IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලිසිය නැතිව අධිවේගේ වැරදි අල්ලයි

 

අධිවේගී මාර්ගවල ගමන්කරන රථ වාහනවල රියදුරන් අතින් සිදුවන මාර්ග නීති උල්ලංඝනය ඇතුළු සෑම වැරැද්දක්ම එසැණින් අල්ලා ගැනීමේ ‘‘ප්‍රවේක්ෂා” මෘදුකාංගයක් නිර්මාණය කර දීමට මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ සිසුහු කණ්ඩායමක් සමත්වී සිටිති.

අංශ ප්‍රධානි ආචාර්ය චතුර ද සිල්වා ඔවුනට මඟ පෙන්වීය.

අධිවේගී මාර්ග සීසීටීවී කැමරා පද්ධතිය පරිගණකයට සම්බන්ධ කිරීමෙන් එම වැරදි හඳුනා ගැනීමට හැකි බවත්, මෙම පරිගණකය සීසීටීවී කැමරාවලට සම්බන්ධ කැරෙන බවත් ආචර්ය ද සිල්වා පැවසීය.

මේ සඳහා සාමාන්‍ය පරිගණකයක් ප්‍රමාණවත්නය. මෙහි ඇති විශේෂත්වය වනුයේ කිසිවකුගේ සහායක් නොමැතිව ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියාත්මක වීමයි. එම නිසා පොලිසි ඒ වෙනුවෙන් වෙන්කර තැබීම අනවශ්‍ය හෙයින් මිනිස් බල පිරිමැසීමක්ද ඇතිවේ.

‘‘අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළුවු තැන සිට ගමන අවසානය දක්වාම වාහනයෙන් සෑම වැරුද්දක්ම මෙහිදි හසුවෙයි. දවසේ පැය විසිහතර පුරාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි. වසරක් පුරාවට ගමන් කළ වාහන වල තොරතුරුද ගබඩා වෙයි.”

ස්වයංක්‍රීයව වැරදි හදුන්වාදෙන නිසා තරාතිරමකින් තොරව වැරදි කරන සෑම රියදුරකුම හසුවෙයි. එබැවින් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත්වන්නේද නැතැයි ආචාර්ය ද සිල්වා කීවේය.

‘‘රියදුරන්ගේ අසාමාන්‍ය වැරදි පවා හසුවෙයි. යම් අපරාධයක් සිදු වුනද එයට සවිස්තරව හෙළිදරව් වෙයි. වැරදි කරන වාහනයේ එම වරද ඇතුළත් ඡායාරූපයක් ඉබේම ගබඩා වෙයි. එම නිසා තමන් වරදක් නොකළ බවට යම් රියදුරකු අභියෝග කළහොත් එම ඡායාරූපය ප්‍රභල සාක්කියකි.”

‘‘මෙම මෘදුකාංගය ආනයනය කළේ නම් ඒ සදහා රුපියල් මිලියන ගානක් වැය කිරීමට සිදුවෙයි.”

අධිවේගි මාර්ග සම්බන්ධ බලධාරින්ට මෙය අවැසිනම් එය නොමිලේ ලබා දීමට හැකි බව ශිෂ්‍ය කණ්ඩායම කියයි.

ඊට අමතරව තවත් වැඩි දියුණු කිරීම් අවැසි නම් ඒ සියල්ල ඉටු කර දීමට හැකි බවද ඔවුහු කියති.

ශාක්‍ය සේනාරත්න, ජයමාල් ද වාස් ගුණවර්ධන, පැතුම් ද සිල්වා, මංජුල පියුමාල් නමැති අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම් මෙම නිර්මාණය සිදු කර ඇත.

ආචාර්ය චන්දන ගමගේ, ආචාර්ය මාලක වල්පොල සහ අංශ ප්‍රධානි ආචාර්ය චතුර ද සිල්වා මේ මෘදුකාංගයේ අධික්ෂකවරු වෙති.

