IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිසිය පතුරු ගැසූ රියදුරුවරිය රිමාන්ඩ්

රථ වාහන පොලිසියට මාලඹේදී පොලිසියට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් ලියවිලි හා හෙල්මටය පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල අවන්හල් හිමියකුගේ බිරිඳ ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.

මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් බීඑම්ඩබ්ලිව් රියක් ධාවනය කළ කඩුවෙල බෝමිරියේ එම්.ඩී.චමිලාට වාහනය ලබා දුන් බව කියන ඇගේ සැමියාවන කීර්ති ගුණවර්ධන ඇප ලැබීය.

රිය පදවාගෙන යද්දී සැමියා රියේ නොසිටි අතර දෙදිනකට පසුව පොලිස් පොත්පත් හා හෙල්මටය බාරදීමට ගිය අවස්ථාවේ සැමියා කළ ප්‍රකාශය අනුව එම දෙදෙනාම අත් අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (0)

පොලිසිය පතුරු ගැසූ රියදුරුවරිය රිමාන්ඩ්

නිහාල් Wednesday, 15 July 2015 02:50 PM

මේ ස්ත්‍රිය පොලිසියට මෙහෙම කතා කලානම් වැඩ කරන සේවකයන්ට බල්ලන්ට වගේ කතා කිරීම ,අහල පහල අය සමගත් නියම කෙක්කක් .බි එම් ඩබ්ලුයි බලය මොකද්ද ඕවා යුරෝපයේ සමහර රටවල ටැක්සි . (ස)

:       0       0

රනුදිල Wednesday, 15 July 2015 11:50 AM

මෙයාට උපරිම දඩුවම් දියයුතුයි.දන්න නිතියකුත් නැහැ. නැත්නම් අනෙක් බවලත්තුත් මෙයාව අනුකරනය කරයි. දරුවොත් වාහනේ තියාගෙන මෙයා දුන්න ආදර්ශය කොහොමද? කාගෙ වුනත් රියදුරු බලපත්‍රය ගන්න රථවාහන පොලිස් නිලධාරින්ට පුළුවන්. කාන්තාවක් වෙලත් කතා කරපු කැත. (ස)

:       0       0

ලක්මාල් සුසන්ත Wednesday, 15 July 2015 11:54 AM

මේ කාන්තාව හැසිරුණ විදිය හරිම පිළිකුල් සහගතයි.දුන්න දඩුවම මදි කියලයි හිතෙන්නේ. (ස)

:       0       0

ශාන සෞදි Wednesday, 15 July 2015 11:55 AM

මේවගේ වට්ටි අම්මල රටේ ජීවත් වනහැටි රාජකාරි කරන නිලධාරියකුට කතා කරන හැටි ඉගෙන ගන්න වසර 2 වත් හිරේ දාන්න ඕනේ මේ අම්මණ්ඩිලා. (ස)

:       0       0

අධිකාරි Wednesday, 15 July 2015 03:02 PM

හොද දඬුවම (අ)

:       0       0

කමනි,, Wednesday, 15 July 2015 03:11 PM

අර පොලිස් නිලධාරීන් දෙන්නගේ ඉවසීමටත් ,,සිද්ද වෙච්ච අපහාසයටත් වන්දි ලබා දිය යුතුයි ,,(අ)

:       0       0

යහම්පත් Wednesday, 15 July 2015 03:13 PM

ඒ වුණාට අවවාද කරලා නිදහස් කරන්න තිබුනා නම් හොඳයි.මේ රටේ සිද්ධවෙන වැරදි වල හැටියට සහ හරියට දඬුවම් දෙනවා නම් රටෙන් බාගෙකට ඉන්න වෙන්නේ හිරේම තමා.පොලිසියෙන් සහ අධිකරණයෙන් අපි බලාපොරොත්තු වන්නේ දිගටම හැමෝටම සාධාරණය ඉෂ්ට කිරීමයි. (නි)

:       0       0

විරාජ් Wednesday, 15 July 2015 12:02 PM

ඉතාමත්ම සතුටු වෙනවා දුන්නු දඬුවම ගැන නම්,,වීඩියෝ එක දැක්කාම අර පොලිස් නිලදාරීන් දෙන්න කොහොම ඉවසගෙන හිටියද මන්ද කියල හිතෙනවා ඒ වෙලාවේ, මට උනා නම් ඔහොම දෙයක් ඔතන අර ගැනිට යන්න වෙන්නේ හිරේ නෙවේ මෝචරියට (ස)

