IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


පොලිසිය ෆොන්සේකාගේ කතාව නවත්වයි

ශබ්ද විකාශන යන්ත්‍ර පිවිච්චි කරමින් රැස්වීමක් පැවැත්වීමට අවසර නොගෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා බලපිටිය වෙළෙඳ පොළ අසළ රැස්වීමක් අමතද්දී පොලිසිය එහි පැමිණ ඔහුට කතා කිරීමට අවසර දිය නොහැකි බව පැවසීය.

 



අදහස් (0)

පොලිසිය ෆොන්සේකාගේ කතාව නවත්වයි

සෙනෙවි Saturday, 18 January 2014 11:28 AM

ජේ.ආර් ගෙ ව්‍යවස්ථාවට මිනිහෙක් ගෑණියෙක් කරන්න බෑ (අ)

:       0       0

රෝහන Friday, 17 January 2014 08:36 PM

සිංහ හම තමන්ම බලෙන් පොරව ගත්ත වෘකයෝ ටික එතුමාට බය බව අපි දන්නවා. හැම දාමත් බොරු බැහැ තව ටික කාලෙකින් කාට කාටත් බල ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.(නදී)

:       0       0

ඩාන්ස් Saturday, 18 January 2014 12:07 PM

පොන්සේකා මහත්තයාගේ ගම බළපිටිය නෙවේ ,,අම්බලන්ගොඩ එය අම්බලන්ගොඩ දිනලා පෙන්නයි බළපිටිය නම් ටිකක් අමාරුයි (අ)

:       0       0

ජයා Friday, 17 January 2014 08:38 PM

එහෙනං බලපිටියෙ ඔහේලා ප්‍රමෝෂන් බලාපොරොතුවෙන් වෙන්න ඕන මේක කලේ . කොටි වනසා රට බේර ගත් මනුස්සයටත් මෙහෙම නං ඔහේලාට කෙල නොවී තියෙයිද ?කොහොමටත් බලපිටියේ ඈයන්ගේ කට විතරයි වැඩ නෑ.(නදී)

:       0       0

විපුල Friday, 17 January 2014 08:41 PM

කවුද අර කුඩු කන්ටේනරය නිදහස් කරන්න කිව්වා ලු නේද ? එයාව අත්අඩංගුවට ගන්නේ කවද්ද එතකොට ? (නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 18 January 2014 12:24 PM

ඔය ශබ්ද විකාශන නීතිය ආණ්ඩුවේ අයට බලපාන්නේ නැත්ද? මන් මේ දන්නේ නැති නිසයි අහන්නේ? (අ)

:       0       0

සඳුනි Friday, 17 January 2014 09:12 PM

බලපිටිය මෙතුමාගේ ගම. පුලුවන් නම් ආසනේ දිනලා පෙන්නන්න.(නදී)

:       0       0

චන්ද්‍රා Friday, 17 January 2014 09:15 PM

ඡන්ද වලට ඉදිරිපත්වෙන අයට පළමුවෙන්ම පිළිපැදිය යුතු නීති පිලිබදව පාඨමාලාවක් පැවැත්විය යුතුය.(නදී)

:       0       0

රනිල් Saturday, 18 January 2014 02:33 PM

නීතියක් තියෙනවා නම් දේශපාලනේ කරන්න කලින් එම නීතියට ගරු කල යුතුමයි.(නදී)

:       0       0

එඩි දයාරත්න - ඕස්ට්‍රේලියාව Saturday, 18 January 2014 02:41 PM

බලපිටියේ ඉන්නේ බාලයෝ.(නදී)

:       0       0

අනෝමා Saturday, 18 January 2014 03:04 PM

දැන ගියොත් කතරගම​,නොදැන ගියොත් අතරමග​.අධිතක්‍ෂේරුව විනාශයේ මුල​.?(අ)

:       0       0

පැතුම් Saturday, 18 January 2014 03:38 PM

ආණ්ඩුව දැනටමත් බයවෙලා (අ)

:       0       0

ඉන්දික Saturday, 18 January 2014 04:13 PM

පොන්සේකා මහතා මේවා නොදැන කරන ඒවා නෙවේ. රජය අපහසුතාවයට පත්කරන්න තමයි මෙහෙම කරන්නේ. මොකද ඉල්ලුවානම් අවසර නොදී ඉන්නේ නැහැනේ. කොහොමත් මෙයා හුඟ වෙලාවට අවසර ගන්නේ නැතුවයි මේවා පාවිච්චි කරන්නේ.(නදී)

:       0       0

රුවන් Saturday, 18 January 2014 05:21 PM

අර නැගෙනගිර පොලිසියේ 600 මරණ කොට ඔය පොලිස් ලොකු මහත්තයා හිටියද? කොටින්ට එරහිව මොනවත් කරගන්න බැරිව නේද හිටියේ.(නදී)