DSC_0105 Integration lane-violation praveksha-in-action speed-violation



අදහස් (0)

පොලිසිය නැතිව අධිවේගේ වැරදි අල්ලයි

චමින්ද Monday, 06 October 2014 11:52 AM

සෑම් මහත්තයත් ලංකාවේ ඉන්න කාලේ, යාලුවෙකුට හවසට කාඩ් එක ගහන්න දීලා එහෙම මාරුවෙච්ච එක්කෙනෙක් නේද? (නි)

:       0       0

හේරත් Monday, 06 October 2014 11:53 AM

බොහොම හොඳ කාලෝචිත නිර්මාණයක් (නි)

:       0       0

ධනුක Tuesday, 07 October 2014 01:45 AM

මේ තරුණ මල්ලිලට බැරි ද ආණ්ඩුවේ කන්තෝරුවල ක්ලාක් නෝනලා සේවය ඉල්ලගෙන පැමිණෙන මහජනයාට කෑගහන කොටම වදින සයිරන් එකක් හදන්න. පින් සිද්ධවෙවී. මගේ අම්ම ගේ විශ්‍රාම වැටුප ගැන දැන ගන්න ගිහින් එක නෝනා කෙනක් වයස බලන්නේ නැතිව කෑ ගහලා තිබුනා. (නදී)

:       0       0

සමීර සාලින්ද Monday, 06 October 2014 12:02 PM

සමහර වාහන ඉවත් කරලා අනෙක් සියලුම ඒවා දාන්න ඕනෑ (නි)

:       0       0

චරිත Wednesday, 15 October 2014 05:34 AM

ඒ තාක්ෂණය හොදයි.(හේ)

:       0       0

ගාමිණී Monday, 06 October 2014 12:28 PM

කවදාවත් මේක ඉදිරියට ගෙනියන්න ලැබෙයිද කියලා මට නම් සැකසහිතයි (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 07 October 2014 03:26 AM

නිකන් දෙන්න එපා. නිකන් දුන්නම අපේ අයට කිසි ගානක් නෑ. ඕක මිලියනයකට විතර අලවි කරන්න. නඩත්තුව සදහා වෙනම ගාස්තු ගන්න. එතකොට එ්කේ වටිනාකමක් දැනේවි. හැබැයි ඕක නිකන් දුන්නත් මේ රටේ ඉන්න දේශපාලුවෝ එ්ක දාන්න ඉඩ දෙන්නේ නෑ. (නදී)

:       0       0

රෝහණ‍ Monday, 06 October 2014 12:44 PM

ඔන්න පුදනකොටම කාපි යකා කිවුවා වගේ චාමර කිව්වා කතාවක්. අපේ රටේ විද්වතුන් තමයි ලෝකයේ හැමතැනම ප්‍රධාන පුටුවල ඉන්නේ . අපි ආඩම්බර වියයුතුයි අපේ රටේ අය ගැන. ඒ මෘදුකාංගය ගන්න නොගන්න එක වෙනම කතාවක්. (නි)

:       0       0

ලලීන් Monday, 06 October 2014 12:46 PM

සුබ පැතුම්! වැඩි වැඩියෙන් මේ වගේ දේවල් නිර්මාණය කරන්න ලැබේවා! (නි)

:       0       0

කුමාර Monday, 06 October 2014 12:53 PM

දේශපාලන ඇම්බට්ටයින්ට,චණ්ඩින්ට හොඳ පාඩමක් උගන්වන්න හොඳ අඩිතාලමක්. (නි)

:       0       0

අරවින්ද Monday, 06 October 2014 12:53 PM

දැන් ඉතින් හදිස්සියකට ගිහිල්ලා ඉවරයි (නි)

