IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිසිය පෙරටුගාමීන් නාවයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන්නැයි ඉල්ලමින් එම පක්ෂය අද (19) කොළඹ කොටුවේ පැවැත්වූ උද්ඝෝෂණය විසිරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.

කොළඹ ටෙක්නිකල් හන්දියේ සිට ජනපති ලේකම් කාර්යාලය දක්වා පාගමනින් ගිය විරෝධතාකරුවන්ට ලෝටස් හන්දියේදී මාර්ග බාධක යොදා පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කළේය.

එහි නතරවූ විරෝධතාකරුවෝ රැස්වීමක් පවත්වා විසිර ගියහ.

peratugami_201611915 peratugami_2016119125 peratugami_20161191253 peratugami_20161191254 peratugami_20161191255 peratugami_20161191256

peratugami_20161191257 peratugami_20161191258



අදහස් (0)

පොලිසිය පෙරටුගාමීන් නාවයි

අර්නෙස්ටෝ Tuesday, 19 January 2016 08:08 PM

අශෝකගේ කියමනට මගෙන් මල් මිටක්! (නි)

:       0       0

ධම්මිකා Tuesday, 19 January 2016 12:01 PM

මේ අයටනම් නම් ගහන්නම ඕන තමයි බොරුවට හැම එකටම පාරෙනේ ඉන්නේ හැමදාම. (ර)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 19 January 2016 12:25 PM

නැවත පෙළපාලි යන්න කලින් මට කියන්න , හැමෝටම සබන් කෑල්ලක් මගේ ගානේ දෙනවා. (ර)

:       0       0

ඇන්ටන් Tuesday, 19 January 2016 01:02 PM

ජලයෙන් නෙවි මෙයාලව නාවන්න ඕන, නීත්‍යනුකුලව දිවිත්ව පුරවැසිබව ඉල්ලන්න පුළුවන්කම මේ රජය දීල තියෙද්දී මොනවාද මේ කරන නාඩගම් . (ර)

:       0       0

ජයරත්න Tuesday, 19 January 2016 01:04 PM

මහා මාර්ග අවහිර කරමින් මේ වගේ බොරු උද්ඝෝශන කරන අයට පොලීයියෙන් නොගැහුවත් ලගදිම ජනතාව ගෙන් ගුටිකන්න වෙයි. (ර)

:       0       0

ලුම්බිණි Wednesday, 20 January 2016 01:26 AM

කුමාර් ගුණරත්නම් පොලිස් අත්අඩංගුවේ තියාගෙන ඉන්න හේතුව මට නම් පැහැදිලි නැහැ. දේශපාලනය නිසා ඔහු හිරකර තබලා නම් එය වැරදියි. අනික ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තිබීම වරදක් වෙන්නේ කොහොමද? අපි දන්නා ප්‍රසිද්ධ අය ලංකාවේ දේශපාලනය අගේට කරන්නේ සහ තනතුරු දරන්නේ වෙනත් රටවල පුරවැසියන් වෙලා ඉන්න ගමන්. මොකද ඒ අයට වෙනම නීතියක්. (නි)

:       0       0

චානක Wednesday, 20 January 2016 01:50 AM

පෙරටුගාමීන්ගේ සටනට ජයවේවා! (නි)

:       0       0

චන්දන Wednesday, 20 January 2016 01:59 AM

අශෝක්,බණ්ඩාර,ජයරත්න, කරුණාකරලා නිවැරදි තත්වයන් හා තොරතුරු දැනගෙන අදහස් දක්වන්න. (නි)

:       0       0

ඩිලාන් Wednesday, 20 January 2016 01:55 AM

ඔබේ සටනට ජයවේවා! (නි)

:       0       0

ජගත් Tuesday, 19 January 2016 01:53 PM

ඒ කාලෙනම් පොලු හමුදාව පනිනවා දිගට හරහට පහර දෙනවා කවුරුවත් වචනයක් කියන්නේ නෑ.කතා කරන්නත් බය වෙලා හිටියේ. (බ)

:       0       0

කුමාර Tuesday, 19 January 2016 01:59 PM

අනේ යහපලානේ ...ඕක තමයි දෙනවා කිව්වා නිදහස ..යහපලකයෝන්ට එක එකා මැරි වැටෙන්න සිදු වේවා ..දැන් දෙකයි (බ)

:       0       0

රකිත් Wednesday, 20 January 2016 02:25 AM

අනිවාර්යයෙන් නිදහස් කළයුතුයි. ඒ වගේම රටින් පිටුවහල් කළයුතුයි. මෙතන අදහස් දක්වන විදේශගතව සිටින අයගෙන් මා දැනගන්නට කැමතියි ඔය රටවල්වල වීසා බලපත් කල්ඉක්මවූ අයට මොනවද කරන්නේ කියලා. (නි)

:       0       0

රඛිත් Wednesday, 20 January 2016 02:54 AM

ලුම්බිණි, ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තිබීම නෙමෙයි වරද? ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නොතිබීම සහ නිත්‍යනුකුලව රටේ සිටීමට වීසා බලපත්‍රයක් නොමැති වීමයි වරද. (බ)

:       0       0

අශෝක් Wednesday, 20 January 2016 03:02 AM

චන්දන, අපි නිවැරදි තත්වය දන්නෙ නැහැ. කරුණාකරලා අපිව දැනුවත් කරන්න (නි)

:       0       0

ප්‍රියාන් Tuesday, 19 January 2016 09:47 AM

නැව්වට කමක් නැ..නාගන්නේ නැතුව..(බ)

:       0       0

ධම්මි Tuesday, 19 January 2016 09:55 AM

බොහොම හොඳයි (බ)

