උසස් තාක්ෂණ ආයතන තුළ පාඨමාලා මුදලට විකිණීමේ යෝජනාව හකුළා ගන්නා ලෙස ඉල්ලමින් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව සංවිධානය කළ උද්ඝෝෂණයකට පොලිසියෙන් ජල, බැට්න් හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරියේ පැවැති උද්ඝෝෂණයේ දී ප්‍රහාරයට ලක්වූ සිසුහු 25ක් රෝහල් ගත කරනු ලැබූහ.
(ශාන්ත රත්නායක)
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිසිය සිසුන්ට ගහයි
කමල් රාජපක්ෂ Monday, 22 December 2014 05:14 PM
සිසුන්ට එල්ල කල පොලිසියේ ජල, බැට්න් හා කඳුළු ගෑස් ප්‍රහාර තරයේ හෙලා දකිමි. (නදී)
බීටා Monday, 29 December 2014 07:32 AM
දම්මිකා සහ විජයබාහු දෙන්නම ගොන්කරත්තෙක දෙපැත්තට ගැට ගහන්න නම් හොදියි. දසමයකවත් මොලයක් නැති ගොන් බානක්. නැත්නම් ශිෂ්‍යයෝ මෙච්චර මේ පාදඩයන්ගෙන් ගුටි කද්දී මේවගේ හරක් කතා කියයිද ? (නදී)
වසන්ත Monday, 22 December 2014 12:27 PM
වෙනත් රටවල වගේ මුදලටම අධ්‍යාපනය දුන්නම හරි.නොමිලේ ඉගෙන ගත්තත් අන්තිමේදී වෙනත් රටවලටනේ සේවය සපයන්නේ. (අ)
ලියොන් ගුනවර්දන Monday, 22 December 2014 12:38 PM
නොමඟ ගිය දරුවනි නිදහස් අධ්‍යාපනයේ ආශිර්වාදයෙන් මෙතරම් හිනිපෙත්ත්කට නැගී මෙම දරුවන්ට තම දෙමපියන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ඇත්තේ තව සුළු කලක් නේද ? නීති විරෝධි ලෙස මෙම අවස්ථාවේ හැසිරීම නිසා නොවද මෙවැනි ඉරණමකට ඔබලා පත්වුයේ මෙවැනි සෝචනීය ඉරණමකට පත්වීමට.(හේ)
හංස Wednesday, 24 December 2014 05:59 AM
ධම්මිකාගේ ඔලුවේ තියන්නේ ගොම වෙන්න ඇති. (නදී)
විජයබාහු Monday, 22 December 2014 02:47 PM
මෙයාලට නාගන්න මෙතෙන්ටම යන්න උනේ මොකද. ගෙදර ටැප් එකෙන් නාන්න බැරුවද. ටික දෙනෙක්ගේ ඕනේ කමට අහිංසක ළමුන් කීයක් ගුටි කෑවද. (නදී)
චන්ද්‍රසිරි Monday, 22 December 2014 04:22 PM
වසන්ත, අපේ රටේ උගත් හැම කෙනෙකුටම රැකියා තිබෙනවද? (නි)
සමන්ති Thursday, 25 December 2014 01:45 AM
හංස, දම්මිකා වගේ අය වැස්සකටවත් ස්කෝලේ ගිහින් නැති නිසා ඉගෙනගන්න අය දැක්කම සමහර පොලිස්කාරයන්ට වගේ ඇගෙන්ම එනවා ඉරිසියාව. හැබැයි පහ පාස් නැති දේශපාලුවන්ට වැඳ වැටෙනවා (නදී)
සමන්ති Thursday, 25 December 2014 01:55 AM
චන්ද්‍රසිරි, උගත්කම යනු රජයේ රැකියාවකට යායුතුම තත්වයක් නොවේ. බුද්ධිය මෙහෙයවා තමාගේ උත්සාහයෙන් යම් වැඩක නිරත විය හැක. ලංකාවේ හැර වෙනත් රටවල මිනිසුන් රජයේ රැකියා බලාපොරොත්තු වන්නේත්, රැකියා බලාපොරොත්තුවෙන් ඉගෙන ගන්නෙත් නැත. (නදී)