:       0       0

මධුෂංක Wednesday, 08 October 2014 06:40 AM

මමත් සතියට දවස් 3 විතර ඔය පාරේ යනවා නීති කඩ කරන්නේ නම් නැහැ. එ්ත් ඔය පාරේ පොලිසිය ඉන්නෙත් නිකන් පාරවල් වල වගේ කැලේ හැංගිලා. එ්ක හොඳ නැති දෙයක්. අනික කෝටි ගණන් වියදම් කරල පාර හදල තියෙන්නේ ඉක්මනින් යන්නනේ හරිනම් වේග සිමාව වැඩි කරන්න ඕන අඩුම 120 කරන්න ඕනා. ඔය කියන එකෙන් වේගේත් බලන්න පුලුවන්ද? (නදී)

:       0       0

සමන්ත Monday, 06 October 2014 01:26 PM

මේක රාත්‍රියට කොපමණ ප්‍රායෝගිකද, විදුලි ආලෝකය නැති දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ තැන් වලට? (නි)

:       0       0

ගයාන් Monday, 06 October 2014 07:51 AM

ඉතාම වැදගත් නිර්මාණයක්. මේ විදියේ ක්‍රම හැම දියුණු රටකම තිබෙනවා. ස්වයංක්‍රීයව දඩත් නියම වෙනවා. දඩ කොළ නැහැ. අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියන්නේ ඕකට දේශපාලකයින් කැමැති වෙයිද කියලත්, මිනිසුන් කොහොම ප්‍රතිචාර දක්වාවිද කියලත් තමයි ඉතින් (නි)

:       0       0

අතුල කේ Monday, 06 October 2014 07:54 AM

අපේ හනමිටිකාරයෝ මේවායින් වැඩ ගනියිද ? (නදී)

:       0       0

රාමා Monday, 06 October 2014 07:59 AM

එ්ක නම් හොඳ වැඩක්. පොලිසියෙන් ගුටිකන්නේ නැතිව ඇමති වරුන්ගේන්ගෙන් ගුටිකන්නේ නැතුව සාදාරනව යන්න පුළුවන්. චාමර පරිස්සම් කරගන්න. අපේ විශ්ව විද්‍යාලවල දක්ෂයින්ට ස්තුතියි (නදී)

:       0       0

රත්න Monday, 06 October 2014 08:00 AM

පිස්සුද ගනියි ඕං කියලා? අපේ රටේ නිකම් හරි ලාබෙට හරි දෙන ලාංකික නිපැයුම් බලධාරීන් විසින් අනේක වාරක් ප්‍රතික්ශේප කරලා ඇති. රෝද 2 ට්‍රැක්ටරයෙන් පටන් දුම්රිය ගේට්ටු දක්වාම කලේම කෙනැහිලිකම්. මොකද පාලකයොන්ටයි නිලධාරීන්ටයි කොමිස් මුදල් නොලැබෙන නිසා. රටේ සංවර්ධනය කියලා කරන්නේ පිට රටින් මොනවා හරි හිඟාකාලා ඒවාගෙ ශෝභනය පෙන්නන එක විතරයි. (නදී)

:       0       0

චාමර Monday, 06 October 2014 08:02 AM

සොෆ්ට්වෙයා බග් තිබ්බොත් මිනිස්සු නිකන් දඩ කනවා. ඒක හින්දා ඔය තියන විදිය හොදයි (නදී)

:       0       0

සුනිල් ජේ Monday, 06 October 2014 08:02 AM

මගේ අාශිර්වාදය. තරා තිරම නොබලා දඩුවම් දෙන්න හොඳම ක්‍රමයක්. විශේෂයෙන්ම දේශපාලන බලය අරගෙන අමනුස්සකම් කරන රියදුරන්ට විනිවිද බාවයකින් දඩුවම් කරන්න පුලුවන් (නදී)

:       0       0

ඇන්ටන් Monday, 06 October 2014 08:04 AM

තරාතිරම නොබලා කිව්වට ඕකෙනුත් කෙලවෙන්නේ දුප්පත් අපිටම තමා. මොකද මැති ඇමතිවරු කියන ගොල්ල ඕකෙ වැරදි විදියට ගීයා කියල කව්ද එයාලට දඩ කොළ දෙන්නේ මතකනේ එහෙම කරලා වුනදේ. (නදී)

