IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘පොලිසිය පළතුරු ලෑල්ලට පනී‘

ඇපල්, මුද්‍රස්පලම්, දොඩම් වැනි රට පළතුරු තොග වෙළෙඳුන්ගෙන් පෙට්ටිවලින් තෝරා නරක් වු පළතුරු ඉවත් කිරීමට පෙර පොලිසිය එම පෙට්ටිවලින් කුණු පළතුරු තෝරා ගෙන තමන් උසාවියට ඉදිරිපිත් කරතියි කොළඹ පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ පවසති. ඔවුහු අද පොලිසියට විරෝධයපාමින් වෙළඳාම් කළහ.

වස විස නැති හොඳ පළතුරු අලෙවි කිරීමට වෙළෙඳුන් පෙළඹවීම තම වගකීමක් බව අසාධාරණ ලෙස කිසිවකුත් අත්අඩංගුවට නොගන්නා බවත් පොලිසිය කියයි.

පිටකොටුවේ පදික වේදිකාවේ 600ක් පමණ පළතුරු වෙළදාම් කරති.

හොඳ පළතුරු සමග නරක් වූ පළතුරු ඇති බව ද, සමහරුන් පළතුරු අඩුබරට කිරන බව ද පාරිභෝගිකයෝ පවසති. එසේම පළතුරු කල් තබා ගැනීම සඳහා විවිධ රසායනික හකතු කරන නිසා ඒවා සෞඛ්‍යාරක්ෂිත නොවන බව ද පාරිභෝගිකයෝ කියති.

නරක් වූ පළතුරු විකුණන වෙළඳුන් සේම අඩු බරට පළතුරු විකුණන වෙළෙඳුන් ද සිටිය හැකි බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමය පිළිගනී.

වැනි පුද්ගලයන්ට දඩුවම් පැමිණවීම පිළිබඳව කිසිදු විරෝධයක් තමනට නැති බවත් ඔවුහු පවසති.

එහෙත් එවැනි කාරණා පදනම් කර ගනිමින් නිවැරදිකරුවන් ද වැරදිකරුවන් බවට පත් කිරීමට තමන් විරුද්ධත්වය ප්‍රකාශ කරන බව ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සංගමයේ උප සභාපති එම් කේ ජෝශප් ඇන්ටන් මහතා පවසයි.

සමහර අවස්ථාවල තෝරා ඉවත් කළ කුණු බක්කියට දැමූ පළතුරු අත්අඩංගුවට ගෙන වෙළෙඳුන්ට දඩගසන බව ද ඇන්ටන් මහතා පිවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ කිසිම විටක අසාධාරණ ලෙස වෙළෙඳුන් අත්අඩංගුවට නොගන්නා බවයි. එසේම අලෙවිය සඳහා බක්කිය මත තැබූ පළතුරුවල නරක් වූ පළතුරු තිබේ නම් පමණක් අත්අඩංගුවට ගනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් කියයි.

 



අදහස් (0)

‘පොලිසිය පළතුරු ලෑල්ලට පනී‘

අනිල් Tuesday, 29 October 2013 10:19 AM

මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව රවටන හූරාකන රසායනික ව්ෂ සහිත හා නරක් වු පළතුරු කිසිම ලැජ්ජාවක් නැතිව දෙන හැටි යස අගේට අපි දැකලා තියෙනවා. ඔය වෙළෙන්දන්ගෙන් පළතුරු නොගන්න එකම තමයි හොඳ මම නම් හිතන්නේ. (ස)

:       0       0

කසුන් Monday, 28 October 2013 10:27 PM

පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ හැමදාම වටළලා පරීක්ෂා කරන්න ඕනෑ.වැඩිදෙනෙක් වංචනික විදියට වැඩ කරන්නේ. (නි)

