(අජිත්ලාල් ශාන්තඋදය සහ මහින්ද අබේරත්න)
පොලිස් අණ නොතකා ධාවනය වු යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයකට ඉස්සර කිරිමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ තිස්සමහාරාමය, උඩමත්තල පදිංචි ඒ. ඩී. නවින් ලක්‍ෂත අතපත්තු දිසානායක (19) සහ සිරිවර්ධන රම්පාලගේ කවිඳු ලක්‍ෂාන් (19) යන දෙදෙනාය.
මෙම දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය වෑන් රථයේ ගැටීමෙන් පසු පෙරැළී තරුණයන් දෙදෙනා ඉස්සර කරමින් තිබූ ලොරි රථයට යටවී ඇති බව ද පොලීසිය කියයි.
ලුණුගම්වෙහෙර පොලිස් වසමේ ඇල්ලගල හන්දියේ දී එදින රාත්‍රී අටත් අටයි තිහත් අතර දී ලුණුගම්වෙහෙර පොලිස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් තිස්සමහාරාම දෙස සිට පැමිණි මෙම යතුරුපැදියට නවත්වන ලෙස අණ කර ඇත.
එහෙත් පොලිස් අණ නොතකා යතුරු පැදිය තණමල්විල දෙසට ධාවනය කර ඇති බව ද පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා රාජකාරී යතුරු පැදියෙන් පොලිස් අණ නොතකා ධාවනය වෙන යතුරු පැදිය පසුපස හඹාගොස් ඇත. ලුණුගම්වෙහෙර රණවර්ණාව හන්දියේ ඇති පොලිස් මාර්ග බාධකයෙන් ද යතුරු පැදිය නැවැත්වීමට උත්සාහ කළ ද එම අණ ද නොතකා නොනවත්වා ධාවනය කර ඇති බව තණමල්විල පොලීසිය පවසයි.
පොලිස් නිලධාරීන් දෙදෙනා ලුහුබැඳ එන නිසා තරුණයන් දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර තණමල්විල පොලිස් වසමේ කිතුල්කොටේ අලිමංකඩ ආරම්භවන ප්‍රදේශයේ දී ලොරි රථයකට ඉස්සර කරද්දී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී යතුරුපැදිය පෙරළී ගමන්ගත් තරුණයන් දෙදෙනා ලොරි රථයට යටවී මියගොස් ඇති බව තණමල්විල පොලීසිය පැවසුවේය.
මෘත දේහයන් කණමල්විල රොහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් අණ නොතකා ගිය යතුරු පැදියේ දෙදෙනා මරුට
කිරි පුතා Wednesday, 20 October 2021 11:20 AM
වරදක් කර ඇත්නම් පොලිසිය විසින් නීතිය ක්‍රියාත්මක කරනු ඇති. එවිට ඔවුනට දිවි අහිමි වන්නේ නැත. නමුත් තම කර්ම ශක්තීන්ට අනුව සිිත් දෙන්නේ මෙවැනි පළායාමකටය. සසරේ ඔවුන් කළ විදිහටම විපාක ලැබී ඇත.
Bamunuarachchi Wednesday, 20 October 2021 12:05 PM
ෂාහ් අපරාදේ වෑන් එකේ පැත්තක් තැලුනා.
ganegoda Wednesday, 20 October 2021 12:57 PM
මොකද ඔය තරම් හදිස්සි වෙලා තිබුනේ ?
BamunuarachchiWednesday, 20 October 2021 07:47 PM
මේ ලෝකෙට එව්වේ යහපත් වැඩ ටිකක් කරන්න නීති ගරුකව ජීවත් වෙන්න. එසේ ජීවත් නොවන නිසා පොඩ්ඩක් රිද්දවලා ආපසු කැඳවා ගත්තා. ඒ වෙනුවට වෙන දෙන්නෙක් ඒවි. ආමේන්...!
janahitha Wednesday, 20 October 2021 02:47 PM
පොලීසියේ දෙන්නා ඉන්නවද