AM
? (ස)
විධුෂක Wednesday, 17 September 2014 05:52 PM
ලොක්කෝ මිලියන වලින් ටිකට් කඩනකොට සොක්කෝ දහසින් බැඳී පියල්ලෙන් ටිකට් කැඩුවම මොකෝ. (නි)
සීලා Wednesday, 17 September 2014 05:53 PM
ලංකාදීපෙට බොහොම ස්තුතියි. අපේ ප්‍රකාශකතුමා මේවා ගැන මොකද කියන්නේ? (නි)
ශිෆාන් Wednesday, 17 September 2014 06:08 PM
මොකක්ද අදාළ පොලිස් ස්ථානය? (නි)
ඡන්න බංඩාර Thursday, 18 September 2014 05:02 AM
මටත් ඔය වගේ වැඩක් උනා නිට්ටඹුවේ පොලිසියේදී. මමත් ගියා රට යන්න පොලිස් වාර්ථාවක් ගන්න. ඉක්මනට වාර්ථාව ගන්න නම් මටත් දුන්නා රුපියල් අටසීයට දඩ කොලයක්. මමත් ගෙවලා ආවා 2008 අවුරුද්දේ මේක උනේ (නදී)
උපාලි Thursday, 18 September 2014 12:11 AM
මේක නිතරම සිද්ධවෙන වැඩක් මහත්වරුනි. හඳුනන හෝ වෙනත් ලෙන්ගතුකමක් තිබෙන නාට්‍යකරුවෙකුට පොඩි තල්ලුවක් දෙන්න ඕනෑ වුණාම කරන දෙයක්. රියදුරන්ට නම් ඉතින් කාට දුන්නත් එකයි. ලංකාණ්ඩුවට තමයි පාඩුව. (නි)
මේනක Thursday, 18 September 2014 12:54 AM
වේදිකා නාට්‍යයේ නම රථ ගාය වෙන්න ඇති (නි)
ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 10:26 AM
දෙයියන්ටම ඔප්පු වෙච්චාවේ... මාර දඩයක්නේ .. ගම්පහ රංගන ශාලාවක ටිකට් පතක් 1000 /= ක් නම් නෙලුම් පොකුණේ ටිකට් පතක් 10,000/= ක් වත් වෙයිනෙ බොලේ ! (ස)
දයා අලහකෝන් Wednesday, 17 September 2014 10:29 AM
අරයා මේක දන්නේ නැතිව ඇති. දැනගත්තොත් මොනවා කරයිද ? මොනවා කියයිද ? (ස)
සුනේත්‍රා Wednesday, 17 September 2014 10:33 AM
මේක පත්තරේ දාන්න දෙයක් නොවෙයිනේ (ස)
තේජාන්විත Wednesday, 17 September 2014 10:47 AM
මම නම් කියන්නේ අව්ලක් නැහැ එහෙම කරපු එක හොදයි. පොලිසියටත් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පාරේ දුවන මගමරුවන් පාලනයට ගෙනා අලුත්ම පනත් හකුලාගන්න උන එකේ මේක හොද උපාය මාර්ගයක්. තව තවත් නාට්‍යම පෙන්වන්න ජනතාවගේ ජිවිත බේරගන්න මේවා පුද්ගලික බස්වලටම දෙන්න. (නදී)
රණසිංහ Thursday, 18 September 2014 01:21 AM
රථවාහන නීති ක්‍රියාත්මක කෙරෙන අත්තනෝමතික ක්‍රමය මේ ප්‍රවෘත්තියෙන්වත් පෙනෙන්නේ නැද්ද? (නි)
ඉසුරු Thursday, 18 September 2014 01:38 AM
මෙහෙම දෙයක් අපේ පැත්තෙත් වුණා (නි)