අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ද ඇතුළුව උසස් පොලිස් නිලධාරීන් දස දෙනෙකුට වහා ක්‍රියාත්මක වන පරිදි ස්ථානා මාරු ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සේවයේ අවශ්‍යතා මත මේ මාරුවීම් සිදු කර ඇති බවද ඒ මහතා පවසයි. සැප්තැම්බර් 14 වැනිදා ද උසස් නිලධාරීන් 33කට ස්ථාන මාරු ලබා දුන් අතර එලෙස ස්ථාන මාරු ලැබූ ඇතැම් නිලධාරීන් ද අද දින ස්ථාන මාරු ලැබූවන් අතර වෙතියි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ස්ථාන මාරු ලැබූ නිලධාරීන් මෙසේය. 1) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ ඊ ආර් එල් ප්‍රනාන්දු මහතා ගම්පොල කොට්ඨාශයේ සිට නුගේගොඩ කොට්ඨාශය 2) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් බී ජී ඇල්ලපොල මහතා මහනුවර කොට්ඨාශයේ සිට ගම්පොල කොට්ඨාශය 3) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බී කේ ඒ එච් ජී මතුරට මහතා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4) ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී ගජසිංහ මහතා අධ්‍යක්ෂ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව සිට අධ්‍යක්ෂ නීති කොට්ඨාශය 5) පොලිස් අධිකාරී පී එස් සී ද සිල්වා නුගේගොඩ කොට්ඨාශයේ සිට අධ්‍යක්ෂ පොලිස්පති අණ දෙන මැදිරිය 6) පොලිස් අධිකාරී කේ ඩී ඒ සේරසිංහ මහතා අනුරාධපුර කොට්ඨාශයේ සිට මහනුවර කොට්ඨාශය (2012.10.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි) 7) පොලිස් අධිකාරී එස් පී රණගල මහතා අම්පාර කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 8) සහකාර පොලිස් අධිකාරී ඩබ් කේ ජේ ආර් ඩයස් මහතා පොලොන්නරුව කොට්ඨාශයේ සිට කොළඹ දකුණ කොට්ඨාශය 9) සහකාර පොලිස් අධිකාරී එම් ඒ අයි ඒ ඩී එස් පී ඉරසිංහ මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ සිට පොළොන්නරුව කොට්ඨාශය 10) සහකාර පොලිස් අධිකාරී සී ජේ සිල්වා කොළඹ දකුණ කොට්ඨාශයේ සිට කොළඹ වංචා විමර්ශන කාර්යාංශය
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොලීසියේ මහ පුටු 10ක නැවත වෙනසක්
චන්ද්‍රසිරි Thursday, 20 September 2012 01:50 PM
පෙරනිමිත්තක් මේක..(ස)
ලාමිකා Thursday, 20 September 2012 01:46 PM
සංගීත පුටු තරඟේ වගේ (ස)
සිසිර Thursday, 20 September 2012 01:49 PM
අයියෝ සල්ලි
ආනන්ද පිටබැද්දර Thursday, 20 September 2012 02:04 PM
රස්සාවක් නැති නිසා මේ රැකියාවට ආවේ කියන කියන තැන යන්නට සිදුවූයේ අපගේ දූ දරුවො ගේ දොර තනි වූයේ හදවත දුක නිසා නෙක කදුලක් ආවේ..(නු)
සුසන්ත - ඉතාලිය Thursday, 20 September 2012 02:11 PM
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ. කොහේ ගියත් වැඩක් නැහැ. අල්ලන්න ඕනෑ මිනිස්සු රජ සැප විදිනවා. අහිංසක මිනිහෙක් අල්ලලා කේස් එක ලෙස්සලා යවනවා. අර කතාවක් තියෙනවා, ලංකාවේ පොලීසියට වලහෙක් අල්ලන්න ඕන වුණාලු. ඒ වැඩේ අමාරු හින්දා හාවෙක් අල්ලලා හාවාට කියනවලු, මං වලහෙක් කියලා උසාවියේදී කියන්න, කියලා. (නි)
වරුණ Thursday, 20 September 2012 01:08 PM
කවුරු ආවත් වැඩක් නෑ ඕන අයව අල්ලන්නේ නෑනේ..(ස)
රණා Thursday, 20 September 2012 01:16 PM
අපිට මොකද අපි අට සිල් සමාදන් වෙනවා. (ස)
සිල්වා Thursday, 20 September 2012 01:15 PM
මොකද හදිස්සියේ