:       0       0

ශාන් Saturday, 18 January 2014 06:11 PM

මහා කුඩු රජවරු එළියේ.(නදී)

:       0       0

සේනානායක Saturday, 18 January 2014 06:59 PM

පොලිසිය සෘජු තීරණ ගැනිම සතුටට කරුණක්.(නදී)

:       0       0

බුද්ධික ගුනවර්දන Saturday, 18 January 2014 12:28 AM

ජනරාල් තුමනි ඔබට ජය නියතයි ඔබගේ ජයග්‍රහණය අපේ ජයග්‍රහනයයි (අ)

:       0       0

ජගත් ලියනගේ Saturday, 18 January 2014 09:34 PM

හැබැටම සේනානායක ලංකාවේද ඉන්නේ? (නදී)

:       0       0

දොන් Saturday, 18 January 2014 10:29 PM

අනේ, සත්‍යා හරියට පැහැදිලි කරන්නකො,දුටුගැමුනු කවුද​?එලාර කවුද​?ඒ සටන ඉවර කලේ විනාඩි කීයකින්ද.? (නදී)

:       0       0

නලින් Saturday, 18 January 2014 10:53 PM

රටේ පොදු විපක්ෂයට පොන්සේකා එක්විය යුතුයි.(නදී)

:       0       0

ලංකා Saturday, 18 January 2014 04:16 AM

ජනරාල් තුමනි ඔබට ජය !! (අ)

:       0       0

ආරියසේන Saturday, 18 January 2014 05:41 AM

ශබ්ද විකාශන යන්ත්‍ර සහ රැස්වීම පැවැත්වීමට අවසර ගත යුතුයි.එක නොදැන නොවේ.පොලිසිය ප්‍රශ්නයක් ඇති කරගෙන ඒවා පුවත්පත්වල වලින් ප්‍රසිද්දියක් ලබා ගෙන ඒ හරහා දේශපාලන වාසි ලබාගැනීමටයි. අනෙක් කාරණය ඒවා තානාපතිවරු හරහා හියුමන් රයිට්ස් වලට ගෙනයාම මොහුගේ අරමුණයි.මොහුගේ ඇත්තේ වෛර දේශපාලනයකි. (අ)

:       0       0

සමන් දන්තනාරායන Sunday, 19 January 2014 12:33 AM

සරත් ෆොන්සේකාට දැන් බයවෙලා. ජයවේවා ජයවේවා ජයවේවා.(නදී)

:       0       0

දොන් සරත් Saturday, 18 January 2014 05:56 AM

පොන්සේකාගේ ගැට වලට‍ පොලිසිය අහුවෙලා.ෆොන්සේකා උවමනාවෙන්ම අවසර නොගෙන ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කලේ පොලිසිය එක නවත්තන බව දැනගෙන. එයා බලාපොරොත්තු උනා වගේම, එකෙන් එයාට ලොකු ප්‍රසිද්දියක් පත්තරවලින් ලැබුනා. යාගේ වැඩේ ඉටු උනා, පොලිසිය පල් උනා (අ)

:       0       0

ධනුෂ්ක කුමාර Sunday, 19 January 2014 01:27 AM

මේවා දකිනකොට හිනා යනවා. මහ දවල් ඇස් වහගෙන ඇත පත ගානවා. ඇස් පනා පිට අසාදාරණ දේවල් වෙනවා. හැම දෙනෙක්ව ඒවා නොදන්නවා වගේ තමන්වම රවටා ගන්නවා.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 18 January 2014 07:13 AM

සඳුනි දිනලා පෙන්නුවොත් ඔයා මොකද කරන්නේ (අ)

:       0       0

බණ්ඩා Sunday, 19 January 2014 03:56 AM

කොහොම උනත් ආණ්ඩුවට අනාගත අභියෝගය මෙතුමා බව දන්නවා ...අපි ඔබ තුමා සමගයි.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 18 January 2014 07:39 AM

ප්‍රශ්නය ඇත්තේ ශබ්ද විකාශනයත් එක්කද, එහෙම නැත්නම් රැස්වීම එක්කද එසේත් නැත්නම් ශබ්ද විකාශනයක් සහිත රැස්වීමක් පිළිබඳවද? දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාරට විරුද්ධ සටන සඳහා මාගම් පුර සිට අනුරාධපුරය දක්වා මිනිසුන් එකතුකලේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන නොවේ. නියම සටන එළඹී වෙලාවේදී එළාර ගේ 26 වසරක පාලන කාලය විනාඩි කිහිපයකින් අවසන් උනා. යුද්ධයක් දිනු සෙන්පතියෙකුට රාෂ්ට පති වෙන්න බැරිද? (අ)

