IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

දරු උපතක් බලාපොරොත්තුවෙන් අනුරාධපුර රෝහලේ වාට්ටුවක සිටින දන්තුරේ නිරෝෂා විමලත්න  (ඩිලානි) ක්ලියෝපැට්‍රා රාත්‍රී සමාජ ශාලාවේ සුප්‍රසිද්ධ නයි නළඟන වෙනුවෙන් අද (06) උදේ සේවයට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනා පැයකින් පමණ ඉවත් කරගෙන ඇතැයි රෝහල් ආරංචි කියයි.

 

 



අදහස් (0)

පොලිස් ආරක්ෂාව ඉවත් කරයි

දිනා Friday, 06 June 2014 01:27 PM

අයි අයිත දුන්නොත් උද්ඝෝෂණය කරනවාද?

:       0       0

මලිංක Friday, 06 June 2014 01:27 PM

පව් දෙයියනේ හැමෝම හිතන්න ඕනේ තමන්ගේ කෙනෙක්ට මෙහෙම උනා නම් මේ වගේ කියනවාද කියලා (දී)

:       0       0

රයන් Friday, 06 June 2014 01:27 PM

මමනම් මෙහි වැරද්දක් දක්කිනේ නැ. ඇය සමහරවිට පොලිස් ආරක්ෂාව ඉල්ලන්න ඇති.. (දී)

:       0       0

රාවනා Friday, 06 June 2014 01:29 PM

මේ මනුස්සයාට මේ හැටි මඩ ගහන්න එපා (දී)

:       0       0

අලි නයිදේ Friday, 06 June 2014 01:37 PM

අර නයාද දන්නේ නෑ තාත්තා (දී)

:       0       0

විදුරංග විතානගේ Friday, 06 June 2014 01:42 PM

ඉපදෙන බබාට අයිතිවාසිකම් කියන්න ගොඩාක් තාත්තලා එයි කියලා වෙන්නැති ආරක්ෂාව දීලා තියෙන්නේ (දී)

:       0       0

රන්ජිත් සිල්වා Friday, 06 June 2014 01:51 PM

ආරක්ෂාව ඉල්ලුවොත් ඕනෑම කෙනෙකුට එය ලබා දීම පොලීසියේ රාජකාරිය. මෙතන තොරතුරු පැහැදිලි මදි මොකද ඉල්ලපු ආරක්ෂාවද අරන් ගියේ කියන එක ගැන. ඉල්ලනේ නැතිව ආරක්ෂාව දුන්න නම් මොකක් හරි වයර් ලුස් එකක් විතරයි . පොඩි ළමුන් තමා සමහ අයගෙන් බේරා ගන්න ඕනේ. (දී)

:       0       0

උදිත මදුමල් පෙරේරා Friday, 06 June 2014 02:02 PM

පොලිස් ආරක්ෂාව දීල මෙයාගේ මොනවා ආරක්ෂා කරන්නද? (ස)

:       0       0

රංග Friday, 06 June 2014 02:17 PM

වහාම පරීක්ෂණයක් කරන්න ඕනේ කවුද මෙයාට පොලිස් ආරක්ෂාව දුන්නේ කියල. (ස)

:       0       0

කාන්ති Friday, 06 June 2014 02:25 PM

අනිත් හැම කාන්තාවකටම වගේ මේ තැනැත්තියටත් මව් පදවිය ලබා ගන්න සාධාරණ අයිතියක් තියනවා. ඇගේ රැකියා තරාතිරම් හෝ වෙනත් පුද්ගලික ප්‍රශ්න ඊට අදාළ නැති බවයි මගේ ස්වාධීන අදහස. (ස)

:       0       0

ගිහාන් Friday, 06 June 2014 02:31 PM

අනේ සත්‍යා, එකඟ වෙන්න පුළුවන් දෙයක් කියන්න. බොරු තර්ක ගෙනෙන්න එපා. (නි)

:       0       0

පෙරේරා Friday, 06 June 2014 02:39 PM

මෙතන තියෙන කමෙන්ට්ස් දැකලා ලැජ්ජාවට අයින් කර ගන්න ඇති (දී)