:       0       0

චන්දි Monday, 28 October 2013 10:43 PM

මං දවසක් දොඩම් වගයක් ගත්තා කපලා තිබුනා තැඹිලි පාටට. මමත් ආසාවෙන් අරගෙන ගියා. ගෙදර ගිහින් කැපුවම ගැට දෙහි පාට. (නි)

:       0       0

කටුවන Tuesday, 29 October 2013 11:25 AM

පිටකොටුවේ ගොඩක් ඇපල් වෙළෙන්දෝ අපි තෝරලා දෙන මල්ල පැත්තකින් තියලා එයාලා කලින් කලවම් කරපු කුණු ඇපල් මල්ලක් තමා අපිට දෙන්නේ. ඕවා වස විස, ළමන්ට නම් දෙන්න එපා . (ස)

:       0       0

ගුණරත්න Tuesday, 29 October 2013 12:23 AM

අපි නොදන්නා පළතුරු වෙළෙන්දෝ? මම දවසක් හොදටම තෝරා බේරා පළතුරු ගත්තා ලෙඩෙකුට දෙන්න.ගෙදර ගිහිල්ලා බැලුවහම සේරම නරක වුණ පළතුරු තිබුනේ.මගේ ඇස් වහල‍ා පළතුරු මාරුකරලා.ආපහු අරගෙන ගියාම මට කිවුවේ මේ අපි විකුණපු ඒවා නෙමෙයි කියල.නමුත් දවස් දෙකෙන් මේ මිනිහා කරපු හොරය අහුවෙලා වෙන පුද්ගලයෙක් මේ මිනිහට හොඳටම ගහලා පොලිසියට බාර දීලා තිබුනා. (නි)

:       0       0

පද්මිණි Tuesday, 29 October 2013 11:39 AM

ලංකාවට ගිය දිනක පලතුරු ගන්ට ගියාම අපි සමඟ වාහනේ ගිය ඔක්කොම කිවේ "ඔය පලතුරු ගන්ට එපා. විස ගහලා.. වතුර බෝතලයක් ගන්ට ගියාම කීවෙත් ඔය වතුර අපිරිසිදුයි. කිසිම ප්‍රමිතියක් නැහැ. වයින් ස්ටෝර් එක ගාවට .ගියාම කීවෙත් "හපෝ ,ඕව කලවම්, බීවොත් පිස්සු හැදෙනවා කියල.ඇත්තෙන්ම අපි කිසිම දෙයක් ගත්තේ නැහැ. (ස)

:       0       0

දුරන්ග් Tuesday, 29 October 2013 11:00 PM

චන්දි, ස්තුත්යි. කලබල වෙන්ට කාරී නැතුවා. මේක මගේ පෑනේ නම.(නදී)

:       0       0

චමත් (ඉතාලිය) Tuesday, 29 October 2013 01:28 AM

ජීවක,හොද වැඩකට හොදයි කියන්න (නි)

:       0       0

මල්ෂා Monday, 28 October 2013 05:01 PM

කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියල කවුද දන්නේ නේද? (ස)

:       0       0

කුමුදු Tuesday, 29 October 2013 01:42 AM

දවසක් මම ඇපල් තෝරලා ගන්න ගිහින් කුණුහරපයෙන් බැන්නා. තව පොඩ්ඩෙන් ගුටිකන්නත් වෙනවා. (නි)

:       0       0

ලාල් Tuesday, 29 October 2013 02:04 AM

කොළඹ කුඩුකාරයන්ගේ පාරාදීසය... සාධාරන වෙළදාමක් වෙනවා කියලා හිතන්න අමාරුයි. (නි)

:       0       0

එදිරිසිංහ Tuesday, 29 October 2013 02:07 AM

මුළු රටේම ඔය කුණු ඒවාට දඩ කොළ දෙනවා නම්? (නි)

:       0       0

දිලිප් Monday, 28 October 2013 05:19 PM

මම නම් කැමතියි මේ වැඩේට. අපි දන්නවනේ ඔය මුදලාලිලාගේ හැටි. එනිසා ඔය පුද්ගලයන්ගෙන් මොකුත්ම ගන්නේ නැහැ අපි නම් (නි)

