IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොලිසියේ හිටපු ලොක්කෝ රවීට - ශානිට එරෙහි වෙති

(ගයාන් සූරියආරච්චි)

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන් ඇතුළු විශ්‍රාමික පොලිස් නිලධාරීන් ජාතික ජන බලවේගයට එක්වීමට විරෝධය පළකරමින් විශ්‍රාමික පොලිස්පතිවරුන් සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ එකමුතුවක් කෝට්ටේ සෝලිස් හෝටලයකදී අද මාධ්‍ය හමුවක් පැවැත්වීය.

එම මාධ්‍ය හමුවට හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සහභාගිවූ අතර හිටපු පොලිපතිවරයා පැවැසූවේ වසර 150 ක් පමණ පැරැණි කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට රැගෙන ගොස් අපකීර්තියට පත් නොකර ලෙසත් එකල භීෂණ සමයේ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව විමර්ශන පැවැත්වූ නිලධාරීන්ම මේවනවිට ඒවාට සම්බන්ධ යැයි පැවැසෙන පුද්ගලයන්ට එකතුවීම පොලිස් දෙපාර්තමේන්තුවම කම්පනයට ලක්වී ඇති බව පැවැසුවේය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රධානම නිලධාරීන් දෙදෙනා ජාතික ජනබලවේගයේ පොලිස් සාමුහිකයේ ඉදිරිපෙළින්ම සිටින බවත් සහරාන්ගේ කණ්ඩායම 2018 වසරේ වව්නතිව් පොලිස් මුරපොළක සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා එකල පොලිස්පතිවරයා විසින් එම උසස් නිලධාරීන් දෙදෙනාට ලබාදුන්න ද ඔවුන් එම ඝාතනය සම්බන්ධයෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයන් පිට පටවා සහරාන් ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ විමර්ශන වසා දැමූ බවත් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහතා කීය.

නැගෙනහිර පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක, ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ උප සභාපති විශ්‍රාමික පොලිස් අධිකාරී නොර්ටන් ද සිල්වා, විශ්‍රමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ, දෙපාර්තමේන්තුව බාරව සිටි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී සේනක කුමාරසිංහ, විශ්‍රාමික පොලිස් අධිකාරී ජයන්ත හේරත් ඇතුළු මහත්වරු එහිදී අදහස් දැක්වූහ.

 



අදහස් (36)

පොලිසියේ හිටපු ලොක්කෝ රවීට - ශානිට එරෙහි වෙති

Ranil Thursday, 13 June 2024 05:19 PM

රනිල් සහ රාජපක්ෂට කඩේ යන කට්ටිය පොලිසියට කීර්ති නාමයක් තියෙනවා නම් දාන්න කෝ මහබැංකු හොරුන්ව ඇතුළට? තාම රට කාපු හොරෙක්ව අල්ලගන්න බැරිවුණු පොලිසියට සහ සී.අයි.ඩි. යට ඉතින් කොහේද කීර්ති නාම?

:       0       0

ඇහැලියගොඩ Thursday, 13 June 2024 05:21 PM

කීර්තිමත් සේවාව? දැන් ඉන්න ලොක්කා කරපු වැඩ අමතකද? ගියපු අය කරන දේවල් බලන්න කලින් ඉන්න අය ගැන බැලුවොත් නරකද?

:       0       0

Achini Thursday, 13 June 2024 05:23 PM

ඔයා රට හොරාකාලා හොරුන් අල්ලන්න බැරි වුණ හිටපු පොලිස් ලොක්කන්ට නිවන් සුව...

:       0       0

Shaf Thursday, 13 June 2024 05:26 PM

කීර්ති නාම නම් රැකිලා ඇති....කඩේ යන්නේ නැතිව රට හොරාකාපු අයව හිරේ දාලා නඩුදාලා තිබ්බා නම් අඩුගානේ සීනි වංචාවක් වුණා. කෝ ඇල්ලුවද? බැංකු වංචාවක් වුණා.. කෝ ඇල්ලුවද? තාජුදීන් මැරුවා... කෝ ඇල්ලුවද? ඔහොම කියවාගෙන යන්න පුළුවන්... හිටපු පොලිස් ලොක්කත් කඩේ ගිහිල්ලා දැන් කීර්ති නාමයක් ගැන කියනවා.

:       0       0

Silva Thursday, 13 June 2024 05:30 PM

මොකද මේ කට්ටිය කලබල වෙලා. ගමන සුභයි ජය නියතයි. ඔහොම යං...