:       0       0

ගගලී Friday, 06 June 2014 03:31 PM

පොලිසියේ ආරක්ෂාව එයාට දෙන්නත් ඉවත්කරන්නත් හේතුව පොලිසියේ ඇත්තෝ දන්නවා ඇති .සමහරවිට පෙරේරා කියන දේම වෙන්නත් පුළුවන්...(ස)

:       0       0

නිරෝෂණ Friday, 06 June 2014 04:47 PM

බබෙක් ලැබෙන්න ගියාම මොකටද පොලිස් ආරක්ෂාව...(ස)

:       0       0

සමීර Friday, 06 June 2014 05:01 PM

සත්‍යාගේ කතාව හරි (නි)

:       0       0

සංජීව Friday, 06 June 2014 11:01 AM

මොකටද පොලිස් ආරක්ෂාව,, මෙයා ප්‍රභූවරයෙක්ද? අපේ මිනිස්සුන්ට නම් හොඳටම පිස්සු (දිල්)

:       0       0

සත්‍යා Friday, 06 June 2014 11:15 AM

ආරක්ෂාව ලබන්න සුදුසු ප්‍රභූ පැලැන්තිය විතරද? සාමාන්‍ය පුද්ගලයන්ට ආරක්ෂාව දෙන එක වරදක්ද? මෙයා පෙම්වතාගෙන් පවා පහරදීම් වලට ලක් වු කෙනෙක්. අපි වගේම මනුස්සයෙක්. එවැනි අවදානමක් නැවත දරුවාට හෝ එල්ල වනවාට ආරක්ෂාව දෙන එක වරදක්ද? බුද්ධිමත්ව සිතා බලන්න මේවගේ ඒවට ගොඩක් දුරට කොමන්ට් කරන්නෙ කී බෝර්ඩ් වීරයො... ආරක්ෂාව දුන්නම ඒකට බනිනනවා වගේම ආරක්ෂාව නොදී ඇයට අනතුරක් උනානම් බනිනන්නෙත් ඔය අයම තමයි පොලිසියට ඒක වත් කරගන්න බැරි උනා පොලිසිය මොකටද කියල? තේරුම්ගත යුතු දේ තමයි ආර්ක්ෂාව ලබා ගැනීමේ අයිතිය වැඩිපුරම තියෙන්නෙ ප්‍රභූ වරුන්ට වඩා සාමාන්‍ය ජනතාවට කියලා (නදී)

:       0       0

ලුම්බිණි Friday, 06 June 2014 11:16 AM

අහෝ අපේ පොලිසිය.... (දී)

:       0       0

ප්‍රියාන් Friday, 06 June 2014 11:18 AM

ලංකාවේ ළමයි ලැබෙන්න ඉන්න සියළු දෙනාටම මේ විදියට පොලිස් ආරක්ෂාව දෙන්න ඕනේ.(නදී)

:       0       0

කුමාර Friday, 06 June 2014 11:24 AM

ලංකාවේ පොලිසියට ගියකලක් ,ක්ලබ් වල නටල බබාලා හම්බවෙන්න එන අයට ආරක්ෂාවට ත් පොලිස් ආරක්ෂාව . (දී)

:       0       0

ශස්නා Friday, 06 June 2014 11:27 AM

ඩි.න්.ඒ පරික්‍ෂා කර තාත්තා ව හොයන්න ඕන මෙයාට පෝලිස් මුර දෙන්නනම වටිනා කෙනෙක් තමයි (දී)

:       0       0

ගාමිණී Friday, 06 June 2014 11:33 AM

ආරක්ෂාව ඉල්ලනවානම් දෙන්න ඕනේ. හොරුන්ට මිනීමරුවන්ට ආරක්ෂාව දෙනන් පුලුවනිනම් ළමයෙක් ලැබෙන්න ඉන්න කෙනෙකුට ආරක්ෂාව දෙන්න බැරි මොකද? (දී)

