IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොලීසිය සබරගමු සිසුන් නාවයි

සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් පඔහින්න හන්දියේදී  උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකට මග හරස් කළැයි පොලීසියෙන් අද (06)  ජල ප්‍රහාරයක් එල්ල විය.

සරසවියේ උත්සව කිහිපයකට පැමිණ සිටි ඔවුනට  පඹහින්නේදී බාධා ඇති වුයේ එහි උද්ඝෝෂණයක නිරත වී සිටින සරසවි සිසුන්ගෙනි. සිසුන් පවසනුයේ පොලිසිය කඳුළු ගෑස් ද ගැසු බවයි. නමුත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.

ඇමැති සරසවි ගොඩනැගිල්ලට මුල්ගල් තබා වලව කාන්තා නේවාසිකාගාරය ද විවෘත කළේය.

 

Lasantha-01

 



අදහස් (0)

පොලීසිය සබරගමු සිසුන් නාවයි

සත්‍යපාල Monday, 06 October 2014 05:52 AM

මේ විශ්ව විද්‍යාල සිසුන් වහාම මර්ධනය කල යුතුයි. මේ කරන්න හදන්නේ රටේ නිදහස් අධයාපනය විනාශ කරන කුමන්ත්‍රණයක්. (නදී)

:       0       0

මහරගම සෝමරතන Sunday, 05 October 2014 01:00 PM

මේ රටේ තියෙන්නේ පොලීසියක් නොවේ පාතාලයක් (නදී)

:       0       0

මොහාන් Monday, 06 October 2014 06:05 AM

මේක මොන විහිලුවක්ද? මේ කොල්ලෝ කෙල්ලෝ බොරුවට දඟලනවා. අපි කැම්පස් යන කාලේ තිබුණ පහසුකම් කතා කරලා වැඩක් නැහැ. මේවා මේ නිකම් තරහට කරන පිස්සු වැඩ. (නි)

:       0       0

මොහාන් Monday, 06 October 2014 06:05 AM

සේන, ඔබතුමාගේ කතාව හරියටම හරි. (නි)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 05 October 2014 02:17 PM

මහරගම සෝමරතන. ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්. සත්තකින්ම පොලිසියක් නොවෙයි පාතාලයක්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 05 October 2014 02:19 PM

සුද්දන්ට රට යටත් වෙලා තිබෙන කාලේදී විනෝදයට අලින්ට වෙඩි තියල මරපු සුද්දගේ වලටත් අවරුද්දකට සැරයක් හෙන ගහනවලු. ඒ වගේ තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරපු/අනාගත දරු පරම්පරාව අනාත කරපු අයටත් හෙනම ගහනවා. කවදා හෝ දවසක සිද්ද වෙනවා. (නදී)

:       0       0

නාලක පෙරේරා Sunday, 05 October 2014 02:21 PM

වීඩියෝ දර්ශණයෙන් නියම දේ පේනවා. ඇමති බේර ගන්න පොලිසිය කොල්ලන්ට ගහනවා. ඇමති ආපසු යන්නේ හොර පාරකින්(නදී)

:       0       0

චානක Monday, 06 October 2014 07:05 AM

දිනෙන් දින නිදහස් අධ්‍යාපනයේ අංග ඉවත්කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා මාර්ග විවර කරන බලධාරින් හා උරෙනුර ගැටෙමින් විශ්ව විද්‍යාල තුළ හෝ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ වටිනාකම වැටහෙන්නේ පාසලකට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමව්පියන්ගෙන් මුදල් ලබාගන්නා ආකාරය දකින විටදීය. තවද පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් මෙවැනි උද්ඝෝෂණ අවම කළ හැකිය යන මතය පැමිණ තිබේ. ඉංජිනේරු උපාධියකට ලක්ෂ 60ක් වෛද්‍ය උපාධියකට ලක්ෂ 80ක්(මසකට රුපියල් ලක්ෂ 2ක්) ගෙවීම සමහරෙකුට ගැටළුවක් නොවිය හැක. නමුත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට එය ළඟාවිය හැකි ඉලක්කයක්ද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 06 October 2014 07:27 AM

කන්නන්ගර උතුමා අද හිටියා නම්...? දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපන වරම සමව ලබාගන්න හඳුන්වා දුන් වටිනා සංකල්පයට මේ මොකද වෙන්නේ? "හැමදේම අපිට දියවු. අපිට අරක නැහැ. මේක නැහැ. හැම අඩුපාඩුවක්ම සපුරා දියවු.ඉන්න දියවු.කන්න දියවු.නිදහස් අධ්‍යාපනය දුන්නා නම් අපිට රස්සාවකුත් අනිවාර්යයෙන් දියවු.." මේක තමයි අද නිදහස් අධ්‍යාපනයේ නවතම අර්ථ දැක්වීම. දුකයි මහත්තයෝ (නි)

