IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පොලිසිය ඇවන්ගාඩ් නැවට පැන්නේ ලකුණු දාගන්නයි‘ - තිලක් මාරපන

ඇවන්ගාඩ් වැටලීම කළේ පොලිසිය ලකුණු දමා ගැනීමට යැයි නීතිය, මහජන සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති තිලක් මාරපන මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

‘මේකේ ආයුධ හංගගන නොවෙයි හිටියේ. හැමදාම ඒවා පරිහරණය වෙනවා. 2002 ආණ්ඩුව මාරු වුණ ගමන් පොලිසිය ලකුණු දා ගන්න මිලේනියම් සිටි කළා වගේ මේකත් මේ ආණ්ඩු මාරු වුණු ගමන් පොලිසිය ගිහින් පැන්නා ලකුණු දා ගන්න. ඒකයි යතාර්ථය.‘ යැයි ද ඇමැති කීවේය.

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව අයත් වන්නේ ද එම අමාත්‍යංශයට ය. ඇවන්ගාඩ් ආයුධ නැවේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියෙන් ද, ජනපති විශේෂ විමර්ශන ඒකකයෙන් ද පරීක්ෂණ පැවැත්වෙයි.

මේ අතර සජින් වාස් ගුණවර්ධන මහතා රජයේ සාක්කිකාරයකු වූයේ මොන නඩුවක දී දැයි අනුර කුමාර දිසානායක මහතා ප්‍රශ්න කළේය. මේ ආණ්ඩුව ද දූෂිතයන් ආරක්ෂා කරන බව කී දිසානායක මහතා පොලිසිය භාර ඇමැතිකම ළමයකුට දෙන්නැයි පැවසීය.



අදහස් (0)

‘පොලිසිය ඇවන්ගාඩ් නැවට පැන්නේ ලකුණු දාගන්නයි‘ - තිලක් මාරපන

විජිත් Thursday, 05 November 2015 04:32 PM

මේගොල්ලෝ හිතාගෙන ඇති, අපි මේ මහජනයා පල් මෝඩයෝ කියලා.ඇත්ත මේ පාර අපිව ඇන්දුවා.ඇන්දුවා නොවෙයි මම හිතන්නේ අපිම ඇඳගත්තා කියලයි.එහෙමවුනේ හිටපු අය කරපු ඒවා බලාගෙන ඉන්න බැරුවයි..දැන් මුන් උන්ව සුද්දකරනවා.හරි ශෝක්...ඔහොම යමු ...අපිබලාගෙන ඉන්නේ ඊළඟ මහා මැතිවරණ එනකම් ....(රේ)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 08:19 AM

රට කබලෙන් ලිපට වැටිලද (බ)

:       0       0

දුමින්ද Thursday, 05 November 2015 08:32 AM

මිල්ලේනියම් සිටි සිද්ධිය වාගේ රටේ ජාතික ආරක්ෂාව පරදුවට ගියාද ? (ම)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 09:08 AM

දැන් නම් ඉතින් අර දෙගොල්ලොම එකයි කියන කතාව අපිට විශ්වාස කරන්න වෙලා තිබෙන හැඩක් තමා පෙනෙන්න තියෙන්නේ. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 05 November 2015 02:10 AM

මේ ඔක්කොම පොඩි දරුවො වගේ. අනේ මෙහෙමත් දේශපාලකයෝ! තවත් මැතිවරණයක් එනතුරු නුඹලා වාදකර කර ඉන්න (නි)

:       0       0

ශාන සෞදි Thursday, 05 November 2015 04:59 AM

අපි නම් ඕක දැනගෙන හිටියා. දැන් තියෙන්නේ ජනතාව බලාපොරොත්තු වුණ රජය නෙමෙයි. අදත් ජනතාව උන් තැනම අසරණයි (නි)

:       0       0

ජැක්සන් Thursday, 05 November 2015 05:09 AM

රජයේ නෙමෙයි වැරැද්ද, සමහර දේශපාලකයන්ගේ (නි)

