IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


පොලීසිය ඉදිරිපිට ඡන්ද නීතී කඩයි

කොළඹ කච්චේරියට බදාදා (5) පෙරවරුවේ නාම යෝජනා බාර දීමට පැමිණි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක  ජගත් කුමාර මහතා ගරාජ නොම්මරයක් සහිත වාහනයකින් පැමිණි බව  කැෆේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ  විධායක අධ්‍යක්ෂ කීර්තී තෙන්නකෝන් මහතා  මැතිවරණ කොමසාරිස්ට හා  පොලිස්පතිට ලිපියකින් දැන්වීය.

එහි අංකය ලෙස සටහන්ව තිබුණේ ඩබ්ලිව් පී සී 8665 යන්නය. වාහනය මිට්සුබිෂි මොන්ටෙරෝ වර්ගයේ රතු පැහැති රථයකි. 

ගරාජ් අංක භාවිත කරමින් මැතිවරණ කටයුතු සිදු කිරීම පසුගිය මැතිවරණයන් හි දී අප නිරීක්ෂණය කළ සුලබ සිදුවීමකි.  එපමණක් ද නොව රජයේ වාහන ව්‍යාජ අංක තහඩු සහිතව සහ ගරාජ් අංක සහිතව ධාවනය කිරීම ද එමෙන්ම සුලබ සිදුවීමක් වූවේය.

මැතිවරණ නිලධාරීන් මැතිවරණ නිරීක්ෂකයින් පමණක් නොව අපේක්ෂකයින් සහ පක්ෂ නායකයින් ද සිය ගණනක් පොලිස් නිලධාරීන් ද  එහි සිටි නමුත් ඒ කිසිවකුත් ඒ වාහනය  නොදුටු බවක් ඔහු කියයි.

 

 

 



අදහස් (0)

පොලීසිය ඉදිරිපිට ඡන්ද නීතී කඩයි

ජානි Thursday, 06 February 2014 03:56 PM

මේ පළාත් පාලක ගණන අඩුකරනවා කියලා මැතිවරණ පොරොන්දුවක් දුන්නා. දැන් කියන්න ඒක ඉටු කරන්න කියලා.. ජිනීවා කතා කියලා මිනිස්සු බයකරලා ආයිම දිනන්න හදන්නේ. අත්සන් කරලා නැති නිසා අපේ රටට මුකුත් කරන්න බැරි බව රනිල් ආයිත් කියලා තිබුනා. ඇමරිකාවට කරන්න පුළුවන් සම්බාධක පනවන එක.. ඒකට විසදුම වියදම් අඩුකිරීමයි නේද? දැන්මම ඒකට ලෑස්ති වුනා නම් , ජිනීවා සංචාරේට යන්න බලන් ඉන්න කට්ටියත් අඩුකලාම කොච්චර ඉතුරුවක්ද? මහා විනාසයක් කරපු කොටි විනාස කරලා රට බේරපු ඒක වැරද්දක් නෙමේ, ඒකෙදි අහින්සකයොත් මරුන නම් සමාවෙන්න කියලා ලියුමකින් ඉල්ලුවා නම් ඇතිනේ? අනික ඒක අපේ සංස්කෘතියටත් කොච්චර ගැලපෙනවද ? (නදී)

:       0       0

දයා අලහාකෝන් Thursday, 06 February 2014 04:28 PM

රටට කරන්න එන මිනිසුන්ගේ කෙරුවාව තමයි මේ.(නදී)

:       0       0

පි.කේ Wednesday, 05 February 2014 08:15 PM

මේවා වාර්තා කරන එක හොඳයි (දී)

:       0       0

යාමිනි Wednesday, 05 February 2014 08:26 PM

මේවාට උපරිම දඬුවම් දෙන්න (දී)

:       0       0

නුවන් Wednesday, 05 February 2014 08:39 PM

මේගොල්ලෝ මොන්ටෙරෝ අරන් තියෙන්නේ මන්ත්‍රී වැටුපෙන් වෙන්න ඇති නේද?(දී)

:       0       0

චානුක Wednesday, 05 February 2014 09:29 PM

යුක්තිගරුක ජනහිතකාමී තව වචන තිබ්බනම් ඒවත් දායි... දාගෙන අමු අමුවේම නීති කඩයි.. උගත් කමක් නැති වුනාම මොන විනයක්ද? මොන සේවයක්ද? පුලුවන් තරම් හොකරම් කරන්න කියල තමයි බලන්නෙ.. ම වගේ අයට එකම ඡන්දයක්වත් දෙන්න එපා ගහල එලවන්න ඕනා ‍මේ රටෙනුත්...(දී)

