IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලීසියේ පැමිණිල්ලට හතරක් රිමාන්ඩ්

සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පදවියට පත් වු දවසේ  රාජාංගනයේ කඩයකින් රුපියල් 900ක භාණ්ඩ බලෙන් පැහැර ගත්තැයි කියන  සිව් දෙනෙක් තඹුත්තේගම පොලීසියෙන් තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොරවක මහතා වෙත ඉදිරිපත් කරනු ලැබුහ.

ආර් ඒ අරුණ ශාන්ත,ආර් ඒ රාජපක්ෂ,ජුඩ් චම්න්ද හා ආර් ජී ප්‍රදීප් එම සිව් දෙනාය.

 මහේස්ත්‍රාත් ඔවුන් ලබන 06 තෙක් රිමාන්ඩ් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාට නව තනතුර ලැබීමේ සතුට සැමරීමට ඔවුන් කොළ පාට ඉටි රෙදි ද පැණි බීම බොතල් දෙකක් ද නුල් බෝලයක් ද ඔවුන් බලෙන් රැගෙන ගිය බව පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් කඩ හිමියා වන යු ඩි ගුණරත්න දිව්රුම් ප්‍රකාශයක් මගින් කියනුයේ එම භාණ්ඩ ඔවුන් ණයට ගත් බවයි.

තමාගේ එම ප්‍රකාශය සටහන් කැර ගත් පොලීසිය  ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇතැයි ද තමා නොකළ පැමිණිල්ලක් මත  මේ නඩුව පවරා ඇතැයි ද ඔහු කියයි.

කඩ හිමියාගේ දිවුරුම් ප්‍රකාශය මත සැකකරුවන්ගේ නෑයෝ පිරිසක් අනුරාධපුර  මානව හිමිකම් කාර්යාලයට ද අද (25) පැමිණිල්ලක් කළහ.

convert-jpg-to-pdf convert-jpg-to-pdf2



අදහස් (0)

පොලීසියේ පැමිණිල්ලට හතරක් රිමාන්ඩ්

හ ස දීන් Thursday, 25 September 2014 09:33 AM

පොලිසියේ මහත්වරුනි, පොලිසියේ ගෞරවය රැකෙන පරිදි තමන්ගේ රාජකාරිය හරියට කරන්න. කාට කාටත් කඩේ යන්න එපා (දී)

:       0       0

කලන Thursday, 25 September 2014 05:26 PM

මොනවද මේ වෙන වැඩ (දී)

:       0       0

කුමාර Thursday, 25 September 2014 09:35 AM

අනේ මන්දා (දී)

:       0       0

නීරෝශන් Thursday, 25 September 2014 10:28 AM

මම මොනවා කියන්නද (දී)

:       0       0

නිලක්ෂි Thursday, 25 September 2014 10:40 AM

වැදගත් දේකට කඩේ යනවනම් කමක් නැහැ ,එක අතකට පොලීසියට ඔය වගේ දේවල් කරනවා ඇරෙන්න වෙන වැඩකුත් නැතුව ඇති (දී)

:       0       0

සත්‍යපාල Thursday, 25 September 2014 11:07 AM

පොලිසිය දේශපාලකයන්ට කඩේ යන මේ ජරා පුරුද්ද වහාම නැවැත්විය යුතුය, අපේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා නම් මොනවා හරි කියයි ,ඒ උනාට රටකට නිතිය හා සාමය ආරක්ෂාකරන්න බැරි,කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ රාජකාරි කරන්න බැරි පොලිසියකින් ඇති වැඩේ මොකක්ද .(අ)

:       0       0

හසන්ත Thursday, 25 September 2014 09:06 PM

මේවට මොනවා කියන්නද? (නි)

:       0       0

සමන්ති Thursday, 25 September 2014 12:45 PM

පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනය කරනතුරු ඉවසා සිටින්න (දී)

:       0       0

ටානියා Thursday, 25 September 2014 01:38 PM

ෂුවර් එකටම දේසපලුවෙක්ගේ ඕඩර් එකක් වෙන්න ඇති (අ)

:       0       0

තිසුල Friday, 26 September 2014 01:38 AM

අපිම ගහගෙන, අපිම පැමිණිලි කරලා, අපිම හිරේ යන කාලයක්නෙ මේක (නි)

:       0       0

ලකී දොඩන්ගොඩ Thursday, 25 September 2014 02:14 PM

සජිත් ට නව පත්වීම ලැබුනම ඔහුගේ අනුගාමිකයෝ දැම්මම මෙහෙමනම් , ඔහු ජනාධිපති වුනොත් කොහෙන් නවතීද.? තාත්තා කළදේ පුතා නොකලොත් කාගේද පුතා වෙනවලු (අ)

:       0       0

උපාලි Thursday, 25 September 2014 08:29 AM

අපුරුයි. ලඟදීම උසස් වීමක් ලැබෙයි (දී)

:       0       0

ජනක Thursday, 25 September 2014 08:43 AM

පොලිසිය ඉල්ලගෙන කනවා.නගරාධිපතිට පොලිසිය ඇතුලෙදි ගහපු දෙන්නව නම් තාම අල්ලගන්න බැරි වුනා.පොලිසියේ මහත්වරුනි,පොලිසියේ ගෞරවය රැකෙන පරිදි තමන්ගේ රාජකාරිය හරියට කරන්න.මට පේන විදියට දැන් පොලිසිය, පොලිසියටම පැමිණිලි කරගන්නවා වගෙයි.කඩ හිමියාත් පැමිණිලි කරේ නැත්නම් මේ සිද්ධිය සම්බන්දව, පොලිසියට තියෙන අමාරුව මොකද්ද....?පොලිසියේ මහත්වරුනි ඕවට පසුතැවෙන්න වේවි ඉදිරියේදී. (දී)

:       0       0

ධර්ම Thursday, 25 September 2014 04:40 PM

මෙවා එක තැනක විතරක් වෙන ඒවා නෙවෙයි. දේශපාලනයට ගැති වුණ කොන්දක් ඇතිව වැඩ කරන්න බැරි පොලීසිය. දේශපාලකයෙක් කිව්ව ගමන් ඕනම වැඩක් කරනවා දැන් පොලීසිය. රටක නීතිය හා සාමය සුරැකීමට නෙමෙයි වත්මන් පොලීසිය ඉන්නේ. රටතුල පවතින දේශපාලන ස්ථාවරය සුරැකීමටයි.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 628 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 299 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 670 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2450 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 481 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 198 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site