:       0       0

පෙරේරා Tuesday, 29 October 2013 02:07 AM

මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව හූරාකන හැටි යස අගේට අපි දැක්කා. දැන් එයාලා සුදනන් වෙන්න හදනවා. (නි)

:       0       0

රන්ජිත් Monday, 28 October 2013 05:27 PM

ගෙන්දගම් පොළොවෙන් බදු ගන්න අයට නොමිලේ වකුගඩු ලෙඩත් ලැබෙනවා. (නි)

:       0       0

දුරන්ග් Tuesday, 29 October 2013 12:35 PM

ගරු ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේකම්තුමනි, යුද හමුදාව විසින් මෙහෙය වීමෙන් කොළඹ නගරයේ සහ අවට ප්‍රදේශ වල පලතුරු වෙළද සැල් විවෘත කරවා ඒ මාර්ගයෙන් සාමාන්‍ය ජනතාවට සාධාරණ මිලකට වස විස නැති හොඳ පලතුරු ටිකක් මිලදී ගැනීමට සුදුසු වටපිටාවක් ඇති කරනේනම් එය මාහැගි පුණ්‍ය කර්මයක් වන්නේමය. ස්තුතියි. (ස)

:       0       0

මධු Monday, 28 October 2013 05:34 PM

හොද වැඩක්. පිටකොටුව ගැන කවුරුත් දන්නවා. දඩ මුලද වැඩි කරන්න ඕනෑ (නි)

:       0       0

රූපවතී Monday, 28 October 2013 05:37 PM

අපෝ! ඔය පිටකොටුවේ පළතුරු ගන්න තියා කඩයක් ළගින් පාරේ යන්නවත් බැහැ.පිරිමි අය නොසරුප් වදනෙන් කතා කරන්නේ.මට නම් මේවට කියන්න,පැමිණිලි කරන්න අද තැනක් නීතියක්,සදාචාරයක් නැහැ (නි)

:       0       0

දයා අළහකෝන් Monday, 28 October 2013 05:39 PM

ඔය වෙළදුන්ගෙන් සාධාරණ විදියට වෙළදාම් කරන්නේ 5-6%ක් පමණයි (නි)

:       0       0

ජීවක Monday, 28 October 2013 06:00 PM

අනේ! මල් පෝච්චියක කෙසෙල් ගහක් හදා ගන්නේ නැතුව වෙළෙන්දන්ට බනින කැත! (නි)

:       0       0

රාමා Monday, 28 October 2013 06:07 PM

පිටකොටුවේ පළතුරු වෙළෙන්දෝ ගැන නම් කියලා වැඩක් නැහැ (නි)

:       0       0

පෙත්තා Tuesday, 29 October 2013 04:26 AM

අනේ මේ ලිස්ට් එකට දාන්නකෝ කෙසෙල්ගෙඩි,අන්නාසි ගෙඩි, රඹුටන්, මැංගුස්ටින් වගේ අපේ රටේ ගෙඩිත්. " ඔළුගෙඩි වලට හෙණ ගහලද සිහලුන්නේ " කියලා මහින්ද හාමුදුරුවෝ හිටියා නම් අහවි.."ඇස් ගෙඩි වලට නොපෙනිද මේ වස කන්නේ" කියලා ඇහුවොත් මගේ දතුත් ගලවාවිද මන්දා? (නි)

:       0       0

අරුණ Monday, 28 October 2013 06:11 PM

හොරට කිරන එකටත් මොනවාහරි කළා නම් හොඳයි (නි)

:       0       0

සජී Monday, 28 October 2013 06:19 PM

පිටකොටුවේ සාධාරණ වෙළෙදුන් ඉන්නේ ඉතා සුළු පිරිසකි. (නි)