:       0       0

විජිත් Thursday, 13 June 2024 05:31 PM

ආ මේ ඉන්නේ කපුටු බැසිල් නොහොත් ලෝක හොරාගේ පොලිෂ් කණ්ඩායම... මෙතැන ඉන්න සමහරු කපුටාට ආචාර කරන්නේ දෙකට තුනට හතරට නැමිලා. සමහරු කපුටාට ආචාර කරලා ජාම බේරාගන්න එයාපෝර්ට් එකටත් යනවා. මේ කණ්ඩායමේ ඉන්නවා පට්ට හොරු රැලක්...

:       0       2

Ramani Thursday, 13 June 2024 05:37 PM

ලොන්ත පොලොස් පෙන්ෂන්ගිය රාලහාමිලාට ගෙදර කරන්න දෙයක් නැති නිසා කරන දේවල් තමයි මේ. කරන්න දෙයක් නැතිනම් ගෙදරට වෙලා නෝනාට උයන්න පොල් ටිකක් ගාලාදෙනවා. වත්ත සුද්ධ කරනවා. තරු පටි ගහගෙන හිටපු කාලේ කරපු මිනීමැරුම්, හොරකම්, වල්කම් ,ජඩකම් ,කප්පම් ගැනීම් මතක් කරලා පන්සල් ගිහින් බණක් අහනවා. මේ කාගේදෝ ජරාවක් කාලා කරන සංදර්ශනයක්...

:       0       3

Tharindu Perera Thursday, 13 June 2024 05:40 PM

ඔන්න ඔය බය තියාගත්තාම ඇති...

:       0       3

පුරවැසියා Thursday, 13 June 2024 05:46 PM

බය වී ඇති කට්ටඩියා එක එක පිල්ලි එවීමට පටන් ගෙන ඇත..

:       0       4

Dayan Thursday, 13 June 2024 05:52 PM

පොලිස් ලොක්කන්ගේ එකතුව බලන්න...

:       0       3

Jagath Thursday, 13 June 2024 05:59 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට තමන් කැමැති පක්ෂයක දේශපාලනය කරන්න පුළුවන්. එය විවේචනය කිරීමත් සදාචාරසම්පන්න නොවෙයි. ඇයි මේ අය කලබල වෙන්නේ...? මේ අයගේ කලබලවීම ජනතාවට ලොකු සැකයක් ඇති කරනවා.

:       0       4

shantha Thursday, 13 June 2024 06:03 PM

පණ තිබුණු කාලේ දේශකාපාලුවන්ට හොඳට මුට්ටි අල්ලලා, ජරාව කාලා ,දැන් වල පයයි ගොඩ පයයි තියාගෙන ඉන්න මේ නාකියෝ පුරුදු පරිදි කාගේදෝ ජරාවක් කාලා කරන රංගනයක් තමයි මේ. හැබැයි මොනවා කලත් සමාජයේ මේ යන රැල්ල නවත්වන්න උඹලා වගේ හෙන්චයියලාට බැහැ. සමහරවිට ඔතන ඉන්න කිහිපදෙනෙක්ට හංගපු පෙර වැරැදිවලට හිරේ යන්නත් වෙන්න පුළුවන්...

:       0       6

විපරමා Thursday, 13 June 2024 06:09 PM

තිත්ත ඇත්ත එළියට එනකොට ලොක්කෝ බය වෙලා...?

:       0       3

Ponsuge Dilitha Manjula Tissera Thursday, 13 June 2024 06:30 PM

පොලිස් කොමිසමේ ඉන්න කාලෙත් බැසිල්ගේ කකුල් ලෙවකාපු උන් තමයි මාලාමාවේ පොලිස් සාමූහිකයට විරුද්ධය මාධ්‍ය සාකච්ඡා තියන්නේ... ලැජ්ජයි ඕයි... ඒ මදිවට අනුරට විරුද්ධව ගෝඨා පත් කරපු පිස්සු පූසා කොමිසමෙත් හිටියා. අන්තිමේදී අභියාචනාධිකරණෙන් පිස්සු පූසා කොමිසමත් බල රහිත කළා... එහෙම පිස්සු පූසෝ තමයි මේ කළබල වෙලා ඉන්නේ...

:       0       3

sena Thursday, 13 June 2024 06:58 PM

මෙතැන පොලිස් දෙපාර්තමේන්තුවට ඒ උදවිය දේශපාලනේ ගෙනත් නැහැනේ, විශ්‍රාමිකයින්ට තමන් කැමැති දේශපාලනයක් කරන්න පුළුවන්.. ඉතින් ඔයාලා මොකටද කලබල වෙන්නේ...?