:       0       0

විල්සන් Monday, 06 October 2014 08:11 AM

ඕක හැදුවට වැඩක් නැතිවෙයි. මොකද ඕක "මේඩ් ඉන් ශ්‍රී ලංකානෙ".වැඩි ගානකට පිටරටින් ගනී අපේ අය.අර ඩෙංගු වලට බෙහෙත් හොයාගත් ගාල්ලේ දොස්තර නොනාගෙන් වැඩක් ගත්තාද? අන්තිමට ඕක හොයාගත් අය‍ට ඉතිරි වෙන්නේ කළකිරීම විතරයි. (නි)

:       0       0

ජනක Monday, 06 October 2014 02:07 PM

ඔන්න ඉතින් තියෙන දඩ මදිවට තවත් පටවන්න එනවා (නි)

:       0       0

කුමාර Sunday, 19 October 2014 07:09 AM

නියමයි! පොලිස් මහත්වරුන්ට බය නැතිව වැඩකරන්න පුලුවන්. සාක්ෂි තියෙනවා. (නදී)

:       0       0

අසෝකා Monday, 06 October 2014 08:22 AM

රත්න සහ විල්සන් කියපු දේ මමත් අනුමත කරනවා! (නි)

:       0       0

රන්ජිත් Monday, 06 October 2014 08:34 AM

අපේ දේශපාලකයින් නම් මේකට කැමති වෙන එකක් නැහැ. (නි)

:       0       0

ඉන්දික හේරත් Tuesday, 07 October 2014 05:13 AM

නීති ගරුක සාමාන්‍ය ජනතාව නම් ඕකට කැමති වේවි. හොරු ටික තමා ඔය වගේ හොඳ දේවල් වලට බය වෙන්නේ. බලමු කාට ඕනෑ දේද වෙන්නේ කියලා. හොරු ටිකට කෝටි ගානක කොමිස් කුට්ටියක් නැතිවෙන වැඩක් තමා මේ කරලා තියෙන්නේ. (නදී)

:       0       0

ජනක Monday, 06 October 2014 02:52 PM

මේ වගේ නිපැයුම් වෙනුවෙන් දරුවන් දිරිගන්වන්නට තිබුනේ රටේ යුද්ධයක් පැවති කාලයේයි. එසේ වුයේ නම් අද ලංකාව ආසියාවේ ඊශ්රාලයයි...! (අ)

:       0       0

දමිත් Monday, 06 October 2014 02:56 PM

ප්‍රශ්නේ තියෙන්නේ අධිවේගයෙන් ගියාට ඡායාරූපයක් ගබඩා වුණාට මදිනේ අධිවේගයට සාක්ෂියක් හැටියට පින්තූරයක් (ස්ටිල්ල් පික්චර්) ගබඩා වීම ලංකාව වගේ දුෂනයෙන් පිරුණු රටකට ඇතිද?? අනෙක තරාතිරමක් නැතුව ගබඩා වුණාට එය භාරව ඉන්න අයට ඕවා මකන්න හෝ ඒ සිස්ටම් එකට ලොග් වෙලා හො හැක් කරලා අවශ්‍යවිදියට සිස්ටම් එක ඕෆ් කරන්න පුළුවන්නම් ඕන කෙනෙක් එකෙන් වැරදියට ප්‍රයෝජන ගන්නත් පුළුවන් නේද?(අ)

:       0       0

කසුන් ධර්මවංශ Monday, 06 October 2014 08:46 AM

අපේ රටට වටිනා කොල්ලෝ ටිකක්. නමුත් ගැටළුවක් තියෙනවා . ඒ තමයි අපි හැමදාම මොරටුව විශ්ව විද්‍යාලයෙන් හෝ වෙනත් පුද්ගලයන් විසින් කරන නව නිපැයුම් සම්බන්ධව පුවත් දකිනවා. එහෙත් ඊටපස්සේ ඒවාට මොකද වෙන්නේ? (නි)

