ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක් පොලිස්පති විසින් මාරු කරනු ලැබ සිටිති.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළි පත් කර ඇති අතර පොලිස් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් එච් කේ බී මහගෙදර මහතා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරු කර ඇත.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් සී මැදවත්ත මහතා ජාතික පොලිස් ඇකඩමියේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරැ කැර ඇත.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා බණ්ඩාරවෙල කොට්ඨාසය බාරව ද, පොලිස් අධිකාරී එස් ඒ අබේවික්‍රම මහතා නුවරඑළිය කොට්ඨාෂය බාරව ද, පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පුත්තලම කොට්ඨාසය බාරව ද මාරු කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් අධිකාරී කේ ජී ඒ අල්විස් මහතා කොළඹ වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසියේ පුටු නවයකට අලුත් මුහුණු
සම් Wednesday, 16 October 2013 01:52 PM
මේ පොලිස් කුට්ටම හැමදාම අනනවා. හරියට සංගීත පුටු තරඟයක් වගේ.වැඩ බාර අරගෙන මේසය අස්කරලා පුටුව පිහදාලා වාඩි වෙනකොට මාරුවක් ඇවිත්. ස්වාධීන පොලිස් කොමිසමක් නැතිව අරයට මෙයාට ඕන හැටියට කෙරෙන මාරු වලින් පොලිසිය තව තව නරක වෙනවා මිසක් හොඳක් වෙන්නේ නැහැ. (ස)
උපාලි Wednesday, 16 October 2013 02:48 PM
අලුත් මුහුණු වුනත් ඉඳගන්නෙ 'පරණ' පුටුවලම නේද? ඒ හින්දා එච්චර වෙනසක් වෙන එකක් නැහැ. (ස)
ධම්මදේශ Thursday, 17 October 2013 08:06 AM
අජිත් රෝහණ මැතිතුමනි, පසුගිය සමයේ ඔබ පොලිස් මහජන සම්බන්ධතාවයට හොද සේවයක් කළා. දැන් එම සේවය වඩාත් හොදට කරන්න ලැබේවි. සුභ පතනවා (නි)
ලංකා Wednesday, 16 October 2013 06:37 PM
මාධ්‍ය ප්‍රකාශක තැන වෙනස්වීම නිමිත්තක්ද? (අ)
ගයාන් Thursday, 17 October 2013 08:33 AM
ලොකු පුටු කොහොම වෙනස් වුණත්, පහළ නිලධාරීන්ටත් ජනතාවටත් යහපතක් නම් පෙනෙන්න නැහැ. (නි)