:       0       5

sachith Thursday, 13 June 2024 07:04 PM

පොලිසියේ ඉන්නකොට ඔච්චරටම අපරාධ කරපු දෙන්නෙක් නම් එයාලාට විරුද්ධව නඩු දාන්නකෝ. අනිත් එක එයාලා පහළ නිලධාරීන් විදිහට ඉන්නකොට ඇයි එයාලගේ වැරැදිවලට විරුද්ධව ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ... ?

:       0       2

Aruna Thursday, 13 June 2024 07:39 PM

චන්ද්‍රා ප්‍රනාන්දු.....The pot calling the kettle black

:       0       2

සෙනෙවිරත්න Thursday, 13 June 2024 07:41 PM

රිදිලා වගේ, ඔතැන ඉන්නවාට වඩා සෙනගක් එතැන හිටියා. අතීතය හාර හාර ගොඩට දාගෙන කන්නේ අපට රටට ආදරේට නෙවෙයි. තමන්ගේ පන්තිය ගරා වැටෙනවාට. පොලිසිය ප්‍රචන්ඩ ක්‍රියා කළේ නැද්ද 88/89 කාලේ...? තහනම් කරපු පක්ෂයක් කළ ප්‍රචන්ඩ ක්‍රියා සහ නිල ලත් රජයේ පඩි ලබන පොලීසිය කරන ප්‍රචණ්ඩ ක්‍රියා සමාන නැහැ. හරි නම් ඒ පක්ෂය අද තියෙන තැන ගැන සතුටු විය යුතුයි. එල්ටීටීය පවා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ වලට තරඟ කරනවා නම් සතුටු විියයුතුයි. ඔය පරණ ඒවා අදින්නේ පන්තිය ගරාවැටෙනවාට බයේ, ඕක යට ⁣රට විනාශ කළ පාලක පන්තිය ඉන්නවා...

:       0       1

Nalaka Thursday, 13 June 2024 07:49 PM

පව් නේ.. ඇඬෙනවා.

:       0       2

දර්ශන වීරසිංහ Thursday, 13 June 2024 07:57 PM

ඕනෑම අයෙක් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් තිබේනම් කිසිම අවුලක් නැත. ජාතික ජනබලවේගයේ වේදිකාවට නැග්ගේ රාජ්‍ය සේවකයින් නොවේ විශ්‍රාමිකයන්ය. රජයට කඩේ යන චන්දා සිල්වා මහතාට අපේ ප්‍රනාමය.

:       0       3

සපුමල් Thursday, 13 June 2024 07:59 PM

රවී සෙනෙවිරත්න සහ ශානී ජාතික ජන බලවේගයට එක් වුවා යැයි කිසිම තැනක සඳහනක් නැත​. ඔවුන් යුක්තිය සහ සාධරනත්වය උදෙසා කවුරුන් සමග එකතු වූවද ජනතාවට එය ප්‍රශ්නයක් වී ද නැත​. අපද ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුනු දේශපාලනය ට එකඟ නොවුනද​, රවී සෙනෙවිරත්න මහතා සහ ශානී අබේසේකර මහතා යනු, අවංක, කැපවී මෙන් වැඩ කල, මහජනතාවගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ, දේශපාලකයන්ට කඩේ නොගිය​, සැබෑ ලෙසම රාජ්‍ය සේවය බැබලවූ නිළධාරීන් යන්න එයින් අහොසී වී යන්නේද නැත. මෙසේ ඔවුන්ට මඩ ගහන්නට උත්සාහ දරන චන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු පිරිස පොලීසියේ නම අපවිත්‍ර කල, රාජපක්‍ෂලාට කඩේ ගිය අන්ත දූශිතයන් බව අප අමතක නොකල යුතුය​.

:       1       5

PGPTHILAK Thursday, 13 June 2024 08:47 PM

මෙතන ඉන්නෙ රාජපස්ස සස්ටැඹි රාළලා මුළු පොලිස් සේවයට දේශපාලනීකරණය කරපු පංචස්කන්ධ ටිකක් !! එඩිසන් ගුණතිලක නොහොත් ගඩාෆි 88/89 කාලයේ මහව,දලදාගම, ගල්ගමුව ආදී ප්‍රදේශවල උගත් තරුණ තරුණියන් මරා පුළුස්සා දමමින් එම ප්‍රදේශ අමු සොහොනක් කලා මට අද වාගේ මතකයි!!!