:       0       0

නිපුන Monday, 06 October 2014 03:02 PM

ඕකනේ ඉතින් දාන්ඩ ඉස්සෙල්ල බාල්දියනේ. ධනාත්මකව හිතමු පතමු මේක හරි යන්ඩ කියල (අ)

:       0       0

චාමර Monday, 06 October 2014 03:37 PM

හොද නිර්මාණයක් . (අ)

:       0       0

උපාලි Monday, 06 October 2014 09:02 AM

එතකොට පොලිසියේ ඉන්න රාළහාමිලා සංඛ්‍යාවත් අඩුකරන්න වෙයිද? වේවැලකින් කාටවත් ගහන්න චාන්ස් එකක්වත් නොලැබෙයිද? රාළහාමිලට ගෙම්බර් දාගෙන යන්න දෙසපාලුවන්ට ඉඩක් ලැබෙන එකක් නැද්ද? අනේ එහෙමනම් අපිට එපා ඕක. (ස)

:       0       0

චමිල Monday, 06 October 2014 03:46 PM

මම හිතන්නේ මේක ඉතා වැදගත් සාමන්‍ය පාරවල් වලට . මොකද මේ රටේ ගොඩක් මාර්ග නීති කඩන්නේ සාමාන්‍ය මාර්ගවල රියදුරන් .(අ)

:       0       0

පුෂ්කුමාර Monday, 06 October 2014 03:53 PM

පොලිසියට තමයි පාඩු වෙන්නේ මේ වැඩෙන්! (නි)

:       0       0

ඉසුරු Monday, 06 October 2014 04:03 PM

ඉතා හොඳයි! (නි)

:       0       0

හෂාන් Monday, 06 October 2014 04:08 PM

එහෙනම් මීට පස්සේ අනතුරු අඩුවෙයි (නි)

:       0       0

චමත් ඉතාලිය Monday, 06 October 2014 09:22 AM

අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි .... ඔබට ජයෙන් ජයම ලැබේවා ... ආණ්ඩුව මේ ක්‍රමයට කැමති වෙයි ..... දේශපාලුවෙක් වැරැද්දක් කලොත් දඩ කොලේ දීපු පොලිස් නිලධාරියා හොයාගෙන ගිහින් පහර දෙන්නත් පාගා ගත්තා කියලා නඩු දාන්නත් ඕන නැහැ. පොටෝ එක පොලිසිට ආව ගමන්ම කුණු බක්කියට විසි කලාම ඔක්කොම හරි වැඩේ ලේසියි හැම පැත්තෙන්ම ..... ඕක ඉක්මනින්ම කරයි (නදී)

:       0       0

කල්ප Monday, 06 October 2014 04:25 PM

ඇමරිකාවේ බහුලව පාවිච්චි වෙනවා.බොහොම සාමකාමී නීතිගරුක රියදුරන් එහෙ ඉන්නේ. හේතුව නීතිය හැමෝටම එකයි. (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 06 October 2014 04:35 PM

ලාංකිකයන් හැටියට කළ නිර්මාණය කෝටියක් වටිනවා. මෙවැනි ක්‍රම දියුණු රටවල භාවිතා කරනවා. අධිවේගී මාර්ග පමණක් නොව , සියලුම මාර්ග සඳහා මෙම ක්‍රමය භාවිතා වෙනවා. ලක් සිසුන් කළ මෙම නිර්මාණයට රජයෙන් අතහිත දීලා ,ඒවා රජයට ලබාගෙන රටට සේවයක් ලබාගන්නට පුළුවන්. නිර්මාණය කළ සියලු දෙනාට මගේ ස්තුතිය! (නි)

:       0       0

නුවන් Monday, 06 October 2014 05:18 PM

මේක නම් විශිෂ්ටයි! (නි)

