IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


‘පොලිසිය රාජකාරිය හරියට කළ යුතුයි‘

නියෝජ්‍ය පොලිස්පති තනතුරු වල අවශ්‍යතාවයන් ඇතවී ඇති බවත් එම තනතුරු සදහා පත්විමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරේ වසර 5 ක් සිටීම මුලික සුදුසු කමක් වුවත් එය වසර 4 දක්වා අඩු කළ බවත් පොලිස් නිලධාරින්ගේ දුක් ගැනවිලි විමසා ඒවාට විසඳුමක් ලබා දීම මුලික අරමුණ බවත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා  මහනුවරදී දළඳා සමිඳු වැඳ පුදා ආශිර්වාද ලබාගැනීමට පැමිණි අවස්ථාවේ පැවැසිය.

පොලිස්පතිවරයා අස්ගිරි - මල්වතු මහනාහිමිවරුද බැහැ දැක ආශිර්වාද ලබාගත්තේය.

තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පොලිස්පති ලෙස පත්වු පුජිත් ජයසුන්දර මහතා සහකාර පොලිස් නිලධාරියකු ලෙස පත්වි ක්‍රමක් ක්‍රමයෙන් ආගම දහමට ලැදිව නිලයෙන් නිලය උසස්විම් ලබා තම චරිතයට කැළලක් වන ක්‍රියාවන් නොකර අවංක භාවයෙන් දක්ෂතාවයෙන් පිරිපුන්ව සේවය කළ නිසා 34 වැනි පොලිස්පති ලෙස පත්වීමට හැකියාව ලැබුණු බව පැවසූහ.

ඉදිරියේදි පොලිස් සේවයටත් මහජනතාවටත් විශාල සේවයක් කිරිමට හැකියාව ලැබෙන්නට කියා තමන් පාර්ථනා කරන බවත් උන්වහන්සේ පැවසූහ.

වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියන් ද බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ජයසුන්දර මහතා ආගම මුලිකව යහපත් දිවි පැවැත්ම කරගෙන ධර්මානුකූලව ධෙර්යවන්ත ගමනක් ගිය බවත් නාහිමියෝ කීහ.

මාධ්‍ය වේදින් හමුවේ පොලිස්පති මෙසේ අදහස් දැක්වීය.

‘ධර්මානුකූලව ජීවත්විම හා උත්තරිතර සංඝරත්නය සමග තිබූ බැඳීම හා අවවාද අනුශාසනා ලබා පොලිස් සේවයේ නියැලිම නව පොලිස්පති තනතුර ලැබිමට මනා පිටු වහලක් වුණා. සෙංකඩකලගල පුරවරය මට මහා සුවිශේෂ ස්ථානයක් වුණා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිපති තනතුරේ සිට පොලිස් කොස්තාපල් තනතුර දක්වා  ඉස්සර තිබුන අකාරයට නොව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. අපි සියලු දෙනාම එකතු වෙලා පොලිස් කේෂත්‍රය තුළ වෙනසක් ඇති කරන්න ඕන. අපි අපේ රාජකාරිය හරියට කරන්න ‍ඕන‘

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නැවැත්වූවේ වෙනත් විදිහකට ශක්තිමත්ව ප්‍රතිසංවිධානය කිරීමට බවත් ඒ ගැන සාකච්ඡා කර මාධ්‍යට අවශ්‍ය කරුණ අවශ්‍ය විදිහට දෙන්න ප්‍රතිසංවිධානය කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ පැනයට පිළිතුරු ලෙස පොලිස්පතිවරයා කීය.

