හෝමාගම ගලවිලවත්තේ ඉන්ධන පිරවුම්හල් කරුවකු බැංකුවේ තැන්පත් කිරීමට ගෙන ආ රුපියල් ලක්ෂ 25කට ආසන්න මුදලක් බැංකුව ඉදිරිපිටදී පැහැරගත් කොල්ලකරුවන් දෙදෙනා දුවද්දී ඔහු පසුපස දිවූ හමුදා කපිතාන්වරයකු ඔවුන් මෙල්ල කර සල්ලි ද මුදල් ද සමග ඔවුන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දී ඇතැයි කියති.
මේ අතර බැංකුව ඉදිරිපිට රථවාහන හසුරුවමින් සිටි පොලිස් සැරයන් බණ්ඩාර නමැත්තා මුලින්ම මෙම කලබලය දැක අවිගත් කොල්ලකරුවන් පසුපස හඹාගොස් ඇතැයි ද හමුදාවේ පිරිසක් ද ඊට එක්වී ඇතැයි ද කියති.
පිහියක් රැගත් කොල්ලකරුවකු සමග සටන් කර සල්ලි මල්ල ආපසු ලබාගැනීමට ඔහු සමත්වී ඇතැයි ද කියති.
අද උදේ 9ට පමණ මීගොඩ දී කාන්තා ණය දෙන සමිතියකට පැන රුපියල් 60,000ක් පමණ පැහැර ගන්නට ඇත්තේ මෙම කොල්ලකරුවන් විය හැකි යැයි පොලිසිය සැක කරයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියයි හමුදාවයි ලක්ෂ 25ක් බේරා දෙයි
කවී Friday, 19 February 2016 09:12 AM
තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා වරදක් දුටු තැන ඔබගේ වගකීම ඉටුකළ වීරවරයන්ට මගේ හද පිරි ඉස්තුතිය සියලු දෙවි යන්ගේ පිහිටාරක්ෂාව පර්තනාකරමි. (ර)
කිත්සිරි Friday, 19 February 2016 09:28 AM
මම මේ වෙලාවේ හෝමාගම නගරයේ හිටියා ,මම ගත්ත පින්තුර ටික පත්තරේට යැව්වා ඔයාලා බලන්ට නියම වීරයෝ. (ර)
නිශාර්ඩ් Friday, 19 February 2016 09:54 AM
සනීප කර ගන්ට බැරිවෙන විදියට අතක් කඩලා තමයි පොලිසියට භාර දෙන්ට ඕනේ ආයෙත් කොල්ලකෑම් වලට නොයන්න. (බ)
චන්න බුවනක Friday, 19 February 2016 10:01 AM
කාලයකට පෙර බණ්ඩාරවෙල ඉන්ධන පිරවුම් හලෙන් සල්ලි මංකොල්ල කාපු මංකොල්ල කරුවන් අල්ලන්න උන්ගේ වාහනයේ අංකය ගිය දිසාව වාහනයේ පාට වගේ තොරතුරු මම පොලිසියට දුන් නිසා පැයකින් විතර හොරු අල්ලන්න පුළුවන් උනා. එකට සන්තෝෂයි. නමුත් වචනයකින්වත් ස්තුතියක් කලේ නැහැ. එකට දුකකුත් නැහැ. (ර)
ටිරොන් Friday, 19 February 2016 10:04 AM
කොතන හිටියත් වැඩ පෙන්වන අපේ හමුදා වීරයින්ට මගේ සුබපැතුම්!(හේ)
හේමන්ත Friday, 19 February 2016 10:15 AM
මෙන්න නියම සිංහයන්. (ර)
සුමිත් Friday, 19 February 2016 10:18 AM
චන්න බුවනක ඔය කරපු දේ ගැන සතුටුවෙන්න , අපේ රටේ හැටි ඔහොම තමා ,කාට හරි වැරදුනොත් හොඳට හිනාවෙන්න බලාගෙන ඉන්නේ (බ)
දහම් Friday, 19 February 2016 10:38 AM
