IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


පොලිසිය යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලායයි

(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණි.

එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවෙසේ සිට ඇති අතර එහිදී බිරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් රහස් පොලිසිය අනතුරුව රණවීර මහතාගේ රියැදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පැවැසේ.

රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට අදාලව කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු, ව්‍යාපාරිකයකු සහ නීතීඥයකු ඇතුළු 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිස් කණ්ඩායම් 6 ක් යොදවා ඇති බවද උසස් නිලධාරියා කීය.

මේවන විට රහස් පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව ප්‍රසන්න රණවීර මහතා සිය ජංගම දුරකතනය ද ක්‍රියා විරහිත කර ඇති බවද ඔවුහු කියති.

2010 වර්ෂයේ මෙම අපරාධය සිදුව තිබූ අතර ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා, කැලණිය ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු ඇතුළු තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය නියෝග කර තිබුණි.

රජයේ ඉඩමක් හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වසර කීපයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා මූල්‍ය හා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (13)

පොලිසිය යද්දී හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න පලායයි

බකල ජයා Saturday, 08 March 2025 12:06 AM

අතේ මිරිස් කුඩු තිබිලා නෑ. තිබුණා නම් දුවන්නෑ.

:       0       0

පොඩිඑකා Saturday, 08 March 2025 02:45 AM

අපේ යෝගාගෙන් ඇහුවනං ඉන්න තැන කියයි. මෙයාලා එයාගේ ජාතික වීරයෝ.

:       2       24

Nandalal DE SILVA - France Saturday, 08 March 2025 05:34 AM

අවි ආයුධ පෙන්නන්න යමු කියලා පොලිසිය මනාව එක්කන් යාවි කියලා හිතුණ නිසා බේරෙන්ඩ දන්නේ නැ

:       3       14

ravin Saturday, 08 March 2025 05:55 AM

අනේ මන්දා පළාතේ උදවිය කියන විදියට පොලිසිය එනකොට ⁣පැනලා ගිහින් හොදට පුරුදු කෙනක්ලු

:       0       27

නිහාල් Saturday, 08 March 2025 08:20 AM

අපි අත්අඩංගුවට ගන්නවා වගේ පෙන්නන්නමා. ඔයා කොහේ හරි හැංගෙන්න.

:       5       18

නිහාල් Saturday, 08 March 2025 08:21 AM

අපි අත්අඩංගුවට ගන්නවා වගේ පෙන්නන්නම්. ඔයා කොහේ හරි හැංගෙන්න.

:       6       16

Akila Saturday, 08 March 2025 10:17 AM

පොහොට්ටුවේ වැදගත් කියල මනුස්සයෙක් ඇත්තෙම නැහැ වගේ , ජාතියේ අපපචි එක එක මදාවියෝ පොහොට්ටුවෙන් දේශපාලනයට ගෙනල්ල රටේ දේශපාලනය විනාශ කරපු හැටි තමයි මේ

:       1       0

Nihal Saturday, 08 March 2025 10:18 AM

මිරිස් කුඩූ මෝලට යන්නේ

:       0       1

Deshabandu Saturday, 08 March 2025 11:26 AM

පොලීසිය එතුමා ඉන්න තැන ගිහින් හෙව්වා නම් හම්බ වෙයි. නැති තැන්වල ගිහින් බැලුවට හම්බවෙන්නේ නෑ...

:       0       1

ලූට මූස් Saturday, 08 March 2025 11:45 AM

පලා ගියාද නැත්නම් ප්ලේන් එකේ ගියාද කියලා කසිප්පු ජොනියාගෙන් අහන්න. එයාගේ මොලේට අනුව අර කපුටා ගියා වගේ ප්ලේන් එකෙන් ගියානම් පලා ගියා නොවෙයි.

:       0       0

Malika Saturday, 08 March 2025 12:26 PM

මෙයා ඉන්න සහ හිටපු පැතිවල පන්සල් වල බැලුවා නම් හොයා ගන්න පුලුවන් වෙයි. ඒ කාලේ පන්සල් වලින් මෙයාව සහ මෙයාගේ පවුලේ අය ඒ පැත්තේ පන්සල් වල ඉන්න චීවරධාරීන් මෙයාව පිලිගත්තේ පාවඩ දාලා. අනේ අනිච්චං අබුද්දස්ස කාලේ

:       0       0

Rata Perata Saturday, 08 March 2025 01:33 PM

හාමුලා වෙනුවෙන් කහින අපතයෝ ටික අදහස් දාලා නැත්තේ මොකද දන්නේ නෑ

:       1       0

Athula Saturday, 08 March 2025 05:30 PM

මෙයාව ඇතුළට දාන්නම ඕනෑ... කිසිම කෙනෙක්ට වැඩක් ඇති කෙනෙක් නොවේ. එදා රස්තියාදු ගහලා ගහලා යනඑන මං නැතිව හිටියේ.. මර්වින් ළඟට හේත්තු වෙලා. පස්ස හෝදලා යන්තම් පොට පාදගෙන තක්කඩි රාජපක්ෂලගේ වළං හේදුවා. මෙයා හිතුවේ මෙයත් මිනිහෙක් කියලා..

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

උද්ධමනය ඉහළට
2025 අප්‍රේල් මස 21 51 0

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.


’’ජනපති තවත් පොරොන්දුවක් කඩ කළා’’
2025 අප්‍රේල් මස 21 110 0

මාලිමා ආණ්ඩුව තවත් වටයකින් මෙරට ජනතාව රවටන්න දැරූ උත්සාහයක් පරාජය කිරීමට හැකිවූ බවත් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ මහ මොළකරුවන් අප්‍රේල් 21 වැනිදාට


අංගම්පිටි ක්‍රීඩාංගනයේ උත්සවවලට වාරණයක්
2025 අප්‍රේල් මස 21 335 1

අධික ශබ්දය පිට කරන ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් අංගම්පිටිය ක්‍රීඩාංගනයේ උත්සව පැවැත්වීම වළක්වමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නාගරික


ක්වාති විනිසුරු අල්ලස් ගනිද්දී මාට්ටු
2025 අප්‍රේල් මස 21 4 0

ක්වාති විනිසුරුවරයකු රුපියල් ලක්ෂ දෙකකට අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.


’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 386 1

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 363 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 464 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 281 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 433 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site