:       0       0

සරත් Tuesday, 19 January 2016 09:56 AM

මෙවැනි විරෝධතා දින දින වැඩි වෙනවා මිසක් අඩු වීමක් දකින නැත (ම)

:       0       0

සුමිත් Tuesday, 19 January 2016 10:04 AM

මෙ දවස්වල පොලිසිය , පොලිසියේ මාද්‍ය ප්‍රකාශක නාගන්න මඩවල හැටියට එයාල නාවන්න සප්ත මහා සාගරේ වතුරත් මදි .(ම)

:       0       0

බෙන්තර මහේෂ් Tuesday, 19 January 2016 10:23 AM

හැමදාම ඉතින් පොලිසිය දාලා ආණ්ඩුව ජනතාව නාවනවා, නැත්නම් බැටන් පොලුපාර දෙනවා (ම)

:       0       0

අශෝක් Tuesday, 19 January 2016 02:58 PM

කුමාර් ගුණරත්නම් යනු කවරෙක්ද? ... පොඩ්ඩක් හිතන්න අපෙ රටෙ කොච්චර මෝඩ දරුවන් සිටිනවාද... මෙගැන හිතන්න, කුමාර් ගුණරත්නම් තමාගෙ බිරිදවයි දරුවන් සමග අපේ රට වන ශ්‍රි ලංකාව හැරදා ඕස්ට්‍රේලියාවේ පුරවැසීභාවය ලබා ස්ථිර පදිංචියට යන්නේ තම බිරිදට හා දරුවන්ට හොද ජීවන තත්වයකුයි උසස් අධ්‍යාපනයකුයි ලබාදීමටය. ඔහු ලංකාවේ දූ පුතුන් බිල්ලට දී තම වාසිය තකා කටයුතු කරන අයෙකී.. ඔහු සැබැ ජාතිමාමකයකුනම් ඔහුට පුළුවනී ඔහුගේ ඕස්ට්‍රේලියාවේ පුරවැසීභාවය අවලංගු කර ලාංකීක පුරවැසියකු වී දේශපාලන වැඩ අවංකව කරන්න නමුත් ඔහු කැමති නෑ තමාගේ ඕස්ට්‍රලියාවේ සැපවත් ජීවිතය නැතිකර ගැනීමට... නව නීතිය අනුව ලංකාවේ දේශපාලනය ද්විත්ව පුරවැසියෙකුට කිරිමට නොහැකී යැයි මාගේ හැගීමයී... මා ඉල්ලන්නේ ඔය කුමාර් ගුණරත්නම් වටේ සිටින අයට ඇයි බැරී ඔහුට ලාංකිකයකුවී දේශපාලනය කිරිමට පොලඹවන්න...(බ)

:       0       0

බණ්ඩාර රුසියාව Tuesday, 19 January 2016 04:07 PM

අශෝක් ගේ කතාවට මමත් එකගයි. කුමාර් ගුණරත්නම් යනු කපටි කෙනෙක්. අනික එයාට තල්ලුව දෙන තවත් කොටසක් ඉන්නවා. ඩයස් පෝරාව කට්ටියක්. ඔය හදන්නේ අයෙමත් රට විනාශ කරන්න. නාවන්න ඕනේ ජලයෙන් නෙමේ. ? (බ)

:       0       0

චන්න Tuesday, 19 January 2016 10:39 AM

පුදුම සෙනඟක්නේ ඉන්නේ... මෙච්චරද බන් පෙරටුගමින්ට ඉතුරු වෙලා ඉන්නේ? (ම)

:       0       0

ද සිල්වා Tuesday, 19 January 2016 10:50 AM

රටක අගමන් විගමන නීති කඩ කරන ඕනෑම තරාතිරමක පුද්ගලයෙකුට විරුද්ධව නිතිය ක්‍රියාත්මක කර නඩු අසා වරදිකරු නම් දඩුවම් දී පිටුවහල් කරනවා , මෙය ලංකවේ විතරක් නොවේ ඕස්ට්‍රේලියාවෙත් සිද්ධ වෙනවා (ම)

:       0       0

මහින්ද සෞදි Tuesday, 19 January 2016 10:57 AM

අස්වාභාවික ඉල්ලන් කෑමක්.(ම)

:       0       0

සාගර Tuesday, 19 January 2016 11:05 AM

ඔය සහෝදරවරු බය වෙන්න එපා. (ර)

:       0       0

සංක Tuesday, 19 January 2016 11:09 AM

පෙරටුගාමීන් කියනවට වැඩිය පසු ගාමින් කියනවානම් හොදයි. (ර)

:       0       0

දම්මි Tuesday, 19 January 2016 11:18 AM

නාවලා මදි ඩිටර්ජන්ට් දාල නාවලවත් කුනු අරින්න බැරිෙවයි. (ර)

:       0       0

නිමල්ලලිත් Tuesday, 19 January 2016 11:27 AM

ඉතාමත් හොඳ ක්‍රියාවක්. කුමාර් ගුණරත්නම් මේ රට එපාවෙලා විදේශයකට ගොස් මෙහි පැමිණ රටේ කරන දේශපාලනය කුමක්ද? (ර)

:       0       0

විමල් Wednesday, 20 January 2016 10:05 PM

කුමාර් ගුණරත්නම් නිදහස් කරනු !! (නි)

:       0       0

අබෝරිගින් Tuesday, 19 January 2016 11:40 AM

මේ විප්ලවකාරීන් කියා ගන්න අයට තේරෙන්නේ නැහැනේ විසා නැතුව අත්අඩංගුවට ගන්න ටුවරිස්ට් කෙනෙකුව නඩු අහන්නේ නැතුව නිදහස් කරන්නේ නැති බව. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 313 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 1035 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 1008 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 517 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 1074 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1789 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36968 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24377 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 586 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site