(ඉන්දිකා රාමනායක )
පොලිස් අණ නොතකා ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් නවතා පරික්ෂා කිරීමේදී මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ආරක්ෂක හිස් වැසුම් වලින් පහර දී තුවාල කළ නවික හමුදා භටයෙකු ඇතුළු දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව සිදුව පොලිසිය කියයි
සැකකරුවන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයකු මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.
මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් ඊයේ(1) හවස සීදුව ස්කාගාර පාරේ ක්ෂණික මාර්ග බාධකයක් දමා පුද්ගලයන් හා රථවාහන පරීක්ෂා කරමින් සිටියදී වේගයෙන් ගමන් කරමින් තිබූ මෙම යතුරුපැදිය නැවැත්වීමට සංඥා කර ඇති බව පොලිසිය පවසයි.
එම පොලිස් සංඥා නොතකා සැකකරුවන් යතුරුපැදිය ඉදිරියට ධාවනය කරමින් තිබියදී ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා යතුරුපැදියකින් සැකකරුවන් ගමන් ගත් යතුරු පැදිය පසු පස හඹා ගොස් සීදුව නගරය ආසන්නයේදී එය නවත්වා ගෙන ඇති බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා පරික්ෂා කිරීමේදී ඔවුන් බීමතින් සිටි බවට අනාවරණය වී ඇති අතර.ඔවුන් පරික්ෂා කිරීම සඳහා පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී සැකකරුවන් එය වළක්වමින් පොලිස් නිලධාරීන් දෙදෙනාට ආරක්ෂක හිස්වැසුම් වලින් පහර දී ඇති බවද පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය දැනුම් දීමෙන් පසු පොලිස් කණ්ඩායමක් පැමිණ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් එක්ක සැකකරුවෙකු ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිටි (25)පුද්ගලයෙකු වන අතර සෙසු සැකකරු සීදුව ප්‍රදේශය ප්‍රදේශ පදිංචි (30) පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සීදුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පොලීසියේ දෙදෙනාට පහරදුන් නාවික භටයා අත්අඩංගුවට
fernando - wattala Tuesday, 02 May 2023 05:50 PM
හොඳ වැඩේ. ඔය නේවිකාරයෝ කියන්නේ පට්ටපල් හොරු, පොඩි එකාගේ ඉඳලා මහඑකා දක්වාම හොරු. ලංකාවට කුඩු ගේන්නේ ඕකුන් තමයි. කුඩු අහුවුණොත් භාගයක් ලොකුඅය එක්ක බෙදාගන්නවා. මම නම් ඕකුන්ව ගණන් ගන්නේ නැහැ.