:       0       0

ඇසළ Thursday, 05 November 2015 05:11 AM

කවදා හෝ සත්‍යය ජය ගනී. කටවල් පැළෙන බොරු කියලා, කරන්න බැරි බොරු පොරොන්දු දීලා, ජනතාව ගොනාට අන්දලා සමහරු බලය ගත්තාට දැන් ඇත්ත ජනතවට තේරුම් ගිහින් ඉවරයි. ඒත් පෙරහැර ගිහින් අවසන් නිසා කරගන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සරත් Thursday, 05 November 2015 05:19 AM

ඒකට තමයි රහස් පොලිසියක් ඉන්නේ. ඔහොම කතා කරන්නේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. මිලේනියම් සිටි එකෙන් ඉගෙනගත් පාඩම මොකක්ද? ජාතික ආරක්ෂාව බලාගන්න හැම කෙනෙකුටම බැහැ. (නි)

:       0       0

බෙන්තර මහේෂ් Thursday, 05 November 2015 05:26 AM

ඔව් දැනට ඇමතිකම ළමයකුට දෙන්න, ලබන පාරවත් ජන්දය ජවිපෙට දෙන්න, එතකොට ඕන නෑ ඇමතිකම ළමයකුට දෙන්න (ම)

:       0       0

අවන්ත Thursday, 05 November 2015 05:32 AM

අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

ලොකුගේ Thursday, 05 November 2015 05:48 AM

අපිට ඉතින් ඇත්ත තිත්තයිනේ. නමුත් ඇත්ත ඇත්තමයි. බොරුවෙන් රවටා ජනතාව/රට විනාශ කරන්න එපා. කවදා හෝ ඒවාට දඬුවම් ලැබෙනවා. (නි)

:       0       0

ස්මිත් Thursday, 05 November 2015 05:50 AM

මම නම් හිතන්නේ දේශපාලන ඇඟිලි ගැසීම් නැත්නම් පොලිසිය රාජකාරිය හරියට කරන්න ඇති. (නි)

:       0       0

සුනිල් Thursday, 05 November 2015 05:52 AM

එහෙනම් ඉතින් ඔය කොමිසම්, පොලිසි වගේ දේවලින් කිසි වැඩක් නැහැනේ. පහුගිය ජනාධිපතිවරණේ මහා ඡන්දෙ කාලේ වේදිකාවට නැගල පොලිසියට ලකුණු දාගන්න ලැහැස්තිවෙන්න එපා කිව්වනම් ඉවරනේ. මෙතුමා එක දේශපාලන වේදිකාවකටවත් නැගපු කෙනෙක්ද? කැබිනට් සාමුහික වග කීම තුලද මේ කතාකරන්නේ? (බ)

:       0       0

සුරන්ජිත් ලාල් Thursday, 05 November 2015 06:17 AM

ඇමතිතුමා කියන්නකෝ බලන්න අලුත්ම ඩිල් එක මොකක්ද කියල (බ)

:       0       0

මහානාම - කඳාන Thursday, 05 November 2015 06:29 AM

ජනතා නියෝජිතයෙක් වුණාම කියන කතා සත්‍ය වගේම එහි කතා පෞරුෂත්වයක් තිබිය යුතුයි. මෙහෙමද කතා කරන්නේ? මෙයාලට පෙන්වන්න ඕනෑ විජේවීර සහෝදරයා කතා පවත්වපු හැටි (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 04 November 2015 09:07 PM

අනේ මන්දා! එයාලා කියනවා. අපි අහනවා. (නි)

:       0       0

අජිත් Thursday, 05 November 2015 12:30 PM

මිල්ලේනියම් සිටි සිද්ධිය වගේ රටේ ජාතික ආරක්ෂාව පරදුවට ගියාද කියා සිතෙනවා. ඒ විතරක් නෙමෙයි. ජනාධිපති මන්දිරයේ බංකරය ගැනත් මේ දිනවල කතාකරනවා. මේවා රටේ ජාතික ආරක්ෂාවට අයත් දේවල් නේද? (නි)

:       0       0

සම්පත් Thursday, 05 November 2015 06:51 AM

දෙන්න එන්න ඕනේ ජේ වී පී ආණ්ඩුවක්. රට කරයි නියමෙට (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4449 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 0 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 22 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 31 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 64 0


නාත්තන්ඩිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 114 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14696 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 127 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site