:       0       0

පද්මපානි Saturday, 18 January 2014 07:43 AM

පොලිසියට සරත් ෆොන්සේකා මහත්මයාගේ කතාව නවත්වන්න පුළුවන් කමක් නැහැ. ඉහලින් ලැබුන නියෝග වලට අනුව වැඩිම උනොත් ශබ්ද විකාශන යන්ත්‍රය තහනම් කරන්න පුළුවන්. ඒත් වැඩේ කැතයි. (නදී)

:       0       0

දිනේෂ් Friday, 17 January 2014 05:34 PM

පොලීසිය ඉතා ඉක්මනින්ම නීතිය ක්‍රියාත්මක කරලනේ. (නදී)

:       0       0

ශක්ති Saturday, 18 January 2014 07:47 AM

පොලිසිය කුඩු, එතොනොල්, අපචාර වටලන්නේත් මෙහෙමද? ලංකා ආණ්ඩුවේ පොලිසියද ?පර්සිලන්තේ පොලිසියද ? අපි අනාථ වී මංමුලාවී ඇත . දැන් සිතසිතා නොසිට ක්‍රියාන්විත වෙමු අපේ ළමාපරපුර වෙනුවෙන්. (නදී)

:       0       0

චන්දිම Saturday, 18 January 2014 07:59 AM

ආංඩුව අර සුදු කොඩි කතාවක් කිව්වයි කියල මෙතුමාට නඩුදාල සියලු දේ අහිමි කලා. ඒත් අර රායප්පු ජොෂප් ල කොයී තරම් භයානක කතා ද ඊයෙ පෙරේ ද මුලු ලෝකෙටම කිව්වෙ?. ඒ මදිවට ඔව් අපි එහෙම කිව්ව කියල මෙහේ ටීවි එකටත් කිව්ව. ඒවට කෝ නඩු නැද්ද? සුදු කොඩි කතාව කොහොම වෙතත් රායප්පුලගෙ කතා වලින් නම් කවුරු කවුරුත් ඉස්සරහට ලොකු අමාරුවක වැටෙයි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 18 January 2014 08:14 AM

අනේ චන්ද්‍රෝ, ඕස්ට්‍රේලියාවේ වගේ හැම එකටම පාඨමාලා තියන්න අපිට පිස්සු කියල හිතුවද ?(නදී)

:       0       0

රෝහණ Sunday, 19 January 2014 08:25 AM

මම කලින් හිතා ගෙන හිටියේ බලපිටියේ ඉන්නේ කෙලින් මිනිස්සු කියලා. අනේ බලාගෙන ගියාම ඔල්ගා දේවියගේ කට්ටියනේ ඉන්නේ. ලැජ්ජයි මිනිසුනේ.(නදී)

:       0       0

අසාද් Sunday, 19 January 2014 08:50 AM

සේනානායකගෙ මොලේ නරක්වෙලා වගෙයි.(නදී)

:       0       0

අල්විස් Sunday, 19 January 2014 09:03 AM

ජගත් ලියනගේ අයියා. සේනානායකගේ කොමෙන්ට් එක හරි. එයා ලංකාවේ ඉන්න පුරවැසියෙක් හැටියට නිවැරදි දෙයක් සටහන් කළා කියල මට හිතෙනවා. ජගත් අයියා ඉස්කෝලෙක ඉගෙනගත්තා නම් ඔහොම හිතන්නේ නැහැ.(නදී)

:       0       0

අල්විස් Saturday, 18 January 2014 08:46 AM

ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කලයුත්තේ පොලිසියේ පුර්ව අනුමැතිය යටතේය. ඒ බව හයේ පන්තියේ දරුවෙක් පවා දන්නා කරුණක්. නමුත් දේශපාලනය ගැන ප්‍රවීණත්වයක් නො තිබුනාට රටේ නිතිය ගෙන මෙයාලා දන්නවනේ. ඉතින් ඇයි දෙයියනේ ඔය අවසරය නොගත්තේ.? අවසරේ නිසිලෙස ගත්තානම් ඕක වෙන්නේ නැහැනේ. (නදී)

:       0       0

මහේෂ් Friday, 17 January 2014 07:52 PM

පොලෝසිය අනිත් දේවල් වලට ඔය වගේම ක්‍රියාත්මක වෙනවා නම් ලංකාව ගොඩ.(නදී)

:       0       0

නිශාන්ත Saturday, 18 January 2014 10:17 AM

නීතිය ක්‍රියාත්මක වෙන එක හොද දෙයක්නෙ. පොන්සේකා මහත්තයා ජනපති උනානම් ඉඩදෙයිද අනිත් අයට අවසර නැති ශබ්ද විකාශන වලින් අමතන්න. රටේ ජනතාව මෝඩයො නෙවෙයි. (නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 17 January 2014 08:21 PM

ලෝකේ තියෙන හොඳම පොලිසිය.(නදි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 17 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 972 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2789 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 445 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 198 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14622 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site