:       0       0

මිරොෂ් නුවන්දන Wednesday, 15 July 2015 12:08 PM

දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕන (ස)

:       0       0

කාම්ජේ Wednesday, 15 July 2015 12:16 PM

ඔක්කොටම මතක නැතිව ඇති මේක වීඩියෝ කරා කියල. නැත්තම් පොලිස් ලොක්කෝ ඔහොම කතා කරයි සාමාන්‍ය මිනුස්සුන්ට. අපි හෙමෝම දන්නවනේ පොලිසියේ කට්ටියගේ හැටි. (ස)

:       0       0

අනු Wednesday, 15 July 2015 03:46 PM

ඔයවගේ ගැහැනු නිසා අනිත් අයත් විනශ වෙනවා (අ)

:       0       0

නසීර් Wednesday, 15 July 2015 12:22 PM

හොද තීරණයක්.(හේ)

:       0       0

සමීර Wednesday, 15 July 2015 12:30 PM

අයියෝ මේ අවන්හලක් කරලද ඔච්චර උඩපැන්නේ මම හිතුවේ මන්ත්‍රී හාමු කෙනෙක් ගේ නෝනා කියල (අ)

:       0       0

චමින්ද ඩී.එම්. Wednesday, 15 July 2015 04:24 PM

සත්‍යවාදී පවන්, මෝටර් වාහන පනත 135 පොලිස් නිලදාරියකු ඉල්ලූ විට තම රියදුරු බලපත්‍රය ලබාදෙන්න ඕනේ. 135(4) පොලිස් නිලධාරියෙකුට රියදුරු බලපතක් තම භාරයට ගෙන තාව කාලික රිය බලපතක් නිකුත් කරන්න පුළුවන්. කාන්තා පිරිමි බේදයක් නැත. (ස)

:       0       0

ලක්ෂ්මන් අබේකෝන් Wednesday, 15 July 2015 12:39 PM

පව් දෙයියනේ අහිංසකය මගේ පපුව හෝස් ගලා පත්තු වුණා. පොලිසිය ගැන නෙවේ .. මේ ගෑනිගේ මිනිහ ගැන හිතිල .ඒ මනුස්සයා මොන ජර දුකක් උදේ හවහ විදිනවා ඇත්ද මේ ගෑනිට අහුවෙලා ... ආයෙනම් බදින්නේ නැහැ මැරෙනකම් .. බඩගින්නේ හිටියත් මේ ඉන්න විධිය හොඳටම හොඳයි..(අ)

:       0       0

රුවන් Wednesday, 15 July 2015 04:47 PM

මෝටර් වහන පනත 135, පොලිස් නිළධාරියෙකුට රියදුරු බලපතක් ඉල්ලා පරික්ෂ කල හැක. රිය බලපත නැත්නම් හෝ ලබාදීම ප්‍රතික්ෂේප කරන විට අදිකරණයට ඉදිරිපත් කල හැක. 1(අ)

:       0       0

වෙනුක Wednesday, 15 July 2015 10:27 AM

යහපාලනය නියමයි (ස)

:       0       0

තෙන්නකෝන් Wednesday, 15 July 2015 04:51 PM

මා මෙම සිද්ධ්ය දැක්කේ අන්තර්ජාලයෙනි. පොලීසියේ මෙම නිධාරින් ඒ අවස්තාවේ දැක්වු ඉවසීම ගැන ඇතිවන්නේ ඉතාම සංවේගයකි.ඒ තරමටම ඔවුහු අපහසුතාවයකට පත්වූහ. පොදුවේ එය පොලීසියට ඇය කරණ ලද අපහාසයකි. මා වෙසෙන ඇමරිකාවේ කොයිතරම් නිදහස සහ අයිතිවාසිකම් ජනතාවට ඇතත් මෙවැන්නක් මහමග සිදුවුවානම්, ඒ මොහොතේම තවත් පොලිස් නිලධාන් පවා එතනට කැඳවා ඒ මොහොතේම මාන්චුදමා ඇය අත් අඩංගුවට ගන්නවාට කිසිම සැකයක් නැහැ. නමුත් අපේ නීති-රීති දුර්වල්යි.ඒත් පසුව හරි මෙහෙම නීතිය ක්‍රීයාත්මක වීම යහපත්ය. (අ)

:       0       0

ටෙනිසන් Wednesday, 15 July 2015 04:53 PM

දැන් නම් බී එම් ඩබ්ලියු උන බැහැල ඇති. (අ)