:       0       0

පද්මිණී Sunday, 05 October 2014 04:07 PM

කොල්ලෝ ටිකට වතුර ගැහුවට නාල තියෙන්නේ ඇමති දෙපොල නේ? (නදී)

:       0       0

ගමගේ Sunday, 05 October 2014 04:37 PM

දුප්පත් සිසුන්ට සමාජ වෛරය හීනමානය ඇතිකරලා මේවා කළොත් වීරයො වෙනවා කියලා රවටා, පටු අරමුණු ඉටුකරගන්න මේවා කරවන එක වැරදියි කවුරු වුණත් (නි)

:       0       0

එඩ්වර්ඩ් Sunday, 05 October 2014 05:33 PM

කමක් නැහැ. නොමිලේම නාගන්නත් ලැබුණානේ! (නි)

:       0       0

මොහාන් Sunday, 05 October 2014 06:04 PM

අපේ ළමයින්ටත් තිබුණා මීටවැඩිය ඉවසන්න (නි)

:       0       0

ධම්ම Sunday, 05 October 2014 06:17 PM

අනේ මෙහෙමත් රටක්! (නි)

:       0       0

කින් බෙනට් Sunday, 05 October 2014 06:17 PM

අපරාදේ! ජලය නාස්ති වෙනවා.මේක නිකන් හරියට වතුරේ බෝට්ටුවක් ගියා වගෙයි. වාහනය යද්දී ඉස්සරහ කට්ටිය අයින්වෙනවා. පස්සේ කට්ටිය නැවත එකතුවෙනවා. (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 05 October 2014 07:14 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කල ගරු අැමතිතුමාට ජයවේවා. මුළු උසස් අධ්‍යාපනයම පෞද්ගලික කිරීමට එතුමාව නැවත පත් කර ගනිමු. (නදී)

:       0       0

නන්දන Sunday, 05 October 2014 08:14 PM

නිකන් දෙන දෙයක්වත් ගන්න අපේ ළමයි දන්නෙ නැහැ (නි)

:       0       0

ආරියසේන Sunday, 05 October 2014 07:32 AM

පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් මෙවැනි උද්ඝෝෂණ අවම කළ හැකිය. (නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Sunday, 05 October 2014 08:44 PM

අනේ බන්දුල පෙරේරා, ඔක්කොටම කලින් කියන්නකෝ ඔයා කොයි විශ්ව විද්‍යාලයේ භෝජනාගාරයේද සේවය කළේ කියලා‍? (නි)

:       0       0

චාමර Sunday, 05 October 2014 07:52 AM

අන්තරේට කාලෙකින් බිල්ලක් ගන්න බැරි උන හින්දා ඒකට උපරිම උත්සාහ කරනවා. (නදී)

:       0       0

මහේෂ්‍ Sunday, 05 October 2014 09:15 PM

මොනවා වුණත් සිසුන් කලබල කළ එක වැරදියි (නි)

:       0       0

සඳුනි Sunday, 05 October 2014 07:56 AM

ඇමතිවරයාගේ කට මෙන්ම ඇතැම් ක්‍රියාද පිළිකුලක්. නමුත් එතුමාට විශ්ව විද්‍යාලයට පැමිණෙන්නට අයිතියක් තියෙනවා. මුදා නොගත් කලාප නෙවෙයිනේ. (නදී)

:       0       0

එරංග Sunday, 05 October 2014 10:45 PM

තමන්ට නොමිලයේ ලැබෙන දේවල් වලත් ඇදකුද හොයන්නේ ඇයි දරුවනේ? (නි)

:       0       0

ජෙහාන් Sunday, 05 October 2014 08:11 AM

ඇත්තටම සබරගමුවේ සරසවි සිසුන් නාන්නේ නැද්ද ? (නදී)

:       0       0

සුනිල් Monday, 06 October 2014 12:01 AM

සිසු උද්ඝෝෂණ ගැන ඇමතිතුමාගේ ප්‍රතිචාර මොනවද? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 06 October 2014 12:52 AM

සබරගමුව කියන ලස්සන සුන්දර විශ්ව විද්‍යාලය විවිධ බංකලොත්කරුවන්ගේ අම්බලමක් බවට පත්වෙලා.කට්ටිය නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්ති විඳිමින් පුර්ණකාලිනව බංකලොත් දේශපාලනයට කඩේයන ගමන් සරසවියේ නිදහසේ ඉගෙනගන්න සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් සහ මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරමින් කරන මේ ක්‍රියාදාමය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි. සියලු සිසුන්ගේ යහපත වෙනුවෙන් ජාතික යුතුකමක් සේ සළකා මේ පිළිල ඉවත්කර මේ සුන්දර සරසවිය යථා තත්වයට හැකි ඉක්මනින් පත්කරන්න බලධාරින් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)