ජීවිතය පරදුවට තියල හමුදා බුද්ධි අංශයේ විරුවෝ කොටි අඩවි වල රිංගලා කරපු වීරකම් නිසා තමයි අද අපි මරණ බිය නැතිව ඉන්නේ. මහින්දලට බනින්න, උසාවි ගෙනියන්න බය නැතිව පාරේ යන්නේ. (ර)
මනෝජ් Friday, 19 February 2016 10:39 AM
පොලිසියේ එක්කෙනාට පිහි පාරක් වැදුනානම් පවුලම අනාතයි. එක හින්ද ඔවුන්ට අවදානම් දීමනාවක් හා රක්ෂණයක් තිබිය යුතුයි. මේකට දෙපාර්තමේන්තුවෙන් වෙනස් කර බලකායක් බවට පත්කළ යුතුයි. (හේ)
චන්ද්‍රසිරි Friday, 19 February 2016 10:53 AM
වීරයන්ට ජනතා උත්තමාචාරය.(හේ)
උපුල් Friday, 19 February 2016 10:59 AM
අන්න වීරයෝ ,(හේ)
නන්දන Friday, 19 February 2016 11:01 AM
අගේ කරනවා පැරිස් වලින් සුබ පැතුම් .! (ර)
එන්.ඩි හෙට්ටිආරච්චි - ලන්ඩන් Friday, 19 February 2016 11:10 AM
හොරකම් නොකරන සාධාරණ සමාජයක් ගොඩ නැගීමට සියලුදෙනා එකතු විය යුතුයි. වුරුදු 68ක්ම රට පාලනය කළ මේ දෙගොල්ලටම ඒ දේ කරන්න බැහැ....නීති බැරිකම හා අධික තන්හාව නිසයි...මිනිසුන් මේ දේ කරන්නේ...(අ)
අබරන් Friday, 19 February 2016 11:28 AM
මම පොකැට් කාරයෙකුට ගහලා ඌ ළඟ තිබුන වොලට්ටුව අයිතිකාරයාට ගෙනත් දුන්නේ පිහියා ඇනුම් නොකා. ඒ අයිතිකාරයා මගේ මුණ දිහාවත් බැලුවේ නැත්තේ බයටද එහෙමත් නැත්නම් කෙලෙහි ගුණ නොදන්නා කමටද කියලා හිතාගන්ට අපහසු උනා. (ර)
නිල්මිණි-ජපානය Friday, 19 February 2016 08:07 AM
මේ වීරයන්ට මගේ ගෞරවනීය ස්තුති ප්‍රණාමය. (ර)
දිලිප් Friday, 19 February 2016 08:18 AM
අනුන්ගේ දේවල් කොල්ලකන අයට හොද පාඩමක්. (ර)
රොකී Friday, 19 February 2016 08:23 AM
ඔන්න වීරයෝ! (බ)
චන්ද Friday, 19 February 2016 08:25 AM
වීරෝදාර සියලු දෙනාට මාගේ හද පිරි ස්තුතිය......(බ)
සුසන්ත Friday, 19 February 2016 08:35 AM
ලංකාවට අවශ්‍ය වන්නේ ඔන්න ඔය වගේ පොලිසියේ හමුදාවේ මහත්වරුන් තමයි ඔවුන් ආරක්ෂා කරගත යුතුයි (බ)
චානක Friday, 19 February 2016 08:44 AM
නියමයි. මෙන්න රණවිරුවෝ. (ර)
ජයවීර Friday, 19 February 2016 08:44 AM
එයයි ඔබේ යුතුකම සම්බන්ධ වූ සියලු දෙනාටම ස්තුතියි. (ර)
නිලන්ත Friday, 19 February 2016 08:46 AM
අගේ කලයුතු වැඩක්. (ර)
සම්පත් පතිරණ Friday, 19 February 2016 08:45 AM
මේ වීර ක්‍රියාව කල අය අගය කල යුතුය. (ර)
මොහාන් Friday, 19 February 2016 08:51 AM
මම මේ වෙලාවේ හෝමාගම නගරයේ සිටියා, සාමාන්‍ය ජනතාවට කරදරයක් නොවෙන්න හොරාව මෙල්ල කරපු විදිය ප්‍රශංසනීය දෙයක්. (ර)