:       0       0

භද්දිය Tuesday, 07 October 2014 01:44 PM

ඇත්තට ඉතා විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ දක්ෂ සිසුන්ට අවස්ථාවක් ලබාදිය යුතුයි. හැමදෙයක්ම පිටරට වලින් ගෙන්නන්නේ නැතුව අපේ රටේ සිටින මෙවැනි දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගයකොට සුදුසු තැන ලබා දියයුතුයි. අපේ රටේ දේශීය නිර්මාණයක් නිසා අපේ මුදල් අපේ රට ඇතුළේ රඳවාගන්නවා පමණක් නොව , අපේ රටටම අවේණික වූ ක්‍රමවේදයක් ගොඩනඟා ගත හැකිවෙනවා. මම සුභ පතනවා මෙම විශිෂ්ට නිර්මාණයට! (නි)

:       0       0

චමිල Wednesday, 08 October 2014 04:19 PM

පොලිසිය නැති එකම තමා හරි. (නි)

:       0       0

නෙල්සන් Wednesday, 08 October 2014 01:27 AM

අපේ විශ්ව විද්‍යාල වල දක්ෂයින්ට ස්තුතියි (නි)

:       0       0

ජයත් Monday, 06 October 2014 10:19 AM

මේකට මූලික වෙච්ච අයට මගේ ප්‍රණාමය. රත්නගේ කතාවට මම 100%කුත් විල්සන් ගේ කතාවට 50% කුත් එකඟයි. ලංකාවේ මොනවා හැදුවත් එ්ක අපේ පාලකයෝ පිළිගන්නේ නැහැ. අර අත් ට්‍රැක්ටරයේ කතාව හොඳ උදාහරණයක්. තව දේවල් එමටයි නමුත් අර ඩෙංගු වලට බෙහෙතක් හොයා ගත්ත කියන "වෛද්‍යවරිය " ගැන නම් කියන්න තියෙන්නේ එයා මාද්‍ය සංදර්ශන තියනවා විතරයි. අවස්ථාවක් දීලත් එයාගේ ඔය "ඊනියා " ප්‍රතිකර්මය ඔප්පු කරලා පෙන්නනේ නැහැ. (නදී)

:       0       0

සම්පත් Monday, 06 October 2014 06:41 PM

ඔක්කොම පාරවල් වලට දැම්මා නම් ඒත් හොඳයි (නි)

:       0       0

සෑම් Monday, 06 October 2014 10:22 AM

ලංකාවේ රජයේ ආයතන වල නිදි කිරා වැටෙන අධික වේගයෙන් පගා ගහන කෑම පැයේ ගෙදර මාරුවෙන නෝනලා මහත්වරුනව අල්ලන්න උපකරණයක් තමයි පුතාලා මුලින්ම හදන්න ඕනේ. (ස)

:       0       0

චන්ද්‍රදාස Monday, 06 October 2014 07:08 PM

බොහොම වටිනා දෙයක්. සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

බණ්ඩාර සරත් Monday, 06 October 2014 10:33 AM

කොපමණ හොඳ නිපැයුමක් උනත් මෙය රජයෙන් ක්‍රියාත්මක කරාවිද ? එහෙම උනොත් බහුලව මේවාට අසුවන්නෙත් රජයේ මැති ඇමති වරුන් සහ ප්‍රබූ වරුන් නිසා , නිපැයුම ගෙන නම් ආඩම්බරයි , මේවා තව දියුණු රටවල පාවිච්චි කරනවා , අධි වේග මාර්ග වල පමණක් නොව , කුඩා නගර තුල තිබෙන පොඩි පාරවලත් , , මොකද එම රටවල නිතිය කාටත් පොදු නිසා , ලංකාවේ එසේ නොවේ. (ස)

:       0       0

චමින්ද Monday, 06 October 2014 07:47 PM

පහුගිය කාලෙක අර ප්‍රසිද්ධ රෙදි සාප්පුවක දර්ශන බොඳ වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට ඇරියා නේද පරික්ෂා කරන්න.ඒකට මොකද වුණේ දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