:       0       0

යශෝධා Monday, 06 October 2014 02:08 AM

අනේ මන්දා මේ ශිෂ්‍ය අරගල කවදා නිමාවෙයිද කියලා (නි)

:       0       0

සුපුන් Monday, 06 October 2014 02:33 AM

කන්නන්ගර උතුමාණන් අද හිටියා නම්... (නි)

:       0       0

චමී Monday, 06 October 2014 02:35 AM

නිදහස් අධ්‍යාපනය අන්තරේ අන්තවාදීන්ගෙන් බේරා ගත යුතුයි. දුප්පත් දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරලා දරුවන්ට පිස්සු කරන්න දෙන්න බැහැ.(නදී)

:       0       0

සේරම් Monday, 06 October 2014 03:07 AM

මෙවැනි හෝ සිසු පිරිසක් නැති නම් නිදහස් අධ්‍යාපනේ මළගම සිදුවෙලා ගොඩක් කල්. (නදී)

:       0       0

කසුන් Monday, 06 October 2014 03:17 AM

අන්තරේ අය ඔවුන්ගේ ජිවිත විනාශ වුණා කියල අනෙක් සිසුනුත් වලට දානවා (නදී)

:       0       0

රස්පී Sunday, 05 October 2014 10:02 AM

ඔයාලගෙ අම්මලාට තත්තලාට කියන්න මතක් කරල මෙතුමන්ලට ඊලඟ පාරත් ඡන්දය දෙන්න කියලා. (නදී)

:       0       0

හිෂාන් Monday, 06 October 2014 07:15 PM

ඇයි සිසුන්ට මෙහෙම කරන්නේ? (නි)

:       0       0

රත්න Sunday, 05 October 2014 10:20 AM

තම අතීතය වල දමා," තමුන් ඉහලට නැගි ඉනි මඟ වන නිදහස් අධ්‍යාපනයට පයින් ගසන" මෙවන් දුර්ජනයින් පලවා හරිමු. (නදී)

:       0       0

දිල් Monday, 06 October 2014 04:15 AM

මෙයාල ඉක්කමනට උපාධිය ඉවර කරගන්නේ නැතුව බොරු වැඩර්ජන කරනවා. ඒකෙන් වෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අය ඉක්මනට උපාධිය ඉවර කරලා රැකියා වලට යන එකයි (නදී)

:       0       0

සේන Monday, 06 October 2014 04:22 AM

වතුර ගැහුවට නම් ප්‍රශ්ණයක් නැහැ. 88 නම් ටයර් තමා හම්බ වෙන්නේ දැන් අය දන්නේ නැහැනේ. (නදී) .

:       0       0

බන්දුල පෙරේරා Sunday, 05 October 2014 10:59 AM

සබරගමුවේ කට්ටියේ උෟවේ පෝස්ටර් කොන්ත්‍රාත් එක කරලා එන ගමන් වෙන්න ඇති ඇමති තුමා හම්බ උනේ. මේ සරසවිය නම් සුද්ධ කල යුතුයි ඉක්මනින්. නැත්නම් ළමයෙකුට නිදහසේ මේ සරසවියෙන් අධ්‍යාපනයක් ලබන්න වෙන්නේ නැහැ. මේක දැන් බංකලොත් දේශපාලුවන්ගේ අම්බලමක් වෙලා. (නදී)

:       0       0

ආලෝක Monday, 06 October 2014 04:42 AM

මේ අන්තරේ කොල්ලන්ට රජය බුරුල දෙනවා වැඩියි. මේ ගොල්ල බහුතර සිසුන්ගේ කාලය කනවා. සුළුතරයට බහුතරය යටවෙලා. මේ ගොල්ලන්ට දැඩි දඩුවම් දෙන්නේ නෙතුව මේක හදන්න බැහැ. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 05 October 2014 11:38 AM

පොලිසියට ලොකු වැරදීමක් වෙලා. නාවන්න ඕනා අර දෙන්නවනේ. දැන් මක් කොරන්නද? මීලග ඡන්දෙදි බලමු නේද (නදී)

:       0       0

වරුණ Tuesday, 07 October 2014 10:28 AM

මේ ප්‍රශ්න ඉක්මණින් ඉවරයක් කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 495 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 325 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 939 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site