IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි

(සුජිත් හේවාජුලිගේ )

ජාතික පොලිස්  කොමිෂන් සභාව  සඳහා සාමාජිකයන් තෝරාගෙන  ඇතැයි   කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
මෙම නාමයෝජනා ජනාධිපතිවරයාට යැවීමට සියලු කටයුතු සූදානම්  කර ඇතැයිද ඔහු  සඳහන් කළේය.
ස්වාධීන  කොමිෂන් සභා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින්   නම් කෙරෙන පුද්ගලයන් පත්කිරීමේ බලධාරියා වන්නේ ජනාධිපතිවරයාය.

මේ අතර සෙසු  කොමිෂන්  සභා සියල්ලද   ඉදිරි සති දෙක තුළ පත්කර  අවසන් කිරීමට බලාපොරොත්තු වන බව  කතානායකවරයා කීවේය.

කොමිෂන්  සභා  පත් කිරීම දීර්ඝ කාලයක්  ප්‍රමාද වූයේ  ඒ සම්බන්ධයෙන් අයදුම්පත් 2000ට ආසන්න සංඛ්‍යාවක් ලැබීම නිසා බව පැවසූ කතානායකවරයා ඇතැම් පුද්ගලයන් කොමිෂන්  සභා නවයටම  අයදුම්පත් යොමු තිබූ බවද  සඳහන් කළේය.

මේ හේතුවෙන් සුදුස්සන් තෝරා ගැනීම දුෂ්කර වූ බවද ඔහු පැවසුවේය.

ස්වාධීන කොමිෂන් කොමිෂන්  සභා සියල්ල පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දායක සභාව විසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවා මේ වනවිට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාව මුල් වරට රැස්වූයේ පසුගිය ජනවාරි මස 25 වැනිදාය.

අලුතින් පිහිටුවීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා වන්නේ මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නිර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවයි.



අදහස් (0)

පොලිස් කොමිසමේ සාමාජිකයින් හරි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාස හතරට සංචාරකයන් ලක්ෂ අටක් පනී
2025 අප්‍රේල් මස 18 130 0

පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්


ජනපති දළදා වඳී
2025 අප්‍රේල් මස 18 495 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප


“සිරි දළදා වන්දනාව” ගැන ව්‍යාජ ආරාධනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 18 268 1

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.


සිරි දළදා වන්දනාවට රටවල් 17ක රාජ්‍යතාන්ත්‍රිකයෝ මහනුවරට
2025 අප්‍රේල් මස 18 644 0

සිරි දළදා වන්දනාවේ සමාරම්භක අවස්ථාව සඳහා රටවල් රැසක තානාපතිවරුන් මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍යතාන්ත්‍රිකයන් ද අද සහභාගි වීමට නියමිත බව ජනාධිපති ක


දළදා වන්දනාව lankadeepa.lk වෙබ් අඩවියෙන් සජීවීව
2025 අප්‍රේල් මස 18 605 0

සිරි දළදා වන්නාව සජීවීව lankadeepa.lk වෙබ් අඩවියෙන් ඔබට ද වන්දනා කිරීමට සහ නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.


පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරයට නොවේ
2025 අප්‍රේල් මස 18 1488 9

පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික්


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1130 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site