:       0       0

පෙරේරා Wednesday, 05 February 2014 09:42 PM

මේක තමයි දවසේ පුවත (දී)

:       0       0

රොහාන් රණතුංග Wednesday, 05 February 2014 10:09 PM

මේ ඔක්කෝම හොරු මේ අයට ඡන්දය දෙන අපට ගහන්න ඕනේ (අ)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 05 February 2014 10:15 PM

අපිට සේවය කරන්න තියන කෑපවීම වෑඩ වලින්ම පේනව පොලිසියක් අපේ රටේ නෑති හන්ද හොඳයි (අ)

:       0       0

ධම්ම Wednesday, 05 February 2014 10:47 PM

මෙන්න ඊළඟට බලය ඉල්ලන මිනිස්සු! ගහපල්ලකෝ ඉතින් කතිරේ. ආශ්චර්යයක් කරාම යාවි. (අ)

:       0       0

ඉලිසියා ජයවර්ධන Thursday, 06 February 2014 12:54 AM

ලංකාදීපයට මල්මිටක්...නීති කඩන මිනිස්සුනට මනාප නොදීමට ජනතාවට නුවන පෑදේවා (අ)

:       0       0

සූකිරියා Thursday, 06 February 2014 01:12 AM

චානුක මහත්මයෝ ඔයා හරියටම හරි ! (අ)

:       0       0

ආනන්ද Thursday, 06 February 2014 04:09 AM

දෙන්න එපා මේ වගේ අයට ඡන්දය නම්.(නදී)

:       0       0

උපුල් Thursday, 06 February 2014 06:13 AM

ජගත් කුමාර මහත්තයා බොහොම චාම් ජීවිතයක් ගතකරපු කෙනෙක්. දැන් මොන්ටෙරෝවලින් යන්නේ පළාත් සභා වරප්‍රසාද වලින්ද? අහිංසක සමෘද්ධි නිලධාරීන්ගේ සාමාජික මුදල් වලින්ද? (නදී)

:       0       0

අස්මිත් Thursday, 06 February 2014 07:52 AM

පොලිසි වලට බලපෑම් කරන එක දැන් හැම ප්‍රාදේශීය සබා මන්ත්‍රී වරුන්ගේ පුර්ණ ලක්ෂණයක්. උගත් ජනතාව මෙය තේරුම් ගත යුතු කාරණයක්. මෙම පහත් දේශපාලන ක්‍රමය නිම කිරීමට නම් මොවුන්ගේ තුටු පැදුරු වලට රැවටී ඕනෑම දේකට ගැති කම් කරන අපේ ජනතාවට බුද්ධිමත්ව රටේ විනය ගැන කල්පනා කර චන්දය භාවිතා කලයුතු කාලය පැමිණ තිබේ. (නදී)

:       0       0

අනුර Thursday, 06 February 2014 09:03 AM

සමුර්ධි නිලදාරීන්ගේ සංගමයේ සභාපති ජගත් කුමාර ජයවේවා (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 06 February 2014 09:58 AM

නිතිය නම් කාටත් පොදුවෙන්න ඕනැ නේද ? කළුතර විපක්සෙ කට්ටියව නම් කුදලලා පොලිසියට ගෙනත් තිබුනා මේ කට්ටිය ඉතින් ආණ්ඩු පක්ෂේ නිසා වෙන්නැති පොලෝසිය මේවා දකින්න නැත්තේ.(නදී)

:       0       0

සමන් ප්‍රදීප් Thursday, 06 February 2014 10:43 AM

පින්තුරේ අපේ ජනාදිපති තුමා ඉන්නවා නේ , ඒක නිසා මොනවත් කරන්ඩ බැහැ නේ පොලිසියට.(නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 10:58 AM

ඕකට කියන්නේ පිරිසිදු ප්‍රජාතන්ත්‍ර වාදය කියලා.(නදී)

:       0       0

චමී Thursday, 06 February 2014 03:27 PM

විපක්ෂෙ කට්ටිය කොලොත් විතරයි ඕක වරදක් වෙන්නෙ. මේක ලංකාව බව අමතක උනාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3975 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වලපනේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 81 0


කුරුණෑගල අනුරට
2024 සැප්තැම්බර් මස 22 282 0


මැද කොළඹ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 347 0


ඇල්ලේ රක්ෂිතයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 22 25 0

ඇල්ල දුම්රිය ස්ථානය අසල වන රක්ෂිතයේ අද (22) දහවල් ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රි


පොතුවිල් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 153 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14679 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 67 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 237 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 124 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site