:       0       0

දිනූෂා Tuesday, 29 October 2013 01:22 PM

හොද වැඩක්. පිටකොටුව ගැන කවුරුත් දන්නවා. දඩ මුදල වැඩි කරන්න ඕනෑ (නි)

:       0       0

ලසන්ත Tuesday, 29 October 2013 05:53 AM

පොලිසියට මල් මිටක්! ඔය වෙළෙන්දන්ව අල්ලන්නම ඕනෑ. මට කීප දවසක්ම නරක වූ පළතුරු දුන්නා. පොලිසිය ඉදල හිටලා හරි මෙහෙම වැඩත් කරනවා. (නි)

:       0       0

අරුණ Monday, 28 October 2013 06:49 PM

කවුරුවත් සාධාරණයක් කරන්නෙ නැහැ (නි)

:       0       0

ටෙෂාන් Monday, 28 October 2013 07:00 PM

මෙතන ප්‍රධාන හේතුව මෙතන ඉන්න බොහොමයක් අය අඩු අධ්‍යාපනයක් සහිත අය වීමයි (නි)

:       0       0

ගජ මෑන් Monday, 28 October 2013 07:27 PM

අපි තෝරන්න කලින් මුදලාලි තෝරලා දාල, කිරල, බැග් එකටත් දාල, ගාණ කියලත් ඉවරයි.(දිල්)

:       0       0

කාන්ති Monday, 28 October 2013 08:11 PM

වෙළඳපොලේ "කිතුල්" හකුරුත් අත්අඩංගුවට ගතයුතුයි. සුදු සීනි සමග ඉන්දියන් "තල් සක්කර" එකට එකක් දමා උණු කිරීමෙන් හදන්නේ.කිතුල් ගසක් පේනතෙක් මානයකවත් නැත. කෙසෙල් කොළයේ ඔතා රබර් පටියක් දමා ඇත (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 29 October 2013 08:57 AM

පොලිසියේ මහත්වරුන් ගත් ක්‍රියා මාර්ගය අගය කරනවා. දිගටම මෙම වැටලීම් කරන්න. මේගොල්ලන් ඔය හොර වැඩ දිගටම කළා. ලසන්ත, කුමුදු ඔයාල කියන දේ ඇත්ත.මටත් ඔය වගේ වැඩක් උනා. රුපියල් 500 ක් දීල ඇපල් ගෙඩි හතරක් ගත්තා එතකොට ගාන රුපියල් 100 යි. මේ මිනිහ ඉතුරු රුපියල් හාරසීය දුන්නේ නැහැ. මම දුන්නේ 100 යි කියල මට තර්ජනය කළා මම ඇපල් ගෙඩි ටිකත් දාල මුදලත් දන්දීල ගෙදර ආවා.. (ස)

:       0       0

චන්දි Tuesday, 29 October 2013 02:42 PM

දුරන්ග්,! ඔබේ අදහසට මමත් කැමතියි.එය ගොඩක් වටිනා අදහසක්.ඒත් ඔයාගේ නම ....? (නි)

:       0       0

මනෝජ් Tuesday, 29 October 2013 07:27 PM

පිටකොටුවේ කොහොමටත් ඔය වැඩේ සිද්ධ වෙනවා. හැබැයි මේක දැනගන්න. කවුරුන් හෝ කුණු පළතුරු විකුණා එයින් ලැබුණ මුදල් හරහා තම දරුවන්ට අාහාර රැගෙන යනවාද ඔවුන්ට ඒවායේ පලවිපාක විදින්නට සිදුවේවි (නි)

:       0       0

ආරියසේන Monday, 28 October 2013 08:36 PM

හැමතැනම කිරන්නේ හොරට. යමක් තෝරලා ගන්න ගියොත් වෙළෙඳුන්ගේ මුණ නරක් වෙනවා පළතුරු ගෙඩිය වගේම. (නි)