:       1       3

Prabha Thursday, 13 June 2024 08:57 PM

දැන් මේක සංවිධානය කළේ කවුද?

:       0       3

Saman Dissanayake Friday, 14 June 2024 06:01 AM

නාකි බලු නගුටෝ ටිකකට මස් කට්ටක් ලැබිලා...!

:       1       3

Perera Friday, 14 June 2024 06:37 AM

මේය කොහොම අයද කියලා දන්නෝ දනිති

:       0       4

Saman Dissanayake Friday, 14 June 2024 08:39 AM

නකි බලු නගුටො ටිකකට මස් කට්ටක් ලැබිලා

:       1       18

විජිත් Friday, 14 June 2024 08:44 AM

සහතික ඇත්ත, රාජකාරි කරන සමයෙ තමන්ගෙ වෘත්තිය නොකර දැන් බිස්නස් කරන්න අනුරල එක්ක එකතු වෙලා. ජෙවිපි කට්ටිය හරි උපාසකලා. මෙතන අදහස් දාන සමහරුන්ට නම් රිදෙයි.

:       20       4

උපුල්Friday, 14 June 2024 12:15 PM

ඇයි බං බයවෙලා

:       1       11

Lalla Friday, 14 June 2024 09:38 AM

අනිත් පක්‍ෂ වල පස්ස හෝදන්න යන්න හොඳනම් කොයි පක්‍ෂයට ගියත් තමන්ට මොකද? කිල්ලෝට වල හුණු තියෙන පාටයි...

:       3       16

gundra Friday, 14 June 2024 09:39 AM

හෙලුවෙන්ම රාජපක්ෂලාට කඩේ ගිය එකෙක් අනිත් උන්ට ඇඟිල්ල දික්කරන හැටි . මොලේ හොඳ නැතිවෙලද මන්ද මෙච්චර අමතක වෙන්නේ

:       2       18

Rata Perata Friday, 14 June 2024 11:57 AM

චන්දන ප්‍රනාන්දු කියන්නේ මොන වගේ මිනිහෙක් ද කියලා රටම දන්නවා. බැසිග් බලන්න ගුවන්තොටුපල යන්න හොදයි මූට, කෙලින්ම පක්ෂයට එකතු වෙන්න කොන්දක් නැති වුන්

:       0       5

Lakmal Friday, 14 June 2024 12:07 PM

වසර 150 ක් පමණ පැරැණි කීර්තිමත් ඉතිහාසයක් ඇති පොලිස් දෙපාර්තමේන්තුව දේශපාලනයට රැගෙන ගොස් අපකීර්තියට පත් නොකර කියන ටික තමා ආතල්ම කොටස

:       0       10

උපුල් Friday, 14 June 2024 12:11 PM

ඇයි බං උබලා ඔච්චර බයවෙලා

:       1       11

Wije Friday, 14 June 2024 12:18 PM

රටම විනාශ කරපු කපුටා ආපු දවසේ දෙකට නැමිල දනගාගෙන වැන්දේ මේ අමන චන්ද්‍රා ප්‍රනාන්දු ,එකල පොලිස් කොමිසමේ සභාපති ,

:       0       11

සෙනෙවිරත්න Friday, 14 June 2024 02:25 PM

කවුරුත් තමුන්නැහැලා කියන ඒවා පයිසෙකට ගණන් ගන්නේ නැහැ. මෙතැන කමන්ට් දාපු මහත්තයෙක් කිව්ව විදියට රට බංකලොත් කරපු බැසිල් පිළිගන්න එයාපොට් ගියා, ස්වාධීන කොමිසමක සභාපති. ඒක හරිද? ඇහුුවාම කියනවා මගේ හිතවතාලු. බැසිල් එක්ක හිතවත්කම් නම් ඉතින් සල්ලි තමයි. පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න. ළඟදීම රටේ වෙච්චි දේවලට උත්තර හදාගෙන ඉන්න. ඊට කලින් නිවන්සැප ලැබේවා....!

:       1       6

බණ්ඩා Friday, 14 June 2024 03:07 PM

බළල් අතක් පිටිපස්සේ. ඒක නෙමෙයි... අර බැසිල් පිළිගන්න එයාපෝට් ගිය ‍කෙනාත් මෙතැන ඉන්නවා නේද?

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 123 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 141 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2526 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 929 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 525 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1572 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site