:       0       0

ඉන්දික Friday, 06 June 2014 11:39 AM

සත්‍යා, මෝඩ කතා කියන්න එපා. ඔහොම ආරක්ෂාව දෙනවනම් කි දෙනෙක්ට ආරක්ෂාව දෙන්න ඕනෙද? පෙම්වතාගෙන් පහර කපු එකට ආණ්ඩුව හරි පොලිසියහරි පලිද? ඒ වගේ සිද්ධි ලංකාවේ ඕන තරම් වෙන්නේ. මෙහෙම ආරක්ෂාව දෙන්න ගියොත් පොලිසියට වෙන වැඩක් නැතිවෙයි. හැම තිස්සිම ආණ්ඩුව කරන එකට විරුද්ධ වෙන එක තමයි සත්‍යාගේ වැඩේ. හරි මොකක්ද තියල ඔය තියෙන ඇබිත්තක් හරි මොලෙන් හිතල බලන්න. (දී)

:       0       0

සෑම් Friday, 06 June 2014 11:40 AM

මෙයා පොලිසියේ අය ලවා කොස් කඩවලා පොල් ලෙලි ගස්සවලා මල් වලට වතුර දම්මවලා .ඒක නිසා පොලිස් ආරක්ෂකයෝ ඉවත් කරලා. (දී)

:       0       0

බණ්ඩා Friday, 06 June 2014 11:40 AM

හා ...හා ...කවුරුත් දැනගන්නවා හොදයි , මෙයාට ලැබෙන්න ඉන්න දරුවාගේ පීයා ප්‍රභූවරයෙක් ......... (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 06 June 2014 11:53 AM

ඕනෑම තරාතිරමක රටවැසියෙකුට තමාගේ ජිවිතයට යම් තර්ජනයක් තිබේනම් ඔහුට හෝ ඇයට තම ආරක්ෂාව සඳහා පොලිසියේ පිහිට පැතිය හැකිය. පොලිසිය රටවැසියාගේ ආරක්ෂාව සහ සුබ සිද්ධිය සඳහා කටයුතු කිරීමට බැඳී සිටි. එය ප්‍රභූ පැලැන්තියට සහ ධනවතුන්ට පමණක් සීමාවූ සේවයක් නොවේ. (දී)

:       0       0

සදජිත් වික්‍රම Friday, 06 June 2014 11:55 AM

එහෙනම් අයි පොලිසියේ අංකල්ලා දෙන්නා අයින් කලේ බන්ඩෝ (දී)

:       0       0

බන්දා Friday, 06 June 2014 11:56 AM

ඉපදෙන්න ඉන්න දරුවගේ පියා නාගරාජයාද......? (දී)

:       0       0

තේජා Friday, 06 June 2014 11:58 AM

මටනම් පෙන්නේ මෝඩ කතා කියන්නනේ සත්‍ය නෙමේ ඉන්දික .ආණ්ඩුවට බලේන්න්ම කඩේ යන්න හදනවා වගේ. (දී)

:       0       0

මගලී පොන්සේකා Friday, 06 June 2014 12:01 PM

පොලිසියේ පිහිට පතන්න අම්මෝ මට නම් එපා. දෙවියන්ගේ පිහිටයි පොලිසියේ පිහිට පතන කෙනාගේ. පොඩි මිනිහෙක් පැමිණිල්ලක් කරන්න ගියත් කනට දෙකක් ගහල තමයි හේතුව අහන්නේ (නදී)

:       0       0

සඳුන් Friday, 06 June 2014 12:08 PM

ඉන්දික තමා මෝඩ කතා කියල තියෙන්නේ. තර්ජනයක් තියෙන ඕනෑම කෙනෙකුට පොලිසිය ආරක්ෂාව දිය යුතුයි. පොලිසියට වැටුප් ගෙවන්නේ සාමාන්‍ය ජනතාව කියන එක බොහෝ දෙනෙක් දන්නේ නෑ හෝ අමතක වෙලා.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 06 June 2014 12:12 PM

මෙම තැනැත්තියට අපහාස වෙන විදියටත් හාස්‍යට ලක් වෙන විදියටත් ලියන එක වැරදියි. මෙයා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක් කියල කිසියම් ගරු සරුවක් තිබිය යුතුයි. දරුවාගේ පියා ගැන සමහරු කලබල වෙලා ඉන්නේ ඇයි කියල මට හිතා ගන්න බැහැ. (නදී)