:       0       0

ටිරෝන් Wednesday, 15 July 2015 10:31 AM

මහේස්ත්‍රාත්තුමාට අපේ ප්‍රණාමය! අපි දැක්ක මෙයා හැසිරුණු ආකාරයත් පොලිසියේ මහත්වරු විනයානුකූලව හැසිරුණු ආකාරයත් දැන් ඇම්ම සනීප වෙයි (ස)

:       0       0

චාමික Wednesday, 15 July 2015 01:13 PM

එහෙම පොලිසියට එක විදියකටත් මහජනයාට තව විදියකටත් සළකන එක වැරදියි. මම කියන්නේ දෙපාර්ශවයටම සාධාරණයක් කරන්න. (නි)

:       0       0

ගාමිණී Wednesday, 15 July 2015 01:15 PM

මෙම අහංකාර ස්ත්‍රියට උපරීම දඬුවම් දිය යුතුයි. (ර)

:       0       0

සත්‍යාවදි Wednesday, 15 July 2015 10:41 AM

මොන නීතියකට රියදුරුගේ බලපත් ගත්තේ (අ)

:       0       0

නලින්ද Thursday, 16 July 2015 09:00 AM

මෙි වගේ අයට කිසිම අවස්ථාවක් දෙන්න හොද නැහැ.(අ)

:       0       0

සචී Wednesday, 15 July 2015 01:26 PM

රථයේ රියදුරු බලපත්රය පරීක්ෂා කිරීමේ අයිතිය පොලිසිය සතුය. එය අවශ්‍යනම් ළඟ තබාගෙන තාවකාලික ලදු පතක්ද දීමට නීතියෙන් ඉඩක් තිබේ. එය සාමාන්‍ය දෙයකි. (ස)

:       0       0

ගිහාන් Wednesday, 15 July 2015 10:50 AM

ගැහැණු කෙනෙකුට සුදුසු විදියට හැසුරුනේ නැති ගැහැණියට දඩුවමක් දීමෙන් හැම කෙනාම හරියට හැසිරීමට... කතාකිරීමට ඉගන ගනු ඇත. (හේ)

:       0       0

ධම්ම Wednesday, 15 July 2015 01:40 PM

කුඩා දරුවෙකු වාහනයක රැගෙන යා හැක්කේ කෙසේද යන්න අපේ නීති පොතේ සඳහන්වෙලා ඇති අයුරු දන්නා කියන කෙනෙක් පහදා දෙන්නකෝ. (ර)

:       0       0

සමන් අල්විස් Wednesday, 15 July 2015 10:55 AM

ඇත්තටම පොලිසිය ඒ වෙලාවේ හොඳ ඉවසීමෙන් වැඩ කරපු හැටි දැක්කා (ම)

:       0       0

එඩ්වඩ් Wednesday, 15 July 2015 10:56 AM

අසිරු තාවයට පත්වු නිළධාරින් දෙදෙනාට වන්දියක් ලබා දිය යුතුයි.සමතයකට පත් කිරිම හොද නැ.මේවා නොසලකා හැරියොත් රට විනාශයි (ම).

:       0       0

ජයසිංහ Wednesday, 15 July 2015 10:59 AM

අහංකාර මේ වගේ මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙන්න ඕනේ.(හේ)

:       0       0

ප්‍රියන්ති Wednesday, 15 July 2015 07:50 PM

මේ රෝගී කාන්තාවට නැවත රිය පැදවීමට දීමෙන් මහා මාර්ගයේ යන සියලුම සිවිල් වැසියන් අනාරක්ෂිත වේ. (ස)

:       0       0

සෙනරත් බණ්ඩාර Wednesday, 15 July 2015 11:05 AM

මට වෙනුකගේ අම්මයි තාත්තවයි මතක් වුනා. ඔක්කොම යහපාලනයේ වැරදි නෙමෙයි.අනික එතන සිදුවූ සිද්දිය පැහැදිලි වීඩියෝ එකක් තියෙනවා. දකින අයෙකුට ඇත්ත නැත්ත හොඳට පැහැදිලියි. (බ)

:       0       0

ප්‍රසාද් Wednesday, 15 July 2015 08:06 PM

මේ අම්මණ්ඩි නම් මෝඩයි. බී එම් ඩබ්ලිවු එකක තියා ත්‍රීවීලර් එකක වත් යන්න සුදුසු නැහැ. කතා කරපු කැත විතරක්. මටනම් අප්පිරියයි. පොලිසියට ප්‍රසිද්දියේ අපහාස කලාට වෙනම නඩුවක් දාන්න ඕනේ. (ස)

