( ප්‍රියානි මංගලිකා )
කොරෝනා වෛරසය ආසාධිත වූ පොලිස් නිළධාරීයෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ උපන්දින සාදයකට සහභාගී වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 36 ක පුද්ගලයන් 165 දෙනෙකු නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද(01) දා පැවසීය.
මේවන විට එම ප්‍රදේශයට පොලිස් මුර පොලක් යොදවා සංචරන සීමා පනවා ,ව්‍යාපාරික ස්ථාන කීපයක්ද වසා දැමීමට රස්නායකපුර පොලීසිය පියවර ගෙන ඇත.
කොළඹ ප්‍රදේශයේ රාජකාරි කරණ පොලිස් නිලධාරී යෙකු නිකවැරටිය දියගම ප්‍රදේශයේ පැවති උපන් දින සාදයට සහභාගී වී ඇති අතර ,ඉන් දින දෙකකට පසුව පොලිස් නිලධාරීයාට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට වෛද්‍ය වාර්ථා වලින් තහවුරු වීම හේතුවෙන් එම උපන්දින සාදය පැවති නිවසේ සාමාජිකයන් ඇතුලුව සහභාගී වු ආශ්‍රිතයන් ගේ පවුල් 36 ක් මෙලෙස නිරෝධායනයට ලක් කල බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
නිරෝධායනයට ලක්කල පවුල් වලට අවශ්‍ය උපදෙස් ලබා දී ,නිරෝධායන නීතිය පිළිබඳවද දැනුවත් කර , එම ප්‍රදේශයේ වෙසෙන සෙසු පිරිස්ද දැනුවත් කිරීමට පියවර ගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය .
මෙවැනි භයානක වසංගත රෝග තත්වයක් රට තුල පවතින අවස්ථාවේ මෙවැනි උත්සව සාද පැවැත්වීමෙන් වැලකී ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව කටයුතු කරමින් කොරෝනා ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනතාවගේ සහය ලබා දෙන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට දැනුම් දී සිටී.
මේ වන විට නිකවැරටිය ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයන් තිදෙනෙකු වාර්ථා වී ඇති බවද , කොරෝනා වෛරස් වසංගත රෝග ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සිදු කරමින් සිටින බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය .
මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.
ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ
පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්
ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල
ඉන්දීය රුපියල් කෝටි 23 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 80 ක් ) ක් පමණ වටිනා මී හරකෙකු පිළිබඳව ඉන්දියාවේ හර්යානා ප්‍රනතයෙන් වාර්තා වී ඇත.
මෙවර මහ මැතිවරණයෙන් සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 5 ට මීට පෙර දූෂණ චෝදනා හෝ වෙනත් කිසිදු ආකාරයේ චෝදනා එල්ල නොවූ පස් දෙනකු පත් කරන්න
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස් නිලධාරියෙක් උපන්දින සාදයකට ගිහින් පවුල් 36 ක් නිරෝධායනයට