ධම්මිකා Wednesday, 24 December 2014 03:53 AM
හරියට හරි. මේ අයට දෙන්න ඕනේ මීට වැඩිය (නදී)
කුලරත්න Tuesday, 23 December 2014 10:53 AM
මේ වගේ සිසුන්ට පහර දෙන එක හරි නෑනේද?(හේ)
අසේල Tuesday, 23 December 2014 04:31 AM
අධ්‍යාපනය යනු ශිෂ්ඨසම්පන්න සමාජයක් ගෝත්‍රික සමාජයකින් වෙන්කර හඳුනාගැනීමට ඇති මිනුම් ඳඩු වලින් එක් ප්‍රමුක මිනුම් දන්ඩකි. කිසියම් සමාජ ඒකකයක දියුනුව එම සමාජ ඒකකය තුල අධ්‍යාපනයට හිමිවන ස්තානයට අනුලෝමව සමානුපාතික වන බව නොරහසකි. ලොවට කෙතරම් පුරසාරම් දෙඩුවත් අපගේ මවුබිම තවමත් දුප්පත් කමින් පීඩිතව අසරනව සිටින බව අගනුවරින් බැහරට ගොස් ඒ ඒ සමාජ කන්ඩායම් දෙස බැලූකල මොනවට පැහැදිලි වෙයි. පෞද්ගලික අධ්‍යාපන ආයතන කරා තම දූ දරුවන් යොමුකිරීමට රටේ අති මහත් බහුතරයක් වන දෙමවුපියන්ට නොහැකි වන්නේ මෙම අන්ත දරිද්‍රතාවය නිසාය. පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය හැදෑරීම අවම වශයෙන් එක් මසකට එක් දරුවෙකුට රුපියල් 5000 ක් පමනවත් වැයවෙයි. මෙම මුදල අධ්‍යාපන ආයතනයේ අයකිරීම පමනක් වන අතර ඉගෙනීම් කටයුතු සඳහා අවශ්‍යවන පොත්පත් හා අනිකුත් ලිපිද්‍රව්‍ය සඳහා වන වියදම් මීට ඇතුලත් නොවෙයි. දරුවන් දෙදෙනෙකු සිටිනා පවුලකට මෙලෙස ගත් කල අවමය මසකට රුපියල් 5,000x2 = 10,000 ක මුදලක් අධ්‍යාපනය සඳහා වැයකිරීමට සිදුවෙයි. මෙම මුදල වසරකට ගත් කලී රුපියල් 10,000x12 = 120,000 පමන වෙයි. මසකට රුපියල් 15,000ක් 20,000ක් අතර මුදලක් උපයන පවුල් ඒකකයකට උක්ත මුදල කිසිසේත් දරාගත නොහැක. මින් සිදුවන්නේ අධ්‍යාපනය ඉහල ආදායම් ලබන පිරිසට පමනක් සීමා වීම වන අතර එමගින් සිදුවන්නේ අප මවුබිම සතු වටිනාම සම්පත වන මානව සම්පතෙන් කොටසක් නිරපරාදයේ වලපල්ලට යාම පමනකි. කුමන ආකාරයෙන් හෝ ලැබෙන අධ්‍යාපන වරප්‍රසාද වලින් ශිෂ්‍යයින් නිසි ප්‍රයෝජන ගන්නේද යන්න තවත් පැතිකඩක් වන අතර එයද සුලුවෙන් සැලකිය නොහැකි තවත් පුලුල් සමාජ ගැටලුවකි. අධ්‍යාපනය එක් සමාජ තලයකට වෙන්වූ කල සමාජය උගත් පොහොසත් හා නූගත් දිලිඳු වශයෙන් පුලුල් බෙදීමකට පත්වන අතර එමගින් වෙනමම ආකාරයේ සමාජ අසහනයක් ඇතිවිය හැක. රටක් වශයෙන් මෙම තත්වය එහි සංවර්ධනයට විශාල බලපෑමක් ඇතිකරයි. ආර්ථික වර්ධක දර්ශක වලින් රටක සංවර්ධනය මැනිය හැක්කේ සීමා සහිත දුරකටය. අවසානයේ සිදුවන්නේ රට ලේඛන සඳහා පමනක් සංවර්ධිත රටක් ලෙසත් මුක්‍යව ගත් කලී තවත් ගෝත්‍රීය අම්බලමක් බවට පත්වීම පමනකි. තිබු තැනක සොර සතුරන් ගත නොහෙනා, උගත මනාවූ ශිල්පය ශිෂ්‍යන් විසිනුත් බලධරයන් විසිනුත් රැකගත යුත්තේ එබැවිනි. (ස)