:       0       0

තිත්පොල Tuesday, 29 October 2013 07:32 PM

පිටකොටුව ගැන කවුරුත් දන්නවා.මේ කූට වෙළෙන්දෝ අසරණ පාරිභෝගිකයන්ව රවටන හූරාකන රසායනික විෂ සහිත හා නරක් වු පළතුරු කිසිම ලැජ්ජාවක් නැතුව දෙන හැටි යස අගේට අපි දැකලා තිබෙනවා.ඔය වෙළෙන්දන්ව නීතිය ඉදිරියට ගෙනියන්න ඕනෑ.අසාධාරණයෙන් උපයන සල්ලි කවදාවත් හරියන්නේ නැහැ (නි)

:       0       0

සිසිර Monday, 28 October 2013 08:41 PM

හොද වැඩක් (නි)

:       0       0

චන්දිම Monday, 28 October 2013 09:06 PM

පිටකොටුවේ සාධාරන වෙළෙන්දෝ 5% ක් වත් ඉන්නවද ඇත්තටම? (නි)

:       0       0

තුෂාර Tuesday, 29 October 2013 09:58 AM

දවසක් මම ගත්ත කොළ පාට මිදී, ගෙදර යද්දී දම් පාට යාපනේ පොඩි මිදී වෙලා. එදා ඉඳන් මම පිටකොටුවෙන් පලතුරු ගන්නේ නෑ . ඔය මිනිස්සු හැමදාම අව්වේ වේලි වේලි පලතුරු විකුනන්නේ අසාධාරණකමෙන් හම්බ කරන සල්ලි හරියන්නේ නැති නිසා. (ස)

:       0       0

නලින් ප්‍රනාන්දු කළුතර උතුර Tuesday, 29 October 2013 10:01 AM

මගේ අදහස නම් ලංකාවේ කිසිම තැනකින් පලතුරු මිලදී නොගන්නා ලෙස මා හිතවත් ලංකාදීප පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි .හොරට කිරන /කල් තබා ගැනිමට වස විස ගසන කුණු වෙච්ච පලතුරු සල්ලි දී අරගෙන දරුණු ගනයේ වකුගඩු /අමාෂ පිලිකා මිලදී ගන්නේ මොන අමරුවකටද යන්න ඔබ බුද්ධිමත්ව සිතන්න.කෙසෙල් කැනක් කවදාවත් එක වගේ මුලසිට අග දක්වා එක විදියටම කහ පාටින් ඉදෙන්නේ නැති බව බොහෝ ශ්‍රී ලාංකික ගැමියන් දන්නා කරුණකි .මෙසේ කිරීමට කෙතරම් රසායනික ද්‍රව්‍ය යොදාගන්නවා ඇතිද ? අවසානයේ මේවා තැන්පත් වෙන්නේ කොහිද ? මෙය හැම පලතුරකටම පොදු කරුනක් බව කරුණාවෙන් සලකන්න. (ස)

:       0       0

මතින් Tuesday, 29 October 2013 10:09 AM

මම දවසක් නිකන් බලන්න ගිහිල්ලා, කිරල මගේ ඇගේ ගහල බලෙන්ම සල්ලි ගත්තා. ගුටි කන්නේ නැතිව බේරිලා ආවා කියල මම නම් සතුටු උණා. ආයේ පලතුරු කඩයක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ මම නම්. (ස)

:       0       0

සුකී Monday, 28 October 2013 10:03 PM

ඔක්කොම හොරු. වෙළෙන්දන්ට හොද පාඩම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4467 2

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දෙවෙනි මනාපෙට අමතර වැය බරක්
2024 සැප්තැම්බර් මස 22 20 0

ජනාධිපතිවරණයේ දෙවෙනි මනාප ගණනය සඳහා අමතර වියදමක් දැරීමට අනිවාර්යයෙන්ම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


හගුරංකෙත සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 52 0


රඹුක්කන අනුරට
2024 සැප්තැම්බර් මස 22 57 0


රත්තොට සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 71 0


මාවනැල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 88 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14697 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 71 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 242 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 128 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site