පද්මිණී Monday, 06 October 2014 10:59 AM

පුතේ, ඔයාල ඉතාම දක්ෂයෝ. අනේ පුළුවන් නම් දේශපාලකයින් ලවා මේ රටේ දැනට පවතින නීතිය ක්‍රියාත්මක කරවීමට ඔටෝ උපකරණයක් හදන්නකෝ. (නදී)

:       0       0

චින්තා Monday, 06 October 2014 10:48 PM

හොඳ නිර්මාණයක්. ආඩම්බරයි අපේ ලංකාවේ කොල්ලෝ ගැන (නි)

:       0       0

ජනත් Monday, 06 October 2014 11:22 AM

මේක ප්‍රින්ට් කරලා අරන් තියා ගත්තොත් අපේ රටෙත් හොඳ වැඩකාරයෝ ඉන්නවා කියල පෙන්නන්න පුළුවන්. එ්ත් ඕක අපේ රටේ ප්‍රායෝගිකව භාවිතා වෙයිද , නැත්තම් භාවිතා කරන්න ඉඩ ලැබෙයද දන්නේ නැහැ. නැත්තම් චීනෙන් ඊට වඩා ලාබෙට එකක් ලැබෙයිද දන්නේ නැහැ. කොහොම උනත් විශිෂ්ඨ නිර්මාණයක්. (නදී)

:       0       0

බෙනට් Monday, 06 October 2014 11:28 AM

මුළු අදි වේගයටම පින්තුර වල තියෙන්නේ වාහන පහයි. පහෙන් හතරක්ම දාවනය කරන්නේ හරියට ලයින් එක ඇතුලේ නෙමෙයි (නදී)

:       0       0

එස්. වර්ණකුලසුරිය Monday, 06 October 2014 11:28 AM

නිපෙයුම ගැන ආඩම්බරයි. ප්‍රයෝජනයට ගත්තොත් හොඳයි. (නදී)

:       0       0

කින් බෙනට් Monday, 06 October 2014 11:36 AM

අධිවේගයේ නෙමෙයි, පුළුවන් නම් ඕවා සාමාන්‍ය කාර්යබහුල පාරවල් වලට දාන්න. පාඩු වෙන්නේ නැහැ. ගිය වියදම වගේ සියගුණයක ලාබයක් එක මාසෙන් හොයන්න පුළුවන්.ඒ වගේම මාස ගානක් යද්දී හොඳ ප්‍රතිඵලත් ලබාගන්න පුළුවන් වෙයි. බස් රියදුරන්, ත්‍රීරෝද රියදුරන්, ලොරි රියදුරන්, යතුරුපැදිකරුවන්, සාමාන්‍ය වාහන රියදුරන්... මෙකි නොකී සියලු රියදුරන් කරන නීතිවිරෝධී අනතුරු දහස් ගණනක් හොයාගන්න හරිම පහසුයි. ඒ හින්දා නොවරදවාම මේක හරියන්නේ සාමාන්‍ය කාර්යබහුල පාරවල් වලටයි (නි)

:       0       0

කින් බෙනට් Monday, 06 October 2014 11:38 AM

සෑම්, අමුතුවෙන් හොයන්න ඕනෑ නැහැ. මේකම හයිකළා නම් ඒවත් නිකන්ම අහුවෙනවා (නි)

:       0       0

ප්‍රසාදිනී Monday, 06 October 2014 11:39 AM

ඉතාම වැදගත් නිර්මාණයක්. (නි)

:       0       0

ගමගේ Monday, 06 October 2014 11:41 AM

මිනිසෙකුගේ අතින් වෙන්න තියෙන වැරදි ගණන වැඩිවුණත් පරිගණක මෘදුකාංගයකින් වෙන්න තියෙන වැරදි ගණන අඩුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 497 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 943 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site