Pujith_201654 Pujith_201654-2Pujith_201654-3 Pujith_201654-4



අදහස් (13)

‘පොලිසිය රාජකාරිය හරියට කළ යුතුයි‘

උපාලි Wednesday, 04 May 2016 07:30 AM

නීතිය ක්‍රියාත්මක කිරීමේ හා පොලිස් සේවයේ සැබෑ වෙනසක්, අපට පෙනෙන දැනෙන වෙනසක්, කරන්නට ඔබට ශක්තිය ලැබේවා! (බ)

:       0       0

රොහාන් දයාදර පැරිස් Wednesday, 04 May 2016 07:34 AM

එදත්, අදත්, හෙටත්, අනිද්දත්, දිගටමත්, කෙළින් කතාකරන, කෙළින් වැඩ කරන දුර්ලභ චරිතයකි (නි)

:       0       0

දිනේසා Wednesday, 04 May 2016 07:37 AM

පොලිස්පතිතුමනි, අපි ඔබතුමා විශ්වාස කරමු. චිරං ජයතු! (නි)

:       0       0

ඉසුරු Wednesday, 04 May 2016 07:39 AM

ජයවේවා ....ජයවේවා...ජයවේවා...(බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Wednesday, 04 May 2016 08:02 AM

ඔබ තුමා යන ගමනේ සතුටුදායක වෙනසක් අපි දකිනවා. කියනවා වගේම ඒවා ක්‍රියාත්මක කරන්නත් වාසනාව ලැබේවා. (බ)

:       0       0

සේපාලි Wednesday, 04 May 2016 09:38 AM

තවම නම් ඉස්සර පොලිසියම තමයි. තාම වෙනසක් නෑ. (හේ)

:       0       0

සමරසිංහ Thursday, 05 May 2016 05:08 PM

ඔහු වාසනාවන්තයෙක්, නිර්මාණශීලී අයෙක්. ඔහු පොලිස් සේවයට අලුත් සංකල්ප ගෙනෙනවා ඇත. ඒ තුළින් රටටත්, සමස්ත ජනතාවටත් බේදයකින් තොරව පිළිගත හැකි නීතිය හා සාමය රකින බොහෝ දේ කරනවා ඇත. එයයි අද රටට අවශ්‍ය. ඔබට තෙරුවන් සරණයි! (නි)

:       0       0

ඇන්ජලෝ Wednesday, 04 May 2016 11:49 AM

කලබල වෙන්න එපා තාම පටන්ගත්ත විතරයි ,මොකද යහපාලනය ගැනත් අපි හිතුව හොද දේවල් වෙන්නේ නැහැ ,රට දියුණු කරන වැඩ වෙනුවට මහින්ද ගෙන් බේරෙන්න කාලය කා දමනවා ,මාධ්‍ය කටියත් මේක රටේ ලොකුම ප්‍රශ්නය කරගෙන අනවශ්‍ය ප්‍රචාරයක් ලබාදෙනවා ,කවුරු පොලිස්පති වුනත් ලොකු වෙනසක් කරන්න බැහැ,නමුත් චන්ද්‍ර ෆර්නැන්ඩෝ යමක් කළා (බ)

:       0       0

නිලූ Wednesday, 04 May 2016 12:25 PM

එහෙම තම ඉන්න ඕනි පොලිස්පති තුමනි. පත්තර කාරයින්ගේ කටවල් අකුලාගෙන මර බයේ හිටියේ පහුගිය ආණ්ඩුව කාලේ. දැන් නිදහස ටිකක් දුන්නම රට ගිනි තියන්න හදනවා. එයාලට ඕනි විදියට නටන්න දෙන්න එපා. එහෙම වුනොත් හිටපු ආරක්ෂක ලේකම් වගේ තදට ඉන්න. ඔලුව දන්නා දුන්නම කඳත් ගෙන රජවෙන්න හදන්නේ.(බ)

:       0       0

චානක Wednesday, 04 May 2016 04:55 AM

ජයවේවා ඔබතුමාට! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 04 May 2016 06:08 AM

ඔබතුමාට අපේ සුබ පැතුම්! මම ඔබතුමා පුද්ගලිකවම ප්‍රියකරන අයෙක් නොවන නමුත් මට අහිංසක ආඩම්බරයක් තියෙනවා (නි)

:       0       0

එඩ්වඩ් Wednesday, 04 May 2016 06:12 AM

මෙතුමාට ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

Lal jayasooriya Monday, 04 March 2024 01:11 PM

සාමාන්‍යයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 47 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 65 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 576 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1336 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 177 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 89 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38402 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site