IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණූ නඩු භාණ්ඩ බාරකරු 19 තෙක් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු භාණ්ඩ වශයෙන් ගබඩා කර තිබූ හෙරොයින් මත්ද්‍රව්‍ය පොලිස් නිලධාරියකුට විකුණූ බව කියන සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධසනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (05) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ක`ථතර පදිංචි කංකානම්ලාගේ ගැමුණු සම්පත් කුමාර නමැත්තා ය.

මෙම සිද්ධියට අදාළ නඩු භාණ්ඩ කාමරයේ භාරකරු මෙහි දෙවැනි සැකකරු වශයෙන් නම් කරන බවට ඉකුත් නඩු දිනයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබූ අතර, ඒ අනුව සැකකරු අද (05) නිතීඥවරයකු මාර්ගයෙන් අධිකරණයට භාරවූ අවස්ථාවේදී මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණී.

මෙම සැකකාර නඩු භාණ්ඩ භාරකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 01, 02, 05, 06, 07  සහ 08 යන අධිකරණවල නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කළ අයකුවන අතර දීර්ඝ කාලයක් තිස්සේ මෙම අධිකරණයේ නඩු භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කර ඇති බව ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය අධිකරණයට දැනුම් දී තිබිණී.

හෙරොයින් ග්‍රෑම් 750 ක් සන්තකයේ තබාගෙන සිටි බව කියන මෙම සිද්ධියේ පළමු සැකකරු වන ගොතටුව පොලීසියේ කොස්තාපල් රුමේෂ් ගිම්හාන යන අය ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් නියෝග නිකුත් කර ඇත.



අදහස් (0)

පොලිස් නිලධාරියකුට හෙරොයින් විකුණූ නඩු භාණ්ඩ බාරකරු 19 තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 95 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


රිය අනතුරින් පියා මරුට-දියණිය රෝහලේ
2024 නොවැම්බර් මස 20 81 0

පියකු සහ පාසල් දියණියක් ගමන් කළ යතුරු පැදියක් අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර මාවතේදී, පාසල් බස් රථයක ගැටීම හේතුවෙන් සිදු වූ රිය අනතුරකින් බරපතල තුවා


භූමිතෙල් දමා ගිනි තබා බිරිය මරලා
2024 නොවැම්බර් මස 20 360 0

සිය බිරිය වෙනත් පුද්ගලයකු සමඟ ඇසුරක් පවත්වන්නේ යැයි සැකය මත ඒ පිළිබදව ඇතිවු ආරවුලක් දුර දිග යාමේ පසු සැමියා විසින් දෙදරු මවකගේ සිරුරට භූමිතෙල් වක්කර


දේශිය ලූනු තොග මිල ඉහළට
2024 නොවැම්බර් මස 20 147 0

දේශීය ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370 ක් දක්වා අද (20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්


නව කථානායක අශෝක රන්වල?
2024 නොවැම්බර් මස 20 1247 0

නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්ය අශෝක රන්වල මහතා පත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


මුදල් වංචා කළ හිටපු කොස්තාපල් මාට්ටු
2024 නොවැම්බර් මස 20 275 0

රියදුරු බලපත්‍ර සාදා දෙන බව පවසා ශ්‍රවණාබාධිත පුද්ගලයකුගෙන් ඇතුළු පුද්ගලයන් කීප දෙනෙකුගෙන් මුදල් වංචා කළ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ග


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 414 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1906 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site