:       0       0

මහින්ද Friday, 06 June 2014 12:13 PM

සරසවිවලට මැර කණ්ඩායම් යවලා දරුවන්ගේ ඔලු පලන කොට විපක්ෂ මන්ත්‍රීලට පිස්තෝල වලින් වෙඩි තියන්න යනකොට ආරක්ෂාව දෙන්න නෙමේ පොලෝසිය තියෙන්නේ. (නදී)

:       0       0

gayani Friday, 06 June 2014 12:17 PM

ඇයට මොකක් හරි ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් ඇති . සාමාන්‍ය ගෘහිනියක් හෝ කාර්යාල සේවයක් කරගෙන ඉඳලා දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නෙවෙයිනේ. ආරක්ෂාව ඉල්ලුවේ ඇයි කියා පසුව සමහරවිට එලිවෙවී. එතකන් ඉතින් මව් පදවිය ලබන්න යන්න කාන්තාවක් නිසා අපි මධ්‍යස්තව ඒ ගැන සිතමු. . (දී)

:       0       0

සුදත් ශ්‍රී Friday, 06 June 2014 12:46 PM

සත්‍යාගේ අදහස එතරම් දුරට නිවැරදියි කියල නම් කියන්න බැහැ. හැබැයි මම අද කාලෙට ඉතා ගැලපෙන වචනයක් ඉගෙන ගත්තා "කී බෝඩ් වීරයෝ" කියලා. (ස)

:       0       0

පියල් Friday, 06 June 2014 12:48 PM

වරද නයෙක් තියා ගත්ත එකද ? එතොකොට අපේ අලි සම්පත විනාස කරන එක හොඳද ? මේ වගේ රටවල් ලෝකේ තව කීයක් තියෙනවද ? පුලුවන්නම් හොයල බලන්න. (ස)

:       0       0

සුරංග බණ්ඩා Friday, 06 June 2014 12:51 PM

හරි... හරි... අපේ ලංකාවේ පොලිසිය තියෙන්නේ ජීවිත තර්ජන සහ වෙනත් තර්ජන තියෙන මහජනතාවගේ ආරක්ෂාව පතා නෙමෙයි...... මහජනතාවගේ වටිනා චන්දයෙන් බලයට පත්වී, ඊට පස්සේ ඒ මහජනතාවගේම පරිභෝජනයට ගෙන එන අල ගෙඩියෙන්, ළූණු ගෙඩියෙන්, සුදු ළූණු බිකෙන්, පොඩි එකාට එන කිරි පැකට් එකෙන්, විදුලිය ඒකකයෙන්.... එකී මෙකී නොකී සියලු භාණ්ඩ හා මහජන සේවා වලින් අය කෙරෙන බදු වලින් සිය හත්මුතු පරම්පරාවටම මහජන මුදල් වලින් සලකල, එක්කෙනෙකුට පාරේ යන්න වාහන 10-15 ක ඩීසල් පුච්චගෙන, පාරේ පයින් සහ බස් වලින යන මහජනතාව කාණුවට තල්ලු කරගෙන ඉගිලෙන පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා,නගර සභා ආදී දේශපාලකයින් සහ ඔවුන්ගේ පරිවාර වන්දිභට්ටයින්ට පමණි! අහෝ අපේ ධර්මද්වීපයට ගිය කල! (ස)

:       0       0

සුනේත්‍රා Friday, 06 June 2014 12:55 PM

මෙතැනදී ආරක්ෂාව අවශ්‍ය මේ තැනැත්තියටත් වඩා මෙතන අදහස් දාන අපිවගේ අනුන්ගේ දේවල් හොයන මිනිස්සු ඔතනට ඇතුල් වෙලා රෝහල් රාජකාරි වලට කරන බාධාව වලක්වා ගැනීමටයි. (ස)

:       0       0

නන්දසිරි Friday, 06 June 2014 01:06 PM

අනේ මන්දා මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 0 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 665 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 222 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 608 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 441 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 25 2547 4

විද්‍යුත් විසා සේවාව විදේශිය සමාගම් දෙයකට දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු නියෝගය ක්‍රියා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37074 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24422 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 185 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 606 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site