(සුජිත් හේවාජුලිගේ )
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුරප්පාඩු පහකට ලබන සතියේදී සුදුස්සන් පත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.
මෙයට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සහ සහකාර පොලිස් අධිකාරී පුරප්පාඩු 230කටද සුදුස්සන් නුදුරේදීම පත් කරන්නේ යැයි ඔහු සඳහන් කළේය.
මෙම පුරප්පාඩු පිරවීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය දැනටමත් ලැබී ඇතැයි කී මහජන ආරක්ෂක ඇමතිවරයා ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලැබුණු වහා එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නා බවද කීවේය .
මෙම නිලධාරී හිඟය පොලීසියේ රාජකාරි කටයුතුවලට ලොකු බාධාවක්වී ඇති හෙයින් තමා මේ ප්‍රශ්නය ආරක්ෂක මණ්ඩලයේ දී ජනාධිපතිවරයාට පෙන්වා දුන්නේ යැයිද ඔහු පැවසුවේය .
පොලීසියේ පවතින අසහනකාරී තත්වයන් මෙම පත් කිරීම් සමග දුරු වනු ඇතැයි ද සරත් වීරසේකර මහතා විශ්වාසය පළ කළේය .
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්‍රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
පාසල් සිසුවෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහවෙල පොලිසිය පවසයි.
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (7) හා හෙට (8) අවස්ථාව සලසා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘පොලිසියේ ලොකු පුටු රැසකට අලුත් මුහුණු‘
පප්ප Saturday, 29 May 2021 11:30 AM
ලොක්කා මීගමුවේ එරික්ටත් තැනක් දෙනවද?
විජිත් Saturday, 29 May 2021 05:02 PM
"....අපෝ බැහැ. මිනිහා මම කියන දේවල් අහන්නේ නැහැ. මිනිහට අපේ හිතවත්.. අපරාධකාරයෝ කියලා ලේබල්ගහලා ඉන්න අහිංසකයෝ ,අහිංසක මිනි මරුවෝ,අහිංසක කසිප්පු මුදලාලිලා, දුප්පත් කුඩු මුදලාලිලා පෙන්නන්න බැහැ.උන්ගේ අතපය කඩනවා. කිසිම ගරුසරුවක් නැතිව ඇදගෙන ඇවිත් කුඩුවට දමනවා.ටිකක් හිතන්න .
Nihal Sunday, 30 May 2021 05:09 AM
ඒ උනාට මේ මූණ එහෙමමයිනෙ.
Sri Lanka Sunday, 30 May 2021 06:31 AM
හැම ආන්ඩුවක්ම කරන්නේ මාරු කරන එක