:       0       0

හෙසා Thursday, 16 July 2015 06:54 AM

තම ශ්‍රී ලංකාවේ මේවාට හරි නීතියක් හදලා නැතිව ඇති. දරුවෙක් උකුලේ තියන්, අනික් තින් සුක්කානම හසිරවීම වරදක් සේම අනතුරුදායකයිනේ. පොලිස් මහතුන් දෙනෙක් සිටිය නිසා සාක්ෂි මදිද ඒ බව ඔප්පු කරන්න.(ම)

:       0       0

වජිර ඒකනායක Wednesday, 15 July 2015 11:05 AM

ඔව් මම දැක්කා මේ මෝඩ ගැණි කොහොමද නිලධාරීන්ට කථා කළේ කියලා. ඇයට මොළයක්වත් විනයක්වත් නෑ. මාස තුනක්වත් ඇතුලේ තියන්න ඕන (බ)

:       0       0

සරත් සෞදි Wednesday, 15 July 2015 11:06 AM

නිතිය අතට ගත් මහජනයා යහපාලන කාලය (බ)

:       0       0

කනම්පිටියේ අමරේ Wednesday, 15 July 2015 02:03 PM

මේ කාන්තාව හැසිරුණු අයුරු බොහොම පිළිකුල් සහගතයි. පොලිසියේ වැරදි ඇති . එත් නීතිය අතට ගැනීම නොකළ යුතු ක්‍රියාවක්. ඇය හැසිරුණු ආකාරයෙන් අයගේ හැදියාව උගත්කම පිළිබිඹු උනා. මීට වඩා අපේ කාන්තාවන් සංවර වෙනවා නම් හොඳ නේද . (අ)

:       0       0

මහින්ද - නෙදර්ලන්තය Wednesday, 15 July 2015 11:12 AM

නීති මගින් දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න (බ)

:       0       0

නිරෝෂ Wednesday, 15 July 2015 11:13 AM

මේ වගේ ගෑනු සමාජයෙන් අයින් කරලා දන්නා ඕනේ. (බ)

:       0       0

හේරත් Wednesday, 15 July 2015 11:14 AM

අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න.නැත්නම් හැම ගැහැණියක්ම පොලිසියට පාට් දායි.මගේ අදහස සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු නිහතමානී වෙන්න ඕනෑ. (නි)

:       0       0

රණතුංග Wednesday, 15 July 2015 02:12 PM

මහේස්ත්‍රාත්තුමාට ප්‍රණාමය (ස)

:       0       0

අජිත් Wednesday, 15 July 2015 11:14 AM

මහත්තයාත් රිමාන්ඩ් කිරීම ගැන මට නම් හරි පුදුමයි (නි)

:       0       0

රාධා Wednesday, 15 July 2015 02:16 PM

මට නම් ප්‍රස්නේ තියෙන්නේ මේ තුට්ටු දෙකේ කතාකියන්නේ මරියකඩේ එක්කෙනෙක්ද කියලා ? අවන්හලත් නියමෙට වාචාල සංගීතයෙන් රසවත් වෙලා ඇති .ගිහින් බලන්නම ඕනේ. (ස)

:       0       0

පවන් Wednesday, 15 July 2015 11:17 AM

අහෝ කාන්තාව කරගත් මෝඩකමක මහත! පොලිසිය සමඟ වාදවීමෙන් පලක් නැත. ඔවුන් බලපත්‍රය අරගන්නේ නිකන් බලන්න දෙන්න කියාය. පස්සේ කළ වැරැද්ද පවසති. බී.එම්.එබ්ලිව් එකෙන් ආවත් මරුටියෙන් ආවත් ලොකු කෙනෙක්ගේ හැඳුනුම්පතක් හරි කාඩ් එකක් හරි පෙන්වීම තමා අද සිදුවන්නේ. (නි)

:       0       0

ලක්දාස Wednesday, 15 July 2015 11:19 AM

උපරිම දඬුවම් දෙන්න ඕනෑ.පොලිසියේ අයගේ වැරදි නැතුවම නෙමෙයි.ඒත් නීතිය රැකෙන්න මේ නෝනාට නම් දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

ක්‍රිෂාන්ත Wednesday, 15 July 2015 11:18 AM

මහේස්ත්‍රාත්තුමාට අපේ ප්‍රණාමය! අසීරුතාවයට පත්වු නිලධාරින් දෙදෙනාට යම් සාධාරණයක් වියයුතුයි.ඇත්තටම පොලිසිය ඒ වෙලාවේ හොඳ ඉවසීමෙන් වැඩ කළා (නි)

:       0       0

සේන Wednesday, 15 July 2015 11:23 AM

මෙවැනි අයට උපරිම දඩුවම් දියයුතුයි පොලිස් සේවයේ ගෞරවය රැකිය යුතුයි. (ස)

:       0       0

නිශාන් Wednesday, 15 July 2015 11:23 AM

නිතිය හරියට ක්‍රියාත්මක නොකෙරුවොත් මෙය ඉතාම පූර්වාදර්ශයක් වේවි..මෙම අසෝභන ක්‍රියාව සමස්ථ පොලිසියටම කැළලකි. (අ) පොලිස් නිලදාරීන් ඉතා බුදිමත්ව ක්‍රියා කර ඇත

:       0       0

චාමර Wednesday, 15 July 2015 11:24 AM

ඉස්සරහ සීට් එකේ ළමයෙක් තියාගෙන ගියාට දඩ කොළ ලියන්න පුලුවන්ද? (අ)

:       0       0

සමන් Wednesday, 15 July 2015 11:26 AM

විනයානු කූල පොලිස් නිලධාරීන්ට සල්ලිකාරකම් පෙන්නන්න ගිය කාන්තාවට හොද දඩුවම දැන් හොදිනේ අපිට තේරුණා මොලේ හොදම නෑ කියල අනේ පව් මිනිහ කොහොමද මේ ගැනි එක්ක ඉන්නේ (අ)

:       0       0

පවන් Wednesday, 15 July 2015 11:32 AM

අපේ මාර්ග නීති තාම සුද්දා 1800 ගණන් වල ගොන් කරත්ත වලට හදපුවා. අද සමාජයට ගැලපෙන පරිදි නීති අලුත් විය යුතුයි. දරුවෙක් වාහනයක යනවා නම් දරුවාගේ ආරක්ෂාව සඳහා දරුවන් සඳහා ඇති කාර් සීට් එකක් තිබිය යුතුයි . පොලිසියට රියදුරු බලපත්‍රය රඳවා තබා ගැනීම නීති විරෝධ්යි. දඩ කොලයක් නිකුත් කලාට පසු දින 7ක් තුල එය ගෙවීමට බැංකුව , තැපැල් කාර්යාලය ඇතුළු ස්ථාන හදුන්වා දිය යුතුයි. ආවේගශීලී අවිනීත රියදුරන් සහ එම රථය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට නීතියෙන් අවසර දිය යුතු අතර රෝගී අයවලුන් වෙනත් වාහනයක දමා රජයේ රෝහලකට යැවීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගතයුතුයි. (ස)

:       0       0

මහින්ද Thursday, 16 July 2015 04:05 AM

ගෙවල් වාරියපොලද ? (නදී)

:       0       0

පවන් Thursday, 16 July 2015 01:27 PM

චමින්ද , රුවන් එක තමයි මම කියන්නේ ඔය කියන මෝටර් රථ පනත කාලයට අනුව සකස් කල යුතුයි කියලා. මෝටර් රථ බලපත්‍රයත් හැදුනුම් පත වගේම තමා එය පුද්ගලික දෙයක්. තාක්ෂණයේ නොදියුණු කම නිසාත් කාලයට අනුරූපව නීති වෙනස් නොවෙන නිසාත් අල්ලස් ගන්නෙම වැනි දේවල් වලට ඉඩ කඩ වැඩි වෙලා. (ස)

:       0       0

ගයානි Wednesday, 15 July 2015 11:38 AM

පාරේදී පොලීසිය නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද. ඒවා තමන්ට වුනාම තමා දෙනෙන්නේ .මෙයාලා කරන්නේ වැරදි කරනකල් බලා ඉන්න එක තමා. (ස)

:       0       0

සජී Wednesday, 15 July 2015 11:39 AM

කාන්තාව හැසිරුණු ආකාරයනම් වැරදියි.. මෙම සිදුවීමට කිසිම සම්බන්දයක් නැති අගේ සැමියාව සිරගත කිරීමත් වැරදියි..(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 591 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 3983 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2489 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 237 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1305 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1